ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

    1988/89 භීෂණ සමය ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයක්. රට පුරාම කැලෑ නීතිය රජකළ එම යුගයේ මෙරට බොහෝ ප්‍රදේශවල භීෂණය තදින්ම පැතිරී තිබුණා. කොළොන්න ආසනයට අයත් වුණු ඇඹිලිපිටිය, සූරියකන්ද, උඩවලව, කුට්ටිගල යන ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට ද භීෂණයේ භයංකර බව අඩුවක් නැතුව දැනුනා. කැලෑබද ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් පිහිටා තිබුණු එම ප්‍රදේශවල කැරලිකරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණා. 1987 ජූලි 31 වැනිදා එවකට තංගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ජිනදාස වීරසිංහ කුට්ටිගල පාලම අසල දී කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.



    q4jhsXv.jpg



    1988 වසරේ අග භාගය පමණ වන විට කොළොන්න ආසනය තුළ පැවති අරාජික තත්ත්වය පාලනය කිරීම සඳහා ආසනයේ ප්‍රදේශ කිහිපයක හමුදා කඳවුරු ස්ථාපිත කෙරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය ආසන්නයේ ද හමුදා කඳවුරක් පිහිටවනු ලැබුවා. එකල එය සෙවණ හමුදා කඳවුර ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෙවණ කඳවුර ස්ථාපනය කළත් අවසානයේ දී එහි සිටි සෙබළුන් අතින් සිදුවුණේ මහ පොළව නුහුලන අපරාධයක්. එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දයානන්ද ලොකුගලප්පත්තිගේ මෙහෙයවීම මත සිදුවුණු එම මහා අපරාධය රට පුරාම ප්‍රසිද්ධියට පත්වුණේ “ඇඹිලිපිටිය සිසු ඝාතනය” ලෙස යි. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳ කදුළු කතාව යි.


    GUG9MaZ.jpg

    දයානන්ද ලොකුගලප්පත්ති (ඇඹිලිපිටිය මිනීපිටිය)


    1988 වසරේ අග භාගයේ දී එක්තරා පෞද්ගලික ව්‍යාපාරිකයෙකු පාසල තුළ ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කිරීමට සූදානම් වුණා. පාසලේ සිසුන් සහ දෙමාපියන් එයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළා. එම විරෝධතා නොතකා විශාල ඉන්ධන ටැංකි 3ක් ද පාසල්බිමේ ස්ථාපිත කළා. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ මුලින්ම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වුණේ එම සිදුවීම යි.


    WFWnqQf.jpg

    එදා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය දිස්වුණු අයුරු (ඇඹිලිපිටිය මිනීපිටිය)



    එදා පාසල් සිසුන් රැසක් විරෝධතා සඳහා සහභාගි වුණා. එසේම සංවිධානාත්මකව පාසලේ තැනින් තැන රතිඤ්ඤා පිපිරවීමට එම සිසුන් පිරිස කටයුතු කළා. ඊට අමතරව ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට එරෙහිව පාසල පුරා පෝස්ටර් ඇලවීමත් ඔවුන් අතින් සිදුවුණා. ඒ වන විට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයයේ සේවය කරමින් සිටි දයානන්ද ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ සිදුවුණු කලබලකාරී සිදුවීම් පිළිබඳව හොඳින්ම ඇස ගසාගෙන සිටියා.




    1lIz4CU.jpg

    එදා 11-A පන්ති කාමරය පැවති ගොඩනැගිල්ල (අඳෝනාව)

    එකල කොළොන්න ප්‍රදේශයේ දේශපාලන බලවතා බවට පත්ව සිටි අමාත්‍ය නන්ද මැතිව් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වුණු මහේෂ් දනන්සූරිය ද ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගේ ගජ මිතුරන් වුණා. එනිසා එම දේශපාලන බලවතුන් දෙදෙනා ප්‍රදේශයේ පාසල්වල සිදුවුණු විරෝධතා පාලනය කිරීම සඳහා ඇඹිලිපිටියේ ප්‍රධානතම පර්ෂද විදුහලේ ප්‍රධානියා වුණු ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාගෙන් උදව් ඉල්ලා සිටියා. ප්‍රදේශයේ අනිකුත් කුඩා පාසල්වල විදුහල්පතිවරුන් ඔහු සමග එකතු වී වැඩ කළා.


