මම කිව්වේ predict කරන්න බෑ .පුද්ගලයාව ගැලෙව්වා නෙමෙයි පුද්ගලයා ඒ සිස්ටම් එකේම දෙයක් කියන තැන ඉඳන් තමා කතා කරන්නෙ. ඒ කියන්නෙ භෞතිකයක් තමා ඒ හඟීමත් දැනීමත් කියන එකනෙ. වෙන් කරලා මයින්ඩ් මැටර් ඩුවලිටි එකට යන්නේ නැහැ. එහෙම නොගියත් ඔතන නියතිවාදය කියන ගැටළුව ඉතිරි වෙනවනෙ දිලාන්. අවසානයෙදි නියතිවාද ඉම්ප්ලිකේශන් වලින් ගැලවෙන්න බැරි තත්වයක් එනවා. අපි මොන චොයිස් එකක් අරගෙන තිබුන කියල හිතුනත් ඒ චොයිස් එකත් ඒ චොයිස් එක ගත්ත කියල රෙට්‍රොස්පෙක්ට් හිතීමත් භෞතික සිස්ටම් එකේ රසයනික (හෝ වෙනත් අන්තර්ක්‍රියාවක) ප්‍රථිපලයක් විතරයි. එක්කො ස්ට්‍රික්ට් භෞතික ක්‍රියාවලියක් අනුව පැහැදිලි කරන්න පුලවන්, එක්කො හුදු අහඹු (random) තත්වයක් පවතින්න (පැහැදිලිව හේතුව අවබෝධ කරගන්න තුරු)කියන්න පුලුවන්.
ඔතන ලස්සනම සිද්දිය තියෙන්නෙ දිලාන් බුදුදහමත් දිලාන් වගේ භෞතිකයකට මේක ලඝු නොකලට ඔයිට සමාන කතාවක් තමා කියන්නේ. ස්කන්ධ පංචකයක වේගවත් අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන්නා වූ හැඟීමක් තමා මමය මගේය මගේ අත්මයය කියන අදහස. නමුත් නාම-රූප කියන දෙකක් තුලින් මේක විවරණය කරන හින්ද අනාත්මවාදී වෙන අතරෙම ක්‍රියාවාදීත් වෙනවා පුලුවන් කම ඇතිවෙනවා. එතනදියි දිලානුයි ග්‍රීන්තන්ඩරුයි වෙනස් වෙන්නෙ. හැබයි පෙන්නපු විදිහට සමහර කරුණු වලදි දිලාන්ගෙයි ග්‍රීන්තන්ඩර්ගෙයි චින්තනය යම් මට්ටමකට සමානයි.
හේතු , පල සම්බන්දයක් තියනව. හැබැයි අපිට predict කරන්න බෑ .
මේ මොහොත අපි pose කරොත් ඊලග මොහොත ඇතිවෙනේ හේතු නිසා තමයි. හැබැයි ඒක predict කරන්න බෑ අපිට.
බුදු දහමේ තියෙන්නේ හේතු නිසා හැමදේම හටගන්නවා කියලා නෙවෙයි ද ?එහෙනම් එකත් නියති වාදයක් ඔයා කියන විදියට . මම කියන්නේ මේ සිස්ටම් එකේ ප්‍රතිපල දෙන්නේ කලින් ප්‍රතිපල වල සාම්පල් එකක්ම නෙවෙයි. ඉතින් එනන එන්න වෙනස්. predict කරන්න බෑ පහුගිය දේවල් වලින් "හරියටම".
