Brain Waves වලින් json data generate කරලා මනසින් control කරන්න පුළුවන් Node.js software එකක් හදන්න පුළුවන් gadget එකක් ඇවිල්ලා! 😱 - Neurosity Crown

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93



    Neurosity Crown කියන්නේ electroencephalogram (EEG) එකක්. EEG වලින් කරන්නේ මිනිස්සුන්ගේ මොලේ generate වෙන Brain Waves read කරන එක. Electroencephalogram machines පාවිච්චි කරලා brain waves read කරන එක Scientists ලා දැන් ගොඩක් කාලයක් ඉඳලා කරගෙන යන දෙයක්.
    The-measurement-and-display-of-EEG-on-human-brains-with-electrodes-8.jpg


    an-electroencephalogram-or-eeg-being-performed-image-credit-baburov-2009.jpg



    ඒ හින්දා Neurosity Crown කියන්නේ Personal Use එක සඳහා නිර්මාණය කරපු Futuristic Look එකක් තියෙන Electroencephalogram Machine එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේ gadget එක වටේට අපේ brain waves read කරන්න පුළුවන් විදිහේ electrodes සම්බන්ධ කරලා තියෙනවා. මේක $999 ක මුදලකට ගන්න පුළුවන්.
    https://neurosity.co/


    3a.png


    2a.png


    Neurosity එකෙන් අපේ එක එක thought patterns recognize කරගන්න පුළුවන් විදිහේ algorithms train කරන්න පුළුවන් dashboard එකක් provide කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි lemon ගෙඩියක් හපද්දී අපේ මොලේ ක්‍රියාත්මක වෙන brain waves recognize කරගන්න පුළුවන් විදිහේ algorithm එකක් train කරලා පස්සේ අපි lemon ගෙඩියක් හපද්දී දැනෙන හැගීම මතක් කරද්දී එක එක actions trigger වෙන විදිහට software එකක් අපිට නිර්මාණය කරගන්න පුලුවන්. ඒක කරන්න පුළුවන් JavaScript SDK එකක් Neurosity එකෙන්ම නිර්මාණය කරලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න නම් මුලින්ම Node.js project එකක් initialize කරගෙන පල්ලෙහා command එක terminal එකේ type කරලා neurosity/sdk npm package එක install කරගන්න ඕනේ.

    Bash:
    npm install @neurosity/sdk

    https://docs.neurosity.co/docs/tutorials/your-first-node-app

    https://github.com/neurosity/neurosity-sdk-js

    https://www.npmjs.com/package/@neurosity/sdk

    දැන් අපේ එක එක mental states වලට අනුව ක්‍රියාත්මක වෙන විදිහේ JavaScript functions අපේ Node.js project එක අස්සේ ලියන්න පටන්ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොලේ සන්සුන්ව calm state එකේ තියෙද්දී Hello World කියලා console log වෙන විදිහේ function එකක් ලියන්නේ මෙහෙමයි. මෙතනදී user ගෙ මොලේ calm state එක 0.3 significant number එකට වඩා වැඩි වුන ගමන් Function එක call වෙන්න පටන්ගන්නවා.

    JavaScript:
    neurosity.calm().subscribe((calm) => {
      if (calm.probability > 0.3) {
        console.log("Hello World!");
      }
    });

    තව උදාහරණයක් ගත්තොත් අපි lemon ගෙඩියක් bite කරද්දී දැනෙන හැඟීම මතක් කරගද්දී Call වෙන විදිහේ function එකක් ලියන්නේ මෙහෙමයි. ඒ සඳහා අපි මුලින්ම අපි lemon ගෙඩියක් හපද්දී අපේ මොලේ ක්‍රියාත්මක වෙන brain waves recognize කරගන්න පුළුවන් විදිහේ algorithm එකක් Neurosity එකේ Kinesis Dashboard එක හරහා train කරගන්න ඕනේ. ඊටපස්සේ neurosity.kinesis API එකෙන් ඒ algorithm එක access කරලා lemon ගෙඩියක් bite කරද්දී දැනෙන හැඟීම මතක් කරගද්දී Call වෙන විදිහේ JavaScript function එකක් ලියාගන්න පුළුවන්.

    JavaScript:
    neurosity.kinesis("bitingALemon").subscribe((intent) => {
      console.log("Hello World!");
    });

    https://docs.neurosity.co/docs/api/kinesis/

    මං උඩින්ම දාලා තියෙන video එකේ Node.js project එකට openai npm package එකත් install කරගෙන neurosity sdk එක හරහා openai API එකේ එක එක functions call කරන්න පුළුවන් වෙන විදිහේ software එකක් හදලා පෙන්නනවා. ඒක එතකොට අපි අපේ සිතුවිලි පාවිච්චි කරලා AI එකක් මනසින් පාලනය කරනවා වගේ වැඩක්. මේ Neurosity Technology එක පාවිච්චි කරලා ඇත්තටම අපිට ගොඩක් වටින වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ වගේම අපි හැමවෙලේම මේ වගේ අලුතින් එන technologies ගැන update එකේ ඉන්න ගමන් ඒ අළුත් technologies පාවිච්චි කරලා අළුත් අළුත් projects නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕනේ.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    Software Engineers ල තමයි ඔය packages පාවිච්චි කරලා ඔය වගේ Softwares හදන්නේ. :D SE ල left වෙන එක නෙමෙයි බං SE ලගෙ job opportunities වැඩි වෙන එක තමයි ඕකෙන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මොකක් හරි Company එකකින් හරි Government Department එකකින් හරි එයාලගෙ Financial Sector එකේ වැඩ ටික පහසු කරගන්න AI වලින් Solution එකක් හදලා දෙන්න කියලා Software Consulting Company එකකට project එකක් දුන්නොත් ඒ Software Company එකේ වැඩ කරන Software Engineers ල ටික එකතු වෙලා මේ වගේ npm packages එහෙම පාවිච්චි කරලා ඒ සඳහා AI solutions develop කරනවා. ඔයා කියන විදිහට අපි හදන ඒ AI solution එක නිසා මුලින්ම left වෙනවනම් left වෙන්නේ අර Company එකේ හෝ Government Department එකේ Financial Sector එකේ jobs කරන කට්ටියගෙ jobs ටික. එතකොට ඔයා කියන විදියට Software Engineers ලගෙ job එක තමයි අනිත් Sectors වල job කරන කට්ටියගෙ jobs ටික left කරන එක. ඒ හින්දා ඔයා කියන විදිහට Software Engineers ලගෙ job එකත් කවදාහරි left වෙනවනම් ඊට කලින් අනිත් හැම sector එකකම jobs ඔක්කොම ටික left වෙලා තියෙන්න ඕනේ. ඒත් ඇත්තටම වෙන්නේ මේ වගේ AI Solutions නිසා මිනිස්සුන්ගෙ jobs left වෙන එක නෙමෙයි. එයාලගෙ job එක කරන එක වඩාත් පහසු කරන එක තමා AI Solutions වලින් වෙන්නේ. ඔය කතාව සාමාන්‍ය මිනිස්සුන්ට පහදලා දෙන්න හරිම අමාරුයි. සාමාන්‍යයෙන් ලොකුවට Industry Knowledge එකකුයි, Experience එකකුයි, ඒ සම්බන්ධ Education එකකුයි අවශ්‍ය වෙන්නේ නැති ඔය පොඩි පොඩි jobs කරන කට්ටියගෙ jobs නම් සමහරවිට AI නිසා නැතිවෙන්න පුළුවන්. ඒත් Government Officers ල, Financial Managers ල, Bankers ල, Doctors ල, Engineers ල, Software Engineers ල, Lawyers ල, Educators ල වගේ professional industry knowledge එකක්/ Higher Education Qualification එකක් සහ Experience එකක් අවශ්‍ය කරන Fields වල වැඩ කරන කට්ටියගෙ jobs AI නිසා නැති වෙන්නෙ නෑ. ඒ අයගේ jobs එයාලට වඩාත් පහසුවෙන් සිදුකරගන්න පුලුවන් වෙන එක තමයි AI Solutions වලින් වෙන්නේ. ඒ වගේම Construction Workers, Drivers, Barbers, Cooks ල වගේ අත පය වෙහෙසලා වැඩ කරන කට්ටියගෙ jobs ටිකත් AI වලින් බොහෝදුරට replace වෙන්නෙ නෑ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    බුදුහාමුදුරුවන් ගේ කාලේ සෝවාන් වත් නොවුන ත්‍රිපිටක විශාරද හාමුදුරුවරු හිටියා.. :yes:
    joke ekata bn damme:P oka upload karala depression hadenawa
     
    • Haha
    Reactions: dayt0na