🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

dilann

Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    පුද්ගලයාව ගැලෙව්වා නෙමෙයි පුද්ගලයා ඒ සිස්ටම් එකේම දෙයක් කියන තැන ඉඳන් තමා කතා කරන්නෙ. ඒ කියන්නෙ භෞතිකයක් තමා ඒ හඟීමත් දැනීමත් කියන එකනෙ. වෙන් කරලා මයින්ඩ් මැටර් ඩුවලිටි එකට යන්නේ නැහැ. එහෙම නොගියත් ඔතන නියතිවාදය කියන ගැටළුව ඉතිරි වෙනවනෙ දිලාන්. අවසානයෙදි නියතිවාද ඉම්ප්ලිකේශන් වලින් ගැලවෙන්න බැරි තත්වයක් එනවා. අපි මොන චොයිස් එකක් අරගෙන තිබුන කියල හිතුනත් ඒ චොයිස් එකත් ඒ චොයිස් එක ගත්ත කියල රෙට්‍රොස්පෙක්ට් හිතීමත් භෞතික සිස්ටම් එකේ රසයනික (හෝ වෙනත් අන්තර්ක්‍රියාවක) ප්‍රථිපලයක් විතරයි. එක්කො ස්ට්‍රික්ට් භෞතික ක්‍රියාවලියක් අනුව පැහැදිලි කරන්න පුලවන්, එක්කො හුදු අහඹු (random) තත්වයක් පවතින්න (පැහැදිලිව හේතුව අවබෝධ කරගන්න තුරු)කියන්න පුලුවන්.

    ඔතන ලස්සනම සිද්දිය තියෙන්නෙ දිලාන් බුදුදහමත් දිලාන් වගේ භෞතිකයකට මේක ලඝු නොකලට ඔයිට සමාන කතාවක් තමා කියන්නේ. ස්කන්ධ පංචකයක වේගවත් අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන්නා වූ හැඟීමක් තමා මමය මගේය මගේ අත්මයය කියන අදහස. නමුත් නාම-රූප කියන දෙකක් තුලින් මේක විවරණය කරන හින්ද අනාත්මවාදී වෙන අතරෙම ක්‍රියාවාදීත් වෙනවා පුලුවන් කම ඇතිවෙනවා. එතනදියි දිලානුයි ග්‍රීන්තන්ඩරුයි වෙනස් වෙන්නෙ. හැබයි පෙන්නපු විදිහට සමහර කරුණු වලදි දිලාන්ගෙයි ග්‍රීන්තන්ඩර්ගෙයි චින්තනය යම් මට්ටමකට සමානයි.
    මම කිව්වේ predict කරන්න බෑ .
    හේතු , පල සම්බන්දයක් තියනව. හැබැයි අපිට predict කරන්න බෑ .

    මේ මොහොත අපි pose කරොත් ඊලග මොහොත ඇතිවෙනේ හේතු නිසා තමයි. හැබැයි ඒක predict කරන්න බෑ අපිට.

    බුදු දහමේ තියෙන්නේ හේතු නිසා හැමදේම හටගන්නවා කියලා නෙවෙයි ද ?එහෙනම් එකත් නියති වාදයක් ඔයා කියන විදියට . මම කියන්නේ මේ සිස්ටම් එකේ ප්‍රතිපල දෙන්නේ කලින් ප්‍රතිපල වල සාම්පල් එකක්ම නෙවෙයි. ඉතින් එනන එන්න වෙනස්. predict කරන්න බෑ පහුගිය දේවල් වලින් "හරියටම".
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    බැරි උබට ඒ සිද්ධිය සිස්ටම් එකෙන් වියුක්ත කරලා ගන්න බැරි නිසා. මම කිව්වේ මේ හැම එකම එක සිස්ටම් එකක් අන්තර් සම්බන්ද තියන .
    ලොකු 3d දැලක් හිතන්න එක තැනක සිද්ධ වෙන වෙනස් වීමක් තව තැනක හැසිරීමට බලපානවා. මම කියන්නේ ලෝකේ ජීවි අජීවී හැම දෙයක්ම ඒවාට අදාළ වෙනස් ක්‍රියාකාරී තියන කොටස් ජාලයක්. ඉතින් එතනින් එක සිදුවීමක් නිකන් ගලවන්න බෑ .. හැබැයි වෙන්නේ හේතුවක් ඇතුව..
    සමහර සිද්ධි වලට ලොකු බලපෑමක් කරන සාධක විතරක් පාවිච්චි කරල අපි සමහර දේවල් predict කරනවා. ඒවා හරියනවා බැලු බැල්මට. එහෙම නැති ඒවා අපිට predict කරන්න බෑ .

    "පුද්ගලයාගේ පාලනයෙන් තොරව" කියන එක ඔතනට දාන්න බෑ . හැගීම් දැනීම් කියන එක පුද්ගලයා කියන සිස්ටම් එකේ දේවල්. ඔය පුද්ගලයාව හැගීම් දැනීම් වලින් වෙන් කරල ඔය කතා කරන්නේ . පුද්ගලයා ව ගැලවන්නත් එපා. මේ ඔක්කොම එකම සිස්ටම් එකක්.
    මට ඔයා කියන එක පැහැදිලි නැතුව නෙවෙයි. වියුක්ත කරන්න ඕනි නෑ prediction එක දෙන්න.

    මුළු විශ්වයේම සියලුම සිද්දි physics theory වලට ගන්න පුළුවන් නං,
    ඒ දේවල් එකතු කරන්න පුළුවන් ප්‍රමාණයේ පරිගණකයක් තියෙනවා නං,

    ඕක අනුමාන කරන්න නෙවෙයි වෙන්නෙ මොකද්ද හරියටම කියන්න පුළුවන්.

    ඔයා හෙට කන්නේ මොනවද හෙට ඔයා කවුරු හරි බණිනවද කොටින්නම මම මේ ලියන එකත් එතකොට හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනි ඔය උඩ උපකල්පන දෙක හරි නං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    මට ඔයා කියන එක පැහැදිලි නැතුව නෙවෙයි. වියුක්ත කරන්න ඕනි නෑ prediction එක දෙන්න.

    මුළු විශ්වයේම සියලුම සිද්දි physics theory වලට ගන්න පුළුවන් නං,
    ඒ දේවල් එකතු කරන්න පුළුවන් ප්‍රමාණයේ පරිගණකයක් තියෙනවා නං,

    ඕක අනුමාන කරන්න නෙවෙයි වෙන්නෙ මොකද්ද හරියටම කියන්න පුළුවන්.

    ඔයා හෙට කන්නේ මොනවද හෙට ඔයා කවුරු හරි බණිනවද කොටින්නම මම මේ ලියන එකත් එතකොට හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනි ඔය උඩ උපකල්පන දෙක හරි නං.
    එහෙම predict කරන්න බෑ බන්..
    එහෙම වෙන්න හේතු තියනව. හැබැයි predict කරන්න බෑ .

    දැන් උබත් පිලිගන්නවා නේ හැමදේම අන්තර් සම්බන්දයි කියලා ? එකේ AI කතාව කියන්නේ..
    හැබැයි ඒවා වලින් හරියටම predict කරන්න බෑ . මොකද ඒවා වල ගන්නේ කලින් වෙච්ච දත්ත. ඊලගට වෙන්නේ කලින් දේවල් වල සාම්පල් එකක් නෙවෙයි හැමතිස්සෙම. එකයි ඊලග මොහොත හේතු නිසා උනාට predict කරන්න බැරි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මම කිව්වේ predict කරන්න බෑ .
    හේතු , පල සම්බන්දයක් තියනව. හැබැයි අපිට predict කරන්න බෑ . මේ මොහොත අපි pose කරොත් ඊලග මොහොත ඇතිවෙනේ හේතු නිසා තමයි. හැබැයි ඒක predict කරන්න බෑ අපිට.

