මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මිනිස් මොළය ගැන තව දුරටත් (More About The Human Brain) - Your Choice Way
    ඉතා සංකීර්ණ අවයවයක් වන මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ ඇති වැදගත්ම අංගයකි.තම ශරීරයට සාපේක්ෂ ව විශාල ම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ.

    මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විත වේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12ක් පැණ නගී. මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත්, මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත්, දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ. මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද, පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක. මිනිස් මොළයේ ආරක්ෂාව සඳහා ඒ වටා ආරක්‍ෂිත ආවරණ කිහිපයක් පිහිටා ඇත.
    • වරාශිකාව (බාහිර ආවරණය)
    • ජලාකාර පටලය (අතර මැද ආවරණය)
    • වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)
    මොළය නිර්මාණය වී තිබෙන්නේ නියුරෝන බිලියන ගණනක සංකලනයකින් බව සොයාගෙන ඇත. මොළයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගනු ලබයි. මේ නියුරෝන අතරේ සම්පර්කන ට්‍රිලියන 18 ත් – 32 ත් අතර ප්‍රමාණයක් ඇත. මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයකි. එම නිසා සෑම තත්පරයකම මොළයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640ක් දක්වා ප්‍රමාණයක් වේ. මෙකී නියුරෝන එකිනෙකට සම්බන්ධ වී සංඥා එහා මෙහා ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස සිරුරේ බොහෝ චලනයන් මෙන්ම ක්‍රියාකාරකම් සිදුවනු ලබයි. මෙම ස්නායු එකිනෙකා හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (synapse) හරහායි. තත්පරයක කාලයක් තුළදී මෙවැනි සම්පර්කන ට්‍රිරිලියන 18ක් ක්‍රියාකරන බව දැනට සොයාගෙන ඇත. මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා ගමන් කිරීමට තරම් මිනිස් මොළය සංකීර්ණ වන අතර එය සුපරි පරිගණකයටත් වඩා වේගයෙන් ක්‍රියාකරනු ලබයි. 2011 වසරේ දී ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැති නම් super computer එක ලෙස කිරුළු පළඳා සිටි ජපානයේ K පරිගණකය නිර්මාණය කෙරුනේ මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මේ පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83,000ක් යොදා ගනු ලැබිණි. ඒ සම්පර්කන ට්‍රිලියන 10.4 කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙනි.


    මිනිස් හිස් කබල තුළ කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි. ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව "අනන්විත මතකය" (episodic memory) නමින් හඳුන්වනු ලබයි. මෙලෙස අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි. අපගේ මොළයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් පස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ හැකියාව. මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමාන්‍යයෙන් මිනිස් මොළයට terabyte 3 සිට 1000 දක්වා මතක ධාරිතාවක් ඇත. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරනු ලබයි. එබැවින් මිනිස් මොළයේ මතකය වැඩි වීමට නම් මිනිසෙකුට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි. පුද්ගලයෙකුට සිය ශරීරයට දැනෙන හැඟීම්, ආවේග සියල්ල ස්නායු හරහා ක්ෂණිකව ‍මොළය වෙත ගමන් කරන්නේ ඇදහිය නොහැකි තරම් අධි වේගයකිනි. එනම් මොළයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොළයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.

    දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මොළයේ ක්‍රියාකාරිත්වය අධික ලෙස වේගවත් වේ. නමුත් එයට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිත කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ය. මොළයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් පුද්ගලයෙකු සිහිසුන් තත්ත්වයට පත් වේ. මොළයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයට රුධිරය මෙන්ම ඔක්සිජන් ද අත්‍යාවශ්‍යය බව කියැවේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක. නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ ගතවුවහොත් ස්ථීර ලෙසම මොළයට හානි සිදුවේ. එසේම ශරීරයේ පවතින කොලෙස්ට්‍රෝල්වලින් 25% මොළය තුළ තැම්පත්ව ඇත. මෙලෙස මොළයට අත්‍යවශ්‍ය කොලෙස්ට්‍රෝල් ප‍්‍රමාණය නොතිබුනහොත් Dementia නම් රෝගය වැළඳීමේ අවදානම වැඩි වේ. කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වඩාත් අඩු වීමෙන් මොළය මිය යෑමට වුවද ඉඩ ඇත.

