ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් 32,621 ක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා ඩුබායි සති දෙකකට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩුබායිහි රැදී සිටින කිසිදු පුද්ගලයෙකුට සිය නිවෙස්වලින් පිටතට යාමට අවසර නොලැබෙන අතර කිසිදු පුද්ගලයෙකුට නගරයට ඇතුළුවීමටද අවසර හිමිවන්නේ නැහැ.
අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සදහා එක් පවුලකින් එක් පුද්ගලයෙකුට පමණක් අවසර ලබාදීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
මේ අතර ලොවපුරා රටවල් රැසකින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වනවිට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11 ලක්ෂ 99,232 ක්.
ගත වු පැය 24 තුළ ලොවපුරා අලූතින් කොරෝනා රෝගීන් 82,570 දෙනෙකු හමුවී තිබෙනවා. සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 64,662 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ, ගත වු පැය 24 නව පුද්ගල මරණ 5,488 ක් වාර්තාවීමත් සමගයි.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව දෙලක්ෂ 46,174 ක්.
ගතවූ පැය 24 තුළදී ද වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 32,621 ක්. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ තුනේ සිමාව ඉක්මවා ගියා. එරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 9,782 ක්.
අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 1,038 ක් වාර්තා වනවා. ඒ අනුව අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 8,442 ක්.
ඉතාලිය පසු කරමින් ස්පාඤ්ඤය මේ වනවිට වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන 2 වන රට බවට පත්ව තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන එක් ලක්ෂ 26,168 ක්. ගත වූ පැය 24 ස්පාඤ්ඤයෙන් පුද්ගලයින් 6,969 දෙනෙකු කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 11,947 ක්.
ඉතාලියෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන එක් ලක්ෂ 24,632 ක් වනවා.
ගත වු පැය 24 වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව 1,053 ක්.
කෙසේවෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් ගත වු පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු හෝ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.
Neth