අභිධර්මය

hansanax

Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නලින්ද සිල්වව අහන්න
    ඕක ගැන ලොකු අයිඩියා එකක් ගත්තෑකි
    එයාගේ philosophy එකේ වැදගත්ම පාට් එකකට ඔය සූත්‍රය තමයි එයා යොදාගත්තේ.
    එයා ඕකෙන් තමයි.
    ලෝකය කියන්නෙ මගේ නිර්මාණයක්‍ ය කියන මතේ හදාගත්තේ.
    සංස්කාර කියන එකෙන් නිර්මාණය කරනවා කියන අර්ථය ගන්න පුලුවන් කියල.
     
    • Like
    Reactions: castellain

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට තෙරෙන විදිහට සංශෝධන වලට යටත්ව මෙහෙමයි, මේ ක මගේ අදහස වැරදි නම් නිවරදි කරන්න

    උබට ඔය පංච ඉද්‍රියට ගෝචර වෙන

    අමුවෙන්ම කිව්වොත් උබට ෆීල් වෙන දේවල් ඇසට කනට දිවට නහයට ශරීරයට මනසට මේවා ඔක්කොම උබේ සිතේ පහල වෙන සිත්

    මේක ආතල් මේක චාටර් මේක තිත්තයි මේක බයයි මේක සතුටුයි කියල අඳුරගන්නේ උබේ මනසේ මීට කලින් පිහිටල තියෙන සංඥාවෙන්

    ඕක ඇත්තම එකක් කියල ඕකේ ආතල් එක්ක පස්සෙ දුවන එක තමයි ඉලුශන් එක. එහෙම එකක් නෑ ඒක අපේ හිතේ තියෙන කෙහෙල් මලක් ඇත්තටම එහෙම එකක් නෑ කියල අවබෝධ වෙච්ච ගමන් බාහිර ලෝකෙන් උබ නිදහස්

    එතනින් පස්සෙ උබට උබේ ආත්මේට පැවැත්මක් නෑ.. ඔක්කොම තියෙන්නෙ අපේ ඔලුව ඇතුලේ

    මට තෙරෙන විදිහට කීව්වේ... මෙතන වැරදි දෙයක් තියෙනවනම් මීට වඩා දැනුම් ඇත්තෝ මා නිවරදි කරත්වා....🙏
    Thanks machan theruna.wade kiyanna dan apita oka therilath owage passeyana eka nawathhaganna bari ai?

    ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා.

    මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ.
    උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc)

    උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්‍රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ.
    ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)

    හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්.

    බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්)
    අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු)

    P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා.
    පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org)

    එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ..
    උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි.
    thanks bn.ethakota dan oka therilath ai api oya sanyawalin alabena dewalwalata dakina dewal walata asa karanne?
    ------ Post added on May 12, 2021 at 10:21 PM

    Okoma illusion ekak kiyala kiyanne
    yako mekane mecchara kal illusion gaga meke kiya thibbe uba.kalin kiyanna epaiy watina deyakne.mn hithuwa ubata pissu kiyala🤣
    ------ Post added on May 12, 2021 at 10:22 PM
     
    • Like
    Reactions: castellain

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙන්න මේකෙ තේරුම දන්නවද?View attachment 124616

    ලෝකය කියලා සඳහන් කිරීමේ පැහැදිලි තේරුම ගැන මට තේරුමක් නෑ නමුත් කෙටියෙන් මට පැහැදිලි වෙන විදිහට කියන්නම්.

    ඔය කියන්නේ,
    දුක
    දුක ඇතිවීමට හේතුව
    දුක නැති කිරීම
    දුක නැති කිරීමේ මාර්ගය
    කියන චතුරාර්ය සත්‍ය ගැනයි සඳහන් කරනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ තමන් විසින්මයි. ඒකයි අදහස. මට තේරෙන විදිහට.

    එතකොට චතුරේය සත්‍ය අවබෝධයේදී මේ ලෝකයේ සත්වයාගේ යථාර්තය ස්වභාවය අවබෝධ වෙනවා. නිර්වාණයට පත් වීමේදී එක සිද්ධ වෙනවා නේ.. ලෝකය කියලා භාවිතා කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ඕක ගැන ඔයාට විස්තත්මකව දැන ගන්න නම් අදාළ සුත්‍ර දේශනාව කියවන්න. විස්තරක එතන සඳහන් ඇති.

    මේකට අභිධර්මයේ සම්බන්ධයක් නෑ. අභිධර්මය දේශනා කලේ දෙවියන්ට. දෙවියන්ගේ ශරීරයේ structure එක වෙනස්. ඒ ගොල්ලෝ වෙනම ජීවී කොට්ටාශයක්. ඒ ගොලන්ගේ structure එකේ විදිහට අවබෝධ වෙන ධර්මය තමයි අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයෙන් නිවන් යන්න ඕන කරන structure එක පෘතුවියේ ඉන්න මනුෂ්‍යන්ට නෑ. ඒ නිසයි අභිධර්මය මිනිස්සුන්ට දේශනා කරලා නැත්තේ. ඒ අභිධර්ම බුද්ධ දේශනාව පෘතුවියේ කාලයෙන් මාස 3ක් එකදිහට අහගෙන ඉන්න ඕන එකක්. මිනිසුන්ට එක කරන්න බෑ. ඒක දෙවියන්ට ඉතාම සුළු කාලයක්. ඒ නිසා බය වෙන්න එපා ඔයාට අභිධර්මය කිසි දවසක අවබෝධ කරන්න බෑ මොකද ඔය දෙවියෙක් නොවන නිසා. නිර්වාණයට අවශ්‍ය කරන සියලුම දේවල් සුත්‍ර පිටකයේ තියනවා. ඒ අනුව කරන්න.
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    Supiri eka.oiyta wada sarala karanna barida??ගෝචර,සංඥාව,ලෝක නිරෝධයද kiyana wachana therenne na.gidak thanks meka thawa tikak sarala karapanki
    හොඳ ප්‍රශ්නයක්. පරමාර්ථ ධර්ම ලෙස හැදින්වෙන ධර්ම 82ක් පවතිනවා.එහි සරල තේරුම ලෝකයේ සත්‍යය ලෙසම පවතින ධර්ම උද: පඨවි ආපෝ තේජෝ වායෝ..ආදී. නමුත් මේ පරමාර්ථ ධර්ම සත්ව සන්තානයට සංවේදනය වනුයේ පංචේන්ද්‍රියන් පමණක් සහ ඊට අනුකූලව පමණක් වේ. මේ පංචේන්ද්‍රියන්ගේ දැනීම සංඥාව නම් වේ. එනම් ඔබ ලෝකයේ සියල්ල හදුනා ගන්නේ පංචේන්ද්‍රියන් උපයෝගීයෙන් සංඥාව මඟිනි. එය පංචේන්ද්‍රියට ලෝකය ගෝචර වීමයි. එහි අනෙක් අරුත ,ඔබට හඳුනාගත හැක්කේද පංචේන්ද්‍රියට ගෝචර වන්නක් පමණි. එහි තේරුමද පුද්ගල සන්තානයට ලෝකය වන්නේ පංචේන්ද්‍රියන් ගන්නා සංඥවම වේ. නමුත් ප්‍රශ්නය වන්නේ පංචේන්දයට පරමාර්ථ ධර්ම හදුනා ගැනීමේ හැකියාවක් නැත. එම නිසා පුද්ගල සන්තානයේ පහල වන සංඥාව වැරදි සංඥාවක් වේ. (ඝණ අදුරේ අතගා අහුවෙන දෙය හැඩය අනුව බලා වැරදියට හදුනා ගැනීම වැනිය.මෙහි ඝණ අදුර මෝහාන්ධකාරය ලෙස සැලකිය හැක.හැඩය අනුව බැලීම පංචේන්ද්‍රිය අනුව බැලීම වැනිය. වැරදි හදුනා ගැනීම වැරදි සංඥාවම වේ) මේ වැරදි සංඥාව හේතුවෙන් පුද්ගලයන් ලෝකය වැරදි ලෙස චිත්ත සන්තානයේ උපදවාගනී සහ උපාදානය කරගනී. එය සසර ලෝකවල සැරිසරමින් දුක් විදීම පිණිස හේතු වේ.මෙය දුක්ඛ (ලෝක)සත්‍ය නම් වේ.

