අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ.

මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක.