~ මොන විකාරයක්ද? සිංහලයන් 10 දෙනෙකුට එක පන්සලක්..! කුච්චවේලි ආක්‍රමණයක්..! බෞද්ධයන්ටත් නින්දාවක්..!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,114
    166,154
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්න වෑඩ සලස්සන්නෙ එ පෑති වල ඉන්න දෙමළ අන්තවාදින්ම තමා.. ඔය හාමුදුරුගොල්ල නොගිහින් දෙමල මුස්ලිම් අය ඩොසර් කරලම රෑහල දානකොට මෙ කවුරුවත් නෑනෙ උන්ට පුරාවිද්ය පනත් මතක් කරන්න එකනෙ අවුල තියෙන්නෙ එ නිසා මුලින් හාමුදුරුවරු ගිහින් පස්සෙ අදාල අයතනයකට ප්‍රතිසන්ස්කරණය කරන්න ලබා දෙන එක ගෑන නන් මට කිසිම අවුලක් නෑ.. හමුදුරුගොල්ල ගියා කියල ඔතනම කොවිලක් තිබිල එක වදින්න හින්දු අය ආව කියල කිසිම අවුලක් වෙන්නෙ නෑ.. එත් මුලින් ඔතන කොවිලක් හදල පස්සෙ වෙහෙර හම්බ උනොත් බෞද්ධ අයට යන්න බෑ.
    පුරා විද්‍යා වටිනාකම් තියන තැන් වල කැනීම් කරනවා , හැම දේම ප්‍රතිසන්ස්ක්ර්ණය කරන්න යන්නේ නෑ .
    නොදන්නා එකෙක් තමන්ට ඕන ඕන විදියට ඕක කරාම තියන දේත් නැති වෙන්ව .

    ඕව පුර විද්‍යා වටිනාම් තියන තැන නම් ඒවා ඒ විදියට වෙන් කරල ඒ ආයතන යටතේ තියන්න ඕනේ.

    එහෙම නැතුව කොහේ හරි ඉදල එන සිව්රක් දාගත්ත පුද්ගලික චරිතයක් ඔය වගේ නටබුන් ටිකක් පවිච්චි කරල ඒවා ටිකත් අලුත් වැඩිය කරනවා කියලා නැති කරල අලුතෙන් පන්සලක් අටවන් වෙන දේවල් කරා කියලා ඇති වැඩක් නෑ .
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙහෙර පිටින් ඩොසර් කරද්දි ඔය කියන පනත් මොකවත් වෑඩක් වෙලා නෑනෙ. එ නිසා කලින්ම ගිහින් ක්ලෙම් කරගන්නව පස්සෙ බෑරිය පුරාවිද්යා එකට බලාගන්න.
    කොහෙවත් ඩෝසර් කරලා නෑ. කරල තියෙනවා නම් ඒ ගැන බලන්න තනි සිංහල ආණ්ඩුවක් ඉන්නෙ.

    නීතිය අතට ගන්න ඔය ශ්‍රමණවෙෂධාරින්ට සපෝට් කරන NGO නඩය හොයාගන්න ඕන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,216
    99,931
    113
    පුරා විද්‍යා වටිනාකම් තියන තැන් වල කැනීම් කරනවා , හැම දේම ප්‍රතිසන්ස්ක්ර්ණය කරන්න යන්නේ නෑ .
    නොදන්නා එකෙක් තමන්ට ඕන ඕන විදියට ඕක කරාම තියන දේත් නැති වෙන්ව .

    ඕව පුර විද්‍යා වටිනාම් තියන තැන නම් ඒවා ඒ විදියට වෙන් කරල ඒ ආයතන යටතේ තියන්න ඕනේ.

    එහෙම නැතුව කොහේ හරි ඉදල එන සිව්රක් දාගත්ත පුද්ගලික චරිතයක් ඔය වගේ නටබුන් ටිකක් පවිච්චි කරල ඒවා ටිකත් අලුත් වැඩිය කරනවා කියලා නැති කරල අලුතෙන් පන්සලක් අටවන් වෙන දේවල් කරා කියලා ඇති වැඩක් නෑ .
    Dozer කරලම අයින් වෙනවාට වඩා ඉතුරු වෙන ටිකක් හරි ඉතුරු වෙයි නෙ. අන්තිමට dozer වෙලාම අයින් උනාම පුරාවිද්‍යා එකට ගිහින් කරන්න පුළුවන් දේකුත් නෑනේ
     
    • Like
    Reactions: jjpala

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    pansalak hadanna 10 wadi wenna onada
    පරණ තියෙන එකක්වත් ආපහු හදන්න දෙන්න බැහැ ඒවා උඩ පල්ලි කෝවිල් හදන්න විතරයි අවසර තියෙන්නෙ
    -රැඩිකල් නිරාල වගේ ඉන්න පල්ලි කාක්කො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,216
    99,931
    113
    කොහෙවත් ඩෝසර් කරලා නෑ. කරල තියෙනවා නම් ඒ ගැන බලන්න තනි සිංහල ආණ්ඩුවක් ඉන්නෙ.

    නීතිය අතට ගන්න ඔය ශ්‍රමණවෙෂධාරින්ට සපෝට් කරන NGO නඩය හොයාගන්න ඕන
    https://www.deshaya.lk/article/43/features/13600/ඩෝසරයෙන්-සමතලා-කළ-ඕමන්තෙයි-පැරැණි-පුදබිම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,114
    166,154
    113
    එකමත් එක රටක
    Dozer කරලම අයින් වෙනවාට වඩා ඉතුරු වෙන ටිකක් හරි ඉතුරු වෙයි නෙ. අන්තිමට dozer වෙලාම අයින් උනාම පුරාවිද්‍යා එකට ගිහින් කරන්න පුළුවන් දේකුත් නෑනේ
    කවුද ඩෝසර් කරේ?
    මෙච්චර කල් කවුරුත් ඩෝසර් කරල නෑනේ..

    නටබුන් ඉස්සරහට දාගෙන එක එකා සල්ලි ගරන්න අලුතෙන් ඉදිකිරීම් කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න එන්නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,216
    99,931
    113
    කවුද ඩෝසර් කරේ?
    මෙච්චර කල් කවුරුත් ඩෝසර් කරල නෑනේ..

    නටබුන් ඉස්සරහට දාගෙන එක එකා සල්ලි ගරන්න අලුතෙන් ඉදිකිරීම් කරන්න ගියාම තමයි ඔය ප්‍රශ්න එන්නේ..

    එක තමා කිව්වේ ඒව කවුරුවත් දන්නේ නේ කියල. ඔන්න ලින්ක් එකක් දැම්මා

    ඔය ලිපිය පලවෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 2.

    චන්දේ පැවැත්වුනේ නොවැම්බර් 16.

    වෙන මොනවත් කියන්න ඕනද?
    දැන් ඒ සිද්දිය වෙලා නැද්ද?

    https://www.deshaya.lk/article/43/features/13600/ඩෝසරයෙන්-සමතලා-කළ-ඕමන්තෙයි-පැරැණි-පුදබිම

    https://www.ada.lk/features/e0b68be...0b6b1e0b790e0b69ce0b799e0b6b1e0b784/15-197487

    ඔය ලිපිය පලවෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 2.

    චන්දේ පැවැත්වුනේ නොවැම්බර් 16.

    වෙන මොනවත් කියන්න ඕනද?
    https://nethnews.lk/index.php/article/48163
    ------ Post added on Aug 30, 2023 at 10:02 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,622
    1
    57,740
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක තමා කිව්වේ ඒව කවුරුවත් දන්නේ නේ කියල. ඔන්න ලින්ක් එකක් දැම්මා


    දැන් ඒ සිද්දිය වෙලා නැද්ද?

    https://www.deshaya.lk/article/43/features/13600/ඩෝසරයෙන්-සමතලා-කළ-ඕමන්තෙයි-පැරැණි-පුදබිම

    https://www.ada.lk/features/e0b68be...0b6b1e0b790e0b69ce0b799e0b6b1e0b784/15-197487


    https://nethnews.lk/index.php/article/48163
    ------ Post added on Aug 30, 2023 at 10:02 AM
    ඔහොම දේවල් වෙලා නෑ. එහෙම වෙලා තියෙනවා නම්;

    1. අපිව රවට්ටලා අපිට අරින්න හදන දේශපාලන ගේම්.
    2. නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම්.
    3. ඇත්තටම දෙමලු එකතුවෙලා බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන විනාස කරපු අවස්ථා. ඔය එක හාමුදුරු කල්ලියකින්වත් උසාවියේ පවරපු නඩුවක් තිබුනද කියල මේ ගැන හොයල කියපන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,979
    34,409
    113
    මේ හැම දේටම විසඳුම මාලිමාවේ ආණ්ඩුවක් විතරමයි. තොපි පොනිලව, හරි නාමල් පොන්ස්ව හරි වෙන මොකෙක් හරි හුප්තෙක් ව ජනාධිපති කොරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ බොලාගේ මන්ද බුද්ධිකත්වයයි
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    1693376532125.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ හැම දේටම විසඳුම මාලිමාවේ ආණ්ඩුවක් විතරමයි. තොපි පොනිලව, හරි නාමල් පොන්ස්ව හරි වෙන මොකෙක් හරි හුප්තෙක් ව ජනාධිපති කොරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ බොලාගේ මන්ද බුද්ධිකත්වයයි
    බුද්ධාගමට අපහාස කරලා ජෙප්පො දිනන්න හැදුවා මදි..මේකේ ඉන්න ජෙප්පො ඔක්කොම බුද්ධාගමට වෙෙර කරන උන්..මේ @SLK_sri කියන්නෙත් බුද්ධාගමට වෙෙර කරන ජෙප්පෙක්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    ඔහොම දේවල් වෙලා නෑ. එහෙම වෙලා තියෙනවා නම්;

    1. අපිව රවට්ටලා අපිට අරින්න හදන දේශපාලන ගේම්.
    2. නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම්.
    3. ඇත්තටම දෙමලු එකතුවෙලා බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන විනාස කරපු අවස්ථා. ඔය එක හාමුදුරු කල්ලියකින්වත් උසාවියේ පවරපු නඩුවක් තිබුනද කියල මේ ගැන හොයල කියපන්
    https://www.newsfirst.lk/2017/12/29/two-arrested-connection-destruction-sampur/

    සමහර පොස්ට් දැකලා ඇත්තටම කලකිරුණා .