    WlRUkkl.jpg

    හිටපු අමාත්‍ය නන්ද මැතිව්

    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකට ඛේදජනක ඉරණමක් අත්වීමට බලපෑ ප්‍රධානතම හේතු කිහිපයක් තිබුණා. ඉන් පළමු හේතුව වුණේ විදුහල්පතිවරයාගේ පුත් චමින්ද ලොකුගලප්පත්තිගේ විනය විරෝධී හැසිරීම යි. ඒ වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි චමින්දට සිය පියාගේ තන්තුරේ ඌෂ්ණය තදින්ම වැදී තිබුණා. එනිසා ඔහු පාසල තුළ දී හැසිරුණේ අමුතුම පිළිවෙලට යි. ඔහුගේ එම ක්‍රියාකාරකම්වලට තදින්ම විරුද්ධ වුණු පිරිසක් උසස් පෙළ පන්තිවල සිටියා. එනිසා චමින්ද ලොකුගලප්පත්ති එම සිසුන් පිරිස සමග ආරවුලක් ඇතිකර ගත්තා. ඊට මාස කිහිපයකට පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ සිසුන් පිරිසක් අතුරුදහන් වීමට එම ආරවුල හේතුවක් වුණා.


    F1CGNko.jpg



    1989 වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට ලොකුගලප්පත්ති විදුහල්පතිවරයාට එරෙහිව උසස් පෙළ සිසුන් බොහෝ පිරිසක් විරෝධතා දක්වන්නට වුණා. එක්තරා දිනයක ඔවුන් හොඳින් සංවිධානය වී විදුහල්පතිවරයාට හූ කියනු ලැබුවා. එදා ලොකුගලප්පත්ති උසස් පෙළ සිසුන් කෙරෙහි දැඩි වෛරයක් ඇතිකර ගත්තා. මෙම සිදුවීම් මාලාවෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන්ට වඩාත් නරක කල දසාවක් ලැබුවා.



    විදුහල්පතිගේ තර්ජන සහ ගර්ජන

    පිස්තෝලයක් සහ බෝම්බයක් ළඟ තබාගෙන පාසලේ පාලන කටයුතු සිදුකරගෙන ගිය ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා පාසල අසල තිබුණු සෙවණ කඳවුරේ භටයන් සමග සමීප ඇසුරක් පවත්වනු ලැබුවා. ඔහු සිය පුත් චමින්දට විරුද්ධව සිටි උසස් පෙළ පන්තිවල සිසුන් 18 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සෙවණ හමුදා කඳවුරට භාරදුන්නා.


    සිසුන් දඩයම් කිරීම සඳහා කූට සැලසුමක් සකස් වෙයි

    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයෙන් පැහැර ගැනීමට නියමිතව සිටි සිසුන්ගේ ලැයිස්තුව සෙවණ හමුදා කඳවුර වෙත ලැබී තිබුණත් එහි සිටි සෙබළුන් එම සිසුන්ව පුද්ගලිකව දැනගෙන සිටියේ නැහැ. එනිසා එම සිසුන්ව හමුදා භටයන්ගේ දෙනෙතට හසුකිරීම විදුහල්පතිවරයාගේ ඊළඟ සැලැස්ම වුණා. ඒ සඳහා ඔහු භාවිතා කළේ ඉතාමත් සූක්ෂම ක්‍රමවේදයක්. ඒ වන විට සෙවණ කඳවුරේ සේවය කළ හමුදා නිලධාරින් නිතරම විදුහල්පති කාර්යාලයට පැමිණියා. එවැනි අවස්ථාවන්වල දී විදුහල්පතිවරයා පැහැරගැනීමට අවශ්‍යව සිටි සිසුන්ව විවිධ හේතු කියමින් කාර්යාලය වෙත ගෙන්වා ගත්තා.

    sNKLDvN.jpg


    විදුහල්පති කාර්යාලය වෙත කැඳවූ සිසුන්ට නම කියා ආමන්ත්‍රණය කිරීමට තරම් විදුහල්පතිවරයා සූක්ෂම වුණා. ඒ අයුරින් සිසුන්ට ඔවුන්ගේ නමෙන් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් එහි සිටි හමුදා භටයන්ට පැහැරගැනීමට අවශ්‍ය වුණු සිසුන්ගේ හැඩරුව දැකබලාගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුහල්පතිවරයා ඒ අයුරින් තමන්ව කාර්යාලය වෙත කැඳවනු ලැබුවේ අවසන් ඉරණම තීරණය කිරීමට බව කිසිදු සිසුවෙකුට වැටහී ගියේ නැහැ. තම පාසලේ විදුහල්පතිවරයා එතරම් දරුණු පුද්ගලයෙකු බව එම සිසු දරුවන් දැනගෙන සිටියේ නැහැ.


    TEaaMQE.jpg


    සති කිහිපයක කාලයක් තුළ සිදුවුණු එම සිදුවීම් පෙළෙන් පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ 11-A පන්තියේ සහ උසස් පෙළ පන්තිවල සිසු දරුවන් පමණක් නොව ඒ අවට පාසල්වල සිසු දරුවන් ද අභිරහස් ලෙස අතුරුදහන් වන්නට පටන් ගත්තා.




     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka

    පළමු සිසුන් කිහිපදෙනා අතුරුදහන් වෙයි

    සෙවණ කඳවුරේ සෙබළුන් ඔවුන්ගේ පළමු බිල්ල ගනු ලැබුවේ 1989 ඔක්තෝබර් 8 වැනිදා යි. සෙබළුන්ට ගොදුරු වුණේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසර විද්‍යා අංශයේ (ගණිත පන්තියේ) ඉගෙනුම ලබමින් සිටි ඇලෝසියස් ස්ටීවන් නම් සිසුවා යි. ඉතාමත් දිළිඳු පවුලක දරුවෙකු වුණු ඇලෝසියස් ගඟේයාය විදුහලෙන් සාමාන්‍ය පෙළ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. මුදල් අගහිඟකමෙන් පෙළුණු නිසා කිසිදු අමතර පන්තියකට සහභාගී නොවුණු ඇලෝසියස් සාමාන්‍ය පෙළ විභාගයෙන් D-6, C-2ක් වැනි උසස් ප්‍රතිඵලයක් ලබාගත්තා. ඉන් පසුව විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් පසුව තරමක් ප්‍රමාද වී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ විද්‍යා අංශයේ ගණිත පංතියට ඇතුළත් වීමේ වරම ඇලෝසියස්ට ලැබුණා.


    uUpb7Y6.jpg


    ඇලෝසියස් පැහැරගැනීමෙන් පාසල තුළ විශාල කලබැගෑනියක් ඇතිවුණා. එම තත්ත්වය තවත් වැඩිවුණේ ඊට ආසන්න දිනවල දී නිමල් සිසිර කුමාර, සරත් චමින්ද ඇතුළු උසස් පෙළ පන්තිවල තවත් සිසුන් පිරිසක් පැහැරගැනීමත් සමග යි. ඇලෝසියස් සිසුවා පැහැරගත් දිනයට පසු දිනෙක ඔහුට සමාන්තර පන්තිවල සිසුන්ව කැඳවූ විදුහල්පතිවරයා පවසා තිබුණේ “අන්න ඇලෝසියස් සියල්ල වමාරනවා උඹලත් පරිස්සම් වෙලා හිටපල්ලා” යි. එනිසා 1989 ඔක්තෝබර් මාසයේ අවසානය ළඟාවන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිසුන් ජීවත් වුණේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිතතාව හා බැඳුණු දැඩි භීතියකින්. මෙම කාලයේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ විදුහල්පතිවරයාට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ.



    11-A පන්තියේ සිසුන් අතුරින් මුලින්ම අතුරුදන් වුණේ රසික කුමාර විජේතුංග නම් සිසුවා යි. චමින්ද ලියූ ලිපිය මුලින්ම කියවූ රසික, 1989 නොවැම්බර් 6 වැනි දින රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි හමුදා භටයන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා.රසික අතුරුදහන් වී දින 5ක් ගතවන විට ඔහුගේ පන්තියේම චාමර සුදර්ශන ජයසේන සහ සිසිල් කුමාර යන සිසුන් දෙදෙනා අතුරුදහන් වුණා. චාමරගේ පියා එකල තුංකම මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළා. සිසිල්ගේ පියා ග්‍රාම නිලධාරියෙකු වූ අතර මව වෛද්‍යවරියක වුණා. ඔවුන් එම ප්‍රදේශයේ උසස් පවුල්වල දරුවන් වුණු නිසා මෙම පැහැරගැනීම් ගැන ප්‍රදේශයේ ජනතාව කම්පා වුණා.



