Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,703
    5,646
    113
    ප්‍රෙස්ක්‍රිප්ශන්ස් පෙන්නල වලට ඇඳිරිනීතිය වෙලාවෙ යන්න දෙන්න හදනවා කියලා ආරන්චියක් ආවා.. එක පැත්තකින් හොඳයි, ඒත් එක පැත්තකින් මෝඩයි වගේ පේන්නෙ.නේද...මේ කාලේ ඩොක්ටර් කෙනෙක්ගෙ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් හොයාගන්න බැරි ගෙදරක් තියනවද..ඔය ඇඳිරිනීතිය අස්සෙ රස්තියාදු ගහන උදවිය ඕව අරන් යන්ට ඉඩ තියනවා
    පාමසි ඇරලා තියන්න කියලා නේ බන්. ඕක අරන් ලඟම පාමසි එකට තමා යන්න දෙන්නේ.රවුම් ගහන්න දෙන එකක් නැහැ. සමහර විට බෙහෙත් පිටින් ගේන්න උනොත් පාමසි එකෙන් ලියුමක් දෙන්න වෙයි. නැතුව රවුම් ගහන්න දෙන එකක් නැහැ. අනික පොලිසිය ලොකුවට පාරවල් වල නැහැ . රවුම් ගහන උන් රවුම් ගහනවා තාම. හැබයි ගොඩක් දුරට කොන්ට්‍රෝල්.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    India orders nationwide lockdown
    :(:(:(:(:(:(:(:(

    මොකක්ද බං මෙකෙං ලංකාවට තියෙන impact එක :rolleyes::rolleyes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,998
    4,687
    113
    Loading...
    o4BPA2r.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pakistan, Bangladesh thiyenne owata :P

    pakistan bangladesh එකපාරට මතුවුනා නෙමේනෙ මේ වෙනකංම තිබ්බනෙ. හැමෝම production එක maintain කරගෙන ගියෙ කොච්චර demand එකක් තියෙනවද කියල බලලනෙ. ඉතිං තේරෙන්නැද්ද බං ඒ වගේ දෙයක් produce කරන ලොකු ප්‍රදේශයක් එක පාරට වහල දාන්න වුනාට පස්සෙ ඒකෙන් ලොකු බලපෑමක් වෙනව කියල? :eek: උඹල හිතන්නෙ බලන්නෙ නැතුව නිකංම ඔහේ comment type කරල දානවද? :eek:

    දවස් 21කට ලොක්ඩවුන් කියන්නෙ අපිට මාස 3කට වගේ
    ඉන්දියාවෙන් කෑම එන එකක් නෑ නෙහ්

    එන්න හදන්න එපැයි :( දැන්ම නැති වුනත් වගා වැඩ එහෙම කල් යන එකෙං පස්සෙ හරි ලොකු බලපෑමක් එනවනෙ :( යුරෝපෙ වැටුන වගේ නෙමේ food production එකට ලොකුම දායකත්වයක් දක්වන රටවල් වහල දාන්න වුනා කියන්නෙ :(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    pakistan bangladesh එකපාරට මතුවුනා නෙමේනෙ මේ වෙනකංම තිබ්බනෙ. හැමෝම production එක maintain කරගෙන ගියෙ කොච්චර demand එකක් තියෙනවද කියල බලලනෙ. ඉතිං තේරෙන්නැද්ද බං ඒ වගේ දෙයක් produce කරන ලොකු ප්‍රදේශයක් එක පාරට වහල දාන්න වුනාට පස්සෙ ඒකෙන් ලොකු බලපෑමක් වෙනව කියල? :eek: උඹල හිතන්නෙ බලන්නෙ නැතුව නිකංම ඔහේ comment type කරල දානවද? :eek:

    ade godak food items Pakistan walin enne,

    india walin godak genne vehicles, oil ect.

    gedara thiyena tablet ekak aran balapan made in Bangladesh
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    එන්න හදන්න එපැයි :( දැන්ම නැති වුනත් වගා වැඩ එහෙම කල් යන එකෙං පස්සෙ හරි ලොකු බලපෑමක් එනවනෙ :( යුරෝපෙ වැටුන වගේ නෙමේ food production එකට ලොකුම දායකත්වයක් දක්වන රටවල් වහල දාන්න වුනා කියන්නෙ :(

    දැන තියන වගා 21 යද්දි විනාශ වෙලා යයි.. එහෙ යාන්තම් ශේප් කරගන්න වවයි
    ආයෙ මුල ඉදල පටන් අරගත්තත් අපනයනය කරන්න තර්ම්
    එකපාර කරන්න බැරි වෙයි.. ඒ කියන්නෙ අපිය රටින් එන ඒව අමතක කරන්න වෙයි..

    අපි මේකෙන් ගැලඋනොත් නම් මාර විදිහය ස්වයංපෝෂනය වෙන්න වෙයි..

    අනිත් එක බේත් පල්ලෙකැලේ හැදුව නේද ෆැක්ටරි එකක් බේත් හදන්න?
    ඒකෙන් වැඩක් තියෙයිද අපිට ?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    rate wiyadam godak adu wela thiyenne.
    225 ta giya gaana, petrol, vehicle import




    lets see

    Ada 5 i neda hambune?? Adu wela ne??. Me rate eka nam echara awulak na ban anik rata wala dawasata 50 / 60 ne hambenne.


    uba hamathissema billboard akuren dan hari dan hari rata safe kiyanwa
    uba karanne minisunge hitha hadannada nathnam uba hitha sanasa ganna kiyanwada kiyala therenne na


    eth matanam aththa thathwe nathuwa ehema boruwata hitha sathutu karaganna hithenne na.


    anika mehe inna harak saha ,duppath eda wela hoyaganna bari minissu ekka thawa mona welada kiyala kiyanna ba


    e hinda onawata wada high hopes thiyaganne nathuwa hitu:dull:








    pakistan bangladesh එකපාරට මතුවුනා නෙමේනෙ මේ වෙනකංම තිබ්බනෙ. හැමෝම production එක maintain කරගෙන ගියෙ කොච්චර demand එකක් තියෙනවද කියල බලලනෙ. ඉතිං තේරෙන්නැද්ද බං ඒ වගේ දෙයක් produce කරන ලොකු ප්‍රදේශයක් එක පාරට වහල දාන්න වුනාට පස්සෙ ඒකෙන් ලොකු බලපෑමක් වෙනව කියල? :eek: උඹල හිතන්නෙ බලන්නෙ නැතුව නිකංම ඔහේ comment type කරල දානවද? :eek:



    එන්න හදන්න එපැයි :( දැන්ම නැති වුනත් වගා වැඩ එහෙම කල් යන එකෙං පස්සෙ හරි ලොකු බලපෑමක් එනවනෙ :( යුරෝපෙ වැටුන වගේ නෙමේ food production එකට ලොකුම දායකත්වයක් දක්වන රටවල් වහල දාන්න වුනා කියන්නෙ :(




    ubta tikak hari molayak thiyenwa bn

    wihiluwata neme aththatama kiyanne
    godak wun me seen eka fun ekak political case ekak karan inne.
    :dull:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!
    - http://economatta.blogspot.com/2020/03/blog-post_18.html?m=1

    corona-ferguson.jpg


    මේ වන විට කොරෝනා මරණ ප්‍රමාණය නව දහසකට ආසන්න වී තිබෙනවා. වෛරසය ව්‍යාප්ත වෙන්න පටන් ගත් චීනයේත්, ඉන් පසුව එය වේගයෙන් පැතිරුණු දකුණු කොරියාවේත් තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. දැනට වේගයෙන්ම වෛරසය ව්‍යාප්ත වෙන්නේ පළමුව බටහිර රටවල හා දෙවනුව මැද පෙරදිග කලාපයේ වුවත් සංවර්ධනය වෙමින් පවතින රටවලද වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙනවා.

    වෛරසය පැතිරීම පාලනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග රාජ්‍ය ඒකක මට්ටමින් සිදුවෙමින් පවතිනවා. මෙහිදී එක් එක් රටවල ආණ්ඩු විසින් ගන්නා විවිධ ක්‍රියාමාර්ග සමඟ එකඟ වන අය මෙන්ම එකඟ නොවන අයද සිටිනවා. පැහැදිලි බෙදුම් ඉරක් නැතත්, මේ රාජ්‍ය ක්‍රියාමාර්ග පුළුල් වශයෙන් චීන ක්‍රමය හා බ්‍රිතාන්‍ය ක්‍රමය ලෙස වෙන් කරන්න පුළුවන්. ඇමරිකාව විසින් අනුගමනය කරමින් සිටින ක්‍රමය බොහෝ දුරට බ්‍රිතාන්‍ය ක්‍රමයට ආසන්නයි.

