Geely Panda Long Term Review

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    5dd20d1766563_2_big.jpg




    මම කාර් වැඩ්ඩෙක් නෙමෙයි
    ඒත් මමම සල්ලි දීලා ගත්ත පලවෙනි වාහනේ නිසා
    රිවීව් එකක් දාන්න හිතුනා මාස 8ක් විතර පැද්දට පස්සේ
    තව පැන්ඩා ගන්න අයට උදව්වක් වෙයි කියලා හිතුවා
    සැ.යු. හැම පොටෝ එකක්ම ගත්තේ නෙට් එකෙන්

    පැන්ඩා එකේ අඩු පාඩු හොද නරක කිව්වොත්
    Original එන සයිලන්සර් එක ලංකාවේ හදන නිසා මලකඩ කනවා පට ගාලා

    ad-20191024103544-0.jpg


    ad-20191024103548-0.jpg


    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි
    තෙල් කරනවා මදි අනික්වාට සාපේක්ෂව

    තෙල් කරන එක ගැන කිව්වොත්
    මගේ තියෙන්නේ 1000CC Manual එකක්
    එකේ ටවුන් එකේ 9-11 අතර කරනවා
    දුර 14-16 කරනවා

    රුපියල් 1000ක ගහලා ට්‍රෆික් එකේ 65ක් වගේ තෙල් කරනවා
    75-80 තමයි වැඩිම අවිල්ලා තියෙන්නේෙ කොළඹ දුවලා

    AC නම් දවල්ට ටිකක් මදි වගේ

    හැන්ඩ්ලින් පට්ට
    උස අඩු නිසා ඕන ස්පීඩ් එකකින් ලග නවන්න පුලුවන්

    110kmph තමයි මම උපරිම ගිහින් තියෙන්නේ
    120න් එලාර්ම් එකක් එනවා කිව්වා තත්පර 15ක් විතර
    පැදපු උන් තමයි මේවා කිව්වේ නම්
    අද මම දැක්කා 1.3 එකක 175ට ගිහින් තියෙනවා එකෙක්

    hqdefault.jpg


    1000cc එකේ නම් උපරිම 150kmph ක් වගේ
    Specs වල දාලා තියෙන්නේ

    සැපපහසුව නම් එච්චරම අවුලක් නෑ
    ඇල්ටෝ එකට වඩා හොදයි

    මේකේ Power Steering එන්නේ EPS නෙමෙයි
    ඒ නිසා බටර් වගේ ස්මූත් එකක් නෑ
    සමහරු නම් ඒකට අකමැති වෙන්න පුලුවන්
    හැබැයි යන විදිය හොදට ෆීල් වෙනවා
    එක විදියකට ඒක හොදයි
    ස්ටියරින් වීල් එක උස්සන්න පහත් කරන්න පුලුවන්

    කල්ච් Biting Point තියෙන්නේ ඉන්දියන් ඒවාට වඩා උඩින්
    කල්ච් බැලන්ස් නැති කෙනෙකුට පදින්න අමාරුයි

    ට්‍රැෆික් එකේදි ඇල්ටෝ වල වගේ කල්ච් එකෙන් වැඩිය යන්නේ නෑ
    ඒ නිසා ඇක්සිලරේට් කරන්න ඔනේ
    අනික ක්ල්ච් එකෙන් එහෙම යන එක ප්ලේට් වලට හොද නෑ

    HTB1z7BNXzzuK1Rjy0Fpq6yEpFXa3.jpg


    Short Gears නෙමෙයි තියෙන්නේ
    ටිකක් ඉස්සරහට පස්සට දාන්න ඕනේ
    1st 2nd වල පිකප් එක ඉන්දියන් ඒවට වඩා අඩුයි
    හැබැයි ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඉන්දියන් ඒවට වඩා පිකප්

    කදු වලදි එහෙමපස්සට 3 දාලා AC දැම්මම පිකප් මදි ගතියක් තියෙනවා 1000CC එකේ
    නෝර්මල් පාරේ නම් අවුලක් නෑ

