ගුරු පඩ ශෝ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
    එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
    තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.

    හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
    කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
    අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
    සිරාවට අපෙත් ඔහොම සීන් එකක් තිබ්බා අර ඩොකාලා වගේ තමා ක්ලිනික් එකෙන් ආව ලෙඩ්ඩුන්ට දෙවිවරුන්ට වගේ සලකනවා අනිත් ලේඩ්ඩුන්ව බලන්නේවත් නැ. කෝ මගේ කට්ටිය කියන් එන්නේ.

    ටියුෂන් ආව සෙට් එක හොද....... ළමයි තමන්ගේ ටියුෂන් අවේ නැති එවුන් දැක්කහමත් මල පනිනවා. උන්ට සැලකුවේ යක්කු වගේ.

    සැ.යු. දැන් වැලලෙනඩ එන්ඩ එපා තෝ මේක ටයිප් කරෙත් ගුරු දෙවිවරු හින්දා කියාගෙන. අපේ කාලෙත් හොද ගුරුවරු වගේම හොද වෛද්‍යවරුත් හිටියා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ ඉස්කෝලෙ නන් 1 ඉදන් 11 වෙනකම්ම, පට්ට ෆෙවරේශන් තිබ්බෙ.
    ඉගන ගන්නම බැරි උන්ට මහ බලු විදියට බැන්නෙ, කවදාවත් උන්ට ඒ මතකෙන් ගොඩ ඒමක් නෑ.

    grade 3 එකෙක් හිටිය අම්ම දාල ගිහිල්ල, මූයි තාත්තයි විතරයි. මූට ගනන් බෑ, දවසක් ලකුනු බින්දුයි.
    මුගෙ පොතේ ලොකුවට රතු පාටින් බින්දුවක් ඇදල විසි කරා ඌ ගාවට " මෙන්න ලබ්බක් තියනව, තාත්තත් එක්ක
    උයාගෙන කනව" කියල
    මචන් ඔය දේ නම් කියලා වැඩක් නෑ. අපිත් එක්ක ඉගෙන ගත්තා ඉස්කෝලෙම ගුරුවරියෙක්ගේ පුතෙක්. අනික් උගන්නපු ගුරුවරු ඔක්කොම ඌට පට්ටම පන්දම. සංගීත ප්‍රැක්ටිකල්වලට එහෙම උඩ පැනලා ලකුණු දෙන්නේ.
    වැඩබැරි එවුන්ව අන්තයටම පාගනවා අරූගෙ හොඳ කිය කිය. ඒ කාලේ අපිට ලොකුවට තේරුනේ නැති උනාට ළමයි කොච්චර මානසිකව වැටෙන්න ඇද්ද කියලා දැන් හොඳට තේරෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ ඉස්කෝලෙ නන් 1 ඉදන් 11 වෙනකම්ම, පට්ට ෆෙවරේශන් තිබ්බෙ.
    ඉගන ගන්නම බැරි උන්ට මහ බලු විදියට බැන්නෙ, කවදාවත් උන්ට ඒ මතකෙන් ගොඩ ඒමක් නෑ.

    grade 3 එකෙක් හිටිය අම්ම දාල ගිහිල්ල, මූයි තාත්තයි විතරයි. මූට ගනන් බෑ, දවසක් ලකුනු බින්දුයි.
    මුගෙ පොතේ ලොකුවට රතු පාටින් බින්දුවක් ඇදල විසි කරා ඌ ගාවට " මෙන්න ලබ්බක් තියනව, තාත්තත් එක්ක
    උයාගෙන කනව" කියල
    paw oi .e kale apitat owata hina giyata dan thama terenne
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
    එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
    තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.

    හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
    කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
    අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
    ඔව් නෙ බන්. කලින් දවසේටි ටිව්ශන් කරලා පහුවෙනිදා ටියුශන් ආව ලමයි එක්ක වෙඩි වගේ වැඩ. අපි ඉතින් මැජික් බලනවා
     
    • Haha
    Reactions: Solo Rider

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
    එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
    තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.

    හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
    කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
    අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
    ඒක ඇත්ත මචන්. සමහර එවුන් ටියුෂන් ගිහින් කලින් ඒ පාඩම ඉගෙනගෙන ඇවිත් අනික් එවුන්ට ඇඩ් දානවා. ගුරුවරුත් උන්ට තමයි එක දෙන්නේ. අනික් එවුන් පජාතයි ඉතින්.
     
    • Like
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,352
    113
    වැලිවේරිය
    අපෙත් එකෙක් හිටියා විනයබාර පකෙක්..මූ කැඩට් කරන පකෙක්...හැමදාම කලිසම පාතයි කියලා ගහනවා,කෙල්ලොත් එක්ක කතා කරන්න බෑ නිකන් ඉන්න වෙලාවට..මූටනම් තිබ්බෙ මානසික ලෙඩක්..මූ හිතන්නෙ අපි මනමාල කමට එහෙම අදිනවා කියලා..ආමි කාරයො වගේ කලිසම බඩ මැදින් තියෙන්නෙ ඕනේ..මගේ ඒ දවස් වල ටිකක් බඩ තිබුනා පට්ට අමරුයි ඉතින් බඩ මැදින් අදින්න...ඉතින් හැමදාම සොට් එක දෙනවා..මේක සෑහෙනට බලපෑව ප්වුර්ශයට,අදටත් මට කෙල්ලෝ එක්ක කතා කරද්දි නිකන් වැරද්දක් කියලා හිතෙනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ රටේ ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගන්න බොහෝ අය දෙවිවරු වෙද්දී ,
    තමන්ගේ මහන්සියෙන් රැකියාවක් කරන අය කම්කරු .
    ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉටු වෙන්න ඕනි අපිට ඉගැන්නුවා කියලවත් ,දෙවිවරු කියලවත් නෙවේ ඔවුන්ට හිමිවිය යුතු යම් වැටුපක් තිබේ නම් එය ලබා දියයුතුයි කියලයි මන් කියන්නේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,649
    4,301
    113
    පත හෑලි ලියන්න තරම් ඔය පිකට් එකේ ඉන්නෙ පොරවල්නම් නෙමෙයි. නියම ගුරුවරු පාඩුවෙ ගෙවල්වල. දැන් ඉන්නෙ පඩිය බලං කට හොලවන්නො.

    True. Api hamoma job ekak karanne kiyana eka therumkarawanna ekek naane me Samaje ta.
    ------ Post added on Aug 5, 2021 at 10:14 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔව් බන්, පන්තියේ ටිච‍ර්ලාගේ ලමයි ඉන්නවනම් පට්ට සැලකිලි උන්ට. අනිවා පන්තිනායක වගේ ඒවා උන්ට තමයි දෙන්නේ. මට මතකයි 5 වසරේදි ගෙදර වැඩ නොකරපුු අයට නැගිටින්න කියලා ගහගෙන ගියා, ඔය අත‍රේ ටිචර් කෙනෙක්ගෙ ලමයෙකුත් හිටියා. ඌව සෙට් උනාම ටිචර් කියනවා අදට විතරක් මුට සමාව දෙමු කියලා මුට ගැහුවේ නැ.

    අනික තමයි 10, 11 වසර පන්ති බාර ටිචර් ගේ පන්ති ගිහින් නැවැත්තුවා කියලා හැමදාම මොනවට හරි අල්ලගෙන ගහනවා, පන්තියෙන් එලියට දානවා. පොත් විසිකරනවා.

    හැබයි හොද අ‍යත් හම්බවෙලා තියෙනවා.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පත හෑලි ලියන්න තරම් ඔය පිකට් එකේ ඉන්නෙ පොරවල්නම් නෙමෙයි. නියම ගුරුවරු පාඩුවෙ ගෙවල්වල. දැන් ඉන්නෙ පඩිය බලං කට හොලවන්නො.

