බුද්ධාගමේ කොහොමද මේක ගැන සදහන් වෙලා තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ හරියටම, හැබැයි අපි දැන් 'විද්‍යාව' කියල හදුන්වන දැනුම් පදපද්දතියෙ මේ ගැන theories සදහන් වෙනවා.
Time dilation නිසා, කෙනෙකුට අනාගතයට යන්න පුලුවන් බව මේ වෙනකොට පිලිගන්න මතයක්. මේක, අභ්‍යවකාශයේ ඉදල එන මිනිස්සු , ඉතා කුඩා පරිමානයෙන් අත් විඳල තියනව. මෙතනදි වෙන දේ ගැන ගොඩක් අය අහල ඇති, මොකද මේක ගොඩක් ප්‍රසිද්ධ සංසිද්ධ් යක්. මෙතනදි හැබැයි අර thought experiments වල සඳහන් වෙන paradoxes මොනාවත් වෙන්නෙ නැහැ. Time dilation එක අත් විඳින කෙනාගෙ, biological age එක, පෘථිවියේ ඉන්න අයට සාපේක්ශව හිමින් යන්නෙ. මේ නිසා ඒ පුද්ගලයා, ආපහු පෘථිවිය ට එද්දි, පෘථිවියේ අවුරුදු ගනනාවක් ගතවෙලා තියෙන්න පුලුවන්. මේක theoretically බැලුවොත්, අනාගතයකට වගේ යෑමක් තමයි.
මේ විදිහටම, wormholes සහ time dilation පාවිච්චි කරල අතීතයට යන්න පුලුවන් විදිහකුත්, scientist ල හොයාගෙන තියනව. මේක්නම් හැබැයි මනක්කල්පිත පරීක්ශනයක්. මොකද තාම wormholes වල පැවැත්ම හොයාගෙන නැති නිසා. මේකෙදිත් හැබැයි අර කියන paradoxes ඇතිවෙන්නෙ නැහැ. මේකෙදිත් අර අනාගතයට ගියා වගේම , biological වයස් අතර පරතරයේ වෙනසක් විතරයි වෙන්නෙ.
හැබැයි මන් හිතනව glitch මෙතන අහල තියෙන්නෙ, මේ වගේ කාල තරණයක් ගැන නෙමි කියල. කාට හරි අහන්න පුලුවන්, කාලතරණය කරන්න පුලුවන් යන්ත්‍රයකින් (අපි ගතකරපු අතීතයේ මොහොතකට හරි ගත කරන්න නියමිත අනාගතයේ මොහොතකට හරි යන්න පුලුවන් ආකාරයේ මැශිමක්) හරි, මනෝකාය හරි පාවිච්චි කරල , කාල තරණයක කරන්න බැරිද කියල.
මම නම් හිතන විදිහට, එහෙම යන්ත්‍රයක් ආධාරයෙන්, කාල තරණය කරන්න හැදුවොත්, අපි වෙන timeline එකකට / parallel time-line එකකට වැටෙනව. එහෙම නොවී අපි ගතකරපු/ ගත කරන්න නියමිත time line එකට වැටුනොත් තමා අර කියන paradoxes ඇති වෙන්නෙ. හදිසියේ වත් අපේ time line එකට වැටුනොත්, අපිට ඒ වෙන events එක්ක interact කරන්න බැරි වෙනව. නිකන් movie එකක් බලනව වගේ තියෙයි එතකොට