    චීනය විසින් කොරෝනා වෛරස් තර්ජනය හමුවේ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන එල්ල වුනා. බොහෝ විට මෙවැනි විවේචන කළේ බටහිර රටවල ජීවත් වූ පිරිස් විසිනුයි. බටහිර රටවල ජීවත් වූ චීන සම්භවයක් ඇති පිරිස්ද මෙසේ විවේචන කළ අය අතර කැපී පෙනුනා. මේ විවේචන වල ඉලක්කය වුනේ කොරෝනා හානිය වැළැක්වීමේ උත්සාහය තුළ චීන රජය විසින් ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වුනු වෙනත් විවිධ හානි බව පුළුල් ලෙස අර්ථ දැක්විය හැකියි.

    චීන ක්‍රමයට විවේචන එල්ල වූ අයුරින්ම මේ වන විට බ්‍රිතාන්‍ය ක්‍රමයටද විවේචන එල්ල වෙනවා. එහිදී බොහෝ විට පැවසෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගනිමින් රෝගය පැතිරෙන්නට ඉඩ හැර ඇති බවයි. ඇමරිකාව විසින් අනුගමනය කරන්නේද බ්‍රිතාන්‍ය ක්‍රමයම වුවත් ඇමරිකාවේදී මේ ක්‍රමය බ්‍රිතාන්‍යයේදී තරම් විවේචනයට ලක් වන බවක් පෙනෙන්නේ නැහැ.

    කොවිඩ්-19 ලෝකයට අලුත් අත්දැකීමක්. මේ වසංගතය ගැන දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩියි. ඒ නිසා, කවර ආණ්ඩුවකට වුවත් ක්‍රියා කරන්න වෙන්නේ උපකල්පන මතයි. උපකල්පන පදනම් වන්නේ නිරීක්ෂණ මතයි. අලුත් නිරීක්ෂණ එකතු වන විට පැරණි උපකල්පන වඩා නිවැරදි කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ අනුව බැලුවොත්, මේ මොහොතේ බටහිර රටවල් සිටින්නේ වෛරසය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ චීනය සිටියාට වඩා වාසිදායක තැනකයි. චීනයේ වයිරසය පැතිරුණු ආකාරය පිළිබඳ තොරතුරු මත බටහිර රටවලට වඩා දැනුමැති තීරණ වලට එළැඹෙන්න පුළුවන්.

    බ්‍රිතාන්‍යය මෙන්ම ඇමරිකාවද විසින් වෛරස් තර්ජනයට මුහුණ දීමට සූදානම් වන්නේ වෛරසය පැතිරිය හැකි ආකාරය ගැනත්, එය වැළැක්වීමට හෝ සීමා කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග වලින් ලැබෙන්නට ඉඩ ඇති වාසි හා අවාසි ගැනත් කිසියම් අධ්‍යයනයක් කිරීමෙන් පසුවයි. මේ අධ්‍යයන අතරින් එක් පුළුල් අධ්‍යයනයක් වන්නේ ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය නීල් ෆර්ගසන් ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින් 31 දෙනෙකු විසින් සිදු කර තිබෙන අධ්‍යයනයයි. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ආණ්ඩු මේ වාර්තාවට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

    නීල් ෆර්ගසන් වාර්තාව අනුව තවමත් අප දකින්නේ අයිස් කන්දක ශිඛරය පමණයි. අයිස් කන්ද පෙනෙන විට අප අතරින් ඇතැමෙක් ජීවත්ව නොසිටින්න පුළුවන්. කෙතරම් බියජනක වුවත් දැනට පෙනෙන්නට තිබෙන ඇත්ත එයයි. ආණ්ඩු වලට මැදිහත් වී තත්ත්වය යම් තරමකින් පාලනය කිරීමේ හැකියාවක් ඇතත්, කළ හැකි සියල්ල කිරීමෙන් පසුවත් විශාල හානියක් සිදුවන බව පැහැදිලියි.

    නීල් ෆර්ගසන් වාර්තාවට අනුව කිසිවක් නොකර සිටියොත් කෝවිඩ්-19 වසංගතය අවසන් වන විට ඇමරිකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේද ජනගහණයෙන් 81% කට වෛරසය වැළඳෙන අතර ඇමරිකානුවන් මිලියන 2.2ක් වෛරසය හේතුවෙන් මිය යාමට නියමිතයි. වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් 510,000ක් මිය යාමට නියමිතයි. ජූනි මාසයේ අවසානය දක්වාම දිනකට මියයන ප්‍රමාණය දවසෙන් දවසම ඉහළ යන බවයි වාර්තාව අනුව පැවසෙන්නේ. මේ අනුව, දිනකට වෛරසය හේතුවෙන් මිය යන ඇමරිකානුවන් ගණන අඩු වෙන්න පටන් ගන්නේ දිනකට 55,000 ඉක්මවීමෙන් පසුවයි. සාපේක්ෂව වැඩි ජනගහණ ඝනත්වයක් ඇති බ්‍රිතානයේ මරණ ගණන ජූනි මාසය මුලදී උපරිම මට්ටමට එනවා. එය දිනකට 15,000ක පමණ මරණ ප්‍රමාණයක්.

