ආරුඨ වීම බොරුවක් නොවේය කියලා ඇමෙරිකාවේ මහාචාර්ය මානසික වෛද්‍යවරුත් පිළීගන්නවානේ ඉතිම්.
එතකොට වරම කියන්නෙ මොකක්ද ?
ආරූඨ වීම කියන්නෙ මිනිස් කයක් ඕපපාතික ගුප්ත ජීවියෙක් තමන්ගේ පාලනයට නතු කොර ගැනීම (ඒක වෙන හැටි පස්සෙ කියල දෙන්නම්).
අපි මිනිස් ලෝකෙ ශ්‍රී ලංකාවේ ජීවත් වෙද්දි මුලින්ම ග්‍රාම සේවක වසමක ඉන්නේ , ඊලඟට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක ඉන්නේ , ඊලඟට පළාත් සභා බල ප්‍රදේශයක ඉන්නේ , ඊලඟට ඉන්නෙ මුළු දූපතටම බල පැවැත්වෙන නෛතික බල රාමුව ඇතුලේ. ගොඩක් දුරට ලංකාවේ හැම තැනම නීතිය එකම වුණත් සමහර තැන් වල සුළු සුළු වෙනස් විදියට බල පැවැත් වෙනවා. හොඳම උදාහරණය තමා රථ වාහන ගමනාගමන සැලැස්ම. වෙලාවකට වන් වේ. වෙලාවකට දෙපැත්තටම , තව වෙලාවක වහලා. ඒවගේ. හැබැයි ඇම්බියුලන්ස් වලට ඒ නීති අදාළ නෑ. ප්‍රභූ වරුන්ට ඒ නිති අදාළ නෑ. සමහර ව්‍යාපාරිකයන්ට ඒ නිති අදාළ නෑ ( අදාළ වුණත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ). හොඳම උදාහරණය තමා නිරෝධායන ඇඳිරි නීතිය යටතෙත් විවෘත කරගෙන වැඩ කොරන කර්මාන්ත ශාලා තියෙනවා. ඊ ලඟට අද හෝ ඊයේ (හරියටම මතක නෑ , ලාවට දැක්කේ) රාජ්‍ය ආයතන ගණනාවක සේවකයින්ට ඇඳිරි නීති අවසර පත්‍ර ( curfew pass ) දුන්නා. අපිට ඕන නම් පොලීසියට ගිහින් එහෙම එකක් ගන්නත් පුළුවන්.
මෙන්න මේ වගේ ඕපපාතික ලෝකයේ (සමාන්තර ලෝකයක්) ඉහල බලවතුන් විසින් ආරූඨ වෙන්න එන ගුප්ත ජීවීයාට දෙන වරප්‍රසාදයක් තමා වරම කියන්නේ.
වරම් තියෙනවා බර ගාණක් - ඒක ප්‍රධානය කරන බලවතාගේ හැටියට ඒ දෙන වරම් ප්‍රමාණය වෙනස් වෙනවා.
බහුලවම දකින්න තියෙන වරම් වර්ග තමා මේවා
බල වරම්
ඒ කියන්නෙ දෙහි වරම් , දුම්මල වරම් වගේ වෙනත් ආරූඨ වෙච්චි කේස් අයින් කොරන්න ලැබෙන වරම
තෙද වරම්
මේ කියන්නේ අර අයින් කොරන එවුන් තමන් ගේ පාලනයේ තියාගෙන ඉන්න පුළුවන් වෙන බලය
මුඛ වරම්
මේ කියන්නේ කතා කිරීමේ අවසරය, මේක නැත්තම් 100% විශ්වාසයි සාත්තර කියල ගහන්නෙ ගල් පැලෙන පට්ටපල් බොරු. මේ වරම ලැබුණාම කතා කිරීමේ උරුවෙ (accent) ඉතාම පැහැදිලි බවක් , අමුතුම පෞරුෂත්වයක් එනවා.
