ටොප් ලෝඩර් වල රෙදි හේදෙනවා මදි උනාට මට නං එහෙම ලොකු අවුලක් වෙලා නැහැ
ඩෙනිම් උනත් අර තියන strong කියන ඔප්ශන් එකට දාල හේදුවම හොඳට හේදෙනවා
ඒ ඇරෙන්න එක දවසක් අඳින ඇඳුම් නං කිසි අවුලක් නැතුව හේදෙනවා
අපේ ගෙදර තියෙන්නෙ ගොඩක් කලින්ම ආපු ප්ලාස්ටික් ඩ්‍රම් එක තියන දම්රෝ එක. තාම යකා වගේ වැඩ කකුල පිහිදාන පාපිසි කාර් එකේ කාපට් එහෙමත් ඕකෙ දාල හෝදනවා කිසිම අවුලක් වෙලා නැහැ
එක සැරයක් ඩ්‍රම් එක බාගෙට කැරෙකිල් නතරවෙන අවුලක් ආව මම හිතුවේ මෝටරේම කෙලවෙලා කියලා දම්රෝ එකට කතා කරා, පහුවෙනිදා දම්රෝ එකෙන් ඇවිත් ගලවලා බැලුවා පොඩි එකාගෙ ඇඳුමක් අස්සට වැටිලා බෙල්ට් එකේ හිරවෙලා තිබුනෙ ඒක අයින් කරලා දැම්ම ෆ්‍රී, තව බෙල්ට් එකත් ටිකක් බුරුල් වගේ කැමති නං ඒකත් මාරු කරගන්න කියලා කිවුවා ඒකට 300ක්ද කොහෙද ගත්තෙ