අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු අපි මොනවද මේ "Customs Declaration" එකක්, එහෙම නැත්නම් CusDec එකක් කියන්නේ කියලා බොහොම සරලවම.
සිංහලට පරිවර්තන කරාම අපි නාවික සහ රේගු ජිවිතේ ඕකට කියන්නේ "රේගු ප්‍රකාශය" කියලා. පහසුව සදහා අපි ලිපියේ CusDec කියන වචනේ බාවිතා කරමු.
ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට, කලාපයකින් කලාපයකට සහ රටකින් රටකට භාණ්ඩ සහ සේවා හුවමාරුව සිදුවන විට එය අදීක්ෂණය කිරීමට, භාණ්ඩ ප්‍රවාහය පාලනය කිරීමට සෑම රටකටම දේශසීමා පාලන ආයතනයක් ඇත. සරලවම ප්‍රකාශ කරොත් රේගුවක් හෝ, දේශ සිමා පාලන අදිකාරියක්.
ආනයනකරුවන් සහ අපනයනකරුවන් ලෙස රටක් තුලට සහ රටින් පිටතට හුවමාරු වන භාණ්ඩ සහ සේවා පිලිබදව සවිස්තර තොරතුරු සාරාංශයක් අදාළ රටේ රේගුවට සැපයිය යුතුය.
එම කටයුත්ත සදහා බාවිතාකරන, රටකින් රටකට අවේනික නමුත් අන්තර්ගතය නොවෙනස් විස්තර පුරවා ඉදිරිපත්කල යුතු ලියවිල්ල අප පොදුවේ හදුන්වන්නේ "Customs Declaration" නැතහොත් CusDec ලෙසයි.
වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) රේගු ප්‍රකාශය හඳුන්වා දී ඇත්තේ රේගු වැඩ ක්‍රියාවලිය සුමට කිරීමට සහ ලෝකයේ ඒකාකාර පද්ධතියක් ඇති කිරීමටය.
මෙහිදී, මෙම ක්‍රියාවලිය තුලින් රටවල් අතර ආනයන සහ අපනයන පිලිබදව තොරතුරු එක් පද්දතියක් තුලින් දැකබලා ගත හැක.
මෙහිදී රේගුවට ආනයන සහ අපනයන භාණ්ඩ පිලිබදව තොරතුරු සපයන පුද්ගලයා ASYCUDA පද්දතිය හරහා "Customs Declaration" නැතහොත් CusDec ලියවිල්ල සම්පුර්ණ කල යුතුය.
මෙම ආකෘති World Customs Organization අනුමැතිය සහිතව නිර්මාණය කර ඇත.
"Customs Declaration" නැතහොත් CusDec එක තුලින් ප්‍රදාන වශයෙන් සිදුකරනු ලබන්නේ අදාළ පද්දතියට දත්ත සංග්‍රහ කිරීමෙන් පසු භාණ්ඩයේ ගෙවිය යුතු තීරුබදු සහ බදු හඳුනාගැනීමයි.
එහිදී, පෙර පැවති අත්පොත ක්‍රමයට වඩා Online ක්‍රමයට තම ආනයන සහ අපනයන භාණ්ඩ සදහා ගෙවිය යුතු තීරුබදු සහ බදු දැනගැනීමට අදාළ පුද්ගලයාට හැකියාව ලැබෙයි.
අතීතයේ මෙම CusDec පිරවීම අත්පොත ක්‍රමයට සිදුකරනු ලැබුවත් වර්තමානයේ එය සිදුකරනු ලබන්නේ ASYCUDA ලෙස හදුන්වන විද්‍යුත් පද්දතිය හරහාය.
මෙහිදී මෙම ASYCUDA පද්දතිය එම රටෙහි රේගුව, රේගු නිවාස නියෝජිතයන් (Customs House Agents), Shipping Lines/NVOCC, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් (Freight Forwarders) , රජයේ කාර්යාල , වරාය/පර්යන්ත යන පාර්ශ්වයන් බාවිතාකරනු ලබයි.
තමන් ආනයනය හෝ අපනයන සදහා සකස්කළ වාණිජ භාණ්ඩ ඉන්වොයිසිය, ඇසුරුම් ලැයිස්තුව (commercial invoice and packing list) හි සදහන් භාණ්ඩ වල වාණිජ වටිනාකම් සහ ගුදම් ගාස්තු, රක්ෂණ ගාස්තු, ආනයනකරු, අපනයන කරු, ප්‍රවාහන මොඩලය, යාත්‍රාවේ විස්තර සහ HS Code යනාදී තොරතුරු අදාළ පුද්ගලයා හෝ ආයතනය "Customs Declaration" නැතහොත් CusDec ලියවිල්ල තුලට අන්තර්ගත කලයුතුය.
පහත සදහන් අප බාවිතා කරන CusDec ආකෘතිය තුලින් ඔබට යම් අදහසක් ලබාගන්න පුළුවන් සැපයියයුතු තොරතුරු පිලිබදව
වර්තමානයේ අප රටෙහි බහුතරයක් සිදුවන්නේ ආයතන නම්කල හෝ, ආයතනයට අනුයුක්ත Customs House Agents හරහා මෙම CusDec ලියවිල්ල සම්පුර්ණ කිරීමයි.
"Customs Declaration" නැතහොත් CusDec ලියවිල්ල සම්පුරණ කිරීමට,
* Bill of Lading (BL)
* Delivery order (DO)
* Commercial invoice and packing list
* Special approvals from other authorities if any (tea board approval, import and export control board approval etc)
* Certificates (Certificate of Origin, Analytical certificate etc)
ඉහත සදහන් තොරතුරු අන්තරගත ලියකියවිලි අවශ්‍යවේ.
අදාළ තොරතුරු සමගින් "Customs Declaration" නැතහොත් CusDec ලියවිල්ල සම්පුරණ කිරීමෙන් පසුව භාණ්ඩයට අදාළ ගෙවිය යුතු තීරුබදු සහ බදු තොරතුරු සපයන්නාට ලැබෙන අතර පසුව බදු සහ වරාය පර්යන්ත ගෙවීම් සිදුකිරීමෙන් පසුව භාණ්ඩ නිෂ්කාශනය කරගැනීමට තොරතුරු සපයන්නාට හෝ අදාළ ආයතනය අවස්තාව හිමිවේ.
කෙටි සටහන : Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

Last edited: