රෙද්ද.....

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සරමේ ගැටේ ගහන්න බැරි අයට දැන් කඩේ ගන්න තියෙනවා අලවන velcro strap එකක් වටේට දාපු සරම්. ලේසියි පහසුයි.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අද වනතුරු ජීවිතේට නිදාගෙන ඉද්දි සරම උඩ ඇවිල්ලත් නෑ යට ගිහිල්ලත් නෑ
    Season 8 Wow GIF by The Office
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මොන්ටිසෝරි යන කාලෙ සිඟිති පොලේ බඩු විකුණන්න යන්න අම්මා මට සරමක් මහලා දුන්නා. ඒක ඒ උනාට පිජාමා, බතික් සරම් වගේ නෙමේ. නිකන් චීත්ත රෙද්දක වගේ ඇහැ කඩාගෙන යන අමුතු ඩිසයින් එකක් තිබ්බෙ. එක වසරෙදි වගෙත් දවස් දෙක තුනක් ඕක ගෙදරට ඇන්දා. ඒ උනාට රෑට නිදාගෙන ඇහැරෙද්දි මං ලංකාවෙ, සරම ඉන්දියාවෙ. ඉතිං සරම අතෑරියා :(

    ඊට පස්සෙ දහම් පාසල් යද්දි සරම ඇන්දා. අම්මා තමා අන්දලා යවන්නෙ. ඒකත් හැමදාම වගේ කඩා ගන්නවා. ටීචලා අන්දනවා :D. ඒ හින්දා අම්මා සරම අන්දද්දි ඉස්සරහින් බෙල්ට් එක අල්ලලා කට්ටක් ගහනවා. එක දවසක් ඉන්ටවල් එකේ ගුටි පන්දු ගහද්දි පිටිපස්සෙන් හුලං වදිනවා වගේ දැනිලා හැරිලා බලද්දි.. හුටා.. සරම ඉස්සරහින් එල්ලිලා, පිටිපස්සෙන් කැඩිලා :baffled:. වෙලාවට ශෝට ඇඳන් හිටියෙ. ඊට පස්සෙ පස්සෙනුත් බෙල්ට් එක අල්ලලා කටුවක් ගහගෙන ගියෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
    හපුටු ශෝර්ට තමයි මගෙ සැප..💚👊
    මමත් සරොන් අදාල තියෙන්නේ දහම්පාසල් යන කාලේ විතරයි. ඊට පස්සේ කවදාවත්ම නැ.

    මටත් සරමක් අදින්න බෑ බන්
    ශෝට තමා :ROFLMAO:
    මටත් බැ බන්.
    ------ Post added on Dec 7, 2022 at 11:24 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සුපිරියට ලියල තියන ඉතින්.
    ඒ උනත අහන්න ඕන .

    ටියුඩර් බාස්ගේ කකුල් දෙක මැද්දෙ පිහිටල තියෙන ලැජ්ජ කොටේ දැක්කේ නැද්ද ඒ කාලේ??

    "අනික, වෙන රුක්මන්ල ගස් යන දවස් වලට වඩා වාසියක් සුජී අයිය ගස් බඩගාන දවසට මට තියෙනව.... ඒක තමයි අනික් අයගෙ ඇස් වලට හොරෙන් මගේ අතට පත්වෙන ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ...."

    ඇයි සුජී අයියේ අපේ බාගිය ට මෙහෙම කරේ..... දැන් වැවර ගෙඩි හොය හොයා පිස්සෙක් වෙලා....

    me akka saran adina aiyala maamala kohe hari udakata naginakal idala yatata gihin kuttama diha balala sahenna sathutu wela thiyanawa wage e kaale 🥴

    පොල් සුජී ඇස්ස කපාපු වෑවර ගෙඩ්ඩ bump
    හාපෝ.... කොලුකාර හැතිකරේ... තූ නොදකිං....
    මුන්ට මුකුත් කියන්න බෑ.... පරහටමයි යන්නෙ...
    හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා.. :growl:

    monada ban bahinne?
    යකඩ එහෙම ටිකක් බහින කලාවෙ තියෙන්නෙ...
    හෑ :eek:



    තෙරුනෙ නෑ
    තේරුනා වගෙ ඉන්න ඕන
    අන්න එහෙම තමයි ඉන්න ඕනෙ...
    පෝය දවසට පොඩ්ඩක් ට්‍රැක් මුට...
    පොඩ්ඩක්...??
    සරම ගැන කියනවා නම්......
    මම සරමට පුරුදු වෙන්න ගිය කාලේ තිබුන ප්‍රශ්න.......
    රෑට විතරක් සරම අදින්න ගත්තම උදේට අම්මා හෝ අක්කා උදේට ඇහැර වන්න කාමරේට එන්නේ නැහැ දොරළඟ ඉඳගෙන බෙරිහන් දීලා යනවා.
    එක්කෝ පොරවන රෙද්ද කියලා හිතලා සරම කර ගාවටම උස්සගෙන පහල හරියේ මුකුත්ම නැහැ
    එක්කෝ සරම ඇදෙන් බිමට වැටිලා මම පපුව වැහෙන්න රෙද්ද පොරවගෙන පහල හරියේ මුකුත් නැහැ.... :giggle:
    😂😂
    ඕයි.. මම සරමක් ගහලා ජීවිතේට නිදාගෙන නැහැ ඕයි..
    හපුටු ශෝර්ට තමයි මගෙ සැප..💚👊
    හාපෝ.... සරමෙ සැප නොදත් පවිටු හැත්ත...
    භාගයා මිස්ගෙ රෙද්ද කැඩුවෙ මොකාද :angry::baffled::dull:


