Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලෙඩ්ඩු සීයක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම සුව වෙලා රෝහලින් පිටවෙලා ගිහිං තියනවා


    Puluwan hoda wechcha ayawa wenama camp ekaka tiyala dawas ganakin release kalanam hari :)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    කෝ අර හැමදාම America වල තත්වේ දදා හිටිය අය .
    දවස් කිහිපෙකින් දැක්කේ නැහැ .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ අර හැමදාම America වල තත්වේ දදා හිටිය අය .
    දවස් කිහිපෙකින් දැක්කේ නැහැ .

    ඇමරිකාවෙ මිනිස්සු කරන උද්ඝෝශණ තේරුම් ගන්න බැරුව ඒ මිනිස්සුත් confuse වෙලා ඇති. :sorry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පිලියන්දල හම්බෙච කෙනා එහෙන් මාලු ගන්න ගිහින් මාලු බිස්නස් කරන්න.:yes:

    තැගි දිලා ඉවරයි. අස්සයා ගියාට පස්සසේ ඉස්තාලෙ වහලා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Tikak wela gihin meetar une... galsses dana eunta terenawa athi :lol:

    93644603_10160450735086840_1328773838120419328_o.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    y? what happened?

    පිළියන්දල කන්ෆර්ම් කෙස් එක කෙස් නම්බර් 304 මාළු ගන්න ගිහිං තියනවා පෑලිය ගොඩ මාර්කට් එකට
    මම හිතනේ එකේ වෙළෙන්දන්ව PCR එකක් කරයි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඇමරිකාවෙ මිනිස්සු කරන උද්ඝෝශණ තේරුම් ගන්න බැරුව ඒ මිනිස්සුත් confuse වෙලා ඇති. :sorry:
    ටිකක් දිගයි කැමතිනම් කියවපන් .



    ලෝකය මේ මොහොතේ "ට්‍රොලී ප්‍රොබ්ලම්" (Trolley problem) එකකට මුහුණ දී සිටින බව ඔබ දන්නවාද?...

    "ට්‍රොලී ප්‍රොබ්ලම්"
    =====================

    අපි මේ කථා කරන්න යන ට්‍රොලී ප්‍රොබ්ලම් එක කියන්නෙ "තෝට් එක්ස්පෙරිමන්ට්" එකක් හෙවත් සිංහලෙන් කිව්වොත් "චිත්ත පරීක්ෂාවක්"....චිත්ත පරීක්ෂාවක් කියන්නෙ කිසියම් සිද්ධියක් සිදුවේයැයි කල්පිතයක් ගොඩ නගලා, ඒ සිද්ධි දාමය දිගේ ඉදිරියට සිදුවෙන්න පුලුවන් සිදුවීම් ගැන සිත මෙහෙයවලා, අර කල්පිතය ප්‍රවාදයක් බවට පෝෂණය කරන එක....

    මේ ට්‍රොලී ප්‍රොබ්ලම් කියන්නෙ "එතික්ස්" හෙවත් සදාචාරය ගැන කෙරෙන චිත්ත පරීක්ෂාවක්....ඒකෙ තියෙන්නෙ මෙහෙම දෙයක්....

    ඔන්න රේල්වේ යාඩ් එකකින් බ්‍රේක් බුරුල් වෙච්ච කෝච්චි පෙට්ටියක් වේගෙන් රේල් පාර දිගේ ඇදිලා යනවා.....අර කෝච්චි එනකොට ලීවර් ඇදලා, පීලි මාරු කරන ඩෑල් එක ඉන්නෙ.....අන්න ඒ ඩෑල් එක ස්විච් රූම් එකට දුවනකොට පොර දකිනවා, මේ කෝච්චි පෙට්ටිය දැන් යමින් තියෙන පීල්ලෙ ඉස්සරහ හරියෙ මිනිස්සු පස් දෙනෙක්ව රේල් පීලි දෙකට තියලා ගැටගහලා ඉන්නවා....අර හොලිවුඩ් ෆිල්ම් වල එහෙම වෙන්නෙ.....අන්න ඒ වගේ......කෝච්චි පෙට්ටිය මේ පීල්ල දිගේ දිගටම ගියොත්, අර පස්දෙනාගෙ ඇඟ උඩින් යනවා.....එතකොට ඒ පස් දෙනා මිය යනවා.....

    ඉතින් පොර ටාර් ගාලා ඒ කෝච්චි පෙට්ටිය ඉතිරි වෙලා තියෙන අනිත් ට්‍රැක් එකට මාරු කරන්න ස්විච් ලීවර් එකට අත තියනකොට දකිනවා, ඒ අනිත් පීල්ලෙත් පල්ලෙහා හරියෙ එක මනුස්සයෙක්ව රේල් පීලි දෙක උඩ හාන්සි කරවලා ගැට ගහලා තියෙනවා......

    දැන් මෙයා මොකක් කරන එකද සදාචාර සම්පන්න වෙන්නෙ?....

    1. මුකුත් නොකර ඉන්නවා.....එතකොට කෝච්චි පෙට්ටිය දැන් මේ තියෙන පීල්ල දිගේ පහළට ගිහින් අර පස් දෙනා යටකරගෙන යනවා.....ඒක ඉතින් කොහොමත් වෙන්න ගිය දේ නොවැ.....

    2. ලීවර් එක ඇදලා පෙට්ටිය අර අනිත් පීල්ලට දානවා.... එතකොට පස් දෙනෙක්ගෙ ජීවිත බේරෙනවා....හැබැයි ඒ වෙනුවෙන් අර පීල්ලෙ බැඳලා දාලා හිටපු තනි පුද්ගලයාගේ ජීවිතේ නැති වෙනවා.....අර 5 දෙනාගේ ජීවිතය වෙනුවෙන්, අර තනි පුද්ගලයාගේ මරණය කියන්නෙ කදිම හුවමාරුවක් බව තීරණය කරපු කෙනා බවට ට්‍රැක් එක ස්විච් කරපු කෙනා පත්වෙනවා......එන්න එතැන් සිට ඒ ක්‍රියාවේ "එතික්ස්" විවිධ මානයන්ගෙන් ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා....

    මේ තෝට් එක්ස්පෙරිමන්ට් එක යුරෝපයේ බොහෝ කාළයක් තිස්සේ විවිධ ස්වරූප වලින් පැවතියා.....නමුත් එය මේ වත්මන් ස්වරූපයෙන් ලොවට හඳුන්වා දුන්නෙ ඉංග්‍රීසි ජාතික දාර්ශණිකවරියක් වන ෆිලිපා ෆූට් විසින්.....ඇය විසින් සංවාදයට ගත්තු මේ සිද්ධියේ එතික්ස් පසුව පැමිණි විවිධ දාර්ශණිකයන් සහ ගණිතඥයන් විසින්, මෙහිම වෙනස් තත්වයන් නිර්මාණය කර සාකච්ඡාවට ගත්තා....

    එහෙම මේ තෝට් එක්ස්පෙරිමන්ට් එක තව වැඩි දියුණු කරපු එක අවස්ථාවක් තමයි මේකෙම "ෆැට් මෑන්" තියරි කියන්නෙ.....එතනදි වෙන්නේ, අර කෝච්චි පෙට්ටිය ඒ පීලි දෙකේ හන්දියට කළින්, පාලමක් යටින් යනවා.... ඒ පාලම උඩ ඉන්නවා කම්මැලි මහත අසත්පුරුෂ ගති තියෙන මිනිහෙක්....ඒ මිනිහා පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා රේල්වේ කම්පැනියෙ සේවකයෙක්....එයාට පුලුවන් අර මිනිහාව රේල් පාලමෙන් පහළට දමන්න....එවිට ඔහු අර කෝච්චි පෙට්ටිය එන මඟට වැටෙනවා....වැටුණාම, කෝච්චි පෙට්ටිය ඒ මහත මිනිසාගේ ඇඟේ වැදී නැවතීමෙන් ඔහු මරණයට පත්වෙනවා.....නමුත් අර පල්ලෙහා පීලි දෙකේ ඉන්න හය දෙනාගෙම ජීවිත බේරෙනවා.....කුසීත, ආහාර ගිජු, අසත් පුරුෂ මිනිහෙක්ගෙ ජීවිතය සාමාන්‍ය හය දෙනෙක්ගෙ ජීවිත වලට කදිම හුවමාරුවක්ද?.....නැත්නම් ඒකත් ජීවිතයක් නිසා, ඔහුගේ මරණය අප තීරණය නොකළ යුතුද?.....

    මේ අවස්ථාවේදී ලෝකය මුහුණ දී සිටින ට්‍රොලී ප්‍රොබ්ලම් එක මොකක්ද?...

    ================================================================

    1. නව කොරෝනා 2019 වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට සෝෂල් ඩිස්ටන්සින්, ඇඳිරි නීතිය, ලිමිටඩ් ලොක් ඩවුන්, ටෝටල් ලොක් ඩවුන් වගේ ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන, මේ රෝගයෙන් මිය යාමට නියමිත ප්‍රතිශක්තීකරණය දුර්වල කොටස්, වැඩිහිටියන් හැකිතාක් බේරාගෙන, ඒ වෙනුවෙන් ආර්ථිකයට බොහෝ කළකට ගොඩ ආ නොහැකි බරපතල හානි කරගන්නවාද?.....කරගෙන එමඟින් කොවිඩ් නිසා "වක්‍රව" සිදුවිය හැකි මරණ රාශියකට මඟ පාදනවාද?.... ( රැකියා අහිමිවීම නිසා සිය දිවි නසාගැනීම්...ව්‍යාපාර අඩාල වීම නිසා සිය දිවි නසා ගැනීම්.....ආදායම් අහිමිවීම නිසා කුසගින්න, මන්දපෝෂණය ආදිය හේතුවෙන් මිය යාම....ඔය වගේ )

    2. නැත්නම් කෝවිඩ් - 19 ආසාදනය පාලනයට කිසිවක් නොකර, රටවල් විවෘත කර දමා ආර්ථිකය ඉදිරියට ගෙනයනවාද?.... මෙහිදී කෝවිඩ් - 19 ආසාදනයට ලක්වන සියළු දෙනා මිය යන්නේ නැති අතර, සාතිශය බහුතරයට රෝග ලක්ෂණවත් නොපෙන්වයි.....මිය යන්නේ සුළු ප්‍රතිශතයකි.... නමුත්, ඒ රෝග කාරකයේ ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ නිසා, රෝගීන් ගණන ඝාතීයව වර්ධනය වීමෙන් ලක්ෂ ගණනක් බවට පත්වන්නට යන්නේ සුළු කාළයකි... එවිට එයින් අසාධ්‍යවන අයගේ සුළු ප්‍රතිශතයද වේගයෙන් ලොකු සංඛ්‍යාවක් බවට පත්වීම නිසා, සෞඛ්‍ය පහසුකම් මදිවීමෙන් ඔවුන්ද, ඒ පහසුකම් ඇවැසිව සිටි වෙනත් ආසාදන නිසා අසාධ්‍ය තත්වයට පත්ව සිටින රෝගීන්ද මිය යාමෙන්, මරණ ගණනද සෑහෙන කම්පාකරවන සුළු අගයක් වීමට මුහුණ දෙනවාද?....

    "ට්‍රොලී ප්‍රොබ්ලම්" - ලූප් හෙවත් ගැටය සහිත ගැටලුව
    ============================================

    ඔය කියන ට්‍රොලී ප්‍රොබ්ලම් එකේ මෙන්න මෙහෙම අවස්ථාවකුත් චිත්ත පරීක්ෂාවට ගන්නවා....

    අපි හිතමු අර රේල් පාරවල් දෙක අර මිනිස්සු බැඳලා ඉන්න හරියෙන් ටිකක් එහාට ගියාම එකට සම්බන්ධ වෙනවා.... එක රේල් පාරක් බවට පත්වෙනවා....එතකොට අර ට්‍රැක් එක ස්විච් නොකර, මොකුත්ම නොකර ඉඳලා අර පස්දෙනා යටවෙන්න දුන්නත්, කෝච්චි පෙට්ටිය ඔවුන්වත් තලාගෙන ඉස්සරහට ගිහින්, ට්‍රැක් දෙක එකට සම්බන්ධවෙන තැනින් අනිත් ට්‍රැක් එක දිගේ ඇවිත්, ඒ ඉන්න තනි පුද්ගලයාත් යට කරනවා.....එතකොට ඔවුන් හය දෙනාගෙම මරණය සිදුවෙනවා......ඒ වගේම අර පස් දෙනා බේරන්න හිතාගෙන පෙට්ටිය තනි පුද්ගලයා ඉන්න පීල්ලට දැම්මත්, ඒකම අනිත් පැත්තට වෙනවා.....එතකොටත් හය දෙනාම මරණයට පත්වෙනවා.....

    මේ කොවිඩ් - 19 ගැටලුවෙත් එහෙම සිනාරියෝ එකකුත් තියෙනවා.......ලෝකයේ ආණ්ඩු සමාජයේ මේ ආසාදනයෙන් මිය යා හැකි පිරිස්, හෙවත් "වල්නරබල් ගෲප්ස්" බේරන්න හිතාගෙන සියල්ල වහගෙන හිටියොත්, ඒ වල්නරබල් ගෘප්ස් වල අයත් එසේ වසාගෙන සිටීමේ අහිතකර ආර්ථික ප්‍රතිපල නිසා මිය යනවා.... කොහොමත් ඔවුන් ඉදිරි වසර කිහිපය තුළ වෙනත් ස්වභාවික හේතුන් නිසා මිය යනවා.....ඒකෙන් නොමැරිය යුතු අනෙක් අයත් ආර්ථික අර්බුදය නිසා, මම අර ඉහත කී විදියට මිය යනවා.....

    අර පිරිස බිල්ලට දීලා, ආර්ථිකය බේරගන්න රටවල් ඇරියොත්, අර කියන පිරිස විශාල වශයෙන් මිය යාම නිසා ඇතිවන සමාජ ඛේදවාචකයෙන් ආර්ථිකයටත් කොහොමත් හානියක් වෙනවා....

    ඔන්න "ලූප්" එක හෙවත් ගැටය.....

    දැන් මේ ලූප් එකටත් "ෆැට්මෑන්" වේරියන්ට් එකක් තියෙනවා.....

    අපි හිතමු ඔය ට්‍රැක් දෙක ජොයින් වෙන ලූප් එකක් තිබ්බා කියලා.....ඒත් අර තනියෙන් ගැට ගහලා ඉන්න මනුස්සයා හොඳටම මහත මනුස්සයෙක් නම්, ඔය කෝච්චි පෙට්ටිය ඔහුගේ ඇඟේ වැදී නවතිනවා.....එසේ නැවතීමෙන් ට්‍රැක් එක වටේ ගොස් ඇවිත් අනෙක් පස්දෙනා මැරී යන එක නවතිනවා.....එහෙම නම් අර තනි පුද්ගලයාගේ මරණය තීන්දු කරන එක කමක් නැද්ද?.....

    ඒ වගේ, කොවිඩ් - 19 න් මිය යෑමට වැඩිම සම්භාවිතාවක් තියෙන අය කොහොමත් ඉදිරි වසර කිහිපය තුළ ඔවුන්ගේ වයස නිසා හෝ ඌණ ප්‍රතිශක්තිය නිසා වෙනත් රෝගී තත්වයකින් හෝ මිය යන බැවින්, ඔවුන්ගේ ජීවිත දීලා, අනෙක් අය ආර්ථිකමය වශයෙන්, සාමාජීය වශයෙන් ආරක්ෂා කර ගන්න එක කරන්න පුලුවන් වෙයි....?....එතකොට ඒක හරිද?....

    මෙන්න මේ තමයි, මේ ලෝකය දැන් මුහුණ දීලා තියෙන ට්‍රොලී ප්‍රොබ්ලම් එකේ සංකීර්ණත්වය.....ආර්ථිකය බේරගන්න කටයුතු කළොත්, වල්නරබල් ගෘප් එක මැරෙනවා......ඒ අයව බේරගන්න කටයුතු කළොත්, ආර්ථිකය වැටිලා කොහොමත් විශාල පිරිසක් සෘජුව සහ වක්‍රව මැරෙනවා.....මෙතනදි මිනිසාගේ "එතිකල් ෆවුන්ඩේෂන්" එකට මොකද වෙන්නෙ?.....කොයි විදියද එතිකල්....?....එතික්ස් ගැන බලන්න ඕනද?.....මේක තමයි අපේ ජීවිත කාළවල අප මුහුණ දී සිටින ලොකුම එතිකල් ප්‍රොබ්ලම් එක....

     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටිකක් දිගයි කැමතිනම් කියවපන් .

    බටහිර රටවල් කිහිපයක් follow කරපු අදූරදර්ශී මෝඩ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරන්න ලැජ්ජ නැතුව ලියපු පල් හෑල්ලක්. මේ වගේම දරුණු අවස්ථා වල රජයන් මොනව හරි කරල පවත්වගෙන යන්න ඕනෙ නිසා කොහොම හරි ආර්ථිකය පවත්වගෙන ගියා. ආණ්ඩුවට ආර්ථිකය බේරගන්න ඕනෙ නං ඇමරිකාව බ්‍රිතාන්‍යය වගේ මිනිස්සුන්ව බිල්ලට දෙන්නෙ නැතුව බේරගන්න ක්‍රම තියෙනව. ලෝක යුද්ධයක් ඇතිවුනා නං ඔය මොන තර්කයක්වත් නෑ නිකංම ඒ drastic measures අගේට ගන්නව. මේකෙ මිනිස්සුන්ගෙ ද්වේශය යොමු කරන්න සතුරෙක් නෑනෙ. ඉතිං මේ වගේ හෑලි වලිං මිනිස්සු අන්දල මරණයට දක්කනව.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Ow awulak nathi wei

    අවුලක් නති වෙයි.ඔක හොයාගන්න ආමරු නිසා.ගෙවල් වල කට්ටිය හෙව්වාට මාලු ගන්න තන කොචරක් ඉන්නවාද මාකට් එකේ:P.අද එ පත්තේ 11ටෙස්ට් කරන්වා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    අවුලක් නති වෙයි.ඔක හොයාගන්න ආමරු නිසා.ගෙවල් වල කට්ටිය හෙව්වාට මාලු ගන්න තන කොචරක් ඉන්නවාද මාකට් එකේ:P.අද එ පත්තේ 11ටෙස්ට් කරන්වා

    Dan confirm nathi news awa positive wechcha eka Bokundara pansale dupath minisunta badu bedanna awilla pansale loku hamuduruwo ekka selfie aran kiyala
     
    Status
    Not open for further replies.