🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බීජ පැළවීම, මුල් ඇදීම, මල් හැදීමට, ඵල හටගැනීමට බලපෑමක් නැතැයි කියන සිංහලු ඉඳීමත් ලැජ්ජාවක්. පාසැලේදී හෝ සරසවියේ දී ප්‍රභාසංස්ලේෂණය කියලා සොච්චම් කොටසක් මොන ලබ්බකට ඉගෙන ගත්තද දන්නේ නැහැ.

    උදම් රළ / වඩදිය බාදිය ඇතිවීමට සූර්යයාගේ, චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    චන්ද්‍රයා මගින් සත්වයින්ගේ මොළයට බලපෑමක් වන්නේ නැතිද?
    ගස්වල වතුර උඩට අදින්න චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    ඉහත කරුණු තුනක් පමණයි, තව පරිසර සංසිද්ධි බොහොමයක් අහන්න පුළුවන්.

    අඩුම තරමින් තමුන්, බුදු දහම අනුගමනය කරනවා නම් සියළුම බෝධිසත්‍වයින් බුදුවූයේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව දක්නවා ඇති. ඒ වගේ දවසකට රෑට කළුවරේ ඉඳීම මදිකමක් හින්දා වෙන්න ඇති නේද?

    මෙතැන බහුතරයක් ජ්‍යෝතිෂ්‍ය ප්‍රයෝජනයට ගන්නේ කේන්දර බැලීමට පමණක් යැයි සිතාගෙන සිටීම කණගාටුවට කරුණක්. එමෙන්ම මෑත සමාජයේ මෙම ශ්‍රාස්ත්‍රය මුදලට තල්ලු වීම නිසා වලපල්ලට ගිහින් හමාරයි. ඔවුන්ගේ සොච්චම් දැනුමෙන් කෙන්දර බැලීම, ඵලාපල ආදිය පැවසීම නිසා යම් තරමක් හෝ නැඹුරුව ඇති පුද්ගලයින්ගේ ද හාස්‍යට ලක්වීම, අතහැර දැමීම අරුමයක් නොවේ.
    බීජ පැළවීම, මුල් ඇදීම, මල් හැදීමට, ඵල හටගැනීමට බලපෑමක් නැතැයි කියන සිංහලු ඉඳීමත් ලැජ්ජාවක්. පාසැලේදී හෝ සරසවියේ දී ප්‍රභාසංස්ලේෂණය කියලා සොච්චම් කොටසක් මොන ලබ්බකට ඉගෙන ගත්තද දන්නේ නැහැ.
    බීජ පැල වෙන්න මොකේ බලපෑමක් ගැනද කියන්නෙ හඳේද, මේක myth එකක්. ලංකාවෙ විතරක් නෙමයි තව රටවල කල්චර් වලත් ඔය දේවල් වලට හඳේ බලපෑමක් තියනවා කියන විස්වාසෙ තිබුනා. මෙහෙම වෙනවා කියලා හොයාගෙන නැහැ. හොයාගෙන තියනවා නං දාන්න විස්තර. consipiracy website වල නං තියනවා මෙහෙම වෙනවා කියලා හැබැයි ක්‍රෙඩිබල් සෝස් නැහැ
    proof?
    මේකට ප්‍රභාසංශ්ලේශනය අදාල වෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නැහැ. ප්‍රභාසංශ්ලේශනයට හඳ අදාල නැහැ
    ඇත්තටම කියනවා නං කෘතිම ආලෝකය දෙන්න පුලුවන් නං සූර්යා අදාලත් නැහැ

    උදම් රළ / වඩදිය බාදිය ඇතිවීමට සූර්යයාගේ, චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    වඩදිය බාදිය ඇතිවෙන්නෙ ඉරේ සහ හඳේ බලපෑමෙන් තමයි. කවුරුවත් එහෙම නැහැයි කියලා නැහැ. මේක මෙතනට අදාල දෙයක් නෙමයි.

    චන්ද්‍රයා මගින් සත්වයින්ගේ මොළයට බලපෑමක් වන්නේ නැතිද?
    නෑ. මේකත් අර බීජ පැලවෙන කතාව වගේ ගොඩක් කල් ඉඳන් අපු myth එකක්. හඳේ ගුරුත්වයෙන් පොලව උඩ ඉන්න සතෙක්ගෙ මොලේට වෙන බලපෑම සලකන්න බැරි තරම් කුඩායි

    ගස්වල වතුර උඩට අදින්න චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    නෑ, එහෙම හොයාගෙන නැහැ. proof?
     
    Last edited:

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    4. නැකත් පිළිබඳ දැනුම (නැකත් 28ක් ගැන සඳහන් වෙනවා. මේ නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති කක්‍ෂ අතර ඇති ග්‍රහක කොටස් 28 කි. - in the asteroid belt)
    සම්පුර්ණ වැරදි අදහසක්
    නැකත් 28 කියන්නේ පෘතුවියට සාපේක්ෂව සඳ ගමන්කරන පථය තුල ආසන්න ලෙස සමාන දුරින් පවතින තරු 28ක් නැකත් තරු 28 සහ ඒවාට තාරකා විද්‍යාවේ භාවිතා කරන නම් මේ ලින්ක් එකෙන් බලාගන්න.

    https://en.wikipedia.org/wiki/Nakshatra

    තමන් යමක් හරි හෝ වැරදි කියන්න කලින් ඒ ගැන හරියට අධ්‍යනය කරන්න
     
    • Like
    Reactions: Champ HB

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔබ අනාගනනේ. ඔබට හැමදේකටම බටහිර සෝස් බෝතලේ ඕන, නැත්නම් බැහැ :ROFLMAO:

    බීජ පැල වෙන්න මොකේ බලපෑමක් ගැනද කියන්නෙ හඳේද, මේක myth එකක්. ලංකාවෙ විතරක් නෙමයි තව රටවල කල්චර් වලත් ඔය දේවල් වලට හඳේ බලපෑමක් තියනවා කියන විස්වාසෙ තිබුනා. මෙහෙම වෙනවා කියලා හොයාගෙන නැහැ. හොයාගෙන තියනවා නං දාන්න විස්තර. consipiracy website වල නං තියනවා මෙහෙම වෙනවා කියලා හැබැයි ක්‍රෙඩිබල් සෝස් නැහැ

    බීජ පැළවීම, මුල් ඇදීම, මල් හැදීම, ඵල හටගැනීම ආදිය සූර්යයාගේ මැදිහත් වීම මත සිදුවන කාරණයක්. එය ජ්‍යෝතිෂයේ පැහැදිලි කෙරෙනවා.

