COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

lilman

Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    SLBC & Rupavahini තිබ්බා මචන්.
    Torana නැහැ. මමත් කීටයා හොයාගෙන ගියා.
    එතන හිටපු කෙනෙක් මට ටොරානා එකේ Ranjith ගේ නම්බරේ දුන්න ( 0777313674 )
    මම පොරට කතාකරලා කීටයා 1,2,3 ඔර්ඩර් කරා. උබත් කෝල් කරලා කියපන් ඕනකරන ටික.
    ඊටපස්සේ බම්බලපිටියෙන් හරි නුගේගොඩින් ගන්න පුළුවන්

    රූපවාහිනියෙ කාටූන් ,ටෙලිනාට්ටි DVD සෙට් එක ත්බ්බද දන්නෑ නේද ?
     
    • Like
    Reactions: Walter White

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    තිබ්බා මචන්. සිරිමාවෝ එක ඇතුලට ගිය ගමන් වම් පැත්තේ
    අර මචං බාගෙන් තිබ්බ පැත්තේ මොකක්ද තිබ්බේ කෙල්ලො ටිකක් එහෙම හිටියේ ඇතුලේ ලයිට් දාලා. ඉනොවේශන් හාරී මොකක් හරි මඟුලක් නේද. මට ඒක මොකක්ද කියලා හරියට හොයාගන්න බැරි උනා.
     
    • Wow
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,713
    113
    දෙහිවල
    අර මචං බාගෙන් තිබ්බ පැත්තේ මොකක්ද තිබ්බේ කෙල්ලො ටිකක් එහෙම හිටියේ ඇතුලේ ලයිට් දාලා. ඉනොවේශන් හාරී මොකක් හරි මඟුලක් නේද. මට ඒක මොකක්ද කියලා හරියට හොයාගන්න බැරි උනා.
    අඩෝ දැක්කේ නැහැනේ. කෙල්ල මට කලින් දැකලා පැත්ත මාරු කරාද දන්නේ නැහැ.

    ලස්සන වැඩසටහනක් තිබ්බ සිරිමාවෝ එකට ඇතුල්වෙන්න කලින් දකුණු පැත්තේ. පොත් පහදනවා ලියපු අය ඇවිත් නුතන උදාහරණ එක්ක. මැලිබන් එක කට්ටිය පොඩි ක්‍රීඩා වැඩසටහනක් කරනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,713
    113
    දෙහිවල
    දවසේ සමස්තය ගත්තොත්,

    රුපියක් 20ක් දීලා ප්‍රවේශපත්‍රක් නිකුත් කරනවා ඇතුලට එන්න.
    රජයේ විශ්වවිද්‍යාල වල ඉගනුම ලබන දරුවන්ට ඇතුල්වීම නොමිලේ.
    වෙනදා තරම් වෙළද කුටි නොමැති වුනා කියුවට (නැත්තේ ඇතුල්වුණා ගමන් දකුණ තියෙන කාර් පාර්ක් එකේ තිබ්බ කුටි විතරයි) පොත් මිලදීගන්න එන ජනතාවගේ කිසිම අඩුවක් නැහැ.

    සුපුරුදු පරිදි කොත්තු මි, පැණි බිම, තේ, කොපි, පානිය ජලය ( නොමිලේ) ලබාගන්න පුළුවන්. ගල්කිස්ස හෝටලෙන් සුපුරුදු පරිදිම ආහාර මිලදීගන්න පුළුවන්.

    ස්වර්ණ පුස්තක සහ අනෙකුත් සම්මාන සදහා නිර්දේශ පොත් කුටි 25ක පමණ ඔබට මිලදී ගන්න පුළුවන්.
    පොත්වල මිලගණන් වල ඉතා ලොකු වැඩිවීමක් නැහැ. 2022ට කලින් පොත් පරණ ගානටම ගන්න පුළුවන්. 2022 මුද්‍රණය කල පොත් වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශ්ෂයෙන් කියන්න ඕන, තෝරාගැනීමට පොත් ඉතා විශාල ප්‍රමාණයක් මෙම වසරේ දක්නට ලැබෙනවා. අන් කවර වසරකටත් වඩා ඉතා වටිනා, වැදගත්, කියවිය යුතුම පොත් විශාල වශයෙන් කුටි වල සපයා තියෙනවා.

    අබ්යාස පොත් සුපුරුදු පරිදි මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව stationery තියෙනවා සුපුරුදු ලෙසම.

    ඩිමන් ආනන්දගේ නිර්මාණ වලට ආස අයට කියන්නේ. ඩීමන් ආනන්දගේ පොත් ටිකක් එලියට ඇවිත් තියෙනවා. හොදට හොයල බැලුවොත් හම්බෙනවා. මම ගත්තේ නැහැ කලින් අරන් තිබ්බ නිසා. පරිවර්තන වැඩිවෙලා මේ පාර.

    තව දැක්ක දෙයක් තමයි, කතාමාලාවන් ලෙස ගලායන ( උදා : ශිව 1/2/3 & රාමා 1/2/3 ) පොත්, මෙවර පොත් විකුණන අය සහනදායි මිලට එක පැක් එකක් ලෙස විකුනනවා. ඒ පැක් එක මිලදී ගන්න පුලුවන්නම් අමතර මුල්‍යමය වාසියක් පොත් පරිශීලනය කරන අයට ලබාගන්න පුළුවන්,

    හරිම උනන්දුවක් තියන්නේ වැඩිමහල් කෙනා සිට පුංචි දරුවන් දක්වාම.
    පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදලා කලපනා කරාම හිතෙනවා " මෙහෙව් මිනිස්සු ඉන්න රටක් නෙහෙ මෙච්චර දුක් විදින්නේ කියලා"

    වෙලාව අරන් ඇවිදින්න. රස්නේ ටිකක් වැඩි. මුක ආවරණයක් පැළදගෙන යන්න.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    මේ වෙලාවෙ බුක් ෆෙයා එකේ ඉන්න කෙනෙක් හෝ යන්න ඉන්න කෙනෙක් ඉන්නවද ??

    පොඩි විස්තරයක් දැනගන්න ඕනෙ... උදව්වක්
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හරිම උනන්දුවක් තියන්නේ වැඩිමහල් කෙනා සිට පුංචි දරුවන් දක්වාම.
    පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදලා කලපනා කරාම හිතෙනවා " මෙහෙව් මිනිස්සු ඉන්න රටක් නෙහෙ මෙච්චර දුක් විදින්නේ කියලා"

    වෙලාව අරන් ඇවිදින්න. රස්නේ ටිකක් වැඩි. මුක ආවරණයක් පැළදගෙන යන්න.
    1. පොත් කියවනව කියල තුට්ටු දෙකේ මල් කතා, වල් පල්, කවරේ විතරක් ලස්සන - මදෙ මෙලොරහක් නැති හෑලි පොත් කියෙව්වම මිනිස්සුන්ට උපතින්ම ලැබුණු මොලෙත් කුරුවල් වෙලා පරිකල්පන ශක්තිය මොට වෙලා ලොන්ත පෝල් වෙනවා.
    2. සමහර මිනිස්සු පොත් ගෙනියන්නේ කියවන්නම නෙමෙයි. මේසේ පාලුවට උඩ තියල තියන්න (මේ ත්‍රෙඩ් එකේම උදාහරණ තිබේ), තෑගී දෙන්න, ලයිබ්‍රරි වලට දාන්න වගේ ගොඩක් දේවල් වලට. ඉතින් ඒක නිසා පොත් ප්‍රදර්ශන වල පොත් විකිනෙන ප්‍රමාණයෙන් නිගමන දීම එතරම් නිවැරදි නෑ මිත්‍රයා.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අද ගියා මම. පාකින් එක උදේ 10-11 වෙනකොට පිරෙනවා. ඊට පස්සෙ දාන්න දෙන්නෙ නැහැ. උදෙන්ම ගියොත් ගැටළුවක් වෙන්නෙ නැහැ. මම ගියෙ 9ට. එතකොටත් පිරිලා ඉවරවෙන්න ලඟයි.

    වෙනදා තරම් කුටි නැති උනත් සෙනගනම් නම් ගොඩක් ඉන්නවා. පොත් මිල ලොකු වෙනසක් දැනුනෙ නැහැ.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    කවුද කියලා තිබුනා රු 2000 න් නෙළුම් කුළුණ බල්න යන්නෙ නැතුව ඒ සල්ලි වලින් පොත් දෙක තුනක් අරගෙන කියවන්න කියලා.
    ඇත්ත නෙ කියලා ගියා. එක පොතයි පොප්කෝන් එකයි. අඩුම ගානෙ 230 තිබුන නුල්ඩ්ස් එකක් වත් ගන්න සල්ලි නෑ ඉතිරි .
    මට හිතුනෙ නෙලුමෙන් පැනලා තුසීතයට කුජීත උනා නම් ඉවරයි කියලා . මොකද්ද බන් මෙ ජිවිතය .
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Bargain eken 3000ta english book thogayak gaththa
    Bargain එක කියල වෙනම තනි section එකක් නෑ නේද ?? සමහර ලොකු පොත් සමාගම් වල තැනින් තැන තියන ස්ටෝල් කිහිපයක් නේද තියෙන්නේ ???
     
    • Like
    Reactions: IMUNA

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    500 අඩුවෙන් කතා පොතක් ගත්ත උන් ඉන්නවාද
    සරසවි bargain එකෙන් ගත්තා සීයට දෙසීයට පොත් ඕනෙතරං

    අද ගියා මම. පාකින් එක උදේ 10-11 වෙනකොට පිරෙනවා. ඊට පස්සෙ දාන්න දෙන්නෙ නැහැ. උදෙන්ම ගියොත් ගැටළුවක් වෙන්නෙ නැහැ. මම ගියෙ 9ට. එතකොටත් පිරිලා ඉවරවෙන්න ලඟයි.

    වෙනදා තරම් කුටි නැති උනත් සෙනගනම් නම් ගොඩක් ඉන්නවා. පොත් මිල ලොකු වෙනසක් දැනුනෙ නැහැ.
    Main gate එක පැත්තෙන් යන්න එපා Gate 3 or 4 වලින් යන්න මලලසේකර මාවත පැත්තේ
    ඒකෙන් ගියෑකි park 3 එකට
    ------ Post added on Sep 20, 2022 at 9:36 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    Bargain එක කියල වෙනම තනි section එකක් නෑ නේද ?? සමහර ලොකු පොත් සමාගම් වල තැනින් තැන තියන ස්ටෝල් කිහිපයක් නේද තියෙන්නේ ???
    K J L bargain wage mathaka eke serama tiyenne bargain