    ** ඉහත සියල්ල කෙටි සරල පැහදිලි කිරීමක් බව සලකන්න
    **නිරෝධ සත්‍ය පසුව දක්වන්නම්
     
    • Love
    Reactions: castellain

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ලෝකය කියලා සඳහන් කිරීමේ පැහැදිලි තේරුම ගැන මට තේරුමක් නෑ නමුත් කෙටියෙන් මට පැහැදිලි වෙන විදිහට කියන්නම්.

    ඔය කියන්නේ,
    දුක
    දුක ඇතිවීමට හේතුව
    දුක නැති කිරීම
    දුක නැති කිරීමේ මාර්ගය
    කියන චතුරාර්ය සත්‍ය ගැනයි සඳහන් කරනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ තමන් විසින්මයි. ඒකයි අදහස. මට තේරෙන විදිහට.

    එතකොට චතුරේය සත්‍ය අවබෝධයේදී මේ ලෝකයේ සත්වයාගේ යථාර්තය ස්වභාවය අවබෝධ වෙනවා. නිර්වාණයට පත් වීමේදී එක සිද්ධ වෙනවා නේ.. ලෝකය කියලා භාවිතා කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ඕක ගැන ඔයාට විස්තත්මකව දැන ගන්න නම් අදාළ සුත්‍ර දේශනාව කියවන්න. විස්තරක එතන සඳහන් ඇති.

    මේකට අභිධර්මයේ සම්බන්ධයක් නෑ. අභිධර්මය දේශනා කලේ දෙවියන්ට. දෙවියන්ගේ ශරීරයේ structure එක වෙනස්. ඒ ගොල්ලෝ වෙනම ජීවී කොට්ටාශයක්. ඒ ගොලන්ගේ structure එකේ විදිහට අවබෝධ වෙන ධර්මය තමයි අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයෙන් නිවන් යන්න ඕන කරන structure එක පෘතුවියේ ඉන්න මනුෂ්‍යන්ට නෑ. ඒ නිසයි අභිධර්මය මිනිස්සුන්ට දේශනා කරලා නැත්තේ. ඒ අභිධර්ම බුද්ධ දේශනාව පෘතුවියේ කාලයෙන් මාස 3ක් එකදිහට අහගෙන ඉන්න ඕන එකක්. මිනිසුන්ට එක කරන්න බෑ. ඒක දෙවියන්ට ඉතාම සුළු කාලයක්. ඒ නිසා බය වෙන්න එපා ඔයාට අභිධර්මය කිසි දවසක අවබෝධ කරන්න බෑ මොකද ඔය දෙවියෙක් නොවන නිසා. නිර්වාණයට අවශ්‍ය කරන සියලුම දේවල් සුත්‍ර පිටකයේ තියනවා. ඒ අනුව කරන්න.
    අභිධර්මය ප්‍රතික්ෂේප කල
    මහමෙව්නා ලොකු සාදුගේ ගොලයෙක් වගේ..😆😆😆
     
    • Like
    Reactions: Ragna_SL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    yako mekane mecchara kal illusion gaga meke kiya thibbe uba.kalin kiyanna epaiy watina deyakne.mn hithuwa ubata pissu kiyala🤣
    ------ Post added on May 12, 2021 at 10:22 PM
    Koheda itin meke unta man kiyana eka oluwata ganna prakchnawa nane:(
     
    • Haha
    Reactions: visalbro

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    Thanks machan theruna.wade kiyanna dan apita oka therilath owage passeyana eka nawathhaganna bari ai?

