මචන් චැනල් එකක් විකාශය කරන ක්‍රම කීපයක් තියෙනවා. PEO TV විකාශය කරන්නේ IPTV කියන තාක්ෂණය භාවිතා කරලා. කෙටියෙන්ම කියනවානම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් හරහා විකාශය කරන්නේ. එතකොට එ අයට ඕනම කොලිටියකින් (SD, HD, 4K, 8K) විකාශනය කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ වීඩියෝ කොලිටි එකට අත්‍යාවශ්‍ය උපකරණ ටික විතරයි. ඕන චැනල් ගානක් විකාශ්‍ය කරන්නත් පුළුවන්. නමුත් ඇනලොග්, ඩිජිටල්, සැටලයිට් (DTH) සම්බන්ධයෙන් ගත්තොත් විකාශණය කරන්න ඕන තාක්ෂණය එකින් එකට වෙනස් වෙනවා. යන වියදම ගොඩාක් වැඩියි. විකාශය කරන්නත් පුළුවන් සීමිත චැනල් ගානක් විතරයි.
ලංකාවේ තාම FTA (Free to Air) චැනල් විකාශය කරන්නේ ඇනලොග් තාක්ෂණයට. වීඩියෝ කොලිටි එක 576p. ඒ කියන්නේ අඩුම ගානේ චැනල් එක HD Ready කියන්නවත් බෑ. හැබැයි මම දැකලා තියෙනවා ලංකාවේ තියෙන චැනල් දෙකක් විතර ලෝගෝ එකත් එක්ක HD Ready කියලා දාලා තියෙනවා. උන් කියන්නේ පට්ටපල් බොරු. උන්ගේ චැනල් අඩුම ගානේ 720p කොලිට් එකටවත් විකාශය කරන්නේ නෑ. එහෙම තියෙද්දී කොහොමද බන් HD Ready කියලා දාන්නේ. මෙතන වෙන්නේ ගොඩක් වෙලාවට ඇන්දිල්ලක්. උන් ට්‍රයි කරන්නේ උන්ගේ චැනල් එක බලන මිනිස්සු අන්දන්න නෙවෙයි. උන් අන්දන්න ට්‍රයි කරන්නේ උන්ගේ ක්ලයන්ට්ස්ලා. කෙටියෙන්ම කිව්වොත් උන්ට ඇඩ්ස් දෙන ආයතන. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. එතනත් තියෙනවා මාර මාෆියාවක්.
පොඩි දෙයක් දැනට කියන්නම්. රජයේ ප්‍රධාන ටෙලිවිෂන් චැනල් එකක මුළු මාකටින් ටීම් එකම වැඩ කරන්නේ මිත්‍යාව වපුරන මාධ්‍ය ආයතනයකට කියලා දන්නවාද? උන් රාජ්‍ය ආයතනයෙන් මාසේ අන්තිමට සැලරි ගන්නවා. ඒ ආයතනේ පට්ට ලොස් එකක දුවන්නේ. හැබැයි මාකටින් ටීම් එක වැඩ කරන මාධ්‍ය ආයතනේ ලංකාවේ වැඩිම ප්‍රොෆිට් තියෙන මාධ්‍ය ආයතන වලින් එකක්. මාසේ අන්තිමට අරුන්ට මේ ආයතනයෙනුත් කමිෂන් එක ලැබෙනවා.
HD Ready, HD, 4K, 8K, ඔය කියන මොන කොලිටි එකෙන් ටෙලිකාස්ට් කරන්නත් Digital Transmission ඕනේ වෙනවා. ලංකාවේ තාම Digital Transmission තියෙන්නේ එක ආයතනයකට විතරයි. ඒ TV Lanka එකට. උන් දැනට ගම්පහ සහ කොල්ලුපිටියේ තියෙන විකාෂණ මධ්‍යස්ථාන දෙකෙන් ටෙලිකාස්ට් කරනවා. TV Lanka එකේ චැනල් 4 විතර ටෙලිකාස්ට් කරනවා. අනිත් චැනල් හැම එකක්ම විදේශීය ඒවා. හැබැයි මේකත් Dialog TV, PEO TV, Dish TV වගේ ගෙවලා බලන්න තියෙන සේවාවක්. FTA බලන්න පුළුවන් TV Lanka චැනල් විතරක්. TV එක DVB-T තියෙනවානම් Digital සපෝට් කරන ඇන්ටනාවක් භාවිතා කරලා මේ චැනල් 4 බලන්න පුළුවන්. අනිත් ඒවා scrambled channel. ඒවා බලන්න පුළුවන් TV Lanka එකෙන් දෙන decoder එකෙන් විතරයි.
තව කෙටි කාලයකින් ලංකාවේ Digital TV සේවාවන් පටන් ගනියි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් නෙළුම් කුළුණේ වැඩ ගොඩාක් අවසන් නිසා. නෙළුම් කුළුණේ එක අරමුණක් තමයි ලංකාවේ රූපවාහිනී විකාශය Digital කරන එක. හැබැයි මේක පරක්කු වෙන්න එක හේතුවක් තමයි Digital කරන්න යන අධික වියදම. ආණ්ඩුවටත් දන්න විදියට තාම ඒකට පිළිතුරක් නෑ. මොකද DVB-T2 හරි ISDB-T තාක්ෂණයට යන වියදම ඇනලොග් විකාශයනට යන වියදමට වඩා වැඩියි. අනිත් එක මේ කියන තාක්ෂණ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා විකාශය කරන්න. දැනට ජපානය උන්ගේ තාක්ෂණය (ISDB-T) දෙන්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා. ඒකට යන වියදම උන් දෙනවා ආපහු ඒ වියදම හොයාගන්නේ ISDB-T සපෝට් කරන TV සහ Devices විකුණලා. හැබැයි ලංකාවේ තියෙන TV වලින් 99% ක්ම DVB-T, DVB-T2 තාක්ෂණයට විතරයි සහාය දක්වන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ජපානයත් එක්ක එකතු වෙලා ISDB-T විකාශය කරන්න පටන් ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම Devices සල්ලි දීලා ගන්න වෙනවා. මේ තාක්ෂණයන් දෙකෙන් විතරයි HD, 4K, 8K විකාශය කරන්න පුළුවන්.
හැබැයි මම ආයෙත් කියනවා ලංකාවේ FTA විකාශය කරන කිසිම චැනල් එකක් HD වත්, 4K වත් නෙවෙයි. උන් කරන්නේ අමු බොරුව සහ ඇන්දිල්ල.