    sMBFV6K.jpg


    1989 නොවැම්බර් 14 වැනිදා 11-A පන්තියේ රුවන් රත්නවීර නම් සිසුවාට විදුහල්පතිවරයා පවසා තිබුණේ තමුන්ගෙනුත් කට උත්තරයක් ගන්න තියෙනවා, ළඟදීම හමුදාව ගෙදරට එයි යනුවෙන්. විදුහල්පති කාර්යාලයෙන් එළියට පැමිණි රුවන්ට නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක හමුවුණා. විදුහල්පතිවරයා තමාට පැවසූ දෑ රුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට පවසා සිටියා. ඔහු රුවන්ට පවසා තිබුණේ, “පුතේ ඔයා ඉක්මනින්ම කොහෙට හරි ගිහින් හැංගෙන්න” යනුවෙන්. නමුත් රුවන් සහ ඔහුගේ පවුලේ අය ක්‍රියාත්මක වීමට පෙර හමුදාව ක්‍රියාත්මක වුණා. 1989 නොවැම්බර් 16 වැනිදා රුවන් රත්නවීර සිසුවා ද අතුරුදහන් වුණා.


    නියෝජ්‍ය විදුහල්පතිවරයා ඝාතනය වෙයි


    vo7c6HD.jpg


    1989 නොවැම්බර් 20 වැනිදා වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය කඩි ගුලක් සේ ඇවිස්සී තිබුණා. එම පාසලේ සිසුන් කිහිපදෙනෙකු සහ ආරියදාස නම් ගුරුවරයා ද අභිරහස් ලෙස අතුරුදහන් වී තිබුණා. එනිසා එදා පාසල තුළ දෙමාපියන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු අතර රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීම ආරම්භ වීමට පෙර නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක දෙමාපියන්ට පොරොන්දු වුණේ මෙම ප්‍රශ්නයේ දී දරුවන් වෙනුවෙන් හඬක් නගන බව යි


    KhwogYO.jpg

    ගුණපාල දිසානායක නියෝජ්‍ය විදුහල්පතිවරයා (ඇඹිලිපිටිය මිනීපිටිය)


    රැස්වීම අවසන්වීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා හිතවතෙකුට කියා තිබුණේ, “මං හෙට මැරුණත් කමක් නෑ, මං පාසලේ දරුවන් වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා” යන්න යි. එදින රාත්‍රී 1ට පමණ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට පැමිණි නාඳුනන කල්ලියක් එතුමා නිවසින් පිටතට ගෙන වෙඩි තබා මරා දමනු ලැබුවා. එය ඇඹිලිපිටියේ ජනයා මහත් සේ කම්පාවට පත්වුණු සිදුවීමක් වුණා.


    1EwMAe5.jpg


    නියෝජ්‍ය විදුහල්පතිවරයා රැස්වීම පැවති දින මධ්‍යම රාත්‍රියේ ඝාතනය වීම නිසා දෙමාපියන් මෙන්ම දරුවන් ද බියෙන් සලිත වී ගියා. එය භයානක අනතුරක පෙරනිමිත්තක් බව ඔවුන්ට දැනුණා. නොවැම්බර් 30 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් දිනයේ යළි වැඩ ආරම්භ කළ සෙවණ කඳවුරේ සෙබළුන් 12 වාණිජ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි උදේෂ් කාවින්ද සෙල්ලහේවා නම් සිසුවා ඇඹිලිපිටිය බස් නැවතුමේ දී පැහැරගනු ලැබුවා. දෙසැම්බර් මාසයේ දී නලීන් කුමාර ගුණරත්න, නිලාන් මනෙල්ක ද සිල්වා, ප්‍රසන්න හඳුවල, රුක්මන් පරණවිතාන, පාලිත ලක්ෂ්මන් ගුරුගේ ඇතුළු සිසුන් ගණනාවක් පැහැරගනු ලැබුවා.


    අතුරුදහන් වුණු දරුවන්ගේ දෙමාපියන් ක්‍රියා කළ හැටි

    දරුවන් අතුරුදහන් වුණු විගස සෑම දෙමාපියෙකුම දුවගියේ විදුහල්පතිවරයා පදිංචිව සිටි නිල නිවාසය වෙතට යි. දෙමාපියන් තම දුක් ගැනවිල්ල විදුහල්පතිවරයා වෙත ඉදිරිපත් කළ විට ඔහු ඉතාමත් සැහැල්ලු විලාශයකින් පවසා තිබුණේ, “හමුදාව කට උත්තරයක් අරන් යන්න ගෙනියන්න ඇති, දරුව ඉක්මනට ආපහු එවාවි” යනුවෙන්.