    thanks bn.ethakota dan oka therilath ai api oya sanyawalin alabena dewalwalata dakina dewal walata asa karanne?
    ------ Post added on May 12, 2021 at 10:21 PM

    yako mekane mecchara kal illusion gaga meke kiya thibbe uba.kalin kiyanna epaiy watina deyakne.mn hithuwa ubata pissu kiyala🤣
    ------ Post added on May 12, 2021 at 10:22 PM
    ඒක තමයි බන් ධර්මාවබෝධය තිබුනට ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ... Koheda apita hemadama theory thamai....
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපි ලෝකය යැයි යමක් අල්වා ගනේ හෝ පනවා ගන්නේ පංචස්කන්ධය පවතින නිසානේ.
    ඉතින් පංචස්කන්ධය නැති වූ කල්හි ලෝකය පනවන්නේ කවුද?
    පංචස්කන්ධයේ අවසානය ලෝකයේ අවසානය නොවේද?

    සමිද්ධි ලෝකපඤ්‌හ සූත්‍රය කියවලා බලන්න. එතකොට තේරෙයි.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අභිධර්මය ප්‍රතික්ෂේප කල
    මහමෙව්නා ලොකු සාදුගේ ගොලයෙක් වගේ..😆😆😆
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියනවානේ අභිධර්මය පස්සෙ ගියොත් :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අභිධර්මය ප්‍රතික්ෂේප කල
    මහමෙව්නා ලොකු සාදුගේ ගොලයෙක් වගේ..😆😆😆
    මං දන්නවා ඔයා ඕක කියනවා කියලා. 😁 මහමෙව්නාව නෙවේ බුදු රජාණන් වහන්සේ අබිධර්මය මේ ලෝකේ එක මනුෂයෙකුට දේශනා කරපු තැනක්, එහෙම දේශනා කරලා ඒ දේශනාවෙන් මාර්ගපල ලබපු එක තැනක් මට ත්‍රිපිටකයෙන් අරන් පෙන්නපන්.

    මම සම්පුර්ණ ත්‍රිපිටකය කියවල නෑ. ඒ නිසා. මම දැක්කේ නෑ. දැකලත් නෑ. අහලත් නෑ. ඒ නිසා ඔප්පු කරලා පෙන්නන්න. බුදු රජාණන් වහන්සේ පා ගමනින් එහෙම වැඩම කරලා අභිධර්මය දේශනා කරලා මිනිස්සු මාර්ග පල ලබපු තැනක් ත්‍රිපිටකයෙන් අරන් පෙන්නන්න!

    උඹලා ඔක්කොම එකතු වෙලා අභිධර්මය ගිරවු රැලක් වගේ කට පාඩම් කරගන්න දඟලනවා. යම් ප්‍රමාණයක් කට පාඩම් වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ අවබෝධ වෙන්නේ නෑ! ඔහේ කියෝලා කියෝලා නිකන් මැරිලා යනවා!

    මට මොකද උඹේ කාලය නේ! ඕන නං තව අවුරුදු 40ක් ඉඳි නේ උපරිම? අභිධර්මය කරගෙන යන්න මට ප්‍රශ්නයක් නෑ

    අභිධර්මය කටපාඩම් කරන්න දඟලන මිනිසුන්ගේ පොදු ලක්ෂණ තියනවා.
    අභිධර්මය ගැන ප්‍රශ්නයක් අපහුවම උත්තරයක් දෙන්න දන්නේ නෑ. වෙන පොත් ගැනයි හාමුදුරුවරු ගැනයි references දික් කරනවා. (ඇයි තමන්ට තේරෙන්නෙත් නෑ නේ!)
    උන් ඔක්කොම ඔලුව ඉදිමවා ගන්න හෙන size එකෙන් ඉන්න රැලක්. (මෝඩ කම)
    තමන් අභිධර්මය කට පාඩම් කරගෙන ඉන්නේ කියලා හැමෝටම කියෝනව. අර vegan ලා වගේ (අපහු මෝඩ කම)
    අවබෝධ කරපු දේකුත් නැතුව නිකන් කියෝලා කියෝලා මැරිලා යනවා. (ආපහු මෝඩ කම)