    මේකට ප්‍රභාසංශ්ලේශනය අදාල වෙන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නැහැ.
    ඇත්තටම කියනවා නං කෘතිම ආලෝකය දෙන්න පුලුවන් නං සූර්යා අදාලත් නැහැ
    ඇයි නැත්තේ? එකම කාරණයක් ගැන කතා කරන්නේ. එහි යම් කොටසක්

    කෘතිම ආලෝකය දෙන්න පුලුවන් නං සූර්යා අදාලත් නැහැ - ඉතිං ස්වභාවික පරිසරය ගැන කතා කරන්නේ. ඉතුරු කාරණා ටිකත් මේ කරුම සියවසේ වාගේ රසායන ද්‍රව්‍ය හා වෙනත් තාක්‍ෂණයන් භාවිතා කරලා කරන්න බැහැයි අදහස් කළේ නැහැ. අවුරුද්දේ තමන්ට ඕන දවසක, ඕන කාලයක, වෙලාවක කෘතිම යෙදවුම්වල පිහිටෙන් ඕනම ශාඛයක්, එළවළුවක්, පළතුරක් වගා කරන්න පුළුවන්. එනම් ශාඛයේ සමස්ත ජීවන කාලයම කෘතිම පරිසරයක නඩත්තු කිරීමට හැකියි

    නමුත් කෘතිම ආලෝකය යොදා ගැනීමෙන් පවා තිබෙන වෙනස ඔබ දන්නවනේ. එසේ වුවත් ස්වභාවික පද්ධතිය බිඳ වැටුනහොත් ඔබලාගේ කෘතිම සෙල්ලම් නොව ශරීරය කැබලි වලට නොබිඳී තබා ගැනීම ගැන පළමුව හිතන්න වේවි.

    ඇත්තෙන්ම සොබාදහමට එරෙහිව ඵලදාව ලබා ගැනීමට සිදු කරන පැළ බද්ධ කිරීම ආදියෙන් සිදුවන ගුණත්‍වයට හානි වීම, ජාන සංයෝජනය වීම, වෙනස් වීම, විකෘති වීම ගැන සැලකිල්ලක් නැහැ ඒවා ආහාරයට ගන්නා මිනිසුන්ට කෙතරම් දැඩි හානියක් එල්ලවනවා දැයි තහවුරු කරගන්න ඔබලා එල්ලිලා ඉන්න තාක්‍ෂණය දියුණු නැහැ. නමුත් පාරම්පරිකව උරුමවන වන ග්‍රන්ථවල පැහැදිලිව විග්‍රහ කරලා තියනවා. දැන් ඒවා ඉල්ලන්න එපා. මෙම හේතූන් නිස සාමාන්‍යයෙන් එවැනි ශාඛ ඔෘෂධ සඳහාවත් යොදා ගන්නේ නැහැ.

    බද්ධ කිරීම් වැනි සරල භෞතික වෙනස් කිරීම් පැත්තකට දමන්න, නවීන ලෝකයට අනුව වැඩි ඵලදාවක් ලබා ගැනීමට ජාන තාක්ෂණයෙන් සකසන බීජ පිළිබඳව කෙතරම් උජාරුවෙන් කතා කරනවාද, එමෙන්ම සත්ව ආහාරත් (කිරි හා මස්) එලෙසමයි. ඒවාට විරුද්ධ වන මිනිසුන්ට ලැබෙන උත්තරය විද්‍යාව නොදන්න නූගත් මිනිස්සු.

    වඩදිය බාදිය ඇතිවෙන්නෙ ඉරේ සහ හඳේ බලපෑමෙන් තමයි. කවුරුවත් එහෙම නැහැයි කියලා නැහැ. මේක මෙතනට අදාල දෙයක් නෙමයි.
    අදාළයි. ඒකයි ඔබ අනාගෙන කීවේ.

    නෑ. මේකත් අර බීජ පැලවෙන කතාව වගේ ගොඩක් කල් ඉඳන් අපු myth එකක්. හඳේ ගුරුත්වයෙන් පොලව උඩ ඉන්න සතෙක්ගෙ මොලේට වෙන බලපෑම සලකන්න බැරි තරම් කුඩායි
    අනේ ඉතිං.
    දැන් ඔබ මෙතැන ඉතා කුඩා, මධ්‍යම හා විශාල ආදී වූ ශාඛවල ප්‍රභාසංස්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය බව පිළිගන්නවා. වඩදිය බාදිය ඇතිවෙන්නෙ ඉරේ සහ හඳේ බලපෑමෙන් බව පිළිගන්නවා නමුත් හඳෙන් පොලොව උඩ ඉන්න සතෙක්ගේ මොලයට වන බලපෑම සලකන්න බැරි තරම් කුඩාලු.

    කණගාටුයි, මෙරට රාජ්‍යය බිඳ වැටීමට පෙර පරම්පරා ගණනාවකට ඉහත දී අපගේම අධ්‍යාපන පද්ධතියක් තිබුණා. ඒ කාලයේ දරුවන්ට මේ සියළු දෑ පිළිබඳව මැනවින් ඉගෙන ගැනීමට අවස්ථාව තිබූ බව තහවුරු කරන්නත් අපහසු නැහැ. දැන් ඉතිං මේ වගේ සාකච්ඡාවක් මැද්දට පැනලා හැකි තරම් තේරුම් කරලා දීලා ඉතිරියට අටිය වඩන්න විතරයි පුළුවන්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බීජ පැළවීම, මුල් ඇදීම, මල් හැදීමට, ඵල හටගැනීමට බලපෑමක් නැතැයි කියන සිංහලු ඉඳීමත් ලැජ්ජාවක්. පාසැලේදී හෝ සරසවියේ දී ප්‍රභාසංස්ලේෂණය කියලා සොච්චම් කොටසක් මොන ලබ්බකට ඉගෙන ගත්තද දන්නේ නැහැ.

    උදම් රළ / වඩදිය බාදිය ඇතිවීමට සූර්යයාගේ, චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    චන්ද්‍රයා මගින් සත්වයින්ගේ මොළයට බලපෑමක් වන්නේ නැතිද?
    ගස්වල වතුර උඩට අදින්න චන්ද්‍රයාගේ බලපෑමක් නැතිද?
    ඉහත කරුණු තුනක් පමණයි, තව පරිසර සංසිද්ධි බොහොමයක් අහන්න පුළුවන්.

    අඩුම තරමින් තමුන්, බුදු දහම අනුගමනය කරනවා නම් සියළුම බෝධිසත්‍වයින් බුදුවූයේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව දක්නවා ඇති. ඒ වගේ දවසකට රෑට කළුවරේ ඉඳීම මදිකමක් හින්දා වෙන්න ඇති නේද?

    මෙතැන බහුතරයක් ජ්‍යෝතිෂ්‍ය ප්‍රයෝජනයට ගන්නේ කේන්දර බැලීමට පමණක් යැයි සිතාගෙන සිටීම කණගාටුවට කරුණක්. එමෙන්ම මෑත සමාජයේ මෙම ශ්‍රාස්ත්‍රය මුදලට තල්ලු වීම නිසා වලපල්ලට ගිහින් හමාරයි. ඔවුන්ගේ සොච්චම් දැනුමෙන් කෙන්දර බැලීම, ඵලාපල ආදිය පැවසීම නිසා යම් තරමක් හෝ නැඹුරුව ඇති පුද්ගලයින්ගේ ද හාස්‍යට ලක්වීම, අතහැර දැමීම අරුමයක් නොවේ.
    මම නෑ කීවෙ නෑ අර උඩම ටිකට. 😅
    එහෙමයි කියලා මිනිස්සු කරන දේවල් වලට බලපානවා කියලා හිතන එක මෝඩකමක් කියලා කීවෙ.
     
    • Like
    Reactions: Champ HB

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ජොතිශය අංශ කිහිපයක් පවතී. ග්‍රහ චලිතය සහ ඒ සම්බන්ද ගණිතය සහ පලාපල කථනය කියන්නේ අංශ දෙකක්. ග්‍රහ චලිතය සහ ඒ සම්බන්ද ගණිතය විස්තර කරන්නේ මුලිකව සුර්ය සිද්ධාන්තය මගින් එය එකවර ලියවුනු පොතක් නොවේ බොහෝ කොටස් කාලය සමග වෙනස්වෙමින් ලියවුනා 10 වන සියවස පමණ වෙනකම් මේ පොත්වල ගණිතයේ සයින් කොස් වැනි දේවල් extrapolation වැනිදේ විස්තර වෙනවා මෙම කොටස් පලාපල කථනය කරන ආකාරය ලියවුන ජෝතිශයට වඩා අලුත් කොටසක් ක්‍රමිකව දියුණු වුනු. මෙය පලාපල කථනය සඳහා ඉදිරි කාලය සඳහා අනාවැකි කීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට පසුව බිහිවූ කොටස්. ඒ වගේම විශේෂයෙන් කියන්න අවශ්‍යයි සුර්ය සිද්ධාන්තය පෘතුවි කේන්ද්‍රවාදී ව තමයි ගණනයන් යන්නේ එත් ඒවා නුතන අගයන් සමග ආසන්නයි.

    සුර්ය සිද්ධාන්තය නොමිලේ ඩවුන්ලෝඩ් කරලා කියවන්න පුළුවන් ගූගල් කරලා බලන්න

    නමුත් නවීන විද්‍යාවේ celestial mechanics තරම් සුර්ය සිද්ධාන්තය ඇතුළු ජෝතිෂ ගණනයන් නිවැරදි නැහැ අවුරුදු ගණනාවක් අනාගතයේ ඇතිවන ග්‍රහ පිහිටීම් ගණනය සඳහා ඒ නිසා ලෝකයේ භාවිත වන සියලු ජෝතිෂ ලිත් සෑදීම සඳහා භාවිත කරන්නේ නවීන විද්‍යාවේ celestial mechanics මිස ජොතිශය නොවේ. ජෝතිෂ ගණිතය වර්ණනා කරන බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත ඕක. ඒ වගේම බොහෝ ජෝතිෂ සොෆ්ට්වෙයා සහ ලිත් සඳහා දැන් celestial mechanics මගින් ගණනයන් නොකර NASA මගින් පලකල nasa ephemeris නොහොත් නාසා ලිත (https://ssd.jpl.nasa.gov/orbits.html) භාවිතා කරනවා අපේ අය බටහිර විද්යාවට බැන බැන හඳහන් බලන්න භාවිත කරන ඈපා සහ ලංකා පංචාංග ලිත් වල තියෙන්නේ බටහිර විද්‍යාවම තමයි . මේක තමයි රෙද්දේ රෙweන තැන
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇත්තෙන්ම සොබාදහමට එරෙහිව ඵලදාව ලබා ගැනීමට සිදු කරන පැළ බද්ධ කිරීම ආදියෙන් සිදුවන ගුණත්‍වයට හානි වීම, ජාන සංයෝජනය වීම, වෙනස් වීම, විකෘති වීම ගැන සැලකිල්ලක් නැහැ ඒවා ආහාරයට ගන්නා මිනිසුන්ට කෙතරම් දැඩි හානියක් එල්ලවනවා දැයි තහවුරු කරගන්න ඔබලා එල්ලිලා ඉන්න තාක්‍ෂණය දියුණු නැහැ. නමුත් පාරම්පරිකව උරුමවන වන ග්‍රන්ථවල පැහැදිලිව විග්‍රහ කරලා තියනවා. දැන් ඒවා ඉල්ලන්න එපා. මෙම හේතූන් නිස සාමාන්‍යයෙන් එවැනි ශාඛ ඔෘෂධ සඳහාවත් යොදා ගන්නේ නැහැ.
    මම ඉන්න නගරයේ තියනවා තට්ටු හතරක ෆාම් එකක්. සියල්ල සිදු වෙන්නෙ කෘතිම ආලෝකයෙන් සහ කෘතිම උෂ්ණත්ව පාලනය ඇසුරෙන්. මම ඒක ගැන දැනගත්තෙ, අපේ නෝනට ඒකෙ interview එකක් set වුන නිසා.
    ඒක අවුරුදු 30ක් තිස්සෙ වගා කටයුතු කරනවා වගේම රටේ වඩාත් සෞඛ්‍යාරක්ෂිත වගාවන් අතර ඉන්නවා.
    බද්ධ කිරීම් වැනි සරල භෞතික වෙනස් කිරීම් පැත්තකට දමන්න, නවීන ලෝකයට අනුව වැඩි ඵලදාවක් ලබා ගැනීමට ජාන තාක්ෂණයෙන් සකසන බීජ පිළිබඳව කෙතරම් උජාරුවෙන් කතා කරනවාද, එමෙන්ම සත්ව ආහාරත් (කිරි හා මස්) එලෙසමයි. ඒවාට විරුද්ධ වන මිනිසුන්ට ලැබෙන උත්තරය විද්‍යාව නොදන්න නූගත් මිනිස්සු.
    ජාන තාක්ෂණයෙන් සකසන ඒවා හදපු ගමන් පාවිච්චියට ගන්නයි හොඳ නැත්තෙ. ඒ හදපු ඒවගෙ රෝග වලට බලපෑම, අනිසි ගුණාංග ඉදිරියට රැගෙන යාමේ ජාන ප්‍රමාණය, පිළිකා සෛල ඇති කිරීමේ හැකියාව වගේ දේවල් සම්බන්ධ පර්‍යේෂණ සම්පූර්ණ වුනාම, ප්‍රායෝගික ලෝකයට මුදාහරින්න පුළුවන් බයක් නැතුව. විද්‍යාව දන්නවා නම් ඇත්තටම හැම එකටම විරුද්ද වෙන්න ඕන නෑ.
    දැන් ඔබ මෙතැන ඉතා කුඩා, මධ්‍යම හා විශාල ආදී වූ ශාඛවල ප්‍රභාසංස්ලේෂණයට සූර්යාලෝකය අවශ්‍ය බව පිළිගන්නවා. වඩදිය බාදිය ඇතිවෙන්නෙ ඉරේ සහ හඳේ බලපෑමෙන් බව පිළිගන්නවා නමුත් හඳෙන් පොලොව උඩ ඉන්න සතෙක්ගේ මොලයට වන බලපෑම සලකන්න බැරි තරම් කුඩාලු.
    ඉතිං ඇත්තනෙ. නියුරෝන වල ක්‍රියාකාරීත්වයට ගුරුත්වය බලපාන්න විදියක් නෑ නෙ.
    කණගාටුයි, මෙරට රාජ්‍යය බිඳ වැටීමට පෙර පරම්පරා ගණනාවකට ඉහත දී අපගේම අධ්‍යාපන පද්ධතියක් තිබුණා. ඒ කාලයේ දරුවන්ට මේ සියළු දෑ පිළිබඳව මැනවින් ඉගෙන ගැනීමට අවස්ථාව තිබූ බව තහවුරු කරන්නත් අපහසු නැහැ. දැන් ඉතිං මේ වගේ සාකච්ඡාවක් මැද්දට පැනලා හැකි තරම් තේරුම් කරලා දීලා ඉතිරියට අටිය වඩන්න විතරයි පුළුවන්
    වෙලාවට. නැත්තං රට ආර්ථිකව වැටිලා විතරක් නතර වෙන්නෙ නෑ. ලෝකෙම හිනා වෙන තැනකුත් වෙනවා. අපිත් කැමතියි දේශීය තාක්ෂණයක් තියනවා නම් පොලිෂ් කරලා ලෝකෙට අරගෙන යන්න. හැබැයි මේ වගේ කටමැත දොඩවන්න විතරක් තියන විකාර නෙවේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    සරළව, ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ යම් කොටසක් (50%ක් කියමු) නූතන විද්‍යාවෙන් ඔප්පුකර ඇති බවට ත් අනෙක් 50% එසේ ඔප්පුකර පෙන්වා නැති බවට ත් පිළිගන්නේ නම් තත්වය කෙබඳු වේද? ඔප්පුකර පෙන්වා නැති කොටස එසේ ඔප්පුකර පෙන්වා නැත්තේ ජෝතිෂ්‍යයේ වරදක් හෝ අඩුපාඩුවක් හෝ නිසාද, නැතිනම් විද්‍යාවේ අඩුපාඩුවක් හෝ නොහැකියාවක් නිසාද කියා සිතිය යුතුයි. භාගයක් ඔප්පුකර සත්‍ය බවට පිළිගත්තායින් පසුව ඔප්පුකර ගත නොහැකිව ඉතුරුවන භාගය අසත්‍යයක් යයි නිගමනයකට එළඹීම කොයිතරම් දුරට විද්‍යාත්මක ද? = පුකෙන් සිනා
     
    • Haha
    Reactions: Champ HB

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,941
    1
    60,955
    113
    Mother Earth
    1673646217756.jpeg

    අම්බෝ මෙතන ඉන්න ජෝතිපාලලා සෙට් එක. 😁
    ජෝතිපාලශ්‍ය
     
    • Haha
    Reactions: Champ HB

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    චන්ද්‍රයාගේ පිහිටීම බීජ පැල වීමට බලපානවයි කියලා, ඒක මනුස්සයෙක් කරන කියන දේකට බලපානවා කියන්න තරම් ගොං තර්කයක් නෙ මේ ගේන්න හදන්නෙ ජෝතිෂ්‍යය හරහා.
    මම නෑ කීවෙ නෑ අර උඩම ටිකට. 😅
    එහෙමයි කියලා මිනිස්සු කරන දේවල් වලට බලපානවා කියලා හිතන එක මෝඩකමක් කියලා කීවෙ.
    එහෙම නැහැ, ඔබ එය මෙම ග්‍රහලෝක යම්කිසි ආකාරයකට මිනිසුන් පාලනය කරනවා ආදී වශයෙන් පමණට වඩා සිතීම නිසා අනාගැනීමක්. එසේ නොවෙයි අපි මේ ස්වභාවික පද්ධතිය ඇතුළේ ඉන්න හන්දා අපගේ ශරීර යහමින් වැඩෙනවා. මේකෙන් තාවකාලිකව හෝ එළියට යන අයට එහෙම නෑනේ. ඒ අයට අර ශාක වලට වගේ කෘතිම පරිසරයක් ඕන. අනෙක් කාරණය විශ්වයේ මිනිසුන් වාගෙම ජීවීන් සිටීදැයි සොයා බලන විට ඒ සඳහා මූලිකව සලකා බලන සාධක තියනවා.

    ඒ වගේම ඔබ කිසියම් මාසයක දී උපත ලැබුවා නම් ඔබ මවු කුස තුළ සිටියත් ඒ කාල පරාසය තුළ පරිසරයට අනුවයි ඔබ ගොඩනැගෙන්නේ. ඒ මත ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා ඔබගේ සෙෘඛ්‍ය තත්වය නිගමනය කරන්න. එමෙන්ම ඔබට නිතර සෙමද වැඩි, වාත රෝගාබාධ ද වැඩි ආදිය පුරෝකථනය කරන්න පුළුවන්. මෙය ඇස්බැන්ඳුමක් නොවෙයි. තේරුම් නොගැනීම.

    අරුං ටික අවුරුද්ද පුරා එලිය දාගෙන උඩ හතර වටේ යනකොට ඔබට කෙලවෙනවා. :ROFLMAO: ඉතිං ඔබගේ දෛනික ජීවිතයට බලපානවා. ඒ වගේම මේක තනි පෘථිවිය උනාට මේක ඇතුලේ දේවල් උන්ට ඕන හැටියට පාලනය වෙන්නේ. දවල්ට ඉහිං කනිං දාඩිය පෙරෙන්න වැඩේ දෙන්නෙත් උදේට හීතල කොරලා මරන්න හදන්නෙත් එයාලම තමයි.

    ඔබට පිළිගන්න වෙනවා ඔවුන්ට සතර මහා භූතයන්ට ඔවුන්ට රිසි සේ බලපෑම් කළ හැකි බව.

    ඔබගේ හිස සෑදිලා තිබෙන්නෙත් ඇට මස් ලේ නහර වලින්, දන්නවනේ හිසරදයක් ආවත් සිතුවිලි වෙනස් වෙනවා. ඔච්චර හරියක් කොරන ඔවුන්ට පුළුවන් අපට ආවේගය ඇතිවන ස්වභාවයක් හදන්න, ඕනෙනම් පිස්සු වට්ටන්නත් පුළුවන්. ඒ හන්දා තමයි හඳ මෝරන කාලයට අදාළ කාරණා සමාජයේ තිබෙන්නේ. මම පැවසූවා බෝධිසත්‍වයින් බුදුවීම සිදුවන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව. ඒ වගේම පැරැන්ණන් පෝය දාට පන්සලට, බෝධියට යන්න පුරුදුවෙලා ඉන්නේ නිකං සම්ප්‍රදායික කරුණක් නිසා නොවෙයි.

    මෙය තවදුරටත් ජ්‍යෝතිෂ කාරණා සමඟ කර්මය, අපල, උපද්‍රව ආදිය පිළිබඳව කතා කරන්න ගියහොත් සිනහ වෙනවා. ඒ හන්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.

    නමුත් බටහිර විද්‍යාව කරපින්නාගෙන නිසා මේවා ප්‍රායෝගිකව සිතා නොබැලීමයි ගැටළුව.

    අපේ අය බටහිර විද්යාවට බැන බැන හඳහන් බලන්න භාවිත කරන ඈපා සහ ලංකා පංචාංග ලිත් වල තියෙන්නේ බටහිර විද්‍යාවම තමයි . මේක තමයි රෙද්දේ රෙweන තැන
    මං ඔය කාරණා දන්නවා. මුන් අන්තිමට ඔබ කීව දේ කොරගෙන තියෙන්නේ. රාජ්‍යයන් බිඳ වැටීම මත පෙරදිග දැනුම, තාක්‍ෂණය විනාස වෙනවා, යට ගැසෙනවා, මුදල හා නුසුදුසුස්සන් මූලික වීම නිසා ඉතිරිය ඉස්මතු වෙන්නේ නැහැ. ඉඳුල් ටිකෙනුත් සල්ලි හොයන්න ගිහින් පීචං වෙන කාලයක් තමයි දැන් තියෙන්නේ.

    තව අවුරුදු ගණනාවකින් බටහිර විද්‍යාවට බැන බැන බුදු දහම අනුගමනය කරන අය යන්නෙත් බටහිර විද්‍යවේ මගමයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. උදා. දැනටමත් ලංකාවේ තවමත් නිවන පිළිබඳව ඉහළින් කතා කළාට, සාධනීයව පිළිගත්තට ඇතැම් බෞද්ධ රටවල නිවනක් ගැන කතාබහට ලක්වන්නේ නැහැනේ.

    ඒක අවුරුදු 30ක් තිස්සෙ වගා කටයුතු කරනවා වගේම රටේ වඩාත් සෞඛ්‍යාරක්ෂිත වගාවන් අතර ඉන්නවා.
    ජාන තාක්ෂණයෙන් සකසන ඒවා හදපු ගමන් පාවිච්චියට ගන්නයි හොඳ නැත්තෙ. ඒ හදපු ඒවගෙ රෝග වලට බලපෑම, අනිසි ගුණාංග ඉදිරියට රැගෙන යාමේ ජාන ප්‍රමාණය, පිළිකා සෛල ඇති කිරීමේ හැකියාව වගේ දේවල් සම්බන්ධ පර්‍යේෂණ සම්පූර්ණ වුනාම, ප්‍රායෝගික ලෝකයට මුදාහරින්න පුළුවන් බයක් නැතුව. විද්‍යාව දන්නවා නම් ඇත්තටම හැම එකටම විරුද්ද වෙන්න ඕන නෑ
    ඒ ඔබ හිතන මට්ටම නමුත් ඔබ නොහිතන දේ තමයි එම ප්‍රමිතිය, නිර්දේශය ලබා දෙන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව අත්කරගෙන තිබෙන උපරීම දියුණුවෙන් බව, එය අන්තය නොවෙයි.
    හිතන්න සියළුම පර්යේෂණ සම්පූර්ණ කර මුදාහැරි යමක් ඊළඟ වසර 10 තුළ මිනිසුන්ගේ අවයව වලට හානි කර ඇත්නම්, මිනිසුන්ගේ අභ්‍යන්තර ශරීරය වෙනස් කර ඇත්නම් ඒවා හඳුනා ගත්තේ 11 වන වසර වන විට දියුණු කළ තාක්ෂණයෙන් නම් වසර ගණනාවක් පුරාවට රටක ජනතාවට සිදු වූ හානිය යථා තත්වයට පත් කරන්න බොහෝ විට බැරිවෙන්න පුළුවන්. ඇත්තටම ඒවා හදන්න උත්සාහ කළොත් ඊට වඩා හානියක් වෙන්නේ. ඒ නිසයි සොබා දහමින් උරැම වූ දෑ හා සොබාදහමට අනුගත වීම වඩාත් ඵලදායී

    අපිත් කැමතියි දේශීය තාක්ෂණයක් තියනවා නම් පොලිෂ් කරලා ලෝකෙට අරගෙන යන්න. හැබැයි මේ වගේ කටමැත දොඩවන්න විතරක් තියන විකාර නෙවේ
    ලෝකයට අරන් යාම නම් මම දන්නේ නැහැ නමුත් රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න ඒවාටම කැපවී දත්ටික වැටෙනකන් විප්ලව කරන්න ඕන. සරලව මට එවන් කටයුතු කරන්න බැහැ නමුත් ඉතිරියත් තලා කුඩුකර දැමීමට ඉඩ නොහැර මෙවැනි "ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය." වැනි තැන්වලට ඇවිදින් දේශීය තාක්‍ෂණයන් බොරු බොරු යන්න පැවසීමට වඩා ඒ පිළිබඳව නොසිතූ පැති, නොදුටු දෑ, දන්නා දෑ තවත් ඉස්මතු කර දීම වැදගත් බව මාගේ හැඟීම.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම නැහැ, ඔබ එය මෙම ග්‍රහලෝක යම්කිසි ආකාරයකට මිනිසුන් පාලනය කරනවා ආදී වශයෙන් පමණට වඩා සිතීම නිසා අනාගැනීමක්. එසේ නොවෙයි අපි මේ ස්වභාවික පද්ධතිය ඇතුළේ ඉන්න හන්දා අපගේ ශරීර යහමින් වැඩෙනවා. මේකෙන් තාවකාලිකව හෝ එළියට යන අයට එහෙම නෑනේ. ඒ අයට අර ශාක වලට වගේ කෘතිම පරිසරයක් ඕන. අනෙක් කාරණය විශ්වයේ මිනිසුන් වාගෙම ජීවීන් සිටීදැයි සොයා බලන විට ඒ සඳහා මූලිකව සලකා බලන සාධක තියනවා.

    ඒ වගේම ඔබ කිසියම් මාසයක දී උපත ලැබුවා නම් ඔබ මවු කුස තුළ සිටියත් ඒ කාල පරාසය තුළ පරිසරයට අනුවයි ඔබ ගොඩනැගෙන්නේ. ඒ මත ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා ඔබගේ සෙෘඛ්‍ය තත්වය නිගමනය කරන්න. එමෙන්ම ඔබට නිතර සෙමද වැඩි, වාත රෝගාබාධ ද වැඩි ආදිය පුරෝකථනය කරන්න පුළුවන්. මෙය ඇස්බැන්ඳුමක් නොවෙයි. තේරුම් නොගැනීම.

    අරුං ටික අවුරුද්ද පුරා එලිය දාගෙන උඩ හතර වටේ යනකොට ඔබට කෙලවෙනවා. :ROFLMAO: ඉතිං ඔබගේ දෛනික ජීවිතයට බලපානවා. ඒ වගේම මේක තනි පෘථිවිය උනාට මේක ඇතුලේ දේවල් උන්ට ඕන හැටියට පාලනය වෙන්නේ. දවල්ට ඉහිං කනිං දාඩිය පෙරෙන්න වැඩේ දෙන්නෙත් උදේට හීතල කොරලා මරන්න හදන්නෙත් එයාලම තමයි.

    ඔබට පිළිගන්න වෙනවා ඔවුන්ට සතර මහා භූතයන්ට ඔවුන්ට රිසි සේ බලපෑම් කළ හැකි බව.

    ඔබගේ හිස සෑදිලා තිබෙන්නෙත් ඇට මස් ලේ නහර වලින්, දන්නවනේ හිසරදයක් ආවත් සිතුවිලි වෙනස් වෙනවා. ඔච්චර හරියක් කොරන ඔවුන්ට පුළුවන් අපට ආවේගය ඇතිවන ස්වභාවයක් හදන්න, ඕනෙනම් පිස්සු වට්ටන්නත් පුළුවන්. ඒ හන්දා තමයි හඳ මෝරන කාලයට අදාළ කාරණා සමාජයේ තිබෙන්නේ. මම පැවසූවා බෝධිසත්‍වයින් බුදුවීම සිදුවන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව. ඒ වගේම පැරැන්ණන් පෝය දාට පන්සලට, බෝධියට යන්න පුරුදුවෙලා ඉන්නේ නිකං සම්ප්‍රදායික කරුණක් නිසා නොවෙයි.

    මෙය තවදුරටත් ජ්‍යෝතිෂ කාරණා සමඟ කර්මය, අපල, උපද්‍රව ආදිය පිළිබඳව කතා කරන්න ගියහොත් සිනහ වෙනවා. ඒ හන්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.

    නමුත් බටහිර විද්‍යාව කරපින්නාගෙන නිසා මේවා ප්‍රායෝගිකව සිතා නොබැලීමයි ගැටළුව.

    මං ඔය කාරණා දන්නවා. මුන් අන්තිමට ඔබ කීව දේ කොරගෙන තියෙන්නේ. රාජ්‍යයන් බිඳ වැටීම මත පෙරදිග දැනුම, තාක්‍ෂණය විනාස වෙනවා, යට ගැසෙනවා, මුදල හා නුසුදුසුස්සන් මූලික වීම නිසා ඉතිරිය ඉස්මතු වෙන්නේ නැහැ. ඉඳුල් ටිකෙනුත් සල්ලි හොයන්න ගිහින් පීචං වෙන කාලයක් තමයි දැන් තියෙන්නේ.

    තව අවුරුදු ගණනාවකින් බටහිර විද්‍යාවට බැන බැන බුදු දහම අනුගමනය කරන අය යන්නෙත් බටහිර විද්‍යවේ මගමයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. උදා. දැනටමත් ලංකාවේ තවමත් නිවන පිළිබඳව ඉහළින් කතා කළාට, සාධනීයව පිළිගත්තට ඇතැම් බෞද්ධ රටවල නිවනක් ගැන කතාබහට ලක්වන්නේ නැහැනේ.

    ඒ ඔබ හිතන මට්ටම නමුත් ඔබ නොහිතන දේ තමයි එම ප්‍රමිතිය, නිර්දේශය ලබා දෙන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව අත්කරගෙන තිබෙන උපරීම දියුණුවෙන් බව, එය අන්තය නොවෙයි.
    හිතන්න සියළුම පර්යේෂණ සම්පූර්ණ කර මුදාහැරි යමක් ඊළඟ වසර 10 තුළ මිනිසුන්ගේ අවයව වලට හානි කර ඇත්නම්, මිනිසුන්ගේ අභ්‍යන්තර ශරීරය වෙනස් කර ඇත්නම් ඒවා හඳුනා ගත්තේ 11 වන වසර වන විට දියුණු කළ තාක්ෂණයෙන් නම් වසර ගණනාවක් පුරාවට රටක ජනතාවට සිදු වූ හානිය යථා තත්වයට පත් කරන්න බොහෝ විට බැරිවෙන්න පුළුවන්. ඇත්තටම ඒවා හදන්න උත්සාහ කළොත් ඊට වඩා හානියක් වෙන්නේ. ඒ නිසයි සොබා දහමින් උරැම වූ දෑ හා සොබාදහමට අනුගත වීම වඩාත් ඵලදායී

    ලෝකයට අරන් යාම නම් මම දන්නේ නැහැ නමුත් රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න ඒවාටම කැපවී දත්ටික වැටෙනකන් විප්ලව කරන්න ඕන. සරලව මට එවන් කටයුතු කරන්න බැහැ නමුත් ඉතිරියත් තලා කුඩුකර දැමීමට ඉඩ නොහැර මෙවැනි "ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය." වැනි තැන්වලට ඇවිදින් දේශීය තාක්‍ෂණයන් බොරු බොරු යන්න පැවසීමට වඩා ඒ පිළිබඳව නොසිතූ පැති, නොදුටු දෑ, දන්නා දෑ තවත් ඉස්මතු කර දීම වැදගත් බව මාගේ හැඟීම.
    බොහොම ස්තූතියි මතු කරන්න හදපු ඒවට.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම ජෝතිය්ශ්‍යනම් ඇත්තද දන්නේ නෑ, හැබැයි මම දන්න කෙනෙක් ඉන්නවා එයාට කේන්දරේ අතට දුන්නම specific details කියන්න පුළුවන්. හැබැයි මිනිහා කේන්දරේ බලන්නේ නැති තරම්. වෙන මොකක් හරි තමයි පාවිච්චි කරන්නේ. ඉගෙනගත්ත ක්ෂේශ්ත්‍රය, කලින් තිබුන සම්බන්ධකම්, ඒ ඒ අයගේ specific විස්තර, දැන් එයාගේ plans මොනවද? අසනීපයක් තිබුනොත් ඒක, කොටින්ම O/L, A/L ප්‍රතිපල. මොනවද ඒ මනුස්සය දැන් හිතන්නේ, ඒ බලන්න යන දවසේ කලින් මොකක් හරි විශේෂ දෙයක් උනොත් ඒක. pin point accuracy එකකට කියනවා. ආයේ වනලා ගහන්නේ නෑ, මිනිස්සුන්ගේ කටින් අල්ලගන්න දඟලන්නේ නෑ. හෙන පොඩි ගානක් ගන්නේ. කොච්චර හම්බ කරන්න පුළුවන් උනත් ලොකුවට සල්ලි පස්සේ පන්නන්නෙත් නෑ. මාසයක් උනත් හිතුනොත් කේන්දර නොබලා free එකේ ඉන්නවා. හොඳ job එකකුත් කරලා retire වෙලා ඉන්න කෙනෙක්. මට කසාද සීන් එකක් ඇහුවම මගේ ex ල කීයක් හිටියද? එයාලා කොයි කාලෙද නැවතුනේ, එයාලගේ ගතිගුණ, මගේ ගතිගුණ (මම ගියේ නෑ වෙන කෙනෙක් ගියේ) ඉඳන් විස්තර ටික ලස්සනට ලියලා දීලා එවලා තිබුනා. අනාගතය ගැනනම් කියපුවා හරිද දන්නේ නෑ. හැබැයි වර්තමානයනම් හරියටම හරි. බම්බලපිටියේ නාඩි පොට් එකෙත් හැබැයි අතීතය වර්තමානය හරියටම කියනවා මගේ යාලුවෙක්ගේ එකක් ඇහුවා, හැබැයි අනාගතයනම් බොරු.
     
    • Like
    Reactions: x game

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට බනින එක නෙමෙයි කරන්න ඕන, එහෙම ඒ දේ ඇත්ත කියන අය විද්‍යාත්මක ක්‍රමේකට ඒක පැහැදිලි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
    උදාහරනයක් විදියට මට කියන්න පුලුවන් මේ විශ්වය හතරැස් පෙට්ටියක් කියලා, හැබැයි දැනට හොයාගෙන තියන දේවල් වලින් විද්‍යාවට ඒක පැහැදිලි කරන්න බැහැ කියලා විද්‍යාවට බනින එක මේ විශ්වය හතරැස් කියලා ඔප්පු කරන්න පුලුවන් දෙක් නෙමයි. මම මේ විශ්ව හතරැස් කිවුවා නං මට ඒක හරියට පැහැදිලි කරගන්න පුලුවන් විදියක් තියෙන්න ඕන, අනෙක් අයටත් ඒක තනියම හොයලා කන්ෆර්ම් කරන්න විදියකුත් තියෙන්න ඕන.
    කියන දෙයක් ඇත්ත නං ඕනම ක්‍රමේකට ඒක ඇත්ත කියලා පෙන්නන්න පුලුවන් වෙන්න එපැයි.

    ග්‍රහ චලිත විද්‍යාවෙන් මුල් කාලෙ ඇහෙන් බලලා ඒව තියන තැන සහ එකම රටාවකට ඒව ආයෙ පේන්න ගන්න නිසා ඒවා ආයෙත් පේන දවස සහ තැන ගනනය කරන එක මහා ලොකු සංකීර්න දෙයක් නෙමයි.
    මම දන්න විදියට ඔය කේන්දර වල තියෙන්නෙ ඒ කෙනා ඉපදෙන වෙලාවෙ ග්‍රහලෝක වල පොසිශන් එක නේද. ඒක හොයා ගන්න අතිශය සංකීර්න ගනිත ක්‍රම ඕන නැහැ.
    ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ

    දාල තියන පොයින්ට් ටික බැලුවම

    1. ග්‍රහ ලෝක 9 තියනව කියලා ජ්‍යෝතිෂයෙ කියනවද. ගොඩක් පස්සෙ කාලෙක හොයාගනිපු යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වලට ජ්‍යෝතිෂයෙ කියන නම් මොනවද. එතකොට දැනගන්න පුලුවන් ඒව කලින් හොයාගත්තෙ ජ්‍යෝතිෂයෙන්ද බටහර විද්‍යාවෙන්ද කියලා. මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ තියෙන්නෙ අපිට ඇහැට ලේසියෙන්ම පේන ග්‍රහලෝක ටික, සූර්යා සහ හඳ. පසු කාලීනව සමහර ජ්‍යෝතිෂය වලදි අර අනෙක් ග්‍රහලෝක ගැන තිබුනට ඒවට කෙලින්ම බටහර අය දීපු නම් ටික ඒ විදියටම යූස් කරලා තියෙන්නෙ.

    2. මේ කියන්නෙ ග්‍රහලෝක සූර්යා වටා යන්න ගතවෙන කාලය වගේ දේවල් නං, මම දන්න විදියට ඒව මුල් කාලීනව ඒව හෙවුවෙ කෙප්ලර්ගෙ සමීකරන වලින්. දැන් නං ඊට වඩා ගොඩක් දියුනු ක්‍රම ඇති. ජ්‍යෝතිෂයෙ මේව කැල්කියුලේට් කරන සමීකරන එහෙම තියනවා නං දැම්මොතින් අපිට කම්පෙයා කරලා බලන්න පුලුවන්.

    3. රාහු කේතු කියලා දෙකක් ඉරට සහ හඳට නම් කරන එක ඒ තරම් දෙයක් නෙමයි මොකද ඒ දෙක තමයි අපිට හොඳටම පේන වස්තු දෙක. හඳ පොලව වටේ යනවා කියන එකත් ඒ තරං හිතන්නෙ නැතිව හොයන්න පුලුවන්. හැබැයි පුතේ ඉර වටේ පොලව යනවා කියන එක නං මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ නැහැ. පසු කාළිනව ඒව එකුතු වෙලා තියෙන්න පුලුවන්
    පොලව ඉර වටේ යනවා කියන එක මූලිකවම කොපර්නිකස් ගෙ අයිඩියා එකක් මට මතක විදියට 1500 විතරදි තමයි ඔය අයිඩියා එක ආවෙ
    ඒ දෙකට නං දෙකක් තියනවා කියන එකෙන් කොහොමද කියන්නෙ පොලව ඉර වටේ යනවා කියලා