    සිසුන්ට ලබාදී තිබුණු අමානුෂික වධ

    සෙවණ කඳවුර තුළ සිසුන්ට ලබාදුන් වධ හිංසා දැක තිබුණු පුද්ගලයන් තිදෙනෙකු සිටියා. ඒ සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් යන පුද්ගලයන් තිදෙනා යි. ස්ටීවන්, 1989 ඔක්තෝබර් 8 වැනිදා පැහැරගත් ඇලෝසියස්ගේ පියා යි. එදා සෙවණ කඳවුරේ සෙබළුන් මොවුන් දෙදෙනා ද කඳවුර වෙත රැගෙන ආවා. මුල් දිනවල දී ඔවුන්ට ද දස වධ දෙමින් ප්‍රශ්න කළත් පසුව ඔවුන් දෙදෙනා අත් උදව් කරුවන් ලෙසින් කඳවුර තුළ රඳවා ගත්තා. ඒ අයුරින් කඳවුර තුළ රැඳී සිටි ස්ටීවන්ට එක්තරා දිනයක සිය පුත්‍රයාව දැකගන්නට ලැබුණා. ඒ වන විට ඔහුගේ පිට සම්පූර්ණයෙන්ම ඉස්ත්‍රික්කවලින් පුළුස්සා තිබුණා. ඊට අමතරව පොළුවලින් පහරදීම, මිරිස් කුඩු යෙදූ කවර හිසට දමා පහරදීම ඇතුළු වධ බන්ධන ගණනාවක් ලබාදුන් බව ස්ටීවන් සහ සිරිල් පසු කලෙක අනාවරණය කළා. එසේම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් ගණනාවක් එම කඳවුර තුළ සිටි බව ඔවුන් දෙදෙනා හඳුනාගත්තා.

    EjFXAHG.jpg

    සෙවණ කඳවුර පැවති ස්ථානය (අඳෝනාව)

    1990 ජනවාරි 1 වැනිදා කඳවුරෙන් නිදහස් වුණු සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් ඔවුන් දුටු දේ අනාවරණය කළේ භීෂණකාරී වාතාවරණය නිමාවීමෙන් පසුව යි. ඔවුන් තිදෙනා නිදහස් කළ අවස්ථාවේ දී, “කඳවුර තුළ දැක්ක කිසිම දෙයක් හෙළිදරවු කළොත් ලැබෙන දඬුවම මරණය” බවට හමුදා නිලධාරීන් ඔවුන්ට තර්ජනය කර තිබුණා.


    දරුවන්ට අත්වුණු අවසන් ඉරණම පිළිබඳව හෙළිදරවු වීම

    1990 ජනවාරි මාසයේ 24 වැනිදා සෙවණ හමුදා කඳවුරේ සෙබළුන් එම කඳවුරෙන් නික්ම ගියා. ඊට පෙර දින රාත්‍රියේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාල පිටියේ සංගීත සංදර්ශනයක් ද පවත්වා තිබුණා. සෙබළුන් එහි දී හොඳින් කා බී විනෝද වී තිබුණා. එම කඳවුරේ සිටි සිසුන් ඇළුමීනියම් තහඩු ගැසූ ලොරියකින් ඉවතට ගෙන ගොස් තිබුණා. ඔවුන් ඇඹිලිපිටිය-තණමල්විල මාර්ගයේ තේක්ක කැලය නම් ස්ථානය වෙත ගෙන ගොස් මරා දැමූ බවට එකල රාවයක් පැවතුණා. හරක් බැඳීමට ගිය එක්තරා පුද්ගලයෙකු සිසුන් මරා දැමූ ආකාරය පිළිබඳව පසු කලෙක හෙළිදරවු කළා.

    ySIMAqW.jpg

    තේක්ක කැලේ නමින් හැඳින්වූ ප්‍රදේශය (ඇඹිලිපිටිය මිනීපිටිය)


    මියගිය දරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නැති බව හෙළිදරවු වෙයි


    aipCA1C.jpg


    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ ගුරුවරයෙකු වුණු බුද්ධික කුලතුංග ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට එකල රාවයක් පැතිර තිබුණා. ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය භට බලකායේ සිසුන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ බවට මතයක් පැවතුණා. එසේම ඔහු ජවිපෙ පන්ති පැවැත්වූ බවට ද කටකතා පැතිර ගියා. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම, තුංකම දී හමුදා බස් රථයකට බිම් බෝම්බයක් ඇටවීම, පුද්ගල ඝාතන සිදුකිරීම, ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා රැසක් මියගිය සිසුන්ට එරෙහිව එල්ල වුණා. නමුත් අවසානයේ දී රහස් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වුණේ මෙම සිසුන් එවැනි ක්‍රියා සඳහා සම්බන්ධ වී නැති බවයි.


