දවසේ සමස්තය ගත්තොත්,
රුපියක් 20ක් දීලා ප්රවේශපත්රක් නිකුත් කරනවා ඇතුලට එන්න.
රජයේ විශ්වවිද්‍යාල වල ඉගනුම ලබන දරුවන්ට ඇතුල්වීම නොමිලේ.
වෙනදා තරම් වෙළද කුටි නොමැති වුනා කියුවට (නැත්තේ ඇතුල්වුණා ගමන් දකුණ තියෙන කාර් පාර්ක් එකේ තිබ්බ කුටි විතරයි) පොත් මිලදීගන්න එන ජනතාවගේ කිසිම අඩුවක් නැහැ.
සුපුරුදු පරිදි කොත්තු මි, පැණි බිම, තේ, කොපි, පානිය ජලය ( නොමිලේ) ලබාගන්න පුළුවන්. ගල්කිස්ස හෝටලෙන් සුපුරුදු පරිදිම ආහාර මිලදීගන්න පුළුවන්.
ස්වර්ණ පුස්තක සහ අනෙකුත් සම්මාන සදහා නිර්දේශ පොත් කුටි 25ක පමණ ඔබට මිලදී ගන්න පුළුවන්.
පොත්වල මිලගණන් වල ඉතා ලොකු වැඩිවීමක් නැහැ. 2022ට කලින් පොත් පරණ ගානටම ගන්න පුළුවන්. 2022 මුද්‍රණය කල පොත් වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශ්ෂයෙන් කියන්න ඕන, තෝරාගැනීමට පොත් ඉතා විශාල ප්‍රමාණයක් මෙම වසරේ දක්නට ලැබෙනවා. අන් කවර වසරකටත් වඩා ඉතා වටිනා, වැදගත්, කියවිය යුතුම පොත් විශාල වශයෙන් කුටි වල සපයා තියෙනවා.
අබ්යාස පොත් සුපුරුදු පරිදි මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව stationery තියෙනවා සුපුරුදු ලෙසම.
ඩිමන් ආනන්දගේ නිර්මාණ වලට ආස අයට කියන්නේ. ඩීමන් ආනන්දගේ පොත් ටිකක් එලියට ඇවිත් තියෙනවා. හොදට හොයල බැලුවොත් හම්බෙනවා. මම ගත්තේ නැහැ කලින් අරන් තිබ්බ නිසා. පරිවර්තන වැඩිවෙලා මේ පාර.
තව දැක්ක දෙයක් තමයි, කතාමාලාවන් ලෙස ගලායන ( උදා : ශිව 1/2/3 & රාමා 1/2/3 ) පොත්, මෙවර පොත් විකුණන අය සහනදායි මිලට එක පැක් එකක් ලෙස විකුනනවා. ඒ පැක් එක මිලදී ගන්න පුලුවන්නම් අමතර මුල්‍යමය වාසියක් පොත් පරිශීලනය කරන අයට ලබාගන්න පුළුවන්,
හරිම උනන්දුවක් තියන්නේ වැඩිමහල් කෙනා සිට පුංචි දරුවන් දක්වාම.
පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදලා කලපනා කරාම හිතෙනවා " මෙහෙව් මිනිස්සු ඉන්න රටක් නෙහෙ මෙච්චර දුක් විදින්නේ කියලා"
වෙලාව අරන් ඇවිදින්න. රස්නේ ටිකක් වැඩි. මුක ආවරණයක් පැළදගෙන යන්න.