අද ඔත්තේ හුත්ටෝනට විතරද බන් යන්න පුළුවන් ??? දෙන්නෙක්ට bike එකේ යන්න බැරි සින් එකකුත් තියෙනවද ?
ado seriously?දෙන්නම ඔත්තේ නම් යන්න බෑ බයික් එකේ.
hethuwaදෙන්නම ඔත්තේ නම් යන්න බෑ බයික් එකේ.
එක ගෙදරකින් එක්කෙනක් ට විතරයි යන්න පුලුවන් කියනවා එකත් ලගම කඩේකටලු. මම ගිය බ්‍රහස්පතින්දා ගියා එක තැනක චෙක් කරේ නෑhethuwa
පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, හෙට සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.දිනේ අනුවද ඔත්තෙ ඉරට්ටෙ වෙන්නෙ.. මං හිතුවෙ සඳුදා ඔත්තෙ.. අඟහරුවාද ඉරට්ටෙ.. ඔන්න ඔය වගේ වෙන්න ඇති කියලා..
ado seriously?
hethuwa
පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, හෙට සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම්, එනම් 1,3,5,7,9, අංක සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනවල එනම්, මැයි 17,19, 21, 23, 25, 27, 29, 31 දිනවල නිවසින් බැහැරව යා හැකියි.
ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ නම්, එනම් බින්දුවද ඇතුළත්ව 2, 4, 6, 8, අංක ඇති පුද්ගලයන්ට මැයි 18, 20, 22, 24, 26, 28, 30 දිනවල බැහැරව යා හැකියි.
ඒ අනුව ඔත්තේ දිනයක් වන හෙට දිනයේ 1,3,5,7,9 ඔත්තේ ඉලක්කම් ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස පවතින පුද්ගලයන්ට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනවා.
කෙසේ වෙතත් රාජකාරි සඳහා යාමේදී මෙම ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
ජාතික හැඳුනුම්පත නොමැති නම්, හෙට සිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටවීමේදී, විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ සඳහන් හැඳුනුම්පත් අංකයේ අවසාන අංකයට අනුව පිටවීමට අවසර හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.