    True. Api hamoma job ekak karanne kiyana eka therumkarawanna ekek naane me Samaje ta.
    ------ Post added on Aug 5, 2021 at 10:14 AM
    හැමෝම එක්කෝ මනස වෙහෙසනවා නැත්තම් කය වෙහෙසනවා නැත්තම් දෙකම ඒ කාර්යට ගැලපෙන ආකාරයේ ගෙවීමක් කරනවා , ඉතින් කට්ටියක් දෙවිවරු වෙදිදි අනිත් අය මිනිස්සු වෙන්නේ කොහොමද කියන එකට උත්තර හෙව්ව් දවසට අපි දයුණු වෙයි නෙහැ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    ලංකාවේ ඉන්න ගුරුවරු නම් සක්කිලි ජාතියක්
    උන් වැඩිපුර ඇටෙන්සන් එක දෙන්නේ විභාග වලින් පළවෙනිය දෙවෙනියා වෙන උන්ට විතරයි, තෑගී බෝග එහෙමත් දෙනවා
    ඒත් වෙන්න ඕන අන්තිමයා වෙන එකාටයි වැඩිපුර ඇටෙන්සන් එක දීලා ට්‍රැක් එකට ගන්න ඕනේ
    ළමයෙක්ගේ මානසික මට්ටම තේරුම් ගන්න ගොඩක් උන්ට බැහැ
    ගිරවා වගේ මොකක් හරි බලාගෙන සිලබස් එක කවර් කරනවා විතරයි

    මට සමහර සබ්ජෙක්ට්ස් වලට අනිත් උන්ට වඩා ලකුණු තිබුනොත් හෙන කැපිලි, උන්ගේ ටියුසන් වලට යන්නේ නැති නිසා
    නොකරපු දේවල් වලටත් බැනුම් අහන්න උනා

    මගේ මතයනම් ගුරුවරුන්ට අනිවාර්යයෙන් මිට වඩා හොද පඩියක් ගෙවන්න ඕන
    හැබැයි දැන් ඉන්න මොට්ට ගුරුවරුන්ට වඩා හොද ට්‍රේනින් එකක් දීලා හැකියාවක් තියෙන උන් විතරක් ටීචින් වලට දාන්න ඕන
    දැන් ඉන්න උන්ට ලොකු පඩියක් ගෙවන එකනම් අපරාධයක්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    හැමෝම එක්කෝ මනස වෙහෙසනවා නැත්තම් කය වෙහෙසනවා නැත්තම් දෙකම ඒ කාර්යට ගැලපෙන ආකාරයේ ගෙවීමක් කරනවා , ඉතින් කට්ටියක් දෙවිවරු වෙදිදි අනිත් අය මිනිස්සු වෙන්නේ කොහොමද කියන එකට උත්තර හෙව්ව් දවසට අපි දයුණු වෙයි නෙහැ
    ඔව් බන් මේරටේ ඔක්කොම විරුවරු හරි දෙවිවරු (රටවිරුවෝ, හැඩ විරුවෝ, සුව විරුවෝ, ගුරු දෙවිවරු).
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,649
    4,301
    113
    හැමෝම එක්කෝ මනස වෙහෙසනවා නැත්තම් කය වෙහෙසනවා නැත්තම් දෙකම ඒ කාර්යට ගැලපෙන ආකාරයේ ගෙවීමක් කරනවා , ඉතින් කට්ටියක් දෙවිවරු වෙදිදි අනිත් අය මිනිස්සු වෙන්නේ කොහොමද කියන එකට උත්තර හෙව්ව් දවසට අපි දයුණු වෙයි නෙහැ

    Oka wei kiyala hithanna amarui bn. Ape un patta aasai mokekhari gena guna wayanna hari baninna hari. Normally mekath manussayek kiyana thana idala theerana gannawa adui.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,810
    30,961
    113
    අපෙත් එකෙක් හිටියා විනයබාර පකෙක්..මූ කැඩට් කරන පකෙක්...හැමදාම කලිසම පාතයි කියලා ගහනවා,කෙල්ලොත් එක්ක කතා කරන්න බෑ නිකන් ඉන්න වෙලාවට..මූටනම් තිබ්බෙ මානසික ලෙඩක්..මූ හිතන්නෙ අපි මනමාල කමට එහෙම අදිනවා කියලා..ආමි කාරයො වගේ කලිසම බඩ මැදින් තියෙන්නෙ ඕනේ..මගේ ඒ දවස් වල ටිකක් බඩ තිබුනා පට්ට අමරුයි ඉතින් බඩ මැදින් අදින්න...ඉතින් හැමදාම සොට් එක දෙනවා..මේක සෑහෙනට බලපෑව ප්වුර්ශයට,අදටත් මට කෙල්ලෝ එක්ක කතා කරද්දි නිකන් වැරද්දක් කියලා හිතෙනවා
    අපෙත් හිටියා ඔහොම පක්කු හැමදාම කලිසමේ ෆෝල්ට් එක කපනවා ෆෝල්ට් එක අඩුයි කියලා.කොන්ඩෙට කේස් හැමදාම.සපත්තු දෙක අල්ලනවා හැමදාම අර පට්ට කැත පොලිස් සපත්තු වගේ ඒවාලු දාන්න ඕන.බලද්දි ඕවා බලන විනයබාර උද්දික පුතාලා සමාජෙ එවුන් බල්ලෙක්ට ගනන් ගන්නැති,කාන්තා පාර්ශවයෙ කිසිම ආකර්ෂණයක් කවදාවත් ලැබෙන්නෙ නැති,බඩ මැදට කලිසම ඇදලා තෙල් ගාලා රොද තියලා පීරන CT 100 එකේ වැඩට එන 30000ට උක දෙන හිගන බෙසික පුතාලා.අහිංසක පොඩි උන් ඉස්සරහා තමා පොර වෙන්නෙ.කොල්ලො බාච්චුවො වගේ පත කලිසං ඇදලා ගොබ්බ සපත්තු දාල කොන්ඩෙ ගෝතයො වගේ තියාගෙන හිටියම උන්ට අඩුම කෑල්ලක් ටෝක් කරන්නවත් කන්ෆිඩන්ස් එනවද?තාම මතක් වෙද්දි මූණ කුඩුවෙන්න දෙන්න හිතෙනව ගොන් පොන්නයොන්ගෙ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් බන්, පන්තියේ ටිච‍ර්ලාගේ ලමයි ඉන්නවනම් පට්ට සැලකිලි උන්ට. අනිවා පන්තිනායක වගේ ඒවා උන්ට තමයි දෙන්නේ. මට මතකයි 5 වසරේදි ගෙදර වැඩ නොකරපුු අයට නැගිටින්න කියලා ගහගෙන ගියා, ඔය අත‍රේ ටිචර් කෙනෙක්ගෙ ලමයෙකුත් හිටියා. ඌව සෙට් උනාම ටිචර් කියනවා අදට විතරක් මුට සමාව දෙමු කියලා මුට ගැහුවේ නැ.

    අනික තමයි 10, 11 වසර පන්ති බාර ටිචර් ගේ පන්ති ගිහින් නැවැත්තුවා කියලා හැමදාම මොනවට හරි අල්ලගෙන ගහනවා, පන්තියෙන් එලියට දානවා. පොත් විසිකරනවා.

