සබන් හදමු

සබන් මිල ඉහල ගිය නිසා ගෙදරදීම සබන් හදා ගන්න විදිහක් කියලා දෙන්නම්කෝ. කැමති නම් විකුණන්නත් පුලුවන්.
ගෙදරදීම සබන් හදමු.
මිලියන ගානක් වටින බිස්නස් අයිඩියා එකක්.
ගොඩක් අය හෑල්ලුවට හිතන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන්න පුලුවන් (මමත් මේ විදියට අත්හදා බැලුවා ) වගේම හොද වෙලද පොලක් තීනවා. මම දැක්කා මෙහෙම හදපු සබං කෑලි 3ක් රු.100 අලවි කරනවා හොද ඉල්ලුමක්ත් තිබුනා මොලද වෙලදපොලේ තීන අනෙකුත් සබං එක්ක බලනකොට මේ සබං මිලෙන් අඩුයි හදන්නන්යන පිරිවැයතෙක්ක වෙලෙන්දාට හා පාරිබෝගිකයාට ගොඩක් ලාභයි.
. හදන විදිය(ඔයාලට පුලුවන් මේක ඩිවලොප් කරලා අලුත් ව්දියයකට හදන්න)
★උසස් තත්වයේ සබන් නිවසේදීම.★
සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය.
සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ total fatty matter (TFM) අගයයි. එය සන්ලයිට් වැන්නක 54% ක්. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා. ලක්ස් වැනි සබං වල සත්ව තෙල් අඩංගු නොවන බව සඳහන් වෙනවා.
පොල් තෙල් හා කෝස්ටික් සෝඩා භාවිතා කර උපරිම TFM අගයට ලඟා වෙමින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ සබන් ගෙදරදීම හදාගන්න පුලුවන්.
අවශ්‍ය දේ
පිරිසිදු පොල් තෙල් : කලවම් තෙල් ගන්න එපා මිනුම් වරදිනවා. පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්න එපා. හොඳ පොල් තෙල් ලීටරයක් 600/- විතර වෙයි.
කෝස්ටික් සෝඩා (NaOH) : පිටකොටුවේ භංගසාල වීදියෙන් ගන්න පුලුවන් ග්‍රෑ. 250ක් 50/- යි.
පිරිසිදු වතුර
සුවඳ කාරකයක් : මම දාන්නේ කේක් වලට දාන එසන්ස්. කුප්පියක් 75/- යි.
සබන් අච්චු : ඕනෑම සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප්…
මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් : අයිස්ක්‍රීම් කප් එකක් වගේ.
Hand mixer හෝ beater එකක්.
සැ.යු.
කෝස්ටික් සෝඩා ප්‍රබල භස්මයක්. අතේ ගාගන්න එපා. අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ. ගොඩක් ගාගත්තොත් හම යයි. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.
කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.
ක්‍රමය:
සබන් හදන එක සම්බෝලයක් හදනවාටත් වඩා ලේසියි. මේකේ අමාරුම වැඩේ තමයි කෝස්ටික් සෝඩා ටික හරියට කිරාගන්න එක.
ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒක නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ලඟ තියෙන කඩේට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගෙන එන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකේම තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ. ඒවා ගෙදර තරාදියෙන් මැනගත හැකියි.
අනුපාතය: තෙල් ග්‍රෑ. 540 ට සෝඩා ග්‍රෑ. 97 යි, වතුර ග්‍රෑ. 242 යි.
1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.
2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.
3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.
4. විනාඩි 10ක් විතර බීට් කරලා අච්චු වලට වක් කරලා වහලා තියන්න.
5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරන කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.
මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ moisturizing සබන් කියලා කියනවා. ඇඟේ ගාන්න හොඳයි. චුට්ටක් ගෑවත් හොඳට පෙන එනවා. අත්දුටුවයි.
උපුටා ගැනීමකි.
උත්සහ කරලා බලන්නකෝ.