උදව්වක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.
    පුවක් ගස් නැගීම හා කැඩීම හා විකිනීම..
    පුවක් ගෙඩියක් සාමාන්‍ය විකුනුම් මිල රු.2 සිට 10 දක්වා
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    පුවක් ගස් නැගීම හා කැඩීම හා විකිනීම..
    පුවක් ගෙඩියක් සාමාන්‍ය විකුනුම් මිල රු.2 සිට 10 දක්වා

    ඔය ඇත්තටමද බන් කියන්නෙ?..පුවක් වලට ඉල්ලුමක් තියනවද?..කොහෙන්ද පුවක් හොයාගන්නේ?..

    koththu / fried rice
    ලොකු පිරිවැයක් දරන්න වෙනවා නෙ මචො..
    ------ Post added on Mar 30, 2021 at 11:57 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    ඔය ඇත්තටමද බන් කියන්නෙ?..පුවක් වලට ඉල්ලුමක් තියනවද?..කොහෙන්ද පුවක් හොයාගන්නේ?..

    ලොකු පිරිවැයක් දරන්න වෙනවා නෙ මචො..
    ------ Post added on Mar 30, 2021 at 11:57 PM
    පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..
    සාමාන්‍යයෙන් නගරෙන් ඇතුලට වෙන්න ගෙවල් වල තියෙනවා ගස්.
    කවුරුහරි නග්ගලා කැඩුවත් පාඩු නෑ..
    ගෙඩියක් රු. 2 ඉදන් 10 ට වෙනකම් යනවා.
    නිශ්චිත ස්තාවර මිලක් නෑ කොරෝනා වැඩි උන කාලේ 10 ටත් ගියා..
    තව ලගදි 5 ටත් ගියා ගෙඩියක්.
    තව පුවක් කරුම්කා කරලා වික්කොත් ඊට වඩා ගන්න පුලුවන් කිලෝ එකකින්ම..
    ගෙවල් වලින් ගන්නේ අඩුවෙන් රුපියලයි නැත්තම් 2යි , විකුනන්නේ 3 යි අවම..
    නිකන් ගනන් හදලා බලපන්කෝ පුවක් ගෙඩි 1000 ක් තිබ්බොත් කොහොමද කියලා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.

    kisima piriweyak nethuwa uparima ආදායමක් hoyana menna me @2osama @nicjosh83 @erozan mahath hotunta PM karala details ahapan
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..
    සාමාන්‍යයෙන් නගරෙන් ඇතුලට වෙන්න ගෙවල් වල තියෙනවා ගස්.
    කවුරුහරි නග්ගලා කැඩුවත් පාඩු නෑ..
    ගෙඩියක් රු. 2 ඉදන් 10 ට වෙනකම් යනවා.
    නිශ්චිත ස්තාවර මිලක් නෑ කොරෝනා වැඩි උන කාලේ 10 ටත් ගියා..
    තව ලගදි 5 ටත් ගියා ගෙඩියක්.
    තව පුවක් කරුම්කා කරලා වික්කොත් ඊට වඩා ගන්න පුලුවන් කිලෝ එකකින්ම..
    ගෙවල් වලින් ගන්නේ අඩුවෙන් රුපියලයි නැත්තම් 2යි , විකුනන්නේ 3 යි අවම..
    නිකන් ගනන් හදලා බලපන්කෝ පුවක් ගෙඩි 1000 ක් තිබ්බොත් කොහොමද කියලා..
    ඉල්ලුම කොහොමද මචො පුවක් වලට තියන?..ඉල්ලුම රදාපවතින එකක්ද?..idea එකක් ගන්න අහන්නෙ මචො..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    ඉල්ලුම කොහොමද මචො පුවක් වලට තියන?..ඉල්ලුම රදාපවතින එකක්ද?..idea එකක් ගන්න අහන්නෙ මචො..
    ඉල්ලුම වැඩී බන් හොදටම..
    කුලුබඩු කඩවල් වලින් ගන්නවා දෙන ඕනී තරමක්.
    එවෙලෙම සල්ලිත් දෙනවා.
    අපේ ගෙදරත් ගස් 10 ක් විතර තියෙනවා.
    එකෙක් එනවා හැමදාම උදේට පුවක් ඉල්ලන් , ඌ අපෙන් ගන්නේ රුපියලට. විකුනන්න්නේ 3 ට නැත්තම් 4 ට අවම..
    හිතපන් කොහොම ලාබයක් ද කියලා.
    දවසක් අපි කඩලා ගිහින් කෙලින්ම කඩේට දුන්නා රු.2.50 ගානේ දැම්මා ගෙඩි 3500 කට , හොදටම ඉදුනු ඒවා..
    එවෙලෙම 8750 ක් අපිට හම්බ උනා..
    අරූට රුපියල ගානේ දුන්නා නම් රු.3500 ක් නේ හම්බ වෙන්නේ..
    පුවක් කාරයෝ එනවා හොයාගෙන බන්..
    සාමාන්‍යයෙන් ගෙදරක පුවක් තියෙනවා නම් ගස් 5 හෝ 10 ක් තියෙනවා නේ.
    එක ගහකම සාමාණ්යෙන් ගෙඩි 400-700 ක් විතර තියෙනවා.
    ‍ටුක් එකක අරන් ඇවිත් ගෙනිච්චත් පාඩු නෑ..
    ස්ථාවර මිලක් නෑ බන් පුවක් වලට අද තියෙන ගාන හෙට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුලුවන්..
    පුවක් හිග කාලේට උපරිම මිලට යනවා.
    උබට මීට වඩා අදහසක් ගන්න ඕනී නම් කුලුබඩු කඩේකින් ගිහින් අහපන්කෝ විස්තර.. උන් කියලා දෙයි..
    උන්ට කියපන් පුවක් තියෙනවා ගනන් කොහොමද කියලා..
    එතකොට කියයි..
    පුවකුත් රත්තරන් වගේ..
    දවසක ආදායම 2000 ත් පැනලා හොයන්න පුලුවන්..
     