    ඔව් ඒක පැහැදිලියි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ නියතිවාදය තුල.

    බුදු දහමේ තියෙන්නේ හේතු නිසා හැමදේම හටගන්නවා කියලා නෙවෙයි ද ?එහෙනම් එකත් නියති වාදයක් ඔයා කියන විදියට . මම කියන්නේ මේ සිස්ටම් එකේ ප්‍රතිපල දෙන්නේ කලින් ප්‍රතිපල වල සාම්පල් එකක්ම නෙවෙයි. ඉතින් එනන එන්න වෙනස්. predict කරන්න බෑ පහුගිය දේවල් වලින් "හරියටම".

    මම හිතන්නේ දිලාන්ට නියතිවාදය (එතුලින් ඉස්මතු කරපං කාරණය) පැහැදිලි නැහැ. නියතිවාදයෙන් කියන්නෙ පැවැත්ම තුල අපිට යමක් මේ විදිහට හෝ වෙන විදිහට කිරීමට තේරීමක් (choice) එකක් නැහැ කියල. එහෙම කියන්න පදනම වෙන්නෙ සියල්ල භෞතික (monoism) වීම.

    හේතුන් නිසා හැමදේම හටගන්නවා කියනවාට වඩා නිවැරදියි හේතු ප්‍රත්‍ය ( conditionality) නිසා සකස්වීම කියලා කියන එක. හටගැනීම කිව්වම අරකෙන් මේක එනවා මේකෙන් අරක එනවා කියන අදහස එන්නේ. ඊලඟට දිලාන් වගේ, ධර්මය සබ්ස්ටන්ස් තියරි එකකට යන්නෙ නැහැ. ඒ කියන්නෙ අපිට දැනගන්න පුලුවන් මෙන්න මේ ටිකයි කියන ආනුභූතික පදනමෙන් තමා ධර්මය විවරණය එන්නේ. දිලාන් සබ්ස්ටන්ස් තියරි එකකට යනවා. ඒ කියන්නෙ භෞතිකයක් තියනවා කියන එක. භෞතිකයක් තියනවා, තිබෙන්නේ ඒ භෞතිකය පමණයි නම් ඒ භෞතිකය මතම තමා සියල්ල රඳා පවතින්නේ.

    සබ්ස්ටන්ස් තියරි (ඇත හෝ නැත කියන අන්ත ඇසුරු කරන්නෙ නැහැ)එකක් ඇසියුම් නොකර මේ මොහොතේ අත්විඳිය හැකි දේවල් වලින් පැහැදිලි කිරීම නිසා තමා ධර්මය නියතිවාදයකටත් (determinism) එකේ ප්‍රතිවිරුද්ධ ස්වතන්ත්‍රය (free will) ටත් නොයන්නේ. ඒ වෙනුවට නියතිවාදයකත් ස්වතන්ත්‍රයකත් සංකලනයක් තමා බුදුදහම ඉදිරිපත් කරන්නේ.

    Edited - new reply to හෙළයෙක්

    මට ඔයා කියන එක පැහැදිලි නැතුව නෙවෙයි. වියුක්ත කරන්න ඕනි නෑ prediction එක දෙන්න. මුළු විශ්වයේම සියලුම සිද්දි physics theory වලට ගන්න පුළුවන් නං,
    ඒ දේවල් එකතු කරන්න පුළුවන් ප්‍රමාණයේ පරිගණකයක් තියෙනවා නං, ඕක අනුමාන කරන්න නෙවෙයි වෙන්නෙ මොකද්ද හරියටම කියන්න පුළුවන්.
    ඔයා හෙට කන්නේ මොනවද හෙට ඔයා කවුරු හරි බණිනවද කොටින්නම මම මේ ලියන එකත් එතකොට හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනි ඔය උඩ උපකල්පන දෙක හරි නං.

    ඔව් මේ සබ්ස්ටන්ස් තියරියකට යන එකම තමා ගැටළුව. බුදුහාමුදුරුවො කච්චානගොත්ත සූත්‍රයේදි සබ්ස්ටන්ස් තියරි ප්‍රතික්ෂේප කරලා දානවා. එහෙම කරන්නෙ සබ්ස්ටන්ස් "නැහැ" කියලා නෙමෙයි. අපි අපේ අත්දැකීම මත පදනම් විය යුතුයි (ආනුභූතික) විය යුතුයි කියන පදන මත ඉදලා.

    දිලාන් සබ්ස්ටන්ස් තියරි එකකට යන්නෙ නැතිනම් දිලාන්ටයි අපිටයි දාර්ශනිකව එකඟවෙන්න පුලුවන් තැන් බොහොමයක් හැදෙන්න පුලුවන් කියලා හිතනවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    මම හිතන්නේ දිලාන්ට නියතිවාදය (එතුලින් ඉස්මතු කරපං කාරණය) පැහැදිලි නැහැ. නියතිවාදයෙන් කියන්නෙ පැවැත්ම තුල අපිට යමක් මේ විදිහට හෝ වෙන විදිහට කිරීමට තේරීමක් (choice) එකක් නැහැ කියල. එහෙම කියන්න පදනම වෙන්නෙ සියල්ල භෞතික (monoism) වීම.

    හේතුන් නිසා හැමදේම හටගන්නවා කියනවාට වඩා නිවැරදියි හේතු ප්‍රත්‍ය ( conditionality) නිසා සකස්වීම කියලා කියන එක. හටගැනීම කිව්වම අරකෙන් මේක එනවා මේකෙන් අරක එනවා කියන අදහස එන්නේ. ඊලඟට දිලාන් වගේ, ධර්මය සබ්ස්ටන්ස් තියරි එකකට යන්නෙ නැහැ. ඒ කියන්නෙ අපිට දැනගන්න පුලුවන් මෙන්න මේ ටිකයි කියන ආනුභූතික පදනමෙන් තමා ධර්මය විවරණය එන්නේ. දිලාන් සබ්ස්ටන්ස් තියරි එකකට යනවා. ඒ කියන්නෙ භෞතිකයක් තියනවා කියන එක. භෞතිකයක් තියනවා, තිබෙන්නේ ඒ භෞතිකය පමණයි නම් ඒ භෞතිකය මතම තමා සියල්ල රඳා පවතින්නේ.

    සබ්ස්ටන්ස් තියරි (ඇත හෝ නැත කියන අන්ත ඇසුරු කරන්නෙ නැහැ)එකක් ඇසියුම් නොකර මේ මොහොතේ අත්විඳිය හැකි දේවල් වලින් පැහැදිලි කිරීම නිසා තමා ධර්මය නියතිවාදයකටත් (determinism) එකේ ප්‍රතිවිරුද්ධ ස්වතන්ත්‍රය (free will) ටත් නොයන්නේ. ඒ වෙනුවට නියතිවාදයකත් ස්වතන්ත්‍රයකත් සංකලනයක් තමා බුදුදහම ඉදිරිපත් කරන්නේ.
    මෙතන අමුතු තේරීමක් කියලා දෙයක් නෑ .
    අපේ පාලනයන් තොරව දෙයක් වෙන්ව කියලත් නෑ .
    මේ එක ක්‍රියාවලියක්.. එකින් අපිව ගලවල අපෙ පාලනයෙන් තොරයි කියලවත්, අපිට script එකකට වැඩ කරන්න වෙන්ව කියලවත් ගන්න බෑ .
    එහෙම script එකක් නෙවෙයි මම කියන්නේ.

    script තියනව බුද්ධාගමේ නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    එහෙම predict කරන්න බෑ බන්..
    එහෙම වෙන්න හේතු තියනව. හැබැයි predict කරන්න බෑ .

    දැන් උබත් පිලිගන්නවා නේ හැමදේම අන්තර් සම්බන්දයි කියලා ? එකේ AI කතාව කියන්නේ..
    හැබැයි ඒවා වලින් හරියටම predict කරන්න බෑ . මොකද ඒවා වල ගන්නේ කලින් වෙච්ච දත්ත. ඊලගට වෙන්නේ කලින් දේවල් වල සාම්පල් එකක් නෙවෙයි හැමතිස්සෙම. එකයි ඊලග මොහොත හේතු නිසා උනාට predict කරන්න බැරි.
    බෑ කියන්නෙ දැනට බෑ. ඔය උපකල්පනය (හැම දේම පිසිකල් රිඇක්ෂන් වල ප්‍රතිපලයක්) සත්‍ය නම් විද්‍යාව අනිවාර්‍යෙන්ම ඔය සම්බන්ධව තියරි හොයාගන්නව ඒක කාලය පිලිබද ප්‍රශ්නයක්. එහෙම වෙනකොට විශ්වයේ සියලුම සිද්දි ගණනය කන්න පුලුවන් computer හැදුන දවසට ඔය තියරි ටිකත් එක්ක ඊළග වෙන හැම දේම හරියටම කියන්න පුලුවන්.

    ඔය බිග් ඉෆ් දෙක හරියන්න තියෙන්නෙ කාලය පිළිබද ගැටලුවක් විතරයි ඔය තියරි එක හරි නන්. (ඕක නිසාම තමා තාම අපි දන්නෙ නෑනෙ කියල ඔය තියරිය ප්‍රතික්ෂේප කරන්නෙත් නැත්තෙ ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එක ඇතුලෙ)

    හැමදේම අන්තර් සම්බන්ධයි කියන එක මම පිළිගන්නව ඒක වැරදියිකියනෙ නෑ. ඒ සම්බන්ධයට මනස කියල කොටසක් පිසිකල් රිඇක්ෂන් වලින් එහාට සම්බන්ධ වෙනව. ඒ දෙකේම එකතුවක් තමා මිනිහා කියන්නෙ කියල මම පිළිගන්නෙ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මෙතන අමුතු තේරීමක් කියලා දෙයක් නෑ .
    අපේ පාලනයන් තොරව දෙයක් වෙන්ව කියලත් නෑ .
    මේ එක ක්‍රියාවලියක්.. එකින් අපිව ගලවල අපෙ පාලනයෙන් තොරයි කියලවත්, අපිට script එකකට වැඩ කරන්න වෙන්ව කියලවත් ගන්න බෑ .
    එහෙම script එකක් නෙවෙයි මම කියන්නේ.

    ඔව් දිලාන්ට එහෙම නොකියි කියලා මටත් හිතුනා. එකේ ගැටලුවක් නැහැ. නමුත් ඔය සබ්ස්ටන්ස් එකක් "ඇත" කියලා එතනින් ඉදිරියට කරන විග්‍රහය තුල නියතවාදය කියන ඩේන්ජර් එක (ඉම්ප්ලිකේශන්ස්) අත්‍යන්තයෙන් බැඳෙනවා කියන එක තමා පෙන්නුවේ.

    ඒ ඇරෙන්න පිසිකලිසම් පිලිගන්න මනුස්සයෙකුට සදාචාරවාදී, නීති පද්දති දඬුවම් පිලිගන්න වැඩදායී මනුස්සයෙක්ගෙ චරිතය ලබාගන්න බැහැ කියලා කියන්නෑ. හුදෙක් ඒ ඉහත ගැටළුව ඉතිරි වෙනවා කියන එක තමා කිව්වෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    බෑ කියන්නෙ දැනට බෑ. ඔය උපකල්පනය (හැම දේම පිසිකල් රිඇක්ෂන් වල ප්‍රතිපලයක්) සත්‍ය නම් විද්‍යාව අනිවාර්‍යෙන්ම ඔය සම්බන්ධව තියරි හොයාගන්නව ඒක කාලය පිලිබද ප්‍රශ්නයක්. එහෙම වෙනකොට විශ්වයේ සියලුම සිද්දි ගණනය කන්න පුලුවන් computer හැදුන දවසට ඔය තියරි ටිකත් එක්ක ඊළග වෙන හැම දේම හරියටම කියන්න පුලුවන්.

    ඔය බිග් ඉෆ් දෙක හරියන්න තියෙන්නෙ කාලය පිළිබද ගැටලුවක් විතරයි ඔය තියරි එක හරි නන්. (ඕක නිසාම තමා තාම අපි දන්නෙ නෑනෙ කියල ඔය තියරිය ප්‍රතික්ෂේප කරන්නෙත් නැත්තෙ ඔය මයින්ඩ් බොඩි ප්‍රොබ්ලම් එක ඇතුලෙ)

    හැමදේම අන්තර් සම්බන්ධයි කියන එක මම පිළිගන්නව ඒක වැරදියිකියනෙ නෑ. ඒ සම්බන්ධයට මනස කියල කොටසක් පිසිකල් රිඇක්ෂන් වලින් එහාට සම්බන්ධ වෙනව. ඒ දෙකේම එකතුවක් තමා මිනිහා කියන්නෙ කියල මම පිළිගන්නෙ.
    බෑ බන්..
    මේකයි සීන් එක. ඊ ලග මොහොත අතීතයේ සාම්පල් එකක් නෙවයි.. ක්‍රියාවලියේ ඉදිරියක්.
    හේතු සහිතව හැම දේම වෙන්නේ. හැබැයි ඉදිරිය අපිට වත් computer එකකට වත් කියන්න බෑ .

    AI ගනින්. AI වලට අලුත් දෙයක් කරන්න බෑ . තියන දෙයක සාම්පල් දෙයක් predict කරන්නේ. ඒකයි වෙනස්.
    දැනට තියන AI tool වල කරන්නෙත් එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    ඔව් දිලාන්ට එහෙම නොකියි කියලා මටත් හිතුනා. එකේ ගැටලුවක් නැහැ. නමුත් ඔය සබ්ස්ටන්ස් එකක් "ඇත" කියලා එතනින් ඉදිරියට කරන විග්‍රහය තුල නියතවාදය කියන ඩේන්ජර් එක (ඉම්ප්ලිකේශන්ස්) අත්‍යන්තයෙන් බැඳෙනවා කියන එක තමා පෙන්නුවේ.

    ඒ ඇරෙන්න පිසිකලිසම් පිලිගන්න මනුස්සයෙකුට සදාචාරවාදී, නීති පද්දති දඬුවම් පිලිගන්න වැඩදායී මනුස්සයෙක්ගෙ චරිතය ලබාගන්න බැහැ කියලා කියන්නෑ. හුදෙක් ඒ ඉහත ගැටළුව ඉතිරි වෙනවා කියන එක තමා කිව්වෙ.
    අනාගතය කියනේ ක්‍රියාවලියේ දිගුවක් මිසක් script එකක් maintain krimak නෙවෙයි..

    මුහුදේ රැල්ල මොහොතවල් දෙකක සමාන වෙන්නේ නෑ වගේ .
    රැල්ල ගහනව. හැබැයි වෙනස්. . එක ක්‍රියාවලියක් . හේතු නිසා දැන් තියන රැල්ල හැදෙන්නේ .ඊලග එකෙත් එහෙමයි . හැබැයි ඒවා script නෙවෙයි. ක්‍රියාවලියේ ඉදරියට යැමක් ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    බෑ බන්..
    මේකයි සීන් එක. ඊ ලග මොහොත අතීතයේ සාම්පල් එකක් නෙවයි.. ක්‍රියාවලියේ ඉදිරියක්.
    හේතු සහිතව හැම දේම වෙන්නේ. හැබැයි ඉදිරිය අපිට වත් computer එකකට වත් කියන්න බෑ .
    ඔය උබ කියන එක අන්තිමට ගිහින් ගිහින් ඉවර වෙන්නෙ "all matter and energy in the universe, including what's in our brain, obey the laws of physics." කියන එකෙන්. එතකොට ඉෆ් කියල තමා ඔය මම කියන සීන් එක පටන් ගන්නෙ.

    AI ගනින්. AI වලට අලුත් දෙයක් කරන්න බෑ . තියන දෙයක සාම්පල් දෙයක් predict කරන්නේ. ඒකයි වෙනස්.
    දැනට තියන AI tool වල කරන්නෙත් එක..
    මේක වැරදියි. දැනට තියෙන සාම්පල් දෙයකින් දැනුම අරගෙන එයා අලුත් දැනුමක් නිර්මාණය කරගන්නව. ඔයාට දෙන උත්තරේ කලින් සාම්පල් වල නොතිබු දෙයක් වෙන්න උනත් ඉඩ තියෙනව සහ බොහෝ දුරට වෙනව. දැනට තියෙන ML වලටනෙ ඔය සාම්පල් සීන් එක ගන්නෙ. සාම්පල් නැතුව යන්න පුලුවන් Symbolic AI වල ඕක ඔයිට ගොඩක් හයිලයිට් වෙනව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අනාගතය කියනේ ක්‍රියාවලියේ දිගුවක් මිසක් script එකක් maintain krimak නෙවෙයි..

    මුහුදේ රැල්ල මොහොතවල් දෙකක සමාන වෙන්නේ නෑ වගේ .
    රැල්ල ගහනව. හැබැයි වෙනස්. . එක ක්‍රියාවලියක් . හේතු නිසා දැන් තියන රැල්ල හැදෙන්නේ .ඊලග එකෙත් එහෙමයි . හැබැයි ඒවා script නෙවෙයි. ක්‍රියාවලියේ ඉදරියට යැමක් ..

    නමුත් ඒ සියල්ලම භෞතිකයි ? භෞතිකයන්ගේ ක්‍රියාකාරීත්වය මතම (ඒ ක්‍රියාකාරීත්වයම) රඳාපවතී ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    හැමදේම අන්තර් සම්බන්ධයි කියන එක මම පිළිගන්නව ඒක වැරදියිකියනෙ නෑ. ඒ සම්බන්ධයට මනස කියල කොටසක් පිසිකල් රිඇක්ෂන් වලින් එහාට සම්බන්ධ වෙනව. ඒ දෙකේම එකතුවක් තමා මිනිහා කියන්නෙ කියල මම පිළිගන්නෙ.
    මනස කියන්නෙත් chemical රිඅක්ෂන් බන්.
    දැනීම් කියන්නෙත් ඒවගේ..

    එක තමයි කවුරුහරි මම මගේ මනස , දැනීම් පාලනය කරනවා කිව්වට එක ඉන්ජෙක්ෂන් එකක් ගහල, කෙමිකල් වෙනසක් බාහිරින් කරල,
    ඔය පාලනය කරනවා කියපු මනසයි, දැනීම් කියන ඔක්කොම වෙනස් කරන්න පුලුවන්.

    සිහි නැති කරලා, හිරි වට්ටලා දාන්න පුලුවන් කෙමිකල් වලින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,945
    1,889

    අයි බන් කෙමිකල් ටිකක් එකතු කරල පන තියෙන මිනිහෙක් හදන්න බැරි? :lol::lol::lol:
     
    උබ ඔය දෙන ආර්ගියුමන්ට් එකක්වත් අලුත් දෙයක් නෙවෙයි. ඔය වගේම අනික් පැතිවලටත් ආගියුමන්ට් තියෙනව. මේක කියවල බලපන්කො වෙලාවක් තියෙනකොට.
    https://iep.utm.edu/rene-descartes-mind-body-distinction-dualism/
    මේකෙ කොටස් ටික ඔක්කොම කියවල ඉවර උනාම තේරෙනව ඔය ඔක්කොම ආර්ගියුමන්ට් හරිත් නෑ වැරදිත් නෑ කියල. හැම එකකම ලොකු බිග් ඉෆ් එකක් තියෙනව ඔය වගේ අන්තිමට.
    මට අනුව නන් අපිට වඩාත්ම ලගින් යන එක තෝරගනෙ ඒකෙ ඉස්සරහට බලාගෙන යනව මිසක් මගේ එක තමා හරි එක අනික් ඒව වැරදියි කියන එක ඉවර කරන්න පුලුවන් ආර්ගියුමන්ට් එකක් නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    මේක වැරදියි. දැනට තියෙන සාම්පල් දෙයකින් දැනුම අරගෙන එයා අලුත් දැනුමක් නිර්මාණය කරගන්නව. ඔයාට දෙන උත්තරේ කලින් සාම්පල් වල නොතිබු දෙයක් වෙන්න උනත් ඉඩ තියෙනව සහ බොහෝ දුරට වෙනව. දැනට තියෙන ML වලටනෙ ඔය සාම්පල් සීන් එක ගන්නෙ. සාම්පල් නැතුව යන්න පුලුවන් Symbolic AI වල ඕක ඔයිට ගොඩක් හයිලයිට් වෙනව.
    ඒ දෙන්නේ කලින් තිබ්බ දෙයක් කියලා නෙවෙයි මම කිව්වේ. තියන දේවල් වල දිගුවක්.

    උදා AI image වලින් පෙන්නනා පුලුවන්.
    realistic විතරක් චිත්‍ර අදින ලෝකෙකට AI වලින් සරල කාටුන් අදින්නේ නෑ . මොකද ඒක මිනිස්සු හදාගත්ත වෙනම concept එකක්. රවුමක් ගහල උඩින් ත්‍රිකෝණ දෙකක් අඩාල , රවුමේ ඩොට් දෙකක් තියල මැදින් ත්‍රිකෝණයක් තියාල යටින් චාපයක් ඇන්දම අපිට පුසෙක් කියලා ඔළුවට ගියාට , realisctic පුසෝ විතරක් දැකල, ඇදල තියන ලෝකෙක AI එකක් ඔය පුසා අදින්නේ නෑ ..

    හොල්මන් කියලා කිසි අදහසක් නැති ලෝකෙක දත්ත ටිකක් අරගෙන AI හොල්මන් කියලා සංකල්පයක් හදන්නේ නෑ .

    අයි බන් කෙමිකල් ටිකක් එකතු කරල පන තියෙන මිනිහෙක් හදන්න බැරි? :lol::lol::lol:
    කවදාහරි කරයි. දැනට බෑ නේ බන්.
    ------ Post added on Aug 2, 2023 at 8:13 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,945
    1,889
    113
    ඒ දෙන්නේ කලින් තිබ්බ දෙයක් කියලා නෙවෙයි මම කිව්වේ. තියන දේවල් වල දිගුවක්.

    උදා AI image වලින් පෙන්නනා පුලුවන්.
    realistic විතරක් චිත්‍ර අදින ලෝකෙකට AI වලින් සරල කාටුන් අදින්නේ නෑ . මොකද ඒක මිනිස්සු හදාගත්ත වෙනම concept එකක්. රවුමක් ගහල උඩින් ත්‍රිකෝණ දෙකක් අඩාල , රවුමේ ඩොට් දෙකක් තියල මැදින් ත්‍රිකෝණයක් තියාල යටින් චාපයක් ඇන්දම අපිට පුසෙක් කියලා ඔළුවට ගියාට , realisctic පුසෝ විතරක් දැකල, ඇදල තියන ලෝකෙක AI එකක් ඔය පුසා අදින්නේ නෑ ..

    හොල්මන් කියලා කිසි අදහසක් නැති ලෝකෙක දත්ත ටිකක් අරගෙන AI හොල්මන් කියලා සංකල්පයක් හදන්නේ නෑ .

    කවදාහරි කරයි. දැනට බෑ නේ බන්.
    ------ Post added on Aug 2, 2023 at 8:13 AM

    ලොල්, උබ කොහොමද දන්නෙ? ඔප්පු කරන්න පුලුවන්ද කවද හරි පුලුවන් වෙයි කියල...සුරන්ගනා කතාවක්නෙ. :lol::lol:
     
    Similar threads