ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය
1988/89 භීෂණ සමය ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක්. රට පුරාම කැලෑ නීතිය රජකළ එම යුගයේ මෙරට බොහෝ ප්‍රදේශවල භීෂණය තදින්ම පැතිරී තිබුණා. කොළොන්න ආසනයට අයත් වුණු ඇඹිලිපිටිය, සූරියකන්ද, උඩවලව, කුට්ටිගල යන ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට ද භීෂණයේ භයංකර බව අඩුවක් නැතුව දැනුනා. කැලෑබද ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් පිහිටා තිබුණු එම ප්‍රදේශවල කැරලිකරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණා. 1987 ජූලි 31 වැනිදා එවකට තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ජිනදාස වීරසිංහ කුට්ටිගල පාලම අසල දී කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.
1988 වසරේ අග භාගය පමණ වන විට කොළොන්න ආසනය තුළ පැවති අරාජික තත්ත්වය පාලනය කිරීම සඳහා ආසනයේ ප්‍රදේශ කිහිපයක හමුදා කඳවුරු ස්ථාපිත කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය ආසන්නයේ ද හමුදා කඳවුරක් පිහිටවනු ලැබුවා. එකල එය සෙවණ හමුදා කඳවුර ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෙවණ කඳවුර ස්ථාපනය කළත් අවසානයේ දී එහි සිටි සෙබළුන් අතින් සිදුවුණේ මහ පොළව නුහුලන අපරාධයක්. එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දයානන්ද ලොකුගලප්පත්තිගේ මෙහෙයවීම මත සිදුවුණු එම මහා අපරාධය රට පුරාම ප්‍රසිද්ධියට පත්වුණේ “ඇඹිලිපිටිය සිසු ඝාතනය” ලෙස යි. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳ කදුළු කතාව යි.
දයානන්ද ලොකුගලප්පත්ති (ඇඹිලිපිටිය මිනීපිටිය)
1988 වසරේ අග භාගයේ දී එක්තරා පෞද්ගලික ව්‍යාපාරිකයෙකු පාසල තුළ ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කිරීමට සූදානම් වුණා. පාසලේ සිසුන් සහ දෙමාපියන් එයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළා. එම විරෝධතා නොතකා විශාල ඉන්ධන ටැංකි 3ක් ද පාසල්බිමේ ස්ථාපිත කළා. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ මුලින්ම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වුණේ එම සිදුවීම යි.
එදා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය දිස්වුණු අයුරු (ඇඹිලිපිටිය මිනීපිටිය)
එදා පාසල් සිසුන් රැසක් විරෝධතා සඳහා සහභාගි වුණා. එසේම සංවිධානාත්මකව පාසලේ තැනින් තැන රතිඤ්ඤා පිපිරවීමට එම සිසුන් පිරිස කටයුතු කළා. ඊට අමතරව ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට එරෙහිව පාසල පුරා පෝස්ටර් ඇලවීමත් ඔවුන් අතින් සිදුවුණා. ඒ වන විට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයයේ සේවය කරමින් සිටි දයානන්ද ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ සිදුවුණු කලබලකාරී සිදුවීම් පිළිබඳව හොඳින්ම ඇස ගසාගෙන සිටියා.
එදා 11-A පන්ති කාමරය පැවති ගොඩනැගිල්ල (අඳෝනාව)
එකල කොළොන්න ප්‍රදේශයේ දේශපාලන බලවතා බවට පත්ව සිටි අමාත්‍ය නන්ද මැතිව් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වුණු මහේෂ් දනන්සූරිය ද ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගේ ගජ මිතුරන් වුණා. එනිසා එම දේශපාලන බලවතුන් දෙදෙනා ප්‍රදේශයේ පාසල්වල සිදුවුණු විරෝධතා පාලනය කිරීම සඳහා ඇඹිලිපිටියේ ප්‍රධානතම පර්ෂද විදුහලේ ප්‍රධානියා වුණු ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගෙන් උදව් ඉල්ලා සිටියා. ප්‍රදේශයේ අනිකුත් කුඩා පාසල්වල විදුහල්පතිවරුන් ඔහු සමග එකතු වී වැඩ කළා.