    Check your inbox macho..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුවක් තියෙනවා නම් සල්ලි තමා මචන්..
    සාමාන්‍යයෙන් නගරෙන් ඇතුලට වෙන්න ගෙවල් වල තියෙනවා ගස්.
    කවුරුහරි නග්ගලා කැඩුවත් පාඩු නෑ..
    ගෙඩියක් රු. 2 ඉදන් 10 ට වෙනකම් යනවා.
    නිශ්චිත ස්තාවර මිලක් නෑ කොරෝනා වැඩි උන කාලේ 10 ටත් ගියා..
    තව ලගදි 5 ටත් ගියා ගෙඩියක්.
    තව පුවක් කරුම්කා කරලා වික්කොත් ඊට වඩා ගන්න පුලුවන් කිලෝ එකකින්ම..
    ගෙවල් වලින් ගන්නේ අඩුවෙන් රුපියලයි නැත්තම් 2යි , විකුනන්නේ 3 යි අවම..
    නිකන් ගනන් හදලා බලපන්කෝ පුවක් ගෙඩි 1000 ක් තිබ්බොත් කොහොමද කියලා..
    කනගාටුයි මිත්‍රයා පුවක් ගෙඩියක් 21 ට ගියා. මම දන්නේ මම විට කන නිසා. කෝඩ් පාරක් ගහනකොට විටක් කාල තම පටන් දන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට කියන්නේ. කහවත්ත , පුවක්පිටිය , අවිස්සාවේල්ල පැත්තේ තියනවා පුවක් ගස් ගන්න පුල්වුවන් . එහෙන් ගස් වලට ගණන් කියලා අරගෙන තමා මෙහෙ විත් බිස්නස් එක කරන්නේ. අන්න ඒ වැඩේට ට්‍රයි කරන්න. අන්තිමට කොරෝනා කලේ පුවක් නැතුවම ගියා. පස්සේ ඉක්මන් එකේ ඇඩ් එකකින් මම පුවක් ගෙන්නගත්තේ. පොර තමා මට ඔය ලයින් එක කිව්වේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    පුවක බිස්නස් එකෙව් ඉන්නේ මුස්ලිම්.තලපු නැති කරුංකා එකතු කරගෙන ගිහින් තලලා විකුනනවා.පුවක් නැති කාලයක් එනවා ඒ කාලෙට තමයි ගනන් යන්නේ පුවක්.පුවක් හැදෙන කාලෙට ගෙඩියක් රුපියලයි,නැත්තං දෙකයි ගන්නේ.කොහොමත් ඉන්න පැත්තේ හැටියට බුලත කඩයක් කරන්න පුලුවන් නන් ලාබයි.බුලත පුවක් හුනු දුම්කොල ඕවා මාරෙට යනවා සමහර පැතිවල.බුලත් ගෙන්නා ලොකු තොග ගෙන්නල්ලා තෝරලා කොල සයිස් එකට වෙනම ප්‍රයිස් කරනවා.බුලත කඩ හැම එකකම ගෝලයෙක් දෙන්නෙක් ඉන්නවා.උන්ටට්ග් පඩි දීලා කරන් යන එක ලාබ ඇති
     
    සහෝ මට පොඩ්ඩක් විස්තර කරල කියනවද ඔය ඔයා කියපු ගස් වලට ගනන් කියල අරගන්නවා කියන එක ගැන..

    කරුංකා කියන්නෙ පුවක් වල මුල අවදියද?..පුවක් වලට හොඳ ඉල්ලුමක් තියනවද?..
    ------ Post added on Mar 31, 2021 at 5:34 PM

    වෙන අදහස් නැද්ද වෙනත් ව්‍යාපාර සදහා?..
    ------ Post added on Mar 31, 2021 at 5:35 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සහෝ මට පොඩ්ඩක් විස්තර කරල කියනවද ඔය ඔයා කියපු ගස් වලට ගනන් කියල අරගන්නවා කියන එක ගැන..

