හරි වරම සහ බොරු වරම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආරුඨ වීම බොරුවක් නොවේය කියලා ඇමෙරිකාවේ මහාචාර්ය මානසික වෛද්‍යවරුත් පිළීගන්නවානේ ඉතිම්.

    එතකොට වරම කියන්නෙ මොකක්ද ?

    ආරූඨ වීම කියන්නෙ මිනිස් කයක් ඕපපාතික ගුප්ත ජීවියෙක් තමන්ගේ පාලනයට නතු කොර ගැනීම (ඒක වෙන හැටි පස්සෙ කියල දෙන්නම්).

    අපි මිනිස් ලෝකෙ ශ්‍රී ලංකාවේ ජීවත් වෙද්දි මුලින්ම ග්‍රාම සේවක වසමක ඉන්නේ , ඊලඟට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක ඉන්නේ , ඊලඟට පළාත් සභා බල ප්‍රදේශයක ඉන්නේ , ඊලඟට ඉන්නෙ මුළු දූපතටම බල පැවැත්වෙන නෛතික බල රාමුව ඇතුලේ. ගොඩක් දුරට ලංකාවේ හැම තැනම නීතිය එකම වුණත් සමහර තැන් වල සුළු සුළු වෙනස් විදියට බල පැවැත් වෙනවා. හොඳම උදාහරණය තමා රථ වාහන ගමනාගමන සැලැස්ම. වෙලාවකට වන් වේ. වෙලාවකට දෙපැත්තටම , තව වෙලාවක වහලා. ඒවගේ. හැබැයි ඇම්බියුලන්ස් වලට ඒ නීති අදාළ නෑ. ප්‍රභූ වරුන්ට ඒ නිති අදාළ නෑ. සමහර ව්‍යාපාරිකයන්ට ඒ නිති අදාළ නෑ ( අදාළ වුණත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ). හොඳම උදාහරණය තමා නිරෝධායන ඇඳිරි නීතිය යටතෙත් විවෘත කරගෙන වැඩ කොරන කර්මාන්ත ශාලා තියෙනවා. ඊ ලඟට අද හෝ ඊයේ (හරියටම මතක නෑ , ලාවට දැක්කේ) රාජ්‍ය ආයතන ගණනාවක සේවකයින්ට ඇඳිරි නීති අවසර පත්‍ර ( curfew pass ) දුන්නා. අපිට ඕන නම් පොලීසියට ගිහින් එහෙම එකක් ගන්නත් පුළුවන්.

    මෙන්න මේ වගේ ඕපපාතික ලෝකයේ (සමාන්තර ලෝකයක්) ඉහල බලවතුන් විසින් ආරූඨ වෙන්න එන ගුප්ත ජීවීයාට දෙන වරප්‍රසාදයක් තමා වරම කියන්නේ.

    වරම් තියෙනවා බර ගාණක් - ඒක ප්‍රධානය කරන බලවතාගේ හැටියට ඒ දෙන වරම් ප්‍රමාණය වෙනස් වෙනවා.

    බහුලවම දකින්න තියෙන වරම් වර්ග තමා මේවා


    බල වරම්
    ඒ කියන්නෙ දෙහි වරම් , දුම්මල වරම් වගේ වෙනත් ආරූඨ වෙච්චි කේස් අයින් කොරන්න ලැබෙන වරම

    තෙද වරම්
    මේ කියන්නේ අර අයින් කොරන එවුන් තමන් ගේ පාලනයේ තියාගෙන ඉන්න පුළුවන් වෙන බලය

    මුඛ වරම්
    මේ කියන්නේ කතා කිරීමේ අවසරය, මේක නැත්තම් 100% විශ්වාසයි සාත්තර කියල ගහන්නෙ ගල් පැලෙන පට්ටපල් බොරු. මේ වරම ලැබුණාම කතා කිරීමේ උරුවෙ (accent) ඉතාම පැහැදිලි බවක් , අමුතුම පෞරුෂත්වයක් එනවා.


