Life Insurance plans

ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    Insurance මම තිබ්බ එකත් අයික් කරල දැම්මා.
    කොහොමද අයින් කරේ. ගෙවපු සල්ලි වලට මොකද වුනේ. දැන් ලංකාවේ සිටුවේෂන් එකත් එක්ක මගේ එකත් ගෙවාගෙන යන්න අමාරුයි කියල හිතෙනව.
     
    • Like
    Reactions: DadayamBatta

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,009
    113
    Sri Lanka
    කොහොමද අයින් කරේ. ගෙවපු සල්ලි වලට මොකද වුනේ. දැන් ලංකාවේ සිටුවේෂන් එකත් එක්ක මගේ එකත් ගෙවාගෙන යන්න අමාරුයි කියල හිතෙනව.
    මාස 5 ක් ගෙව්වා. ගෙවපු සල්ලි ගැන හිතුවෙ නෑ. මම නම් අයින් කරේ සල්ලි නැති හින්ද නෙමෙයි. වෙන කරුනු ටිකක් හින්ද. මම ඒක මේකෙ දාන්නම් තව ටිකකින්. 40% ක් විකර මම හිතන්නෙ ගන්න පුළුවන්. උන්ට කෝල් එකක් දෙන්න. හැබැයි ඒකත් policy එකේ තියෙන්න ඕන: එව්ව අපි නොදැන තමයි insurance දාන්නෙ. ඕක එක අතකට පත මාෆියාවක් විදියට මට තේරෙන්නෙ.
     
    • Like
    Reactions: DadayamBatta

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මාස 5 ක් ගෙව්වා. ගෙවපු සල්ලි ගැන හිතුවෙ නෑ. මම නම් අයින් කරේ සල්ලි නැති හින්ද නෙමෙයි. වෙන කරුනු ටිකක් හින්ද. මම ඒක මේකෙ දාන්නම් තව ටිකකින්. 40% ක් විකර මම හිතන්නෙ ගන්න පුළුවන්. උන්ට කෝල් එකක් දෙන්න. හැබැයි ඒකත් policy එකේ තියෙන්න ඕන: එව්ව අපි නොදැන තමයි insurance දාන්නෙ. ඕක එක අතකට පත මාෆියාවක් විදියට මට තේරෙන්නෙ.
    insurance එක දාන දවස්වල හිතුනේ හම්බෙන ක්ලේම් ලොකු ගණන් කියල. එත් දැන් ඒවගෙන් කරන්න පුලුවන් දෙයක් නෑ.
     
    • Wow
    Reactions: DadayamBatta

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,009
    113
    Sri Lanka
    වාරිකේ 20300/= ගානෙ මම මගේ ගෙදර 4 දෙනාටම දැම්මා.... මට, නෝනට, ළමයි දෙන්නට.
    එක්කෙනෙක්ට ලක්ෂ 5ක් cover එක. death cover එක ලක්ෂ 100 යි. Hospital හිටියොත් මට ගෙවනව දවසට 8000ස් ගානක්.

    මෙන්න මේව තමයි මම මේක අයින් කරන්න හේතු.

    Private Hospital වලට ලක්ෂ 5න් කරන්න පුළුවන් දෙයක් නෑ දැන්. මම අඳුරන ගෑණු කෙනෙක්ට බඩේ ගෙඩියක් ඇවිත් ලක්ෂ දෙකෙන් වගේ Operation එක කරල, හොස්පිටල් එකේ වැරැද්දකින් ප්ලීහාව පොඩ්ඩක් වැඩියෙන් කැපිල දැන් ලක්ෂ 60 ක් ඉල්ලනව ලු. ලක්ෂ 5 ට කරන්න පුළුවන් දෙයක් නෑ. අවුරුදු 30 කින් ලක්ෂ 150 ක් හම්බෙනව. ඒ කාලෙට ලක්ෂ 150 කියන්නෙ පට්ට අඩු ගානක්. හැබැයි ඒ මම වියදම් කරන 20300 මේ කාලෙදි ව්‍යාපාරයකට යොදවල අඩුම Google ads වලට දැම්මත්, අර ගානට වඩා හොයන්න පුළුවන් අඩු කාලයකදි.
    අනික මගේ ජීවිතය ගැන මම තීරණය කරන්ව. වෙන කොම්පැනියකට භාර දෙන්නෙ නෑ. Insurance දාපු එකාට මම ඕක කොච්චර කිව්වත් ඌ පට්ට බොරු ගොඩක් ගහල ගහල මාව පෙලඹෙව්වා. ඒක මගේ දුර්වලතාවයක් අවසානෙ ඌගෙ වචනෙට අහු උන එක.

    අපේ හොඳම insurance එක තමයි අපි ඔය ගෙවන සල්ලි ටික මහන්සියෙන් බැංකුවට දාල health cover එකක් වෙනුවට අපි ඒ ටික හොලවන්නෙ වත් නැතුව තියා ගන්න එක. එහෙම තියෙනව නම් අපිට Insurance ඕන වෙන්නෙ නෑ.

    මේකෙ හොඳම එක තමයි හෙන කලාතුරකින් හැදෙන ලෙඩ වලට තමයි මේකෙ ගෙවන්නෙ. දත් කැක්කුමක් ඇවිත් දතක් ගැලෙව්ව කියල දෙන්නෙ නෑ. අවුරුද්දට රුපියල් 10,000 යි තියෙන්නෙ dental වලට. බලපන් එතනම මාෆියාවනෙ. මට ඒකෙත් තමයි එපා උනේ.. ‍නෝනගෙ දත් කැක්කුමක් ඇවිත් කරන්න ගියාම මෙන්න කියපි 10,000 යි තියෙන්නෙ කියල. මෙච්චර ගෙවලත් 10,000 යි.

    අනික් හොඳම දේ මේ ලඟදි මම Insurance එක හින්ද admit කරන්න ගියා wife ව. pvt hospital එකෙන් කිව්ව admit කරන්න බෑ දොස්තරල නෑ කියල. මට මල පැනල බැනල ඇවිත් general hospital ගියා. ඔය සිද්ධි ඔක්කොම එක්ක මම cancel වෙන්න දැම්ම. ආයෙ ගෙවන්නෙ නෑ insurance වලට සත පහක්.