    එයාර් බෑග් හැම මොඩල් එකේම නෑ
    කොටින්ම 2017 ආපුවත් තියෙනවා Air Bag නැති

    For-Geely-LC-Cross-GC2-RV-GX2-Emgrand-Xpandino-Panda-Pandino-GC2-Car-remote-key.jpg_640x640q70.jpg


    GEELYLC-4448_1.jpg


    HTB19W9tacvrK1Rjy0Feq6ATmVXaT.jpg


    Headrest
    Rear Window Heater,
    head Light Adjuster
    Power Mirrors
    Power Windows
    Central Lock
    Rear Wiper
    Key එකෙන් ඩිකිය අරින්න
    මේ හැම එකක්ම තියෙනවා පැන්ඩා එකේ

    පැන්ඩා එකේ සෙන්සර් බොහොමක් BOSCH BRAND එකෙන් තියෙන්නේ

    ABS නම් හැම එකේම තියෙනවා
    ABS ගැන ලොකුවට කියන්න විදියක් නෑ මගේ ABS Modulator එක ගිහින්
    ඒක කොම්පැණි 90ක් වගේ වෙනවා පිටින් ගන්නවා නම් 35

    Spare පාර්ට්ස් ඕනතරම් දැන් පිට තියෙනවා
    සමහර AC කවුලු වගේ ඒවා නම් Ali Express එකෙන් ගෙන්නන්න වෙන්නේ තාම
    95%ක් වගේම පාර්ට්ස් තියෙනවා පිටින් ගන්න
    ඒවගේ ගාන අඩුයි කොම්පැනියත් එක්ක බලද්දි
    ලොකු මේන්ටේන් කොස්ට් එකක් නෑ තෙල් ඇරෙන්න

    උපපත්තියෙන්ම එන වින්ඩ්ස්ක්‍රීන් එකේ ඈන්ගල් වල අවුලක්ද දන්නේ නෑ
    දවල් වෙලාවට අව්ව වැටෙනවා කෙලින්ම කකුල් දෙකට
    වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් අගල් 6ක ස්ටිකරයක් ගැහුවම නම්
    බොහෝ දුරට ඕක අඩුවෙයි කියලා හිතෙනවා

    කොම්පැණි සර්විස් නම් අන්තිමයි
    ඩීලර්ස්ලා නම් අවුලක් නෑ
    අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන මුදලට වටින වාහනයක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,974
    113
    Gotland
    City - 9-11
    out - 14-16


    me ganan with AC da? oya gana hodai ne ban. samahara un kiyanne pandage uparima 12-13k wage kiyala ne.

    anith eka alto walath 18k wage neda dura yaddi
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    City - 9-11
    out - 14-16


    me ganan with AC da? oya gana hodai ne ban. samahara un kiyanne pandage uparima 12-13k wage kiyala ne.

    anith eka alto walath 18k wage neda dura yaddi

    AC daala machan.
    9-11 kiwwata oka godak bara 9 ta tamai machan.
    dura nam aulak na 15k karanawama thamai..
    mama city eke godak padinne a nisa 9 madi ban..
    alto eke 1000k gahala comlombo wala 100km wage yanna puluwan kiyala cab driver kenek kiwwa,
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump - agree with all the information :yes: TFS! Facebook පේජ් එකේ තියෙන්නේ උඹේ වාහනේ නම් නම්බර් එක අයින් කරලා ෆොටෝස් දාපන් :yes:

    WhatsApp Link එකක් නැහැනේ :dull:
     
    Last edited:
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bump - agree with all the information :yes: TFS! Facebook පේජ් එකේ තියෙන්නේ උඹේ වාහනේ නම් නම්බර් එක අයින් කරලා ෆොටෝස් දාපන් :yes:

    WhatsApp Link එකක් නැහැනේ :dull:

    මගේ කාර් එකත් ඇති
    වෙන එක එක්කෙනාගේ කාර් මචන් තියෙන්නේ Panda Meet එකට ආපු
    රතු එක මගේ නෙමෙයි Group එකේ වෙන ආය දාපුවා
    whatspp chat එකටත් වැටිලා තියෙන්නේ FB එකමද මන්දා
    දැන් එඩිට් කරන්න දෙන්නේ නෑ මචන්
    QR එක SCAN කරලා Join වෙන්න