    XxVAWyt.jpg

    ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා අධිකරණ බිම වෙත පැමිණෙමින් (අඳෝනාව)

    සැකකරුවන්ට එරෙහිව නඩු පැවරෙයි

    1990-1994 කාල සමය තුළ ඇඹිලිපිටියේ අතුරුදහන් වූ සිසුන්ගේ දෙමාපියන් සිය දරුවන් සොයාගන්නට විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා වෙනම සංවිධානයක් පවා පිහිටවනු ලැබුවා. 1994 වසරේ මුල් භාගයේ දී ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයෙන් සමූහ මිනීවලක් මතුවීමත් සමගම යළි ඇඹිලිපිටිය සිසු ඝාතනය කරළියට ආවා. එදා එය යටපත් කිරීමට උත්සාහ කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සූරියකන්දෙන් මතුව ඇත්තේ හරක් ඇටකටු බව පවසා සිටියා. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූරියකන්ද සිදුවීම පිළිබඳව උනන්දු වුණා. නුදුරු දිනක දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණයේ දී එයින් වාසියක් ලබාගැනීමට ඔවුන් උත්සාහ දැරුවා.


    ltL8bIe.jpg

    සූරියකන්ද සමූහ මිනීවලේ කැණීම් අතරතුර (JDS)


    ඇඹිලිපිටියේ අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන් පොදු පෙරමුණු මැතිවරණ වේදිකාවේ කතා කළා. පොදු පෙරමුණු රජයක් බලයට පත්වීමත් සමග ඇඹිලිපිටිය සිදුවීම විභාගයට ගැනුනේ දෙමාපියන් සහ මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් රජයට කළ බලපෑම් නිසා යි. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව රට තුළත් මහා කැළඹීමක් ඇතිව තිබුණා. එනිසා පහත නම් සඳහන් කර තිබෙන විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.


    1) දයානන්ද ලොකුගලප්පත්ති
    2) චමින්ද ලොකුගලප්පත්ති
    3) රෝහණ පරාක්‍රම ලියනගේ
    4) ජාලිය ධනංජය ඈපා
    5) ගවේෂ් ගිනිගේ
    6) වජිර විශිෂ්ඨ චාමරසිංහ
    7) සමරතුංග ආරච්චිලාගේ සේනාරත්න
    8) කාරියවසම් සපුතන්ත්‍රි ගමගේ උපුල්චන්ද්‍ර
    9) ජැක්සන් කුමාරසිංහ



    අවසානයේ දී යුක්තිය ඉටු වුණා ද?
    1996 ජනවාරි 26 වැනිදා රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ඉදිරියේ නඩු විභාගය ආරම්භ වුණා.



    dPxD5x5.jpg


    පිටු 16000කට ආසන්න වුණු නඩු වාර්තාව වසර 3කට වැඩි කාලයක් විභාගයට ගත්තා. අවසානයේ දී 1999 පෙබරවාරි 10 වැනිදා නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එම තීන්දුවට අනුව දෙවන සහ තෙවන විත්තිකරුවන් වුණු චමින්ද ලොකුගලප්පත්ති සහ පරාක්‍රම ලියනගේ කිසිදු දඬුවමකට යටත් වුණේ නැහැ. ඉතිරි විත්තිකරුවන්ට වසර 10 බැගින් සිර දඬුවම් හිමි වුණා. එලෙස දඬුවම් ලැබූ සියළුදෙනාම අද වන විට සිරෙන් නිදහස් වී සාමාන්‍ය ජීවිතයක් ගතකර තිබෙනවා. නමුත් අතුරුදහන් වුණු දරුවන්ගේ පවුල්වල දෙමාපියන් පමණක් නොව සහෝදර සහෝදරියන් ද දශක 3කට වැඩි කාලයක් පුරාවට සිය දරුවන් නැති දුකින් වැළපෙනවා. උදේෂ් සිසුවාගේ මව වුණු මංගලිකා හෙට්ටිආරච්චි මහත්මිය සිය දරුවා නැති සොවින් නොකා නොබී වැළපෙමින් සිට, 1992 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී මියගියා. එදා මියගිය අහිංසක දරුවන්ට දශක 3ක් ගෙවී ගියත් යුක්තිය ඉටුවී නැති බව සඳහන් කළ යුතු යි.



