මෙහෙමනෙ machn.... ඔන්න x කියල මනුස්සයෙක් ඉන්නව. එයා කාලයේ වේගයට ආසන්න වේගයකින්, black hole එකක් ගාවට යනව, ගිහිල්ල එයාගෙ කාලයෙන් (යානයේ ඇතුලෙ ඔරලෝසුවෙන්) මාසයක් ඒක ගාව orbit වෙලා ඉන්නව. මේ black hole එක supermassive black hole එකක් කියල හිතමු, එතකොට ඒක ගාව කාලය තවත් හිමින් ගලා යන්නෙ. (කාල අවකාශයේ නැමීම නිසා. ) දැන් මේ x , ආලෝකයේ වේගයට ආසන්නව ගිය නිසාත්, black hole එකක් වගේ අධික ගුරුත්වයක් (පෘථිවිය ට සාපේක්ශව) තියන තැනක හිටපු නිසාත් x අත්විඳින time dilation එක ගොඩක් අධිකයි (සාපේක්ශතාවාදයට අනුව) x, මේ විදිහට black hole එකක් ගාව ගතකරපු මාසෙ, පෘථිවියේ කාලයෙන් බැලුවොත් අවුරුදු හෙන ගානක් වෙන්න පුලුවන්. ඉතින් x ආයි පෘථිවිය ට එද්දි, එයා වයසට ගිහින් තියෙන්නෙ මාසයයි. ඒත්, එයා පෘථිවියෙන් යද්දි, එයා එක්ක සම වයසෙ හිටපු කට්ටිය, එයාට වඩා ගොඩක් වයසට ගිහිල්ල. සමහර විට නාකි වෙලා ඉන්නත් පුලුවන්. ඒත් එක්කම, මේ x , මේ ගමන පිටත් වුනේ, 2022 කියල හිතමු, ආයි පෘථිවිය ට එද්දි, දැන් අවුරුද්ද, 2050. ඒත් මෙයා (x) වයසට ගිහිල්ල තියෙන්නෙ මාසයයි. ඉතින් මෙයාට 2022 ඉදන් පෘථිවියේ වෙච්ච තාක්ශානික, සමාජීය... මේ වගේ වෙනස්කම් ඔක්කොම අත් විදින්න පුලුවන්... ඒක නිකන් අවුරුදු ගනනාවක් තිස්සේ වෙච්ච වෙනස්කම්, මාසෙකින් අත්විඳින්න පුලුවන් වෙනව වගේ වැඩක්. ඉතින් මේක සිද්දාන්තයක් විදිහට ගත්තොත්, අනාගතයට යෑමක් තමයි. Interstellar movie එකේ වෙන්නෙත් මේ දේ ම තමයි.මේ කතාව 100% ක් හරි. අයින්ස්ටනි ලොක්කා ගේ රෙලටිවිටි කියන්නේ සරලව ඕකනේ. ගුරුත්ව දෙකක කාලය කියන මුලික ඒකකය වෙනස්. බැහැයි මචන් කාලය සාපේක්ෂව අඩු උනා කියල ඒ ලෝකේ ඉන්න කෙනාට අනෙක් කෙනාගේ පාස්ට් එකට යන්න බැනේ. එනයින් ෆියුචර් එකට යන්නත් බැනේ
මේ concept එක ම පාවිච්චි කරල, wormhole එකක් භාවිතයෙන් මේ විදිහට අතීතයට යන්නත් පුලුවන්.
මේ ක්‍රම 2 ම, x වගේ දෙන්නෙක් ඉන්න... ඒවගේ paradoxes ඇතිවෙන්නෙ නැහැ, මොකද x ඉන්න time line එකට ඒක බාධා කරන්නෙ නැති නිසා. Biological age difference එකක් වෙන්නෙ.