    චීනය විසින් ගත් ආකාරයේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් තත්ත්වය පාලනය කළ හැකි වුවත්, වාර්තාව පිළියෙළ කළ වසංගත රෝග විශේෂඥයින්ගේ විශ්ලේෂණ අනුව, එම දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කළ පසුව නැවතත් වසංගතය පෙර මෙන් පැතිරී ඉහත මරණ සිදු වීම නොවැලැක්විය හැකියි. චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස වන්නේද නැවත දෙවන වටයකින් වසංගතය චීනයේ හිස එසැවිය හැකි බවයි.

    මේ වසංගතයේ කෙළවරක් දැකිය හැක්කේ දෙයාකාරයකින් පමණයි. පළමු ක්‍රමය වන්නේ රෝගය පැතිරීම නිසා ජනගහණයේ බොහෝ දෙනකු වෛරසයට නිරාවරණය වී ඔවුන්ගේ සිරුරු වල ප්‍රතිශක්තිකරණය ඇති වූ පසු වෛරසය පැතිරීම නැවතීමයි. මෙහිදී ඉහත සඳහන් මරණ ගණන සිදුවීම වැළැක්වීම අසීරුයි. දෙවන ක්‍රමය වන්නේ ප්‍රතිශක්තිකරණ එන්නතක් වැඩි දියුණු කරන තුරු වෛරසය පැතිරීම පාලනය කරමින් දැඩි පාලනයක් පවත්වා ගැනීමයි. මේ කාලය මාස දහඅටක් තරම් දිගු කාලයක්. එහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් සිදු වන වෙනත් හානි ඉතා විශාලයි.

    දැනට ඇමරිකාව විසින් සිදු කර තිබෙන පාසැල් හා සරසවි වසා දැමීම ගත්තොත් ඒ හේතුවෙන් මරණ ප්‍රමාණය අඩු වීමට නියමිත 2%කින් පමණයි. චීනය මෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් හෝ සූදානමක් ඇමරිකාවේ හෝ වෙනත් කිසිදු බටහිර රටක පෙනෙන්නට නැහැ. ප්‍රායෝගිකව ඇමරිකාවට චීනය ගත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක්ද නැහැ. ආසාදිතයින් ගණන අනුව මෙතෙක් අටවැනි තැන සිටි ඇමරිකාව මේ වන විට දකුණු කොරියාව පසුකර හත් වන තැනට පැමිණ තිබෙනවා. දැනට වේගයෙන්ම වයිරසය පැතිරෙන රටක් වන ඇමරිකාව මේ ලැයිස්තුවේ තවතවත් ඉහළට යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

    අපට ප්‍රතිශක්තිකරණයේ පිහිටයි!


    :( :sorry:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    pakistan bangladesh එකපාරට මතුවුනා නෙමේනෙ මේ වෙනකංම තිබ්බනෙ. හැමෝම production එක maintain කරගෙන ගියෙ කොච්චර demand එකක් තියෙනවද කියල බලලනෙ. ඉතිං තේරෙන්නැද්ද බං ඒ වගේ දෙයක් produce කරන ලොකු ප්‍රදේශයක් එක පාරට වහල දාන්න වුනාට පස්සෙ ඒකෙන් ලොකු බලපෑමක් වෙනව කියල? :eek: උඹල හිතන්නෙ බලන්නෙ නැතුව නිකංම ඔහේ comment type කරල දානවද? :eek:



    එන්න හදන්න එපැයි :( දැන්ම නැති වුනත් වගා වැඩ එහෙම කල් යන එකෙං පස්සෙ හරි ලොකු බලපෑමක් එනවනෙ :( යුරෝපෙ වැටුන වගේ නෙමේ food production එකට ලොකුම දායකත්වයක් දක්වන රටවල් වහල දාන්න වුනා කියන්නෙ :(


    indian government official announcement එකේ තියනව essential goods manufacture කරන factories වහන්න ඕනි නැහැ කියල..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    දැන් සොම්බි වෙනුවට මිනිස්සු සෙම පෙරාගෙන කිබුහුන් ඇර ඇර එන්නේ..කොහොමද පාර දිගේ මිනිස්සු සිය ගනනක් සෙම පෙරාගෙන කිබුහුන් ඇර ඇර කැහැ කැහැ එනකොට:love:
     
    Status
    Not open for further replies.