හිටපු අමාත්‍ය නන්ද මැතිව්
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකට ඛේදජනක ඉරණමක් අත්වීමට බලපෑ ප්‍රධානතම හේතු කිහිපයක් තිබුණා. ඉන් පළමු හේතුව වුණේ විදුහල්පතිවරයාගේ පුත් චමින්ද ලොකුගලප්පත්තිගේ විනය විරෝධී හැසිරීම යි. ඒ වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි චමින්දට සිය පියාගේ තන්තුරේ ඌෂ්ණය තදින්ම වැදී තිබුණා. එනිසා ඔහු පාසල තුළ දී හැසිරුණේ අමුතුම පිළිවෙලට යි. ඔහුගේ එම ක්‍රියාකාරකම්වලට තදින්ම විරුද්ධ වුණු පිරිසක් උසස් පෙළ පන්තිවල සිටියා. එනිසා චමින්ද ලොකුගලප්පත්ති එම සිසුන් පිරිස සමග ආරවුලක් ඇතිකර ගත්තා. ඊට මාස කිහිපයකට පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ සිසුන් පිරිසක් අතුරුදහන් වීමට එම ආරවුල හේතුවක් වුණා.
1989 වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාට එරෙහිව උසස් පෙළ සිසුන් බොහෝ පිරිසක් විරෝධතා දක්වන්නට වුණා. එක්තරා දිනයක ඔවුන් හොඳින් සංවිධානය වී විදුහල්පතිවරයාට හූ කියනු ලැබුවා. එදා ලොකුගලප්පත්ති උසස් පෙළ සිසුන් කෙරෙහි දැඩි වෛරයක් ඇතිකර ගත්තා. මෙම සිදුවීම් මාලාවෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන්ට වඩාත් නරක කල දසාවක් ලැබුවා.
විදුහල්පති කාර්යාලය වෙත කැඳවූ සිසුන්ට නම කියා ආමන්ත්‍රණය කිරීමට තරම් විදුහල්පතිවරයා සූක්ෂම වුණා. ඒ අයුරින් සිසුන්ට ඔවුන්ගේ නමෙන් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් එහි සිටි හමුදා භටයන්ට පැහැරගැනීමට අවශ්‍ය වුණු සිසුන්ගේ හැඩරුව දැකබලාගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුහල්පතිවරයා ඒ අයුරින් තමන්ව කාර්යාලය වෙත කැඳවනු ලැබුවේ අවසන් ඉරණම තීරණය කිරීමට බව කිසිදු සිසුවෙකුට වැටහී ගියේ නැහැ. තම පාසලේ විදුහල්පතිවරයා එතරම් දරුණු පුද්ගලයෙකු බව එම සිසු දරුවන් දැනගෙන සිටියේ නැහැ.
සති කිහිපයක කාලයක් තුළ සිදුවුණු එම සිදුවීම් පෙළෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ 11-A පන්තියේ සහ උසස් පෙළ පන්තිවල සිසු දරුවන් පමණක් නොව ඒ අවට පාසල්වල සිසු දරුවන් ද අභිරහස් ලෙස අතුරුදහන් වන්නට පටන් ගත්තා.

විදුහල්පතිගේ තර්ජන සහ ගර්ජන
පිස්තෝලයක් සහ බෝම්බයක් ළඟ තබාගෙන පාසලේ පාලන කටයුතු සිදුකරගෙන ගිය ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා පාසල අසල තිබුණු සෙවණ කඳවුරේ භටයන් සමග සමීප ඇසුරක් පවත්වනු ලැබුවා. ඔහු සිය පුත් චමින්දට විරුද්ධව සිටි උසස් පෙළ පන්තිවල සිසුන් 18 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සෙවණ හමුදා කඳවුරට භාරදුන්නා.සිසුන් දඩයම් කිරීම සඳහා කූට සැලසුමක් සකස් වෙයි
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයෙන් පැහැර ගැනීමට නියමිතව සිටි සිසුන්ගේ ලැයිස්තුව සෙවණ හමුදා කඳවුර වෙත ලැබී තිබුණත් එහි සිටි සෙබළුන් එම සිසුන්ව පුද්ගලිකව දැනගෙන සිටියේ නැහැ. එනිසා එම සිසුන්ව හමුදා භටයන්ගේ දෙනෙතට හසුකිරීම විදුහල්පතිවරයාගේ ඊළඟ සැලැස්ම වුණා. ඒ සඳහා ඔහු භාවිතා කළේ ඉතාමත් සූක්ෂම ක්‍රමවේදයක්. ඒ වන විට සෙවණ කඳවුරේ සේවය කළ හමුදා නිලධාරින් නිතරම විදුහල්පති කාර්යාලයට පැමිණියා. එවැනි අවස්ථාවන්වල දී විදුහල්පතිවරයා පැහැරගැනීමට අවශ්‍යව සිටි සිසුන්ව විවිධ හේතු කියමින් කාර්යාලය වෙත ගෙන්වා ගත්තා.

Last edited: