28 යනවා....

lilman

Well-known member
  • May 10, 2009
    40,748
    54,117
    113
    Colombo
    Ow oi kosala edirisighe kiyala inne.
    U Kiriye hitapu rattara da kiyala ahuwama maga arala yanawa. Pora baya athi Arabic sir la uge Hamba wirodi history eka dana ganiwi kiyala😂

    1815 සුද්දන්ට රෙද්ද ඉස්සුවෙත් මේ වගේ උන් වෙන්න ඇති බන්. :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මචන් සුබපතනවා


    මේකත් ඒ එක්කම කියන්න ඕන
    උඹල ගෙනාව හරකා දැන් වටේටම ඇනගෙන යනව. රට බේරගන්න කියල බිල්ලෙක් මවල හොඳට තිබ්බ රට වෙම්සිගේ පුතෙක්ට දීල කෙලවලම දැම්ම නේද ? කැනඩා ඉන්න කොටි එක්ක සෙට් වෙලා හරි කමක් නෑ මේ බල්ලෝ ටික එලවන්න උදව් කරපං
     
    • Haha
    Reactions: Idias and SLhuman

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....

    නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා.. :unsure: අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා.... :( මොනව කරන්නද...?

    තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා... :yes: ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:

    අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න... :( නැත්තං වෙන මගුලකට නෙවෙයි....

    වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕ නිසා....


    නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕ... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු..... :yes:
    jayawewa sahodaraya...... jaya wewa