    මොකක්ද ඕයි ඔය ජීවිතේ :baffled::dull:
    ------ Post added on Dec 7, 2022 at 9:08 PM
    එහෙනං....
    මම නම් නාලා සරමක් ඇදන් ඇදේ හාන්සි වෙලා ඉස්සරහින් ෆෑන් එක දාගෙන කකුල් දෙක ඈත් කරන් ඉන්නවා
    😂😂
    සරම කපලා කලිසමක් මහගන්නෝනි අක්කියෝ
    එපා.... සරම කෙලෙසන්න එපා...
    Bump.. රෙද්ද.. 😏
    මේ වෙලාවෙත් සරමක් ගහන් ඉන්න මම...:) ඔය කියන කිසි අවුලක් මට නෑ.. තියෙන එකම අවුල ලගදි ගෙනාපු බලු තඩියා ලගින් යද්දී සරමෙ කොනක් හපාගෙන අදින එක තමයි 🥲
    සරලයි.... බල්ලව ගහල පන්නන්න... සෝලෝ රයිඩරිය බල්ලව බලාගනියි... ඕක සරං අඳින්නෙත් නෑනෙ...
    සරම් අදින 2000 න් පස්සෙ උං නම් දැං නෑ බං හැබැයි. අපි ලොකු වෙලා තාත්තලා වුනාට පස්සෙ ගෙදරට අඳින සරම කියන එක ලංකාවේ culture එකෙන් නැතිවෙලා යයි බොහෝදුරට. ඊට පස්සේ දහම් පාසලෙයි පාර්ලිමේන්තුවෙයි විතරයි සරම් අදින කට්ටිය ඉතුරු වෙන්නේ.
    මම ගෙදරින් පිට සරම් ඇඳලම නෑ.....
    දහම්පාසලටවත් ඇඳල නෑ...
    මම වැඩිය සරම අඳින්නෙ නෑ. ගොඩක් අය නිදහස් කිව්වට බඩ මැද්දට හිර වෙන ගැට ගහන්න වෙන සරමට වඩා ෂෝට මට ලේසියි. හැබැයි ඕන තූත්තුකුඩියක බය නැතුව ඇඳගෙන යනවා. කැඩෙයි කියල බයක් නෑ. අද වනතුරු ජීවිතේට නිදාගෙන ඉද්දි සරම උඩ ඇවිල්ලත් නෑ යට ගිහිල්ලත් නෑ
    නිදාගන්නකොට ඉනේ ගැටේ ලෙහන්න ඕනෙ. නැතුව බෑ....
    hari hari oya kollek api piligannva !
    ඔයාට විතරයි මේකෙ යටි අරමුණ තේරුනේ...😊
    මමත් සරොන් අදාල තියෙන්නේ දහම්පාසල් යන කාලේ විතරයි. ඊට පස්සේ කවදාවත්ම නැ.


    මටත් බැ බන්.
    ------ Post added on Dec 7, 2022 at 11:24 PM

    සරම් ඇන්ද දහම් පාසල් යද්දී නම්..
    එද්දී ඒකත් නෑ . ඒක බෑග් එකේ. 🤭
    මම දහම්පාසලට එහෙම ඇඳලම නෑ....
    ඒවයෙ ගිහින් නටන වන්නං වල හැටියට සරං ඇඳං ගියොත් මහ විනාසයක් වෙන්නෙ....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    elone musk saram adinne na.
    jeff besos saram adinne na
    donal trumpt saram adinne na
    putin saram adinne na
    mark zukerburg saram adinne na

    ithin maath saram adinne na :D
    අධිරාජ්‍යවාදී ගැති හපොයිය.... දුප්..


    මෙන්න යකෝ එක ලඟ කමෙන්ට් දෙකක් වැටුන. එහෙම කහොමදවුනේ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    රෙද්ද.......මේක හැමතිස්සෙම පැටලෙනවා.

    මීට ජුලියස් සීසර් අයියා.😌

    හුරේ කියනකොට හෙමින් කියපල්ලා... අස්සය කුලප්පු වෙනවා.. :growl:
    😂😂
    බොරු කියන්න එපා සුජියා කැහැපට ගහන් පොල් ගහේ යනකොට යට ඉදලා කුරුම්බා ඇට්ටි බලනවා නේත මිස්
    :growl: :growl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මට හිතාගන්න බැරි මොකට සරම ඇඟේ තියාගන්න ඔච්චර දඟලනවද කියලා.

    ඇයි බන් කාමරේ තනියෙන් ඉන්නවා නම් ඕක එහා මෙහා උනාම මොකද?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මගේ ජීවිතයේ සරම් ඇඳීම විනාඩි කිහිපයකට විතරක් සීමා වෙච්ච අවාසනාවන්ත සිද්දියක්.

    කොට කලිසම් ඇඳ ඇඳ හිටපු මට, එක සිංහල අවුරුද්දක් දවසේ අලුතින් සරමක් අරන් දීලා, දැන් ඔයා ලොකු ළමයෙක්, සරම අඳින්න පුරුදු වෙන්න කියලා අම්මාගෙන් උපදෙස් ලැබුනා.

    සරම ඇඳගෙන, දකුණු කකුල පිටිපස්සේ රෝදෙට උඩින් යන විදියට (කොට කලිසම් ඇඳලා බයිසිකලේට නගින විදියට) බයිසිකලේට නැග්ගා. වෙච්ච අලාභහානි ගැන කියලා වැඩක් නැහැ. එවෙලේම, තාත්තා කිව්වා ඔය කෙහෙල්මල් සරම අල්ලලා දාලා පුරුදු විදියට කොට කලිසමක් අඳින්න කියලා.