රුසියාව හිතපු තරන් යුද්දෙ ලේසි නෑ වගේ.... කොහොමත් ඇමරිකන්කාරයො වගේ උඩින් ගහුවෙ අඩුවෙන් වගේ නේද... රුසියාව මිසයිල වලට වඩා මල්ටි යොදා ගන්නේ වියදම අඩු කරන්න ද???
රුසියාවෙ ආර්තිකයට මොකද වෙන්නේ...
හේතුව ගයිඩඩ් වෙපන් හිඟකම
වියදම අඩු කරගන්න තමයි ඒවා අඩුවෙන් හදන්නේ.ඒ වෙනුවට තමයි රොකට් වගේ අන්ගයිඩඩ් වෙපන් මහා පරිමාණයෙන් පාවිච්චි කරන්නේ.
සීතල යුද්දේ කාලේ ඉදලා ගයිඩඩ් වෙපන්ස් වැඩිපුරම තිබ්බේ ඇමෙරිකන්කාරයෝ අතේ.අදටත් ඒක එහෙම තමයි.රුසියාව අදටත් ඉන්නේ පස්සෙන්.ඇමෙරිකන් ,සෝවියට් මෙහෙයුම් ,උපාය මාර්ග එකකට එකක් වෙනස්.
ඇමෙරිකන් ආමි එක හදලා තියෙන්නේ ෆවර් එක ප්රොජෙක්ට් කරන්න .ඒකෙන උන්ට ලොකුම නේවි එකයි,එයාර් ෆෝර්ස් එකයි තියෙන්නේ.
සෝවියට් සයිඩ් ඒක බර දුන්නේ පාබල හමුදාවට.ඒකයි අදටත් ආටි,එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වැඩිපුරම තියෙන්නේ රුසියාව පැත්තේ.සෝවියට් කාලේ ඉදලා වැඩියෙන්ම පාවිච්චී කලේ අන්ගයිඩඩ් රොකට්.හැබැයි මහා පරිමාණයෙන්..ඒ ගහන ගැහිල්ලට ඕන හමුදාව මොරාල් එක කැඩෙනවා .අන්ගයිඩඩ් වෙපන් වැඩිපුර පාවිච්චි කරන එකේ ආර්ථික වාසියක් තියෙනවා.සෝවියට්/රුසියන් ආර්ථිකය වගේ නෙමෙයි ඇමෙරිකාව.උන්ට ගයිඩඩ් වෙපන් ඕන තරම් හදන්න පුලුවන්.
හැබැයි ගයිඩඩ් වෙපන්/මිසයිල අඩුකමේ අවාසිය තියෙන්නේ රුසියන් ගුවන් හමුදාවට.බෝම්බ දාන්න ගිහින් නියමුවන්ට ජීවිත පුදන්න වෙනවා.ඇමෙරිකන්කාරයෝ කරේ තියෙන ගහන බඩු හැමතැනම බෙදලා ඇත්තේ javelin වගේ