    මට ප්‍රස්නයක් නෑ මට මොකෝ! ඕගොල්ලන්ගේ විනොදයනේ! කරගෙන යන්න.. 😁
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    සංයුත්ත නිකාය >සගාථ වග්ගෝ​

    2.3.6. රෝහිතස්ස සුත්තං (රෝහිතස්ස දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම)​

    සාවත්ථියං….​

    සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

    ඒකමන්තං ඨිතෝ ඛෝ රෝහිතස්‌සෝ දේවපුත්තෝ භගවන්‌තං ඒතදවෝච. යත්‌ථ නු ඛෝ භන්තේ, න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති සක්‌කා නු ඛෝ සෝ භන්තේ ගමනේන ලෝකස්‌ස අන්‌තෝ ඤාතුං වා දට්‌ඨුං වා පාපුණිතුං වාති.​

    එකත්පසක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
    “ස්වාමීනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ස්වාමීනි, ලෝකයේ කෙළවර වූ එතනට පයින් යන්න පුළුවන්ද?”

    යත්‌ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති නාහං තං ගමනේන ලෝකස්‌ස අන්‌තං ඤාතෙය්‍යං දට්‌ඨෙය්‍යං පත්‌තෙය්‍යන්‌ති වදාමීති.​

    “ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මං කියන්නෙ නෑ.”

    අච්‌ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්‌ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති නාහං තං ගමනේන ලෝකස්‌ස අන්‌තං ඤාතෙය්‍යං දට්‌ඨෙය්‍යං පත්‌තෙය්‍යන්‌ති වදාමීති.​

    “ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොයිතරම් ඇත්තක්ද, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න පුළුවන් කියලා, දැනගන්න පුළුවන් කියලා, පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නෙ නැහැ’ කියලා වදාළේ.

    භූතපුබ්‌බාහං භන්තේ, රෝහිතස්‌සෝ නාම ඉසි අහෝසිං භෝජපුත්‌තෝ ඉද්‌ධිමා වේහාසං‌ගමෝ. තස්‌ස මය්‌හං භන්තේ ඒවරූපෝ ජවෝ අහෝසි. සෙය්‍යථාපි නාම දළ්‌හධම්‌මා ධනුග්‌ගහෝ සික්‌ඛිතෝ කතහත්‌ථෝ කතයොග්‌ගෝ කතූපාසනෝ ලහුකේන අසනේන අප්‌පකසිරේනේව තිරියං තාලච්‌ඡායං අතිපාතෙය්‍ය.​

    ස්වාමීනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මං භෝජ පුත්‍ර වූ රෝහිතස්ස කියන නමිනුත්, ඉර්ධිමත්, අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමීනි, ඒ කාලෙ මට මෙන්න මේ විදිහේ ශක්තියක් තිබුනා. හොඳට පුහුණු වුන, හොඳට පුරුදු වුන, තරඟ කරල ජයගත්තු, ශිල්ප දැක්වූ, අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්ච තල් කොළයක් පලාගෙන යන විදිහට විදිනවා වගේ, මටත් අන්න ඒ වගේම ශක්තියක් තිබුනා.

    තස්‌ස මය්‌හං භන්තේ, ඒවරූපෝ පදවීතිහාරෝ අහෝසි. සෙය්‍යථාපි පුරත්‌ථිමා සමුද්‌දා පච්‌ඡිමෝ සමුද්‌දෝ. තස්‌ස මය්‌හං භන්තේ ඒවරූපං ඉච්‌ඡාගතං උප්‌පජ්‌ජි. අහං ගමනේන ලෝකස්‌ස අන්‌තං පාපුණිස්‌සාමීති.​

    එතකොට ස්වාමීනි, මට පුළුවන්කම තිබුනා නැගෙනහිර මුහුදට එක පයක් තියලා, අනිත් පය බටහිර මුහුදට තියන තරමේ දුරට පා තබා යන්න. ඉතින් ස්වාමීනි, ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුනා, ‘ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන’ කියලා.

