ඉතා සංකීර්ණ අවයවයක් වන මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ ඇති වැදගත්ම අංගයකි.තම ශරීරයට සාපේක්ෂ ව විශාල ම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ.
මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විත වේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12ක් පැණ නගී. මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත්, මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත්, දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ. මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද, පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක. මිනිස් මොළයේ ආරක්ෂාව සඳහා ඒ වටා ආරක්ෂිත ආවරණ කිහිපයක් පිහිටා ඇත.
- වරාශිකාව (බාහිර ආවරණය)
- ජලාකාර පටලය (අතර මැද ආවරණය)
- වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)
මිනිස් හිස් කබල තුළ කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි. ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව "අනන්විත මතකය" (episodic memory) නමින් හඳුන්වනු ලබයි. මෙලෙස අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි. අපගේ මොළයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් පස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ හැකියාව. මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමාන්‍යයෙන් මිනිස් මොළයට terabyte 3 සිට 1000 දක්වා මතක ධාරිතාවක් ඇත. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරනු ලබයි. එබැවින් මිනිස් මොළයේ මතකය වැඩි වීමට නම් මිනිසෙකුට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි. පුද්ගලයෙකුට සිය ශරීරයට දැනෙන හැඟීම්, ආවේග සියල්ල ස්නායු හරහා ක්ෂණිකව මොළය වෙත ගමන් කරන්නේ ඇදහිය නොහැකි තරම් අධි වේගයකිනි. එනම් මොළයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොළයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.
දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මොළයේ ක්‍රියාකාරිත්වය අධික ලෙස වේගවත් වේ. නමුත් එයට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිත කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ය. මොළයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් පුද්ගලයෙකු සිහිසුන් තත්ත්වයට පත් වේ. මොළයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයට රුධිරය මෙන්ම ඔක්සිජන් ද අත්‍යාවශ්‍යය බව කියැවේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක. නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ ගතවුවහොත් ස්ථීර ලෙසම මොළයට හානි සිදුවේ. එසේම ශරීරයේ පවතින කොලෙස්ට්‍රෝල්වලින් 25% මොළය තුළ තැම්පත්ව ඇත. මෙලෙස මොළයට අත්‍යවශ්‍ය කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නොතිබුනහොත් Dementia නම් රෝගය වැළඳීමේ අවදානම වැඩි වේ. කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වඩාත් අඩු වීමෙන් මොළය මිය යෑමට වුවද ඉඩ ඇත.
ආරම්භයේදී ම සඳහන් කළ පරිදි ශරීර ස්කන්ධයට සාපේක්ෂව මොළයේ ස්කන්ධය වැඩිම මිනිසාගේ ය. එය රාත්තල් 3ක් පමණ වන බව ගණනය කර ඇත. සාමාන්‍යෙයන් අපගේ මොළයේ ස්කන්ධය සමේ ස්කන්ධයෙන් අඩක ප්රමාණයකි. ලොව සත්ත්ව සංහතියේ වැඩිම ස්කන්ධයක් ඇති මොළය හිමිවන්නේ යෝධ තල්මසාට වන අතර එය රාත්තල් 17ක් පමණ වේ. පිරිමින්ගේ මොළය ස්ත්රීන්ගේ මොළයට වඩා ස්කන්ධයෙන් 10% වැඩිය. නියැන්ඩතාල් මානවයාගේ මොළය වත්මන් හෝමෝ සේපියන් මානවයාගේ මොළයට වඩා 10%ක් විශාල බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. ඒ අනුව පසුගිය වසර 10,000-20,000 ඇතුළ ත මිනිස් මොළය ටෙනිස් බෝලයක තරම් ප්‍රමාණයකින් කුඩා වී ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් පමණ භාවිත කරන අතර විද්‍යාඥයෙකු 12%ක් පමණ තම මොළය භාවිතා කරති. මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද කෙසේ වුවද සංගීතය ආදී සුපහන් හැඟීම් සහ ක්‍රියාකාරකම් අපගේ මොළයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහළ නංවයි. තවද ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාර වන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මොළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම පර්යේෂකයෝ පවසති.
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Article Click Here