28 යනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....

    නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා.. :unsure: අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා.... :( මොනව කරන්නද...?

    තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා... :yes: ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:

    අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න... :( නැත්තං වෙන මගුලකට නෙවෙයි....

    වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕ නිසා....


    නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕ... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු..... :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,020
    20,586
    113
    හස්තිශෛලපුර
    උබට හොදක් වෙනවනම් හොදයි..

    මේක නොකියම බෑ.. උබලා මේ රටට මේ වෙලා තියෙන විනාශෙට කෙලින්ම දායකඋන මිනිස්සු බං.. උබ ඔය කරන දේම තමයි රාජපක්ශ සක්කිලි ටික කරන්නේත් දැන්.. උන් රට විකුනනවා.. අන්තිමේ වෙන රටකට පැනගන්නවා..

    උබ නම් උබේ දේපල විකුනන්නේ,, ඒත් අර සක්කිලි අපේ ලමයිගේ ලමයින්ගේ ලමයින්ගේ දේපල විකුනන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    Wistea tiakak dahan
    Student or pr
    College ?
    Raten yanna hethuwa
    Married with children da ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,581
    22,724
    113
    අම්බකිස්ස
    ගියාට පස්සේ මේක හදන්න එන්න එපා බන්.උබ මේ රටේ ප්‍රශ්න ගොඩක් හදන්න කෙලිනම් සපෝර්ට් කරලා ප්‍ර්ශ්න උබට දැනෙන්න ගන්නකොට රට පැනලා හැංගෙනවා... GOOD LUCK MACHAN
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උබට හොදක් වෙනවනම් හොදයි..

    මේක නොකියම බෑ.. උබලා මේ රටට මේ වෙලා තියෙන විනාශෙට කෙලින්ම දායකඋන මිනිස්සු බං.. උබ ඔය කරන දේම තමයි රාජපක්ශ සක්කිලි ටික කරන්නේත් දැන්.. උන් රට විකුනනවා.. අන්තිමේ වෙන රටකට පැනගන්නවා..

    උබ නම් උබේ දේපල විකුනන්නේ,, ඒත් අර සක්කිලි අපේ ලමයිගේ ලමයින්ගේ ලමයින්ගේ දේපල විකුනන්නේ
    පිස්සුද බං... ලස්සන රටකට කවුද අකමැති.... මොනව කරන්නද...? අපි හැමදාම විකල්ප හොයනවා... ඒ විකල්ප වලට හැංගිලා පුරුදු ජඩ දේශපාලකයාම කරළියට එනවා... මම නං හිතන්නේ නෑ මේ ක‍්‍රමය අපේ ජීවිත කාලයේ දී කරන්න පුලූවන් වෙයි කියලා... අපි හරි කාළකණ්නි පරම්පරාවක්... ජේවිපි පේ‍්‍රමදාස භීෂණය, කොටි, සුනාමි, වසංගත මොනවද අපි නොදැක්කේ.... සියවස් දෙකක සහශ‍්‍ර දෙකක ඕපපාතික පරම්පරාවක් අපි....
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    tXAHWjn.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Building eke money kohomada geniyanne?
    ඒක තමයි නියම වැඬේ.... අහන්න වටින ප‍්‍රශ්නයක්.... ක‍්‍රමයක් සෙට් වුණා... ඒක මේකේ කියන්න පුලූවන්ද කියන ගැටලූව තියෙනවා....
     
    • Like
    Reactions: sami_boy

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං වෙන එකෙක්ට මෙහෙම විශ් කරන්නේ නෑ.
    ඒත් උබට නම් ඒ රටට ගියාට පස්සේ බර පන්තියෙන් කෙළවෙන්න ඕනි.
    කල්ලෙක්ගේ අතින් පොලු පාරවල් කාලා අබ්බගාත වෙලා උබ මැරිලා යන්නේ.
    අබ්බගාත වෙලා හෝම්ලස් වෙලා පාරේ හිගාකද්දී උබට මතක් වෙයි උබේ ඔය නුවර සුන්දර මතකයන්. :lol:
    පාරේ ඉදගෙන අඩ අඩ මැරිලා පලයන්.
     
    Last edited:

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Good Luck machoo. Wadiya Hithanna epa. Long Term oya Goda. Eka hithala Santhosa wenna. Aye me paththa palathe enna epa..
     
    • Like
    Reactions: NRTG