    සෝ ඛ්‌වාහං භන්තේ ඒවරූපේන ජවේන සමන්‌නාගතෝ ඒවරූපේන ච පදවීතිහාරේන අඤ්‌ඤත්‍රේව අසිතපීතඛායිතසායිතා අඤ්‌ඤත්‍ර උච්‌චාරපස්‌සාවකම්‌මා අඤ්‌ඤත්‍ර නිද්‌දාකිලමථපටිවිනෝදනා වස්‌සසතායුකෝ වස්‌සසතජීවී වස්‌සසතං ගන්‌ත්‌වා අප්‌පත්‌වාව ලෝකස්‌ස අන්‌තං අන්‌තරාව කාලකතෝ.​

    ස්වාමීනි, මේ තරම් වේගයක් තිබුණු, මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම, අවුරුදු සියයක් ජීවත් වෙමින්, කනබොන වෙලාව හැර, වැසිකිළි කැසිකිළි කරන වෙලාව හැර, නිදියන, මහන්සි අරින වෙලාව හැර, අවුරුදු සීයක්ම ඇවිදලත්, ලෝකයේ කෙළවරකට එන්න බැරුව අතරමගදීම මිය පරලොව ගියා.

    අච්‌ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්‌ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්‌ජති නාහං තං ගමනේන ලෝකස්‌ස අන්‌තං ඤාතෙය්‍යං දට්‌ඨෙය්‍යං පත්‌තෙය්‍යන්‌ති වදාමීති.​

    ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, ඔබවහන්සේ විසින් යමක් පවසා වදාළ නම්, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, මැරන්නෙ නැත්නම්, මිය යන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි ඉපදීමක් නැත්නම්, අන්න ඒ ලෝකයෙ කෙළවර පා ගමනින් ගිහිල්ල දැනගන්න පුළුවන් බව, දැකගන්න පුළුවන් බව, පැමිණෙන්න පුළුවන් බව මම කියන්නෙ නැහැ’ කියලා. ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක කොයිතරම් ඇත්තක්ද?”

    (භාග්‍යවතුන් වහන්සේ) :

    න ඛෝ පනාහං ආවුසෝ, අප්‌පත්‌වා ලෝකස්‌ස අන්‌තං දුක්‌ඛස්‌ස අන්‌තකිරියං වදාමි. අපි චාහං ආවුසෝ ඉමස්‌මිඤ්ඤේව බ්‍යාමමත්‌තේ කලේබරේ සසඤ්‌ඤිම්‌හි සමනකේ ලෝකඤ්‌ච පඤ්‌ඤාපේමි, ලෝකසමුදයඤ්‌ච ලෝකනිරෝධඤ්‌ච ලෝකනිරෝධගාමිනිඤ්‌ච පටිපදන්‌ති.​

    “ආයුෂ්මතුනි, එසේ වුනත් ලෝකයේ කෙළවරකට එන්නෙ නැතුව, මේ දුක කෙළවර කරන්න පුළුවන් කියල මම කියන්නෙ නෑ. එහෙම වුනත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමයි ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධ වීමත්, ලෝකය නිරුද්ධ වීමේ ප්‍රතිපදාවත් තියෙන්නෙ කියලයි මම කියන්නෙ.

    ගමනේන න පත්‌තබ්‌බෝ ලෝකස්‌සන්‌තෝ කුදාචනං​

    න ච අප්‌පත්‌වා ලෝකන්‌තං දුක්‌ඛා අත්‌ථි පමෝචනං​

    කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බෑ. (හැබැයි) ලෝකෙ කෙළවරකට එන්නෙ නැතුව, දුකින් නිදහස් වීමකුත් නෑ.