    හැබයි හොද අ‍යත් හම්බවෙලා තියෙනවා.
    මටත් ඔය සීන් තමයි පේන්න බැරි. අපේ පංතියේ හිටපු ගුරුවරයෙකුගේ ළමයට ගහන්නේ හිමින්. හැබැයි ඌ ඉන්න නිසා පන්තියම දනගහන ඒවාට සෙට් උනේ නෑ. ගුරුවරුන්ගේ ටියුෂන්වලට එන්න කියන්නේ වහෙන් ඔරෝ.හැබැයි ගිහින් නැවතුනොත් විනාසයි. දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා හැබැයි ගොඩක් අය පට්ටම කුහකයි. අපේ පන්තියේ කොල්ලෙක් හිටියා ඌ සිංහල මිස්ට වඩා සිංහල දන්නවා. මිස් හැමදාම වචනවල මහාප්‍රාණ වරද්දනවා. මූ ඒවා කිව්වම මොනවහරි කියලා ඌව එළියට දානවා.
    පොඩි කාලේ පන්තියේ ඉදන් කෑම කනකොට කෑම ගෙනාපු නැති ළමයින්ට තමුන්ගේ බත් මුල දීපු ගුරුවරුත් ඉස්සර නම් හිටියා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ගුරු දෙවි වරුන්ට නරපනුවෝ බනිනවා නේද ?

    ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙවිවරු 38යි.. නරපණුවන් 06ක්..

    ගුරුවරයෙක්ගේ ලමෙක්ට ඉස්කෝලෙදි තියෙන සැලකිලි කොහොමද ???

    හැබැයි ගොඩක් අයිස් ගහපු ෆෙවරේෂන් කරපු ගුරුවරුන්ගේ ළමයින්ට පසුකාලීනව හරිගියේ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    mata nam jeewitheta hoda guruwaru kiyala hambune kihipa denaiy.anith ayanam ice gahannaiy kollonge ada kuda hoyannaiy kollanta gahannaiy witharaiy hitiye

    බොරු කියන්න ඕනි නෑ A/L වලට නම් මට සේරම හොඳ ගුරුවරු හම්බුනා. හොඳට ඉගැන්නුවාත් එක්ක. එයාලගෙයි අර වහුකුණු ගුරුහොරුන්ගෙයි තිබ්බ වෙනස තමා A/L උගන්නපු ඔක්කොම අයට උපාධි තිබ්බා
     
    • Like
    Reactions: wawula

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපෙත් එකෙක් හිටියා, බුරුසු රැවුලක් තියන එකෙක්, ඉතින් මේකා රැවුල කපාගෙන ආව දවසක්, අපි කොල්ලන්ට හිනා, මොකද පෙනුම හරි අමුතුයි, ඉතින් ක්ලාස් එකේදී මගෙන් ඇහුව ඇයි ඕයි තමුසේ හිනාවෙන්නේ කියල, මම කටපියාගෙන ඉන්නේ නැතිව සර් ගේ රැවුල කියල කිව්වා, මුළු ක්ලාස් එකේම උන් හිනා වෙන්න ගත්ත, අරූට තද වෙලා මගේ කලිසමෙන් ඇදගෙන ගිහින් එළියට දැම්ම :baffled:
     
    • Haha
    Reactions: aneasarayana

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ගොඩක් උන් ටීචින් කරන්නෙ ආසාවකට නෙමෙ නෙ බන් ?
    වෙන එව්වාට යන්න බැරි උනහම .
    ඔය ටීචින් ගිය උන්ට මෙඩිසින් ඉංජිනියරින් වගෙ සෙට් උනා නම් නොයා ඉඳිවිද ?

    එහෙමමත් පෙලක් අය ඉන්නවා පොඩි කාලෙදි ගුරුවරියක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ආස.
    එත් එහෙම ඉන්නෙ හරිම අතලොස්සයි .
    අනික් අය එන්නෙ අයිස් ගහන්න ,පෙන්ෂන් එකට ,තත්වෙට .
    and 2.30pm gedara ennai 45 days medical leave and 30 days normal leave ghanna one nisa ,, nathuwa mey reddey apita teach karanna athi asawata nemei 90 % teachers la