භාෂා වරම්
මේක වෙන්නෙ අර ආරූඨ වෙන්න ඉන්න ඕපපාතික ජීවියා කතා කොරන භාෂාව අර වැහෙන ඇඟ අයිති කෙනා දන්න භාෂාවට වෙනස් වුණාම - ආරූඨ වුණායින් පස්සෙ අර ඇඟ කතා කටින් කොරන්නේ වෙනමම භාෂාවකින් , ඒක වටේ ඉන්න අයට තේරුම් ගන්න බෑ. මෙන්න මේ භාෂා පරිවර්තනය කිරීමේ අවසරයට තමයි භාෂා වරම් කියන්නේ. ගොඩක් ආරූඨ වීම් තියෙනවා මුලින් එක නොතේරෙන වෙන භාෂාවකින් කියල ඊට පස්සෙ තමා සිංහලෙන් කියන්නේ. ඒ භාෂා වරමයි
ඥාන වරම්
මේවා ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා - 2ක් සුලභයි එකක් අන්තිම දුර්ලභයි.
මුල් දෙක තමයි පේන වරම හා ඖෂධ වරම. පේන වරම කියන්නේ තමන්ට කැමති දෙයක් දැක ගැනීමේ අවසරයට. ඖෂධ වරම කියන්නේ ගැත්තන්ට වෙදකම් කිරීමේ අවසරය (මේක ලබාගන්නත් අමාරුයි, ලැබුණත් අවසරය තියාගෙන ඉන්නත් පට්ටම අමාරුයි, පොඩ්ඩ ගැස්සුනොත් පට ගාලා අවසරය නැති වෙනවා, තමුන් දන්නෙත් නෑ, ඊට පස්සෙ වෙදකම් වැරදිලා කපුවා නන්නත්තාර වෙනවා)
දැන් මේ කියන්න යන්නේ අර දුර්ලභම වරම - මේක අතිශයින් දුර්ලභයි.
ඒක තමයි කවි වරම !
මේ තියෙන්නේ එහෙම ඇත්ත කවි වරමක්.
මේ තියෙන්නෙ අමූලික බොරු කවි වරමක්.
(මේ බොරු වරමෙ ඉන්න මළ හොල්මන කියවන්නේ ඒකිට කට පාඩම් වෙච්චි ඒවයි, නැතුව අර හරි එකේ වගේ එවලෙ ගොතල නෙවෙයි, තාලෙකුත් නෑ, කණට ප්‍රිය භාවයකුත් නෑ. කිසිම පෞරුෂත්වයකුත් නෑ.)
ඉතිං ඇත්ත වගේ බොරු වරම් තියෙනවා, බොරු වගේ ඇත්ත වරම් තියෙනවා. පොඩ්ඩ ගැස්සුනොත් බෙල්ලම ගහල යනවා, හිඟමනට වැටෙනවා , යන එන මං නැති වෙනවා. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමා.
ඕනෑවට වඩා කරට ගත්තොත් , හොම්බෙන් යවලා තමා පස්ස බලන්නේ අර වරම ලබපු ආරූඨ වෙන්න එන කෙනා ආරූඨ වෙන මනුස්සයාට සෙනෙහසක් ආදරයක් නැත්තම්.
ඔය ආරූඨ කාරයෝ ඉන්න තරමක් ඉන්නෙ එහෙම එවුන් තමා. 99.5%ක් ම තියෙන්නෙ බොරු වරම්. හැබැයි සත්‍ය වරම් නැත්තේ නෑ. තියෙනවා. ඉතාම දුර්ලභයි.
මෙහෙම ආරූඨ වීමක් සිද්ධ වෙන්න ඉඩ ලැබෙන්නේ අර ආරූඨ වෙන ඇඟ අයිති මනුස්සයා ඉතාම ප්‍රභල චිත්ත පීඩාවකින් වැඩි කාලයක් ජීවත් වීම හේතු කොට ගෙන. එක්කො දරුවො නෑ , එක්කො කණා මැදිරි එළියටත් බයයි , එක්කො ආසාවක් ඉටු කොරගන්න බැරුව වගේ දරුණු චිත්ත පීඩාවකින් වැඩි කාලයක් පීඩා විඳීම තමා ඕවාට උදාහරණ.

Last edited: