මම එකෙක්. හේතු තියෙනවා.
මට මව්බිම එක්ක ප්‍රශ්ණ නෑ. ඒ වගේම රටට කෙලවෙනවා කියල දෙයක් නෑ. කෙලවෙන්නේ ප්‍රධාන වශයෙන් රටේ ඉන්න මිනිස්සුන්ට හා දෙවනුව රටේ සම්පත් වලට.
හේතු ගොඩක් තියෙනවා. ජනවාර්ගිකව නොගත්තත් සියලු ලාංකිකයන් ජීවත් වෙන රටාවට මම කැමති නෑ.
සුද්දෝ එලෙව්වා, පක්ශ ගෙනාවා, උන් එලවලා තව උන් ගෙනාවා, ආයේ උන් එලවලා පරණ උන් ගෙනාව ඒ ගෙනල්ලා කෙලවේගෙන එනකොට අපි හම්බුකරොත් අපි කනවා අනික් උන්ට මොක වුනත් අපිට වැඩක් නෑ ගානටම ආව.
දැන් වෙනකොට තම තමන් හම්බුකරත්, රටේ ආන්ඩුවට ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට නොහැකි වනකොට මිනිස්සු ඒ වෙනුවෙන් සුලු හඬක් නැගුවට තාවකාලිකව විසඳුම් ලැබෙනකොට ඒවා තාවකාලික බව දැන දැනත් පරන පුරුදු භාවිතයෙම ඉන්නවා.
පෙරලුන පිට හොඳයි කියල ඉන්න ශ්‍රි ලාංකිකයින්ගෙන් රටට වෙන යහපතක් නෑ. ගොඩක් අයට මේ ප්‍රශ්ණේ ගැන තාමත් කිසි වැටහීමක් නෑ. මම ඒකමයි කිව්වේ හේවායෝ බඩගිනි වෙනකන් අරගල ආරම්භ කරල ඇති වැඩක් නෑ කියල.
මේ පුරුදු වුන ආත්මාර්තකාමී මානසික තත්වයෙවන් රට ගොඩගන්න නම් රටට එක ඩොලර් එකක්වත් යවන්නේ නැතිව ඉන්න උන්ට අකුලෝලම යන්න දීලා හැම මනුස්සයටම ප්‍රශ්ණේ නිවැරදිව දැනෙන්න දීලා. නීතිය නිවැරදිව බලාත්මක වෙන්න ඉඩ දීලා, වැරදිකරුවන් හඳුනාගෙන සියලු වත්කම් රාජසන්තක කොට හරි තැනකින් දේවල් වෙනස් වෙනකන්ම කෙලවෙනවට මම ආසයි.
මොකා මොන සුරංගනා කතා කිව්වත් එක ඩොලර් එකක් යවන්න එපා. ඉන්න උන් ඉන්නේ කුඩු ගහලා දවසේ පාවෙන්න බලන්. සික් එක වැඩි උන් තමයි ඩොලර් එවපල්ලා, ණය ගනිල්ලා කියල වැලපෙන්නේ. හැබැයි උන් කියන්නේ නෑ ඕව එවන්න කියන්නේ උන්ට ආතල් එකේ ඉන්න කියලා

