හයර් නැහැ කුලී වැඩ නැහැ

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.

    අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    October May GIF
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම


    යකෝ මාසෙට ලක්ෂ 6 යි නේ:shocked:

    ඔය මදිද බන්

    තෙල් වියදම් ස්පෙයර් පාට්ස් වියදම් අයින් කරාම දවසක ශුද්ද ලාබය ද ඔය
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha



    හයර් නෑ ෂුවර් නෑ මගෙ ටැක්සියෙ යන්නෙ නෑ
    පිට ඔපේට රැවටි රැවටි නැගල යනව තෙරපි තෙරපි
    ටයර් ගියත් කෑලි කෑලි රිම් එක උඩ යන්න ඇහැකි
    හයර් නෑ ෂුවර් නෑ මගෙ ටැක්සියෙ යන්නෙ නෑ
    අක්ක නංගි මල්ලි එන්න පුංචි නෝනෙ මෙහෙ බලන්න
    නැතිනම් අද සල්ලි දෙන්න හෙටවත් මට ගෙනත් දෙන්න
    හයර් නෑ ෂුවර් නෑ මගෙ ටැක්සියෙ යන්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම


    යකෝ මාසෙට ලක්ෂ 6 යි නේ:shocked:

    ඔය මදිද බන්

    තෙල් වියදම් ස්පෙයර් පාට්ස් වියදම් අයින් කරාම දවසක ශුද්ද ලාබය ද ඔය
    ඔව් ඉරිදට තමා 20 000ක් වගේ. ලොකු ගානක් හම්බ කරන්න පුළුවන් හයර් දුවලා. තෙල් සර්විස් අඩු කරන්නේ නැතුව ඔය ගාන. හරියට ත්‍රී විල් එක බලාගෙන හොඳ බාස් කෙනෙක්ට දුන්නොත් ලොකු ගානක් යන්නේ නැහැ සර්විස් කරන්න
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ගොටාබය සක්කිලියව ආයෙම රජකරපන් හයර් ලැබෙයි උබල වගේ උන් තමයි ගැම්මෙන් ගිහිං ඔය පොන්නයව රජ කලේ
    😅 ඔයා බලං හිටියද මං කාටද ඡන්දේ දැම්මේ කියලා. හැම එකටම දේශපාලනේ ගාවල ගණිකාවක් වෙන්න එපා.
     
    • Haha
    Reactions: 2osama

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ගණන් වැඩි කරාම එහෙම තමා. ඉස්සරහ රු. 200කින් ගිය ගමනට දැන් 600ක් විතර ඉල්ලනවා. එතකොට ඉතින් යයිද මිනිස්සු.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    issara wage athal ekata yanna ba hire ekata...awshyama ekknm witharai yanne minissu
    ganan wadi wenna kalin 10 km yanne rs 500 ta dn keeyak yanawada oka hamotama daranna ba