අපි කව්රුත් දන්නේ නැති දුර පළාතක දැන් කිසි බයක් නැතුව යන්නේ Google Maps වලට පින් සිද්ද වෙන්නනේ. මම නම් අනිවාර්යෙන් ගූගල් සරණ පතනවා. Google Maps වලින් කෙටිම පාර පෙන්නුවට සමහර වෙලාවට පෙන්නන පාරවල් වල යන්නවත් බැහැ . දැන් මාස දෙක තුනකට කලින් වෙච්ච දෙයක් මේක

ගෙදෙර කට්ටිය එක්ක නුවර ගියා. නුවර ටිකක් අලුතෙන් හදපු පන්සලක් තියෙනවා නෙල්ලිගල කියලා . ඒකට ගිහින් තිබ්බේ නැහැ . මම කොළඹ ඉදන්ම ගියේ Map එක දාගෙන. ඔන්න නුවරට මෙහායින් වගේ පොඩි පාරක් පෙන්නුවා . එතන බෝර්ඩ් එකකුත් ගහලා තිබ්බා නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට කියලා . ඔන්න ඉතින් හැරෙව්වා. මැප් එක කියන විදියටම එහෙට මෙහෙට දැම්මා. අම්මට සිරි මෙන්න එක පාරටම පොඩ්ඩක් විතර හරි නැති පාරක් සෙට් වුනා . ඒත් ගියා ඉතින් :sorry:. ඔන්න ඔහොම යද්දී බුදු අම්මේ හෙනම කෙලින් කන්දක්. මේ වෙනකොට කඩුගන්නාව වගේ කදු ටිකත් නැගලා තිබ්බේ . වාහනේ කට්ටිය 4 දෙනෙක් වගේ හිටියා . තව බඩු මුට්ටුත් තිබ්බා . මේක අංශක 90ට පොඩ්ඩක් විතර අඩු කන්දක් . වාහනේ බෑ කියා කියා නගිනවා. මෙන්න එන්ජින් එකේ හීට් එකත් පොඩ්ඩක් නැග්ගා බන් . ඔන්න කන්දේ කොනටම ගියා මම බයටම නැවැත්තුවා. එන්ජින් එක හීට් වෙයි කියලා . අම්මට සිරි එතනින් එහාට කාපට් පාර ඉවරයි . හෙනම චොර පාරක් තියෙන්නේ . මම කොහමහරි නැවැත්තුවේ මුස්ලිම් පල්ලියක් ගාව . පල්ලියේ හිටපු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා නෙල්ලිගල යන්නද ආවේ කියලා :lol:. මම ඔව් කිව්වාම ඒගොල්ලෝ කියනවා ලෝකේෂන් මෙතනට වැටෙන්නේ. ගොඩක් අය එනවා කියලා . එතනින් එහාට තියෙන පාරේ වහනේක යන්න බැහැ . මෙතනින් වාහනේ නවත්තලා ඇවිදගෙන යන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වහනේකින් යන්න පුළුවන් පාරත් පෙන්නුවා . පුදුම උදව්වක් බන් ඒ මුස්ලිම් කොල්ලා දුන්නේ . පොරම රේඩියේටර් කැප් එක ගැලෙව්වා. මට ගලවන්න දුන්නෙත් නැහැ . වතුර නැති හින්දා වතුරත් පුරවලා තව බෝතලේකට වතුරත් දාලා දුන්නා . ඒගොල්ලන්ට පිං දීලා අපි ඊට පස්සේ ආවා
හැබැයි ඊට පස්සේ අපි නෙල්ලිගල ගියේ නැහැ බන් . කෙලින්ම නුවරට ඇල්ලුවා

ගූගල් මැප් එකට යන්න පුලුවන්ද නැද්ද කියලා අදාළ නැහැ . කනත්ත මැද්දකින් හරි පාරක් තියෙනවනම් පෙන්නනවා . අපිට තියෙන්නේ ගේට්ටුව ඇරගෙන යන්න :lol:.

උබලට ඔය වගේ ආතල් සිද්දි වුනානම් කොටගෙන පලයන්

එහෙමයි කියලා අපි ගූගල් මැප් පාවිච්චි කරන එක නවත්තනවද ? නැනේ හිතවතුනි . මොකද අපි වැඩිය පාරවල් දන්නේ නැහැ නේ :lol::lol:
 
  • Like
Reactions: Max_Knight
Kadu neggama overheat wena wahane mokadda bn:oo:

Radiator fan එකේ අව්ලක් තිබිලා . ඒක මම හදාගත්තා . නැත්තම් එහෙම වෙන්නේ නැහැ. උබට නම් අදාලම නැහැ . ඔසී වාහන මෙහෙ වගේ අවුල් යන්නේ නැහැ . අනික ඔහේ පාරවල් මෙහෙ වගේ නෙමෙයිනේ . #අපිඅනාතසිංහලු :sorry:
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕකේ settings වලින් හදාගන්න පුළුවන් බං.මටත් ටුවරිස්ට් කරන යාළුවෙක් කියල දුන්නෙ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕකේ settings වලින් හදාගන්න පුළුවන් බං.මටත් ටුවරිස්ට් කරන යාළුවෙක් කියල දුන්නෙ..

