වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ

මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.
නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.
මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත. විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මෙම ප්‍රභේදය හඳුනා ගත් බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ :
කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශ වලින් හමුවී ඇත.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.
කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.
මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.
පොළොන්නරුව - මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.
nethnews.lk
http://nethnews.lk/article/85839

Last edited: