ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට 10,000 ඒව 2ක් ඇදිලා තියනවා. දැනට

    Super ball ticket එක start කරලා ගියපු පළවෙනි සුපිරි තෑග්ග කෝටි 3ක් විතර ගියා ඇල්පිටිය පැත්තේ කම්මල් වැඩ කරපු කෙනෙක්ට මිනිහා නම් ගොඩ ගිය.
    පාරේ අයිනෙන් ඉඩමක් අරන් rent කරන්න building 2ක් ගැහුවා. ගෙයක් හැදුවා. Bus එකක් දැම්මා route එකට. අවුලක් නැතුව ඉන්නවා පොර
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    මෙක පත්තරේක දාලා තිබුන සීන් එකක්. ගමක මැදි වයසෙ මනුස්සයෙකුට ලක්ෂ 10 ඇදිලා තියනවා ඉතිං ඔය විස්තරේ ගමම දන්නවා. ඒ දිනවලම ගමේ පන්සලේ මොනවහරි ඉදිකිරීමකට මුදල් එකතු කරන්න වෙන්දේසියක් සංවිධානය කරලා තියෙනවා හුඟ දෙනෙක් බලාපොරොත්තුවෙලා තියෙන්නෙ මු ලොකු ලංසුවක් තියයි කියලා ඒත් මෙයා ඉල්ල ලා තියෙන්නෙ 500 කට, කට්ටියක් ඒකට මූට සවුත්තුව දාලා ලක්ෂපතියො වුනාට කුණු ලෝභකම අරවා මේවා කියලා කොහොම හරි කතාව දිගට ගිහිල්ලා අන්තිමට මුට පිහියෙන් අනිනවා එකෙක්, මූ මැරෙනවා. මුගෙ සාක්කුවෙ තිබිලා තියෙන්නෙ රුපියල් 20 කුයි බීඩියකුයි විතරයි. ලොතරැයි පත බාර දුන්නට චෙක්පත ලැබිලා නෑලු ඒ වෙනකොටත්.
     

    Sen-lu

    Well-known member
  • මම දන්න දෙන්නෙක් ඉන්නව ලක්ෂ 10 ඒව ඇදුන. ඉස්සර ඇදුන පොරනම් හිටියට වඩා ටිකක් උඩට ආව. ලගදි එකෙක්ට ඇදුන ඌටනම් 10න් මොකුත් කරන්න වෙන එකක්නෑ
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    අපේ ගමේ එකෙක් හිටියා ලොරියෙන් පෑලියගොඩ මාර්කට් එකට ගිහින් මාළු අරන් ඇවිත් විකුණපු. පොරට ලක්ෂ 10 ක විතර ටිකට් එකක් ඇදුනා. ඒ කාලේ මම ස්කොලේ ගියේ ඉසුසු ෆාගෝ වෑන් එකක. ඒ වෑන් එක හැමදාම වගේ කැඩෙනවා පට්ට ලෙඩ ගොඩක්. පොර මේ ස්කුල් සර්විස් යන වෑන් එක ගත්තා සල්ලි දීලා ළමයි එක්කම ලක්ෂ 9කට . ඊට පස්සේ මූ මාළු ලොරිය ගෙදර දාලා ස්කුල් වෑන් එක එලෙව්වා දිගටම. කොහොම හරි මේ මගුල හැමදාම කැඩෙනවා ඉවරයක් නැ . පොර ඊට පස්සේ ලොරිය විකුනලා මේ වෑන් එක හදන්න සල්ලි වියදම් කරා . මුගේ වෑන් එක හැමදාම කැඩෙන නිසා ළමයිනුත් හුගක් හැලීලා ගියා. අන්තිමට පොර ස්කුල් සර්විස් එක නැවැත්තුවා . කොහොම හරි දැන් ඌ වෑන් එකත් විකුනලා ණය එහෙම ගෙවලා දැන් තැපැල් 90 ක මාළු විකුනවා.
     

    Sen-lu

    Well-known member
  • අපේ තාත්තා කිව්ව කතාවක් හැබැයි ඇත්තද දන්නේ නෑ, මොකෝ පොර හෙන බොරු කියනවා ඒ කාලේ උනා කියලා,

    ඉස්සර කාලේ ලොතරැයි විකුණන මින්හෙක් පන්සලේ කටිණ පිංකම තියන කාලෙක පන්සලට ඇවිල්ලා, කටින ගහ කියලා එකක් තියෙන්නේ ඒකෙ එල්ලලා දවසේ අන්තිම ලොතරැයිය ඒක ඇදිලා හාමුදුරුවන්ට, අරුටත් ගානක් දීලා

    fact check before telling anybody
    බෝදියක මහජන සම්පත ටිකට් එකක් එල්ලලා දිනල සම්පූර්ණ ගානම පන්සලට පූජාකරපු බුවෙක් ගැන නම් ටීවී එකේ ගියා. පොර ඉන්නෙත් අබලං ගෙදරක. පිස්සු යකෙක්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙන්න මචංලා 100,000/- price win කරපු tickts සෙට් එකක්.

    FB_IMG_1666313505815.jpg

    FB_IMG_1669877586247.jpg


    FB_IMG_1666163600794.jpg
    FB_IMG_1659858004504.jpg
    FB_IMG_1659863064378.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,045
    1
    61,181
    113
    Mother Earth
    දෙන්නෙක් දන්නවා..අපේ ගමේ එක්කෙනෙක්. ඉස්සරම ඉස්සර , දැන් අවුරුදු 28 කට විතර එහා ලක්ශ 25 ක් ඇදුනා.. දැන් ඒ ඇදුන දවස් වලම වගේ නැතත් සාමාන්‍ය විදිහට ඉන්නවා.අනිත් එක්කෙනා දැකලා විතරයි තියෙන්නෙ, ටිකක් ඈත. කෝටි 7 ක් ඇදුනා. ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. දැන් කාර් 2 ක් තියනවා. තට්ටු 2 ද කොහෙද ගෙදරක් හදනවා. ලොරි තියනවා. හැබැ‍යි ඉස්සර වගේම පරන සරමක් ඇඳගෙන ගෙවිච්ච බාටා දෙකක් දාගෙන එහෙ මෙහෙ යන්නෙ..හැබැ‍යි ඇදිලා එච්චර කල් නෑ @emoji diaries
    @Mulla Omar එහෙනම් මූත් උබ ඉන්න ගමේම තමයි. මූත් ඌව දන්නවා උබත් ඌව දන්නවා.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බෝදියක මහජන සම්පත ටිකට් එකක් එල්ලලා දිනල සම්පූර්ණ ගානම පන්සලට පූජාකරපු බුවෙක් ගැන නම් ටීවී එකේ ගියා. පොර ඉන්නෙත් අබලං ගෙදරක. පිස්සු යකෙක්
    pansale hamuduruwo athal ganna athi eken. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අර පක්ෂියා රජ කරන වෙලාවට ගත්තම ඇදෙනවා කියනවනෙ.. මම දැක්කා පත්තරේක එහෙම එකක් දවසක්. ඇත්තද බොරුද දන්නෑ. :confused:
    පක්‍ෂීයා රජ කරන වෙලාව හොයා ගන්නේ කොහොමද බන් @Lovtus
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    අපේ තාත්තට 50000 එව්වා දෙපාරක් ඇදිලා තියනවා ඉස්සර. ඇදිලා තියෙන්නෙත් ලග ලගම වගේ
     
    • Like
    Reactions: Asmodeus