    ඉතින් කියල දුන්නන් මෙතන දාපං
    රන් කැටේ වගේ හන් ගන් ඉන්නේ.. :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඉතින් කියල දුන්නන් මෙතන දාපං
    රන් කැටේ වගේ හන් ගන් ඉන්නේ.. :P

    පොඩ්ඩක් හිටපං.දැන් මටත්‍ මතක නෑ..මාත් මේ හොයන ගමන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    route options ගිහින් මෙහෙම හදාගනින්.

    ENRXdnp.png
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    මමනම් සාමන්‍යෙන් map එකේ වැටෙන පාර zoom කරල බලනවා පොඩ්ඩක් ලොකුවට පෙන්නන පාරක්ද කියල.. සමහර වෙලාවට oneway සීන් වලදි මංසන්ධි වලින් එකම පාරට වටයක් ගස්සන bug එකක් තියෙනවා.. හැබැයි එක පාරක් නුවරදි ඔහොම zoom කරල බැලුවත් දැක්කෙ නැතුව වෙන පාරකට දැම්ම.. මගක් යද්දි තේරුනා වටයක් දාල එකම පාරට එන්නෙ කියලා.. පස්සෙ ගොඩක්ම zoom කරල බලද්දි තමා දැක්කෙ ඒක..:D
    වෙනනම් ලොකු අවුලක් වෙලා නැහැ. අය එක පාරක් මන්දාරම් නුවර යද්දි ලග පාර නැතුව වටෙන් යන පාරක් පෙන්නුවා.. ඒකනම් හන්දියෙ board එක දැක්ක නිසා අවුලක් ගියෙ නැහැ.. ඒකටනම් හේතුව ඒක කාර්පට් කරල අලුතෙන් හදල තියෙන්නෙ ලගදි..

    ඔතන ගොඩක්ම අවුල අපේ උන් ගොඩ දෙනෙක් ඔය map update කරන්නෙ නැහැ. Location වැරදිනම් report කරල edit කරන්නෙ නැහැ.. ඒකයි සීන් එක..:dull:

    පොඩි සිද්දි 2,3ක් තිබ්බට මමනම් use කරනවා.. මේ වෙනකොට සෑහෙන උදව්වක් කර්ල තියෙන app එකක් ඕක:yes:
     
    Last edited:
    • Like
    Reactions: S_M_S
    route options ගිහින් මෙහෙම හදාගනින්.

    ENRXdnp.png

    Avoid ferries kiwwama hariyaida :confused:

    In Google maps avoid ferries generally means that in the road or way you are going to travel will have a water crosseway. Thus you should go as fast as you can thus to avoid closing of road due to ferries coming on the water crosseways.
     
    මමනම් සාමන්‍යෙන් map එකේ වැටෙන පාර zoom කරල බලනවා පොඩ්ඩක් ලොකුවට පෙන්නන පාරක්ද කියල.. සමහර වෙලාවට oneway සීන් වලදි මංසන්ධි වලින් එකම පාරට වටයක් ගස්සන bug එකක් තියෙනවා.. හැබැයි එක පාරක් නුවරදි ඔහොම zoom කරල බැලුවත් දැක්කෙ නැතුව වෙන පාරකට දැම්ම.. මගක් යද්දි තේරුනා වටයක් දාල එකම පාරට එන්නෙ කියලා.. පස්සෙ ගොඩක්ම zoom කරල බලද්දි තමා දැක්කෙ ඒක..:D
    වෙනනම් ලොකු අවුලක් වෙලා නැහැ. අය එක පාරක් මන්දාරම් නුවර යද්දි ලග පාර නැතුව වටෙන් යන පාරක් පෙන්නුවා.. ඒකනම් හන්දියෙ board එක දැක්ක නිසා අවුලක් ගියෙ නැහැ.. ඒකටනම් හේතුව ඒක කාර්පට් කරල අලුතෙන් හදල තියෙන්නෙ ලගදි..

    ඔතන ගොඩක්ම අවුල අපේ උන් ගොඩ දෙනෙක් ඔය map update කරන්නෙ නැහැ. Location වැරදිනම් report කරල edit කරන්නෙ නැහැ.. ඒකයි සීන් එක..:dull:

    පොඩි සිද්දි 2,3ක් තිබ්බට මමනම් use කරනවා.. මේ වෙනකොට සෑහෙන උදව්වක් කර්ල තියෙන app එකක් ඕක:yes:

    ඔව් බන් මාත් රිපෝර්ට් කලේ නැහැ