    භාෂා වරම්
    මේක වෙන්නෙ අර ආරූඨ වෙන්න ඉන්න ඕපපාතික ජීවියා කතා කොරන භාෂාව අර වැහෙන ඇඟ අයිති කෙනා දන්න භාෂාවට වෙනස් වුණාම - ආරූඨ වුණායින් පස්සෙ අර ඇඟ කතා කටින් කොරන්නේ වෙනමම භාෂාවකින් , ඒක වටේ ඉන්න අයට තේරුම් ගන්න බෑ. මෙන්න මේ භාෂා පරිවර්තනය කිරීමේ අවසරයට තමයි භාෂා වරම් කියන්නේ. ගොඩක් ආරූඨ වීම් තියෙනවා මුලින් එක නොතේරෙන වෙන භාෂාවකින් කියල ඊට පස්සෙ තමා සිංහලෙන් කියන්නේ. ඒ භාෂා වරමයි

    ඥාන වරම්
    මේවා ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා - 2ක් සුලභයි එකක් අන්තිම දුර්ලභයි.
    මුල් දෙක තමයි පේන වරම හා ඖෂධ වරම. පේන වරම කියන්නේ තමන්ට කැමති දෙයක් දැක ගැනීමේ අවසරයට. ඖෂධ වරම කියන්නේ ගැත්තන්ට වෙදකම් කිරීමේ අවසරය (මේක ලබාගන්නත් අමාරුයි, ලැබුණත් අවසරය තියාගෙන ඉන්නත් පට්ටම අමාරුයි, පොඩ්ඩ ගැස්සුනොත් පට ගාලා අවසරය නැති වෙනවා, තමුන් දන්නෙත් නෑ, ඊට පස්සෙ වෙදකම් වැරදිලා කපුවා නන්නත්තාර වෙනවා)

    දැන් මේ කියන්න යන්නේ අර දුර්ලභම වරම - මේක අතිශයින් දුර්ලභයි.

    ඒක තමයි කවි වරම !

    මේ තියෙන්නේ එහෙම ඇත්ත කවි වරමක්.



    මේ තියෙන්නෙ අමූලික බොරු කවි වරමක්.



    (මේ බොරු වරමෙ ඉන්න මළ හොල්මන කියවන්නේ ඒකිට කට පාඩම් වෙච්චි ඒවයි, නැතුව අර හරි එකේ වගේ එවලෙ ගොතල නෙවෙයි, තාලෙකුත් නෑ, කණට ප්‍රිය භාවයකුත් නෑ. කිසිම පෞරුෂත්වයකුත් නෑ.)

    ඉතිං ඇත්ත වගේ බොරු වරම් තියෙනවා, බොරු වගේ ඇත්ත වරම් තියෙනවා. පොඩ්ඩ ගැස්සුනොත් බෙල්ලම ගහල යනවා, හිඟමනට වැටෙනවා , යන එන මං නැති වෙනවා. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමා.

    ඕනෑවට වඩා කරට ගත්තොත් , හොම්බෙන් යවලා තමා පස්ස බලන්නේ අර වරම ලබපු ආරූඨ වෙන්න එන කෙනා ආරූඨ වෙන මනුස්සයාට සෙනෙහසක් ආදරයක් නැත්තම්.

    ඔය ආරූඨ කාරයෝ ඉන්න තරමක් ඉන්නෙ එහෙම එවුන් තමා. 99.5%ක් ම තියෙන්නෙ බොරු වරම්. හැබැයි සත්‍ය වරම් නැත්තේ නෑ. තියෙනවා. ඉතාම දුර්ලභයි.