    ආරම්භයේදී ම සඳහන් කළ පරිදි ශරීර ස්කන්ධයට සාපේක්ෂව මොළයේ ස්කන්ධය වැඩිම මිනිසාගේ ය. එය රාත්තල් 3ක් පමණ වන බව ගණනය කර ඇත. සාමාන්‍යෙයන් අපගේ මොළයේ ස්කන්ධය සමේ ස්කන්ධයෙන් අඩක ප‍්‍රමාණයකි. ලොව සත්ත්ව සංහතියේ වැඩිම ස්කන්ධයක් ඇති මොළය හිමිවන්නේ යෝධ තල්මසාට වන අතර එය රාත්තල් 17ක් පමණ වේ. පිරිමින්ගේ මොළය ස්ත්‍රීන්ගේ මොළයට වඩා ස්කන්ධයෙන් 10% වැඩිය. නියැන්ඩතාල් මානවයාගේ මොළය වත්මන් හෝමෝ සේපියන් මානවයාගේ මොළයට වඩා 10%ක් විශාල බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. ඒ අනුව පසුගිය වසර 10,000-20,000 ඇතුළ ත මිනිස් මොළය ටෙනිස් බෝලයක තරම් ප‍්‍රමාණයකින් කුඩා වී ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් පමණ භාවිත කරන අතර විද්‍යාඥයෙකු 12%ක් පමණ තම මොළය භාවිතා කරති. මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද කෙසේ වුවද සංගීතය ආදී සුපහන් හැඟීම් සහ ක්‍රියාකාරකම් අපගේ මොළයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහළ නංවයි. තවද ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාර වන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මො‍ළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම ප‍ර්යේෂකයෝ පවසති.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Oxygen නැතිව සාමාන්‍ය කෙනෙකුට කොතරම් වෙලා ජිවත් වෙන්න පුලුවන්ද. internet එකේ search කලාම කියන්නේ මිනි 4-6 ක් කියල. නමුත් කෙනෙක් ගේ හුස්ම තද කලොත් ඔහු ඊට කලින් මැරෙනවා නේද. ඒ කියන්නේ ඔහු මැරෙන්නේ Oxygen නැති නිසාම නොවෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oxygen නැතිව සාමාන්‍ය කෙනෙකුට කොතරම් වෙලා ජිවත් වෙන්න පුලුවන්ද. internet එකේ search කලාම කියන්නේ මිනි 4-6 ක් කියල. නමුත් කෙනෙක් ගේ හුස්ම තද කලොත් ඔහු ඊට කලින් මැරෙනවා නේද. ඒ කියන්නේ ඔහු මැරෙන්නේ Oxygen නැති නිසාම නොවෙයි.

    හිමාලේ ඉන්නවා අවුරුදු 10ක් ද කොහෙද හුස්ම ගත්තේ නැති කෙනෙක්.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    නමුත් මගේ තර්කය , එකියන්නේ, මිනිස්සු මැරෙන්නේ O2 නැති නිසාද නැතිනම් හුස්ම ගන්න බැරි නිසාද කියන එක ගැන ටිකක් හිතල බලන්න.

    අපි හුස්ම ගැනීම නතර කලොත්, අපිට දැඩි අපහසුවක් දැනෙනවා නේද. ඒ O2 අඩු වෙලා නෙවෙයි කියලයි මම කියන්නේ.

    උපතින්ම, අපේ සිරුර වාතය ඇතුලට ඇද ගැනීම සහ පිට කිරීමට සකස් වෙලා තියෙන්නේ. අර හදවත අපිට නොදනී වැඩ කරනවා වගේ මේ ක්‍රියාවත් වෙනවා.

    මහා ප්‍රාචීරය පහලට ගමන් කරලා අපේ පර්ශු ප්‍රසාරණය උනාම, පපු කුහරයේ පරිමාව වැඩි වෙනවා. එවිට ඉබේම නහයෙන් හුලන් ඇතුලට ඇදෙනවා.

    අපි හුස්ම ගැනීම නතර කලොත්, ඒ කියන්නේ මේ ක්‍රියාව නතර කලොත්, මට හිතෙන හැටියට , මොලය වැරදියට තේරුම් ගන්නවා , අපේ සිරුර අනතුරේ කියලා . (නමුත් ඇත්තටම අනතුරේ නැහැ තවමත්).

    මෙහිදී අපි වතුර යට සිටිනම්, බලෙන්ම අර ක්‍රියාවලිය ආරම්භ කරනවා අපි අකමැති උනත්. එහිදී වතුර පෙනහළුවලට ගොස් මිය යනවා. නමුත් O2 නැතිව මිය යන අවස්ථාව දක්වා ඉන්න ලැබුණානම්, වතුරෙන් උඩට ඇවිත් බේරෙන්න ඉඩ කඩකුත් තිබුනා.