කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....
නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා..
අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා....
මොනව කරන්නද...?
තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා...
ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....
අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕනද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න...
නැත්තං වෙන මගුලකට නෙවෙයි....
වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕනවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕන නිසා....
නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕන... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු.....