උඹ කියපු එක යම් තාක් දුරකට එකගයි ..මම මේ ප්රශ්නය හොදට අවබෝද කරන් ඉන්නේ මචන් දැන්..තියෙන ප්රධානම ප්රශ්නය ක්ෂණික කේන්තිය හා දෙයක් දරා ගන්න නොහැකියාව ...එයාට එන කේන්තියට එයාට වටේ අය අදාල නැහැ ..මොකා හිටියත් බනින්න හිතුනොත් හිතට එන ඕනි දෙයක් කියල බනිනවා ...ඒ දේ අපි යාලු වෙලා හිටපු දවස් වල ඉදන් තිබුන දෙයක් මම පුළුවන් තරම් ඒ දවස් වලත් මේක කතා කරලා කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...අන්තිමටම මම ඉවසල ඉවසල බැරිම තැන affair එක නතර කලා ...එතකොටත් එයා depression ලෙවෙල් එකට ඇවිත් තිබ්බ ...wife ගේ අම්ම මට ඒ දවස් වල කතා කරලා කිවුවේ මෙයාව marry කරන්න ඕනි නෑ නොර්මල් වෙන්නවත් අඩුම තරමින් කතා බහ කරන්න කියල .එයාලගේ ගෙදර සහෝදරයෝ එයාගේ යාලුවන්ගේ නෑදෑයින්ගේ ඉල්ලීම උනේ ඒක ..මගේ තිබ්බ කරුමෙටද මනුස්සකමටද මන්ද අපේ අම්මා තාත්තා මගේ හොදම යාලුවෝ පවා එපා කියද්දී මම ඒ උගුලේ අහු උනා ...අහු වෙලා කතා බහ කරන්න ගත්තා ..marry කරන කම් මීයා වගේ හිටියා ..මමත් හිතුවා ඔක්කොම දේවල් දැන් හරි කියල marry කලා ..marry කරලා මුලින් අපි වෙනම හිටියේ ...එතකොටත් කේන්ති යන සීන් එක ටිකක් තිබ්බ ..මම ඒවා ගණන් ගත්තේ නැහැ බන් . ඒ වෙනකොට අපේ ගෙදරින් ලොකුවට අවුලක් තිබ්බේ නැහැ ..කොටින්ම අපේ අම්ම wifta කෙලින්ම කතා කරලා දුක සැප අහනවා මට කතා නොකර ..තාත්ත අසනීප වෙලා ඇවිදින්න අමාරු උනාම අපි ආවා අපේ ගෙදර ..ඊට පස්සෙත් අව්ලක් තිබ්බේ නැහැ ලොකුවට ..හැබයි මගේ එක්ක පොඩි දේටත් රණ්ඩු උනා ..මම ඕවා ඉවසන් සද්ද නැතුව හිටියා ..පොඩි එකා ලැබුනට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා ..පොඩි එකා ලැබිලා මාස 6ක් යනකන් wife එයාලගේ අම්මලාගේ දිහා හිටියේ ..හබැයි මම පුළුවන් හැම වෙලාවේම එයා ලගින් හිටියා හැම දේකදිම..එතකොටත් ඔය කේන්ති සීන් තිබ්බා ..ඒක මම care කලේ නැහැ ඔය කාලෙට ඒක නොර්මල් නිසා ..අපේ ගෙදර එන්න එයා වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ ..හේතුව අම්මලාගේ දිහා ඉන්නකොට හැම දේම ඒ මිනිස්සු කලා ..අපේ ගෙදර ඇවිත් මාස 5-6 යනකොට ප්රශ්න වැඩි වෙන්න ගත්ත ..අපේ ගෙදර ඇවිල්ලත් එයා ලොකුවට මහන්සියක් තිබ්බේ නැහැ කරන වැඩ වලට..එයා උදේට නැගිටලා උදේටයි දවල්ටයි කෑම හදනවා ..මම එයාව office එකට ගිහින් දානවා ..ආයේ හවස එක්කන් එනවා ..ආවාම පොඩි එකා නිදි කරවන්න විටරයි තියෙන්නේ ..රෑට අම්ම අපිටත් එක්ක කෑම හදනවා ..සමහර දවස් වලට පොඩි එකා නිදි කරවන්නෙත් මම ...වීක් එන්ඩ් එකට එයාලගේ දිහා යනවා .මචන් පොඩි දේවල් එයා ලොකු කරගෙන රණ්ඩු කරනවා ..මට අන්තිමට කලකිරිලා අයින් වෙන්න හැදුව විතරයි ගියා doc කෙනෙක් හම්බ වෙන්න ..ආයේ depression කියනවා ..උඹම කියපන් කොහොමද ඔහොම ගැනියෙක් එක්ක ජිවත් වෙන්නේ කියල..ළමය නිසා ඉවසුව..හැබැයි මෙයලා ඒක ආයුදයක් කරන තියෙන්නේ ...
බැලුවහම උබටත් තියෙන්නේ මට තිබ්බ ප්රශ්න ටිකමයි .උබේ wife හොදයි යකෝ.ඉස්සෙල්ලම, පොඩි ටිකක් (මම කරපු) කියන්නම් කැමතිනම් කරලා බලන්න.wife ව care කරන්න යන්න එපා ගෙදරදී ඉන්නවනම් හිටපන් නැත්නම් පලයන් ගානට ඉන්න.පොඩි එකත් එක්කම ඉන්න (මටනම් පාඩු උනේ පිගන් 2යි wife උන් මහදවල් ගෙදරින් එලියට දාපු එක විතරයි පලයව් ආයේ මේ මගුල ඕනෙනම් පැත්ත පළාතේ එන්න එන්න එපා කියල එලෙව්වේ.අත්දුටුයි ප්රත්යක්ෂ උනා මටනම් )
1.wife උන්ට ගිහින් කියන්න මේ මගුල හරියන්නේ නෑ ඔයාල කියපු හින්ද මම බැන්ද .මේ යක්සනි තාම ඒ වගේම තමයි .තව මාස 3කින් මොන ක්රමේකින් හරි ඔය පිස්සුව හොදකරත්තේ නැත්නම් ඩිවෝස් කරනවා කියල. රන්ඩු වෙච්ච් ගමන් කතා කරලා කියපන් මෙන්න අදත් පටන්ගත්ත මේ මගුල හරියන්නේ නෑ කියල wife ගේ අම්මට,තාත්තට එයාලගේ පැත්තේ ඔක්කොම උන්ට (තෝ ඇත්තට කරන්නේ නෑ හොදේ )ගොඩක් වෙලාවට උන්ගේ උන් ප්ර්ෂර් කරනකොට wife ට හැදෙන්න බලයි .
2.මාස 3 වෙනකොට අඩුවක් නැත්නම් කෙලින්ම ලමයවයි wife වයි මේ පිස්සුව හරියන්නේ නෑ කියල උන්ගේ ගෙදරට ගිහින් දාපන්.ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියල .මොනම ක්රමෙකටවත් කතාකරන්න සැප දුක අහන්න යන්නේ එපා .ටිකදවසක් යනකොට අනිවාර්යෙන් කතාකරනවා අපිට බැරිද ඉස්සර වගේ ඉන්න වගේ වැල් බයිලා කියාගෙන.
3.ගණන් ගන්න එපා ඊටපස්සේ හොදට tip 5-6 විතර ගිහින් enjoy කරන ෆොටෝස් දාපන් FB එකේ wife ට පෙන්න.
4.විෆේ ම ආයේ ගෙදර එයි ළමයත් එක්ක ඔය ඩිප්රේශන හොද වෙලා