    4. ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ ග්‍රහක මිලියන ගානක් තියනවා ඇයි 28ක් ගැන විතරක් කියන්නෙ. ලොකුම ඒව 28ක් තියනවා කියලා කියන්නත් බැහැ මොකද, සෙරස් වගේ ලොකුම ඒව කිහිපයයි තියෙන්නෙ ඊට පස්සෙ ගොඩක් සමාන සයිස් වල ඒව සිය දහස් ගානක් තියෙනවා. මම නිකමට දැනට හොයාගෙන තියන ඇස්ටරොයිඩ් වල සයිස් වලින් ඕඩර කරලා බැලුවා එතකොට 28 වෙනියට තියන එක කිලෝමීටර් 186-190Km සයිස් එකක්, 29 වෙනියට තියන එක කිලෝමීටර් 174-200 ක විතර සයිස් එකක්. ඊලඟට තියන 10ක් විතරම ගත්තත් සයිස් එක ඔය රේන්ජ් එකේමයි. එතකොට ඇයි 28ක් විතරක්

    පෙරදිග පඬිවරුම ඕක හොයාගත්තා කියලා කියන්න අමාරුයි. ගොඩක් පුරාන ශිශ්ඨාචාර වල ගොඩක් ග්‍රහ වස්තු ගැන හොදට අධ්‍යනය කරලා ඒවයෙ ගමන් මාර්ග ගැන එහෙම හොඳ අවබෝධයක් තිබුනු අය ඉදලා තියනවා. මට මතක විදියට බැබිලෝනියානු/සුමේරියානු/ග්‍රීක වගේ ශිශ්ඨාචාර වල ඔය ගැන හොඳට අධ්‍යනය කරපු අය ඉඳලා තියනවා. හැම ශිශ්ඨාචාරෙකම ඔය ග්‍රහ වස්තු වලට දේවත්වයෙන් සලකපු එක සහ එක එක ග්‍රහ වස්තු මගින් විවිධාකාර දේවල් පාලනය වෙනවා කියන එක ටිකක් පොදුවෙ තිබුනු දෙයක්
    ඒ දැනුම තැනින් තැනට ගිහින් ඒකම වෙනස් වෙලා පෙරදිග ජ්‍යෝතිෂය හැදුනා වෙන්නත් පුලුවන්.
    ග්‍රහලෝක කියන්නෙ මොඩල් එකක් බන් ජෝතීශ්‍ය එක්ස්ප්ලේන් කරන්න තියෙන්නෙ .හරියට ඊක්වේශන් එකක තියෙන්නෙ වේරිඅබල් වගේ. ඒ ටිකෙන් බැරි එකට ඉමැජිනරි ග්‍රහයො දෙන්නෙක් යොදාගෙන තිඋඑනවා.

    ඕක මම නම් දකින්නෙ , මිනිස්සුන්ගෙ ජීවිත වල වෙන දේවල් යම් රටාවක් මිනිස්සු නිරීක්ශණය කරලා තියෙනවා . ඒවා මෙශර් කරන්න යොදාගෙන තිබුණදෙය තමයි ග්‍රහලෝක . මොකද ඒ කාලේ කම්පුටර් තිබුනෙ නෑනේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    1. Barnum Effect

    2. Confirmation Bias

    ලංකාවෙ මෝඩ යක්කුන්ට කෙල වෙලා තියෙන්නෙ අනවශ්‍ය විදියට ඕව ඔලුවෙ උඩ තියාගෙන දගලන නිසා.

    Mama me danna hadpu comment eka.... :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    නැකතට වැඩ කෙරුවාට රට දියුණු වෙලා නෑ
    ගණ බලලා නම තිබ්බාට සෙතක් වෙලා නෑ

    බොරු හණමිටි සුත්තවල් කරේ තියන් යන මෝඩ කළු කැත සොන්නයෝ :lol:
     
    • Like
    Reactions: hkiz and topkollek

    Sen-lu

    Well-known member
  • මම ජෝතිය්ශ්‍යනම් ඇත්තද දන්නේ නෑ, හැබැයි මම දන්න කෙනෙක් ඉන්නවා එයාට කේන්දරේ අතට දුන්නම specific details කියන්න පුළුවන්. හැබැයි මිනිහා කේන්දරේ බලන්නේ නැති තරම්. වෙන මොකක් හරි තමයි පාවිච්චි කරන්නේ. ඉගෙනගත්ත ක්ෂේශ්ත්‍රය, කලින් තිබුන සම්බන්ධකම්, ඒ ඒ අයගේ specific විස්තර, දැන් එයාගේ plans මොනවද? අසනීපයක් තිබුනොත් ඒක, කොටින්ම O/L, A/L ප්‍රතිපල. මොනවද ඒ මනුස්සය දැන් හිතන්නේ, ඒ බලන්න යන දවසේ කලින් මොකක් හරි විශේෂ දෙයක් උනොත් ඒක. pin point accuracy එකකට කියනවා. ආයේ වනලා ගහන්නේ නෑ, මිනිස්සුන්ගේ කටින් අල්ලගන්න දඟලන්නේ නෑ. හෙන පොඩි ගානක් ගන්නේ. කොච්චර හම්බ කරන්න පුළුවන් උනත් ලොකුවට සල්ලි පස්සේ පන්නන්නෙත් නෑ. මාසයක් උනත් හිතුනොත් කේන්දර නොබලා free එකේ ඉන්නවා. හොඳ job එකකුත් කරලා retire වෙලා ඉන්න කෙනෙක්. මට කසාද සීන් එකක් ඇහුවම මගේ ex ල කීයක් හිටියද? එයාලා කොයි කාලෙද නැවතුනේ, එයාලගේ ගතිගුණ, මගේ ගතිගුණ (මම ගියේ නෑ වෙන කෙනෙක් ගියේ) ඉඳන් විස්තර ටික ලස්සනට ලියලා දීලා එවලා තිබුනා. අනාගතය ගැනනම් කියපුවා හරිද දන්නේ නෑ. හැබැයි වර්තමානයනම් හරියටම හරි. බම්බලපිටියේ නාඩි පොට් එකෙත් හැබැයි අතීතය වර්තමානය හරියටම කියනවා මගේ යාලුවෙක්ගේ එකක් ඇහුවා, හැබැයි අනාගතයනම් බොරු.
    කොහේද ඔය කෙනා ඉන්නෙ?. එයා වැඩිය කේන්දර බලන්න කැමති නෑ, දැං වනගතවෙලා, ඉන්න තැන මතකනෑ වගේ ඉලව් කියන්නෙ නැතුව කියපං බලන්න. මම මේකෙ මේ ප්‍රශ්නෙ අහපු කවුරුත් තවම ඔය මැජික් ආචාරීල ඉන්න තැනක් කියල නෑ.