    කරුංකා කියන්නෙ පුවක් වල මුල අවදියද?..පුවක් වලට හොඳ ඉල්ලුමක් තියනවද?..
    ------ Post added on Mar 31, 2021 at 5:34 PM

    වෙන අදහස් නැද්ද වෙනත් ව්‍යාපාර සදහා?..
    ------ Post added on Mar 31, 2021 at 5:35 PM
    මෙහෙමයි ඔය කහවත්ත පැත්තේ තියනවා පුවක් වතු. සාමන්යෙන් ඒවා පිටරට යවන හොද තත්වයේ ගෙඩි තියන ඒවා. ඒ අතර තියනවා එහෙම යවන්න බැරි වගාවන්. අන්න ඒවගේ ඒවා ලගට ගිහින් ගහ බලලා එකේ තියන පුවක් ගාන හිතෙන මැන ගෙන තමන්ගේ ලැබෙත් තියාගෙන ගහට ගානක් කියනවා. නැත්නම් ලෝ ග්‍රේඩ් ඒවා සල්ලි දීලා කෙලින්ම ගන්නත් පුළුවන්.

    කරුන්කා කියන්නේ පුවක් වෙලපුවාම. ඒක සාමන්යෙන් හයියයි කන්න අමාරුයි. එක ඔය ඉන්දියන් කාරයෝ අරගෙන බාබුල් එහෙම හදන්න ගණන්ව. වැඩි විස්තර නම් දන්නේ නැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩු පිරිවැයකින් දවසට ආදායමක් එන විදිහට සහ ඉල්ලුම රදාපවතින විදිහේ ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් කියනවද.

    උබ උදාහානයක් ගනින් ඔය කොල්ලුපිටිය පැත්තේ තියන කම්පැනි එකක වැඩ කරන එකෙක්. අන්න උට දවල්ට කන්න තියෙන්නේ වටේ තියන කඩ ටික. උබ ඒ පැත්තේ ජොබක් කළා නම් දන්නවා ඇති ඊට වඩා හොද ලැට් වැලක් ඉහගෙන කන එක. දෙවැනි එක තමා මේ වස විස සින් සහ මුස්ලිම් උන්ගේ කඩ වල කෙස් එකත් නිසා සිංහල සෙට් එක හුගක් කන එක අඩු කළා.උබට තියෙන්නේ ඒ වගේ සෙට් එකක් හදාගන්න. එක ෆේස් බුක් එකෙන් ප්‍රසිද්ද කරනවා. ඒ වගේ දන්නා දන්නා උන් මාර්ගෙන් කන්ටක්ට්ස් හදාගන්නවා

    කරන්න තිට්න්නේ මේකයි. හොද කෝකියෙක් අල්ලාගෙන දවසට බත් 100 ක් ගහපන්. ලොකු වෙරියේෂන් නැ . මස් මාළු එළවලු. ඔච්චරයි. එක හොදට පැකින් එකක දාල දෙන්න ඕනේ. 10 ට උයල ඉවර කරලා පැක් කළා නම් 12 වෙනකොට ඩිලිවරි යවන්න පුළුවන්. සාමන්යෙන් කොල්ලෝ කන්නේ 1 ත් දෙකත් අතරනේ. බත් 100 ක් මුලින් ඩිලිවරි කරන එක ගේමක් නැ .

    පොඩි ඇප් කැල්ලක් ගහගනින් මොකුත් නැ ලොගින් උනා උගේ පොන් එකේ ලොකේෂන් එක අරගත්තා. 11 ට කලින් ඔර්ඩර් කරන්න ඕනේ. බටන් 3 යි මස් මාළු එළවලු. උබ අද මස් 40ක් හැදුවා නම් 41 වෙනි ඔර්ඩර් එක රෙජෙක්ට් බඩු නැ . එක කස්ටමර් ගේ හිත සැනසෙන විදිහට දෙන්න ඕනේ ඇප් එකෙන් මස්සේජ් එක. පස්සේ ලොකේෂන් ටික අරන් ගෙන ඩිලිවරි යනවා.

    හෙට ඉදන් මස් 42 ක් ගහපන්. මොකද හෙට අරුත් අයි ඕඩර් කරයි කියලා අනුමාන කරලා .

    ඔය වැඩේ හරියට කලොත් බඩුම තමා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    කරුංකා 10kg ගෝනියෙන් එකක් 1200 ගියා Feb වල.
    ගෝනි 42k අම්මා විකුණලා තිබ්බා.
    පුවක් අවාරයක් නෑ බන් අපේ ගෙවල් පැත්තෙ. අවුරුද්දට තුන් පාරක් හැදෙනවා.

    කරුංකා වලින් කරන්නේ India අරන් ගිහින් සුවද පුවක් කියලා එකක් ගසනවා. Flavors ගහලා
    ගම්මිරිස් නම් දැන් වැඩක්ම නෑ.
    කරාබු එනසාල් තමා මාර ගනන් ගියේ.
    17000 ගියා 1kg 😶

    හොයලා බලපන් බුලත්කොහුපිටිය, කිතුල්ගල පැත්තේ ඕනි තරම් හොයා ගන්න පුලුවන්. කරාබු එනසාල් කුරැදු දූරියන් පුවක් බුලත් ඕනි දෙයක් තියෙනවා.