මුන්ගේ ඇටිටිවුට් එකම අවුල්. දින්න ඕනා කියලා හිතුවට දිනන්නේ මෙහෙමයි කියලා ප්ලෑන් එකක් නැහැ දවසේ හැටියට වැනුවා ගැහුවා දින්නා. ඊට පස්සේ මෙහේ ඉත්තෑවෝ කරේ තියන් ගියා කවි ලිව්වා පෝස්ට් ගැහුවා එච්චරයි. 10ක් ගැහුවම අමාරුවෙන් දෙකක් තලා ගන්නවා. හොදම උදාහරණය තමයි කසුන් රාජිතගේ බෝලයක් විකට් එකේ වදිනවා කැඩෙන්නේ නැහැ. විකට් එක කැඩුන්නේ නැහැ කියලා කිසිම ෆීලින් එකක් නැහැ. ඌට නෙවේ වගේ ගියා. වෙන රටක බෝලර් කෙනෙක් නම් කෙලින්ම විකට් එක ලගට ගිහින් ඒක ගලවලා හොල්ලලා එන්නේ ඇයි කැඩුනේ නැත්තේ කියලා බලලා. මුන් ඔක්කොටම තියෙන්නේ ඒ ප්‍රශ්නේ. දිනන්න කෑදරකමක් නැහැ. දුන්නොත් අරන් එනවා. එච්චරයි. හවසට ගහන බඩුව කව්ද ඊළගට ගහන එග්‍රීමන්ට් එක මොකක්ද කියලා විතරයි ඔලුවේ තියෙන්නේ