    මූලාශ්‍රයයන්-
    බ්ලොගර් - නදුන් ලියනගෙදර
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    ඇඹිලිපිටිය මිනීපිටිය
    අඳෝනාව

    අමාවක සඳ යට
    ජවිපෙ 2 වැනි කැරැල්ල
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Tfs
    පොදු පෙරමුණු ආණ්ඩු කාලෙ නිරෝෂා විරාජිනී කියන දෙමළ සින්දුවක් එක්ක සූරියකන්ද සමූහ මිනීවල හාරන වීඩියෝ එකක් තිබුණා මතකයි.
    නිරායුධ ඉස්කෝලෙ ළමයි එක්ක army එක දාපු ගොබ්බ ෂෝ එක තමන්ට අපකීර්තියක් කියල හිතුනෙ නැද්ද දන්නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    පිස්සු හැදෙනව ඔය 88,89 කාලෙ දේවල් කියවද්දි. මේ ලංකාවෙ දශක කීපෙකට කලින් මෙහෙම දේවල් උනාද කියල විශ්වාස කරන්න බෑ.
    හමුදාවෙ විනය තමයි. එදත් අදත් ඔච්චරයි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිස්සු හැදෙනව ඔය 88,89 කාලෙ දේවල් කියවද්දි. මේ ලංකාවෙ දශක කීපෙකට කලින් මෙහෙම දේවල් උනාද කියල විශ්වාස කරන්න බෑ.
    හමුදාවෙ විනය තමයි. එදත් අදත් ඔච්චරයි.
    හමුදාව කරේ ඒකාලෙ තිබුන කාලකණ්ණි ගූඇම්පී ආණ්ඩුවෙ කාලකණ්ණි දේශපාලුවො දුන්න අණ ක්‍රියාත්මක කරපු එක :-(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඒ කාලේ ඔය ලමයි සෙට් එක එක්ක එකට හිටපු අය තාම ඇති. ඒ කාලේ දෙකේ තුනේ විතර ඉස්කෝලේ ගිය අයනම් අපිත් එක්ක ඉන්නවා.
     

    Sen-lu

    Well-known member
  • 1999 පෙබරවාරි 10 වැනිදා නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එම තීන්දුවට අනුව දෙවන සහ තෙවන විත්තිකරුවන් වුණු චමින්ද ලොකුගලප්පත්ති සහ පරාක්‍රම ලියනගේ කිසිදු දඬුවමකට යටත් වුණේ නැහැ. ඉතිරි විත්තිකරුවන්ට වසර 10 බැගින් සිර දඬුවම් හිමි වුණා. එලෙස දඬුවම් ලැබූ සියළුදෙනාම අද වන විට සිරෙන් නිදහස් වී සාමාන්‍ය ජීවිතයක් ගතකර තිබෙනවා
    උං වැරැද්ද කරල කියල ෂුවර් නම් නීතිය හරියටම මෙහේ වෙන නිසා දේසපාලන හයිය තියෙන උං එක්ක නඩු කියල වැඩක්නෑ. කෑලි වලට කපන එක තමා කරන්න තියෙන්නෙ. නීති වල් වැදිච්ච රටක වෙන කරන්න දෙයක්නෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    උං වැරැද්ද කරල කියල ෂුවර් නම් නීතිය හරියටම මෙහේ වෙන නිසා දේසපාලන හයිය තියෙන උං එක්ක නඩු කියල වැඩක්නෑ. කෑලි වලට කපන එක තමා කරන්න තියෙන්නෙ. නීති වල් වැදිච්ච රටක වෙන කරන්න දෙයක්නෑ.
    සිරාවටම මචන් මගේ නම් උතුර දකුණ අමාරු උනා මේ විස්තර කියෙව්වහම. මේ තරම් දරුණු මිනිස්සු ඉන්නවද කියලා හිතා ගන්නවත් බැහැ...... :baffled: