මම කාර් වැඩ්ඩෙක් නෙමෙයි
ඒත් මමම සල්ලි දීලා ගත්ත පලවෙනි වාහනේ නිසා
රිවීව් එකක් දාන්න හිතුනා මාස 8ක් විතර පැද්දට පස්සේ
තව පැන්ඩා ගන්න අයට උදව්වක් වෙයි කියලා හිතුවා
සැ.යු. හැම පොටෝ එකක්ම ගත්තේ නෙට් එකෙන්
පැන්ඩා එකේ අඩු පාඩු හොද නරක කිව්වොත්
Original එන සයිලන්සර් එක ලංකාවේ හදන නිසා මලකඩ කනවා පට ගාලා
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි
තෙල් කරනවා මදි අනික්වාට සාපේක්ෂව
තෙල් කරන එක ගැන කිව්වොත්
මගේ තියෙන්නේ 1000CC Manual එකක්
එකේ ටවුන් එකේ 9-11 අතර කරනවා
දුර 14-16 කරනවා
රුපියල් 1000ක ගහලා ට්‍රෆික් එකේ 65ක් වගේ තෙල් කරනවා
75-80 තමයි වැඩිම අවිල්ලා තියෙන්නේෙ කොළඹ දුවලා
AC නම් දවල්ට ටිකක් මදි වගේ
හැන්ඩ්ලින් පට්ට
උස අඩු නිසා ඕන ස්පීඩ් එකකින් ලග නවන්න පුලුවන්
110kmph තමයි මම උපරිම ගිහින් තියෙන්නේ
120න් එලාර්ම් එකක් එනවා කිව්වා තත්පර 15ක් විතර
පැදපු උන් තමයි මේවා කිව්වේ නම්
අද මම දැක්කා 1.3 එකක 175ට ගිහින් තියෙනවා එකෙක්
1000cc එකේ නම් උපරිම 150kmph ක් වගේ
Specs වල දාලා තියෙන්නේ
සැපපහසුව නම් එච්චරම අවුලක් නෑ
ඇල්ටෝ එකට වඩා හොදයි
මේකේ Power Steering එන්නේ EPS නෙමෙයි
ඒ නිසා බටර් වගේ ස්මූත් එකක් නෑ
සමහරු නම් ඒකට අකමැති වෙන්න පුලුවන්
හැබැයි යන විදිය හොදට ෆීල් වෙනවා
එක විදියකට ඒක හොදයි
ස්ටියරින් වීල් එක උස්සන්න පහත් කරන්න පුලුවන්
කල්ච් Biting Point තියෙන්නේ ඉන්දියන් ඒවාට වඩා උඩින්
කල්ච් බැලන්ස් නැති කෙනෙකුට පදින්න අමාරුයි
ට්‍රැෆික් එකේදි ඇල්ටෝ වල වගේ කල්ච් එකෙන් වැඩිය යන්නේ නෑ
ඒ නිසා ඇක්සිලරේට් කරන්න ඔනේ
අනික ක්ල්ච් එකෙන් එහෙම යන එක ප්ලේට් වලට හොද නෑ
Short Gears නෙමෙයි තියෙන්නේ
ටිකක් ඉස්සරහට පස්සට දාන්න ඕනේ
1st 2nd වල පිකප් එක ඉන්දියන් ඒවට වඩා අඩුයි
හැබැයි ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඉන්දියන් ඒවට වඩා පිකප්
කදු වලදි එහෙමපස්සට 3 දාලා AC දැම්මම පිකප් මදි ගතියක් තියෙනවා 1000CC එකේ
නෝර්මල් පාරේ නම් අවුලක් නෑ
එයාර් බෑග් හැම මොඩල් එකේම නෑ
කොටින්ම 2017 ආපුවත් තියෙනවා Air Bag නැති
Headrest
Rear Window Heater,
head Light Adjuster
Power Mirrors
Power Windows
Central Lock
Rear Wiper
Key එකෙන් ඩිකිය අරින්න
මේ හැම එකක්ම තියෙනවා පැන්ඩා එකේ
පැන්ඩා එකේ සෙන්සර් බොහොමක් BOSCH BRAND එකෙන් තියෙන්නේ
ABS නම් හැම එකේම තියෙනවා
ABS ගැන ලොකුවට කියන්න විදියක් නෑ මගේ ABS Modulator එක ගිහින්
ඒක කොම්පැණි 90ක් වගේ වෙනවා පිටින් ගන්නවා නම් 35
Spare පාර්ට්ස් ඕනතරම් දැන් පිට තියෙනවා
සමහර AC කවුලු වගේ ඒවා නම් Ali Express එකෙන් ගෙන්නන්න වෙන්නේ තාම
95%ක් වගේම පාර්ට්ස් තියෙනවා පිටින් ගන්න
ඒවගේ ගාන අඩුයි කොම්පැනියත් එක්ක බලද්දි
ලොකු මේන්ටේන් කොස්ට් එකක් නෑ තෙල් ඇරෙන්න
උපපත්තියෙන්ම එන වින්ඩ්ස්ක්‍රීන් එකේ ඈන්ගල් වල අවුලක්ද දන්නේ නෑ
දවල් වෙලාවට අව්ව වැටෙනවා කෙලින්ම කකුල් දෙකට
වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් අගල් 6ක ස්ටිකරයක් ගැහුවම නම්
බොහෝ දුරට ඕක අඩුවෙයි කියලා හිතෙනවා
කොම්පැණි සර්විස් නම් අන්තිමයි
ඩීලර්ස්ලා නම් අවුලක් නෑ
අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන මුදලට වටින වාහනයක්



TFS! Facebook පේජ් එකේ තියෙන්නේ උඹේ වාහනේ නම් නම්බර් එක අයින් කරලා ෆොටෝස් දාපන් 