    තස්‌මා හවේ ලෝකවිදූ සුමේධෝ ලෝකන්‌තගූ වුසිතබ්‍රහ්‌මචරියෝ​

    ලෝකස්‌ස අන්‌තං සමිතාවි ඤත්‌වා නාසිංසති ලෝකමිමං පරඤ්‌චාති​

    ඒ නිසා, ලෝකය දන්න, ප්‍රඥාවන්ත වූ, ලෝකයේ කෙළවරට ගිය, බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළ, පාපය සිඳබිඳ දැම්ම ඒ උතුම් පුද්ගලයා, ලෝකයේ කෙළවර දැනගෙන, මෙලොවත්, පරලොවත් පතන්නෙ නෑ.

    සාදු! සාදු!! සාදු!!!

    https://mahamevnawa.lk/sutta/sn1_2-3-6/
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මං දන්නවා ඔයා ඕක කියනවා කියලා. 😁 මහමෙව්නාව නෙවේ බුදු රජාණන් වහන්සේ අබිධර්මය මේ ලෝකේ එක මනුෂයෙකුට දේශනා කරපු තැනක්, එහෙම දේශනා කරලා ඒ දේශනාවෙන් මාර්ගපල ලබපු එක තැනක් මට ත්‍රිපිටකයෙන් අරන් පෙන්නපන්.

    මම සම්පුර්ණ ත්‍රිපිටකය කියවල නෑ. ඒ නිසා. මම දැක්කේ නෑ. දැකලත් නෑ. අහලත් නෑ. ඒ නිසා ඔප්පු කරලා පෙන්නන්න. බුදු රජාණන් වහන්සේ පා ගමනින් එහෙම වැඩම කරලා අභිධර්මය දේශනා කරලා මිනිස්සු මාර්ග පල ලබපු තැනක් ත්‍රිපිටකයෙන් අරන් පෙන්නන්න!

    උඹලා ඔක්කොම එකතු වෙලා අභිධර්මය ගිරවු රැලක් වගේ කට පාඩම් කරගන්න දඟලනවා. යම් ප්‍රමාණයක් කට පාඩම් වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ අවබෝධ වෙන්නේ නෑ! ඔහේ කියෝලා කියෝලා නිකන් මැරිලා යනවා!

    මට මොකද උඹේ කාලය නේ! ඕන නං තව අවුරුදු 40ක් ඉඳි නේ උපරිම? අභිධර්මය කරගෙන යන්න මට ප්‍රශ්නයක් නෑ

    අභිධර්මය කටපාඩම් කරන්න දඟලන මිනිසුන්ගේ පොදු ලක්ෂණ තියනවා.
    අභිධර්මය ගැන ප්‍රශ්නයක් අපහුවම උත්තරයක් දෙන්න දන්නේ නෑ. වෙන පොත් ගැනයි හාමුදුරුවරු ගැනයි references දික් කරනවා. (ඇයි තමන්ට තේරෙන්නෙත් නෑ නේ!)
    උන් ඔක්කොම ඔලුව ඉදිමවා ගන්න හෙන size එකෙන් ඉන්න රැලක්. (මෝඩ කම)
    තමන් අභිධර්මය කට පාඩම් කරගෙන ඉන්නේ කියලා හැමෝටම කියෝනව. අර vegan ලා වගේ (අපහු මෝඩ කම)
    අවබෝධ කරපු දේකුත් නැතුව නිකන් කියෝලා කියෝලා මැරිලා යනවා. (ආපහු මෝඩ කම)

    මට ප්‍රස්නයක් නෑ මට මොකෝ! ඕගොල්ලන්ගේ විනොදයනේ! කරගෙන යන්න.. 😁
    පුතා අපි ඕවා ගැන තර්ක විතර්ක කලේ 2009-2010 කාලේ ඕගොලෝනන්ගේ කිරිබත්ගොඩ ලොකු සාදු අභිධර්මය ප්‍රතික්ෂේප කරපු අලුත..ඉතින් තව දුරටත් ඒවම කියලා තේරුමක් නෑ..මේකේ ත්‍රෙඩ් ඇති පිටු ගණන්.
    මහමෙව්නාව ට රැවටිලා ඉනානවාන් ඒ මුළාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. 🙏
     
