මේ ටිකේ හයර් පට්ට අඩුයි. කලිං ඉඳන් කේස් තිබ්බට අද තමයි උත්දමනය දැනෙන්න ගත්තේ. තෙල් ප්‍රශ්න තිබ්බ කාලෙත් කිසි හෙනයක් නැතුව හයර් තිබ්බා. ඉරිදාට ගොඩක් ත්‍රී විල් අඩුයි. වෙනදට rs 20 000ක් විතර හම්බෙනවා උදේ 6ට ගිහිං රෑ 10ය වෙනකං දිවුවම. වෙන දවස් වල ඉරිදට කපල්/ පවුල් ගොඩක් එළියට එනවා කන්න බොන්න ඇවිදින්න. මේ වෙනකොට එහෙම එළියට එන ප්‍රමානේ 0ක් වෙලා. එන අයත් බස් වල තමා ගමන. රෙස්ටුරන්ට් ගානේ කකා බිබී ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැහැ දැං මිනිස්සු.
අනික තමා දැන් කුලී වැඩත් අඩුයි. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. අද වැඩක් හොය හොයා ගම් තුනක ඇවිදලා.මුකුත් හම්බෙලා නැහැ. ඉස්සර නම් වැඩක් හොයාගන්න පට්ට ලේසි. බාස්ලා කතා කරලා ගෙන්න ගන්නේ. දැං මේසන් බාස්ලටත් වැඩ නැහැ. ටයිල් බාස්ලටත් වැඩ නැහැ. මම දන්න බ්ලොක් ගල් වැඩ පලක් තියෙනවා දැං බ්ලොක් ගල් කපන්නේ නැහැ. කපපු ඒවත් ඔහේ වේලෙනව. එතකොට වැලි ගල් ඇදපු ටිපර් වලටත් වැඩ නැහැ. මට නම් උත්දමනය දැනෙන්න පටන් ගත්තේ අද. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.