guti kapu ekage hati balan u chandiyek wage da penne ??
ara gahapu parawal poddak balapan video eka pause karala
yako ohoma nikan ahinsaka minisunta thadibana eka harida chandi dala ?
oyita wada horu innawa ubala sadarene katha karanawa nam atha ussana ubala loku chandinta gema denna yanne nane podi ahinsaka minissu badaginnata horakamak karoth redda ussan ayi![]()
ගුටි කාපු කෙනා චන්ඩියෙක් කියලා මං කියලා නෑ.

ඒවගේ දෙයක් අදහස් වෙනවා නම් කණගාටුයි...

මං ඔතනදි අසාධාරණයි කිව්වේ "අහිංසක මිනිස්සුන්ගේ විතරක් වාහන උස්සන එක." තමයි.
අහිංසක මිනිස්සුන්ට තඩිබාන එක වැරදි.
හැබැයි, ඒ අහිංසක මිනිසාට පුළුවන් කමක් තියනවා ගුටි කන එකෙන් වැළකෙන්න...
නමුත් එයා එහෙම නොකරනවා නම්?
එහෙම නම් ඒ අහිංසක මිනිහාට තවදුරටත් අනුකම්පා කරලා වැඩක් නෑ.

ඔන්න දැන් ඉතින් හෑල්ලක් ලියන්න වෙනවා ඈ...

බහුතරයක් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් මෝරන කොටම උන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනවා,
බයික් එකක් ගන්න එක.
බයික් එකේ එන්ජිමේ අශ්ව බල ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න කොල්ලාගේ පොරත්වය වැඩි වෙනවා.

වර්තමාන කොල්ලෝ හිතන්නේ එහෙම.

"මහත්මයෙක්" වෙන්න ලේසිම ක්‍රමය කාර් එකක් ගන්න එක.
වෙන කිසිම දෙයක් අදාළ නෑ.
මනමාල පුතාට කාර් එකක් තියනම් දුව දෙන්න වෙන කිසිම සුදුසුකමක් ඕනේ නෑ.
කාර් එකක් තියනවා කියන්නේ ඉතින් හොඳ පුතෙක් තමා...

ඒ විදියට සමාජය හදලා තියෙන්නේ විිවිධාකාර ආයතන, සමාගම් වල පැවැත්මට.
පහුගිය දවස් ටිකේ ගෑනු කීදෙනෙක් දිවිනසාගත්තද ක්ෂුද්‍ර මූල්‍ය ණය (Micro Finance Loan) ගෙවා ගන්න බැරිව.
Granton, Innovage, DMI වගේ ආයතන වල පොඩි කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් වැඩ කරනවාද පඩියක් නොගෙන.
ඒ කාර් එකක් ගන්න, තමන්ගෙම office එකක් දා ගන්න පුළුවන් කියන මායාවට අහුවෙලා ඉන්න නිසා. මොළ සේදීම.
පසුගෙවුම් සැටලයිට් TV, අන්තර්ජාල සබඳතා, දුරකථන සබඳතා දෙනවා "ගොන්ත" තරඟ තියලා දිනන අයට.
ඒ දිනන මිනිස්සු මහා දිනුමක් ලැබුන වගේ ගිහින් අරන් එනවා.
ඊට පස්සේ බිල ගෙවන්න ඕනේ තමුන්ය, තමුන් අහුවුනේ උගුලකටය කියන එක තේරෙන්නේ නෑ.

සමාජයේ බහුතරයක් ඉන්නේ මොළ සේදීමකට අහුවෙලා.
ෆිනෑන්ස්, ලීසිං, ඊළඟට ක්‍රෙඩිට් කාඩ්... සරලව කිව්වොත් හැම විදියකම "ණයක්" කියන්නේ මර උගුලක් දැන්.

අහිංසක මිනිහව තමයි හැම අතින්ම හූරන් කන්න බලන්නේ.
ඉතින් අහිංසක මිනිහා දැනගන්න ඕනේ ඒ උපක්‍රම, උගුල් වලට අහු නොවී ඉන්න.
තමන්ගේ අවශ්‍යතාවයට විතරක් සල්ලි වියදම් කළා නම්, ඔය වගේ ප්‍රශ්න වලින් වැළකෙන්න පුළුවන්.
ධනාත්මක චින්තනකාරයෝ මොනවා කිව්වත්, එක එක මනුස්සයාට එයාගේ පවුල් පසුබිම හා
තව තව දේවල් එක්ක බැලුවාම කරන්න පුළුවන් යම් සීමාවක් තියනවා. ඒ සීමාවෙන් පනින්න ගියාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න ඉල්ලන් කනවා...
A කියන කෙනා ඉස්සර කෝච්චියේ කඩල විකුණලා, දැන් බෙන්ස් එකක ගියාට,
B ට ඒක කරන්න බෑ. මොකද A සහ B දෙන්නෙක්.
එක්කෙනෙක් සාර්ථක වුනා කියලා ඒ ක්‍රමය තව කෙනෙක්ට හරියන්නේ නෑ.
තමුන්ට හරියන පාර තමුන්ම හොයාගත්තොත් විතරයි දියුණු වෙන්න පුළුවන්.

මරණ තුනක් ඇති මනුස්සයා පැණි කන්න කලින් හිතන්න ඕනේ මරණයෙන් ගැළවෙන විදියක් ගැන...

බලන් කඩතුරා හැර දෑසේ...

මේවා කවුරුවත් ඔළුවට ගන්න ඕනේ නෑ. අත නලියන නිසා ටයිප් කළේ... පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ගේ පුහු දේශනයක් සේ සලකා බැහැර කළ යුතු...





කිසිම ෆිනෑන්ස් එකක් එහෙම නොකරන්නේ මොකක් හරි හේතුවක් ඇති... 