    • Love
    Reactions: Ragna_SL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Duka
    Sepa
    Duka sepa dekama ne zombie feeling

    Mae 3ma feelings.feelings awe panchas skandaya hinda.panchas skadanaya atha ariyama mama ne.etakota feel wena ekenek ne.feel una witarai.
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නවුන්ට බොහෝ දෑ ඇතත් සරල උපුටා ගැනීමක්-

    "සුත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමුහයක් වැනිය.එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනෙකුට වෛද්‍යවරයකු නොවිය හැකිය. එමෙන් සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදු දහම, "බෞද්ධ දර්ශනය" නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්ම පිටකය උගත යුතු මය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි විස්තර දක්වා ඇත්තේ ය."
    - රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පුතා අපි ඕවා ගැන තර්ක විතර්ක කලේ 2009-2010 කාලේ ඕගොලෝනන්ගේ කිරිබත්ගොඩ ලොකු සාදු අභිධර්මය ප්‍රතික්ෂේප කරපු අලුත..ඉතින් තව දුරටත් ඒවම කියලා තේරුමක් නෑ..මේකේ ත්‍රෙඩ් ඇති පිටු ගණන්.
    මහමෙව්නාව ට රැවටිලා ඉනානවාන් ඒ මුළාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. 🙏
    මම මහමෙව්නාවට යන එක නවත්තලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. මහමෙව්නාව කියන්නේ මොකද්ද කියලා මම ඔයාට වඩා නියෙම්ට දන්නවා. මහමෙව්නාවට යන්න එපා කියලා මම හැමෝටම කියනවා. මෙහමෙව්නවයි මේ කතාවයි අතර කිසිම සම්බන්දයක් නෑ.. 😁

    මම මිට කලින් අහලා තියනවා එළකිරි අභිධර්ම විශාරදයන්ගෙන් සුත්‍ර පිටකයේ සඳහන් වෙන පටිඡ්ච සමුප්පාදය වගේ මේ චතුරාර්ය සත්‍ය ඇතුලේ තියන කරුණු අභිධර්මයෙන් පැහැදිලි කරන්න කියලා.

    මම දන්නවා දෙන උත්තර.. ඕවා තම කියෙවුවෙ...

    [1] මහමෙව්නාවක් ගැන තොර තෝංචියක් නැතුව කියෙවුවා! අහපු ප්‍රශ්නෙට කිසිම සම්බන්දෙකුත් නෑ! නමුත් ඇයි? එක ජප කරලා අහපු ප්‍රශ්නේ මග ඇරලා මාරු වෙලා යන්න ඕන නිසා!

    [2] දැන් ඔය කිවුවා වගේම "අපි 2010 කිවුවා" 2005 කිවුවා. 1990 කිවුවා. 1950 කිවුවා! දැන් කියලා ඉවරයි ආයේ කියන්නේ නෑ කියලා මාරු වෙලා යනවා. (නෑ නෑ දැන් ඔයා අපහු කියන්න ඕන නෑ මම කිව්වේ මිනිස්සු කියපුවා)

    [3] ඊළඟට අර කලින් කිවා වගේ references දික් කරනවා. මම කිවුවම "දැන් ඔයා ඔය references කියවපු බලපු කෙනා නේ? දැන් ඔයා කෙටියෙන් කියන්නකෝ සිද්ද වෙන දේ" කිවුවම හිකි හිකි ගාල හිනා වෙලා වලියක් පටන් ගන්නවා. අපහු [1] ට යනවා. [2] ට එනවා.

    ඔහොම ඔහොම රවුන් කැරකි කැරකි ඉන්නවා. ඔච්චර තමයි ඉතින්...

    අර කිවුව වගේ මම ආයේ ඕවා අහන්නේ නෑ! උත්තර දෙන්න මහන්සි වෙන්නත් එපා. ඔහොම යං... 😁