මේ ත්රෙඩ් එක දාන්නේ මගේ information වලට, ජපන් වලට job recruit කරන පොරක් සෙට් උනා, පොර ජපානේ ඉන්න Canadian එකෙක් (ජැප්පියෙක් බැඳලා ලමයි දෙන්නෙක් එහෙම ඉන්නවා) පොර කියනවා මට Man-power හොයලා දෙන්නලු. මට commission එකක් දෙන්නම්ලු. Hard-Labor / Prime-Movers වගේ Warehouse related ජොබ් ලු තියෙන්නෙ.
මොන දේ කරන්නත් කලින් ජපානේ ගැන දැන කියා ගන්න හිතුනා , මොකද ලංකාවේ එකෙක්ව රටකට යවනවානම් උන්ව හොඳ තැනකට යවන්න ඔනි නිසාත්, මැදපෙරදිග කාලයක් හිටිය එකෙක් විදියට රට කෙරුවාව / කාපු පරිප්පු මම හොඳට දන්න නිසාත්. අනික commission එකක් ගන්නවා නම් ඒකට යාදින විදියට වැඩේ කරලා ගන්න ඔනි නිසාත්.
ජපන් ගැන උබලා දන්න දේවල් කියාගෙන පලයල්ලා, ජපන් ඉන්න උන් නම් ගොඩක් හොඳයි (රට ඔස්තාර්ලා වගේ උන් නැතුව). ප්රධාන වශයෙන් දැනගන්න උවමනයි ඔය
- Living cost as a comparison. (අතට ගානක් අරන් ඉතිරි කර ගන්න)
- Quality of life as a comparison. (ඉතිරි කර ගන්න ගමන් සැපක් දාන්න)
- Living culture as a comparison. (ඔය racism වගේ සීන්)
.. ජපනුත් බැරුව මම දැන් මේ අවුරුදු 7ක් ඉන්නේ කිසිම කරදරයක් නැතුව...