    මෙහෙම ආරූඨ වීමක් සිද්ධ වෙන්න ඉඩ ලැබෙන්නේ අර ආරූඨ වෙන ඇඟ අයිති මනුස්සයා ඉතාම ප්‍රභල චිත්ත පීඩාවකින් වැඩි කාලයක් ජීවත් වීම හේතු කොට ගෙන. එක්කො දරුවො නෑ , එක්කො කණා මැදිරි එළියටත් බයයි , එක්කො ආසාවක් ඉටු කොරගන්න බැරුව වගේ දරුණු චිත්ත පීඩාවකින් වැඩි කාලයක් පීඩා විඳීම තමා ඕවාට උදාහරණ.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක නම් සහතික ඇත්ත. අත්දැකීමෙන් කියන්නෙ. හරි වරම තියන කෙනා හරිම වෙනස්. දිශ්ඨි උනාම හැසිරෙන විදිහත් වෙනස්..
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් ඔය වරම දෙන්නෙ කවුද? මම නම් කීයටවත් හිතන්නෙ නෑ දෙවි කෙනෙක් ඕක දෙනවයි කියලා.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම සිරාවටම ආසයි මේ දේවල් ගැන හදාරන්න, මේවාගේ ඇත්ත නැත්ත මොනවද? මිනිස්සු මේවගේ ප්‍රතිපල අරන් තියෙනවද? ඒ ප්‍රතිපල මොනතරම් probability එකත් එක්ක ගැලපෙනවද කියලා බලන්න ඕනේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹ හරි විදිය කියපු එකේ අන්තිමට අහක හිටපු ගැනියක් පොල් ගෙඩියක් අතේ තියන් බ්‍රේඅක් ඩාන්ස් කරන්න ගත්තනේ.
    එතනින් පස්සේ ශුද්දාව නැති වෙලා ගියා බ්ම්.

    හරියට පන්සිල් පද පහ රකින්න බැරි එවුන්ට මොන දෙයියද බ්ම් ඉල්ලන දෙයක් ඉෂ්ට කරලා දෙන්නේ
    අඩුම ගානේ උට ආශිර්වාද වත් කරන්නේ.
     
    • Like
    Reactions: thushana

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය කොතනකවත් දෙවි වරු නෑ පුතා. බැඳගන්නෙ පෙරේතයෝ, යක්ෂයෝ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දුම්මල වරම කියන්නෙ මොකක්ද
    දුම්ම්ල ගහපු පලියට හැම එකාම යන්නෙ නෑ. සමහර එවුන් ඒකත් කාගෙන ඉන්නවා. ආන්න උන්වත් යවන්න ලැබෙන අවසරය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දුම්ම්ල ගහපු පලියට හැම එකාම යන්නෙ නෑ. සමහර එවුන් ඒකත් කාගෙන ඉන්නවා. ආන්න උන්වත් යවන්න ලැබෙන අවසරය.
    දුම්මල ගහපුවම වෙන්නෙ මොකද්ද එතකොට යන්න පුළුවන් උන් යන්නෙ කොහොමද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දුම්මල ගහපුවම වෙන්නෙ මොකද්ද එතකොට යන්න පුළුවන් උන් යන්නෙ කොහොමද?
    ගැරඩියාට භූමිතෙල් ගැහුවාම , බල්ලාගේ පස්සට ටිනර් ගැහුවාම - අරකේ effect එක නැති වෙනකල් උන් ඔළුව හැරිච්ච අතේ නොනැවතී දුවනවා. ඒවගේ තමා
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Mahathmayaa.. Me videos deke thiyena wenas kam kiyala denna puluwanda. matanm dekama eka wage. Nodanna nisa ahanne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ගැරඩියාට භූමිතෙල් ගැහුවාම , බල්ලාගේ පස්සට ටිනර් ගැහුවාම - අරකේ effect එක නැති වෙනකල් උන් ඔළුව හැරිච්ච අතේ නොනැවතී දුවනවා. ඒවගේ තමා
    මොකද්ද බන් ඔය කියන ඉෆෙක්ට් එක අරවගෙ නන් උන්ගෙ හම පිච්චෙනවනෙ ඒ වගේ මේකෙ මොනවද වෙන්නෙ.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Arooda weema borwak nowey kiala piligatta amercawe professor kawda ban???
    Meke unuth kisima source ekak anthi baila walata rawatenawane itin
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොකද්ද බන් ඔය කියන ඉෆෙක්ට් එක අරවගෙ නන් උන්ගෙ හම පිච්චෙනවනෙ ඒ වගේ මේකෙ මොනවද වෙන්නෙ.
    පිච්චෙනවා වගේ දැනෙනවා ඇති - උන් තාපයට සංවේදියි නේ - වායු ධාරාවක් නේ - වාතය නේ තාපයට වැඩිපුරම සංවේදි.
     
    • Haha
    Reactions: Pythonmaster