ලාදුරු
ලාදුරු යන නම පමණින් ම බොහෝ දෙනා බියපත්වන රෝගී තත්වයකි.එය ඉතා ආදී කාලයේ පටන්ම මනුෂ්‍ය වර්ගයාට තිබු රෝගී තත්වයකි.එම රෝගය නිසා මුහුණ හා අත් පා විකුර්ති වීම නිසා මෙම රෝගීන් සමාජයෙන් කොන් වීම ආදී තත්වයන් තිබුණි. එම රෝගීන් සදහා වෙන්වූ කොලනි සහ රෝහල් තිබුන අතර ඒවා අසලටවත් යාමට බොහෝ දෙන බියවුහ. ලාදුරු නැමැති රෝගය බෝ වන්නේ බැක්ටීරියාවක් මගිනි. එම බැක්ටීරියාව mycobactiria uprace ලෙස හදුන්වයි.මෙම රෝගය අතීතයේදී තමන්ගේ පව් නිසා ඇතිවූ සුව කල නොහැකි රෝගයක් ලෙස සැලකිණි. නමුත් එම රෝගයට හේතුවන බැක්ටීරියා සොයා ගැනීමත් සමගම අදාල රෝගය සදහා ප්‍රතිකාර සොයා ගැනිණි.
මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් හැදින්විය හැක්කේ දැනීම් නැති සුදු පැහැති ලපය. මෙම ලප ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිය. ඒ හැරුණු විට රතු පැහැති ලප හෝ සුදු පැහැති ලප විශාල ප්‍රමාණයක් වශයෙන්ද රෝගියාට මෙම තත්වය මතු විය හැක. මෙම තත්වය සෑම විටම දැනීම අඩු ලප ලෙස පමණක් දර්ශනය නොවේ. සමහරක් ලපවල හැගීම් දැනීම් ඇතිවිය හැක.
ඒ හැරුණු විට සමහරක් රෝගීන්ගේ සමේ ඉදිමුම , හන්දි වේදනා ආදී තත්වයන් ලෙසද ප්‍රතිකාර වලට යොමුවේ. සමහර අවස්ථා වලදී මෙම රෝගය ඇතිවන්නේ ස්නායු පද්ධතියේ පමණකි . එවිට අත්වල හා දෙපාවල හිරිවැටීමක් ලෙස පමණක් මෙම තත්වය ප්‍රදර්ශනය වේ. අත් හා දෙපා වල හිරි ගතිය ඇතිවීමට බොහෝ හේතු ඇත. ඒ අතර ලාදුරු එයින් එක් රෝගයක් පමණී.
තමන්ගේ අතේ හෝ කකුලේ හැගීම් දැනීම් නැති තුවාල ඇති වූ රෝගීන් වෛද්‍යවරුන් හමුවී පරික්ෂා කර ගත යුතුය. මෙම රෝගය සදහා ප්‍රතිකාර ප්‍රධාන රජයේ රෝහල්වල සමේ රෝග අංශයන්ගෙන් ලබා ගත හැක. රෝගය නිට්ටාවටම සුව කල හැකි ඖෂධ තිබේ. මේවා රෝහල්වලින් නොමිලේ ලබා දේ මේ රෝගය සදහා ප්‍රතිකාර මාස 06 අවුරුදු 01 පමණ කාලයක් නොකඩවා කල යුතුය.
මෙම රෝගීන්ට බිය යුතු නොවේ. ඔවුන් සමාජයෙන් කොන් කල යුතු නොවේ. එය තවත් එක් රෝගයක් පමණි.
https://skincenter.lk/si/ලාදුරු/
උබට ඕවා පිලිගන්න බෑ වගේනන් මාටින් වික්‍රමසිංහගෙ වගේ අයගෙ පොත්වලත් ඇති සමකාලීන කතා. හොයල බලපන්. උබත් දැන් ඔය thread එක දැම්ම මිසක් ඔප්පු කරේ නෑනෙ ඕවා ඇත්ත කියල. burden of proof !
මම පිලිගන්නව බන් මාත් ඕනෙතරන් කරල තියෙනව. හැබැයි මූ කියන්නෙ antibiotic සාපයක් වගේනෙ. ඒවා දෙන ඩොක්ටර්ස්ල කෙලින්ම අපායෙලු

ලෝකෙ පුරා ලක්ෂ ගානක් මිනිස්සු ඔය antibiotic හින්ද ජීවිත බේරගන්නව. antibiotic නැතුව සර්ජරි එකක්වත් කරන්න බෑ. antibiotic කියන්නෙ වෛද්‍ය විද්‍යාවෙ වෙච්ච ලොකුම සොයාගැනීම. අනික උබ කියනව වගේ හෙලවෙදකමේ තියෙන්නෙත් එකම antibiotic නන් මූ මොකෝ මේ හෑල්ලක් ලියල අරවට බැනල මේවට හොද කියන්නෙ.
අනික බන් හෙලවෙදකමේ ඔච්චර පට්ට බෙහෙත් තියෙනවනන් ඇයි ඕවා හංගන් ඉන්නෙ. research paper එකක් ගහල trial කරල ඇයි මහාපරිමාණෙන් නිෂ්පාදනය කරන් නැත්තෙ?