Neurosity Crown කියන්නේ electroencephalogram (EEG) එකක්. EEG වලින් කරන්නේ මිනිස්සුන්ගේ මොලේ generate වෙන Brain Waves read කරන එක. Electroencephalogram machines පාවිච්චි කරලා brain waves read කරන එක Scientists ලා දැන් ගොඩක් කාලයක් ඉඳලා කරගෙන යන දෙයක්.
ඒ හින්දා Neurosity Crown කියන්නේ Personal Use එක සඳහා නිර්මාණය කරපු Futuristic Look එකක් තියෙන Electroencephalogram Machine එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේ gadget එක වටේට අපේ brain waves read කරන්න පුළුවන් විදිහේ electrodes සම්බන්ධ කරලා තියෙනවා. මේක $999 ක මුදලකට ගන්න පුළුවන්.
https://neurosity.co/
Neurosity එකෙන් අපේ එක එක thought patterns recognize කරගන්න පුළුවන් විදිහේ algorithms train කරන්න පුළුවන් dashboard එකක් provide කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි lemon ගෙඩියක් හපද්දී අපේ මොලේ ක්‍රියාත්මක වෙන brain waves recognize කරගන්න පුළුවන් විදිහේ algorithm එකක් train කරලා පස්සේ අපි lemon ගෙඩියක් හපද්දී දැනෙන හැගීම මතක් කරද්දී එක එක actions trigger වෙන විදිහට software එකක් අපිට නිර්මාණය කරගන්න පුලුවන්. ඒක කරන්න පුළුවන් JavaScript SDK එකක් Neurosity එකෙන්ම නිර්මාණය කරලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න නම් මුලින්ම Node.js project එකක් initialize කරගෙන පල්ලෙහා command එක terminal එකේ type කරලා neurosity/sdk npm package එක install කරගන්න ඕනේ.
Bash:
npm install @neurosity/sdk
https://docs.neurosity.co/docs/tutorials/your-first-node-app
https://github.com/neurosity/neurosity-sdk-js
https://www.npmjs.com/package/@neurosity/sdk
දැන් අපේ එක එක mental states වලට අනුව ක්‍රියාත්මක වෙන විදිහේ JavaScript functions අපේ Node.js project එක අස්සේ ලියන්න පටන්ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොලේ සන්සුන්ව calm state එකේ තියෙද්දී Hello World කියලා console log වෙන විදිහේ function එකක් ලියන්නේ මෙහෙමයි. මෙතනදී user ගෙ මොලේ calm state එක 0.3 significant number එකට වඩා වැඩි වුන ගමන් Function එක call වෙන්න පටන්ගන්නවා.
JavaScript:
neurosity.calm().subscribe((calm) => {
if (calm.probability > 0.3) {
console.log("Hello World!");
}
});
තව උදාහරණයක් ගත්තොත් අපි lemon ගෙඩියක් bite කරද්දී දැනෙන හැඟීම මතක් කරගද්දී Call වෙන විදිහේ function එකක් ලියන්නේ මෙහෙමයි. ඒ සඳහා අපි මුලින්ම අපි lemon ගෙඩියක් හපද්දී අපේ මොලේ ක්‍රියාත්මක වෙන brain waves recognize කරගන්න පුළුවන් විදිහේ algorithm එකක් Neurosity එකේ Kinesis Dashboard එක හරහා train කරගන්න ඕනේ. ඊටපස්සේ neurosity.kinesis API එකෙන් ඒ algorithm එක access කරලා lemon ගෙඩියක් bite කරද්දී දැනෙන හැඟීම මතක් කරගද්දී Call වෙන විදිහේ JavaScript function එකක් ලියාගන්න පුළුවන්.
JavaScript:
neurosity.kinesis("bitingALemon").subscribe((intent) => {
console.log("Hello World!");
});
https://docs.neurosity.co/docs/api/kinesis/
මං උඩින්ම දාලා තියෙන video එකේ Node.js project එකට openai npm package එකත් install කරගෙන neurosity sdk එක හරහා openai API එකේ එක එක functions call කරන්න පුළුවන් වෙන විදිහේ software එකක් හදලා පෙන්නනවා. ඒක එතකොට අපි අපේ සිතුවිලි පාවිච්චි කරලා AI එකක් මනසින් පාලනය කරනවා වගේ වැඩක්. මේ Neurosity Technology එක පාවිච්චි කරලා ඇත්තටම අපිට ගොඩක් වටින වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ වගේම අපි හැමවෙලේම මේ වගේ අලුතින් එන technologies ගැන update එකේ ඉන්න ගමන් ඒ අළුත් technologies පාවිච්චි කරලා අළුත් අළුත් projects නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕනේ.

aith depresion haden na athakota
oka upload karala depression hadenawa