Elakiri තියෙද්දී කව්ද TV බලන්නේ. TV එකේ යන්න කලින් මේකේ ත්රෙඩ් එක යනවා![]()

SLT Fibre Peo TV walin Siyatha 4K denawa neda?මගුල තමයි. යකෝ උන්ගේ ස්ටූඩියෝ එක විතරයි 4K. උන් 4K ටෙලිකාස්ට් කරන්නේ නෑ. ඔය ඕකුන්ගේ පට්ටපල් බොරුවක්. එකපාරක් මුන්ගේ මේ තඩි බොරුව නිසා ස්වීඩන් සුද්දෙකුටත් මීටින් එකක් මැද නෝන්ඩි වෙන්න වුණා. ලංකාවේ ඩිජිටල් ටෙලිකාස්ටින් ගැන කතා කරන වෙලාවේ ඌ මීටින් එක මැදම කිව්වා "ලංකාවේ ඇනලොග් වලින් 4K ටෙලිකාස්ට් කරන චැනල් එකක් තියෙනවා කියලා." ලංකාවෙන් හිටියේ මම විතරයි. හිටපු එවුන් හිනාවුණු විදියට මට බිල්ඩින් එකෙන් එළියට පනින්න හිතුනා. රෙදි නෑ ඒ වෙලාවේ.
එහෙම බැලුවොත් ලංකාවේ තියෙන චැනල් වලින් 80% ක්ම 4K. මොකද අලුතින් හදපු හැම MCR එකක්ම 4K සපෝට් කරනවා. මේ බූරුවෝ ලංකාවේ මිනිස්සු අන්දන්නේ ඔහොමයි. හැබැයි ලංකාවෙන් එළියට ගිහිල්ලා අපිට ජාත්‍යන්තරේ ඉස්සරහා ඉන්න වෙන්නේ රෙදි නැතිව. චැනල් එකේ අයිතිකාරයාට නම් කොහොමත් එකයි. ඌ කොහොමත් ඉන්නේ රෙදි නැතිවනේ.