    හාමුදුරු කල්ලියකින් අමුතුවෙන් නඩු පවරන්න ඕනේ නැහැ අපරාධමය වරදක් පොලිසියෙන් හා පුරාවිදයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නඩු පවරන්නේ මම දන්න තරමින් ,
    එක ම වරදට දෙපාරක් නඩු පවරන්නේ නැහැ



    මේ ට්‍රේඩ් එකේ සාරාංශය බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන දාගැබ් බුල්ඩොස් කරලා එතනම කෝවිල් පල්ලි හැදුවාට කමක් නැහැ , එක සහජීවනය .

    පුරාවිද්‍යා භුමි සංරක්ෂණය කරලා මිනිස්සුන්ට වදින්න පුදන්න ඉඩ දුන්නොත් එක ජාතිවාදේ ආගම්වාදේ
    ------ Post added on Aug 30, 2023 at 4:28 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ – Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists

    Lakmal K. Baduge
    By Lakmal K. Baduge
    ත්‍රිකුණාමලය වරාය පිවිසුමේ දකුණු තුඩුව වන සාම්පුර් කෙවිලිය තුඩුවට මදක් ඔබ්බෙන් පිහිටි කෙවුල් ගමේ කුඩා කදු ගැටයක් මත පිහිටි පැරණි දා ගැබකි. ඉන්දීය සයුරට මුහුණලා පිහිටි මෙම දාගැබ සේරුවිල පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය හරහා සොයා ගෙන දින දෙකක් තුල අන්‍තවාදින් විසින් ඩෝසර් යන්ත්‍ර යොදා මුළුමනින්ම ඩෝසර් කර දමනු ලැබීය. ඒ මීට දෙවසරකට පෙර උදුවප් මාසයේ දිනකය. ඩෝසර් කල බව සැලවු වහාම එහි ගිය මා සංවේගයට පත්වුයේ දා ගැබක් තිබු බවට සලකුණක් නැතිවන්නටම දාගැ‍බ් ගොඩැල්ල ඩෝසර් කර කන්දෙන් පහලට තල්ලුකර දමා තිබීම හේතුවෙනි. ‍ඩෝසර් කල දා ගැබ කැණීම් කර අවසන් කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුව කටයුතු කලේය.

    මෙම ස්ථුපය සම්බන්ධව ධාතු වංශයේ යම් යම් හෝඩුවාවන් සදහන්වේ. එහි සදහන් වන පරිදි ක්‍රි. පු. දෙවන සියවසේ රුහුණේ පාලකයා වු යටාලතිස්ස රජුගේ පුත් ගෝඨාභය විසින් කතරගම පාලනය කල ක්ෂත්‍රීයන් දස දෙනෙකු සමුල ඝාතනය කරනු ලැබීය. ඒ පවින් මිදීම සදහා ඔහු වෙහෙර විහාර රාශියක් ඉදිකර ඇති අතර මහවැලි ගග අසබඩ එගොඩ වෙහෙර විහාර තුන්සියයක්ද මෙගොඩ වෙහෙර විහාර පන්සියයක්ද කල බව සදහන්වේ. මෙම ස්ථුපයද එතුමා විසින් කරවන ලද්දක් විය හැකි බව වියතුන් අනුමාන කරයි.


    පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙම දා ගැබ අවධි දෙකකට අයත් වේ. ක්‍රී. පු. දෙවන සියවසෙහි සිට ක්‍රි.ව. දෙවන සියවස දක්වා කාලයට අයත් නිර්මාණයන් මෙන්ම ක්‍රි.ව. හතර හා අටවන සියවස් වලට අයත් කාලයන්ට අයත් නිර්මාණයන්ද මෙම ස්ථානයෙන් හමුවීම සුඩෙයිකුඩා දා ගැබ කෙතරම් පැරණි පුදබිමක්ද යන්න කියාපායි.

    මෙම දා ගැබ ඩෝසර් කිරිමට පෙර මීටර් හතරක් පමණ උසට ගොඩැල්ල තිබු බවත් ඒ මත සක්ක ගල් විශාල ප්‍රමාණයක් විසිරි තිබු බවත් යුපස්ථම්බය යැයි සැක කෙරෙන මීටර එකහමාරක් දිගැති සකස් කල ගල් කුළුණක්ද එහි ඊසාන දිග කොටසේ තිබු බව පුරාවිද්‍යා වාර්ථාවන්හි සදහන්වේ. මව් පාෂාණයට සම්බන්ධ කොටස දක්වා සම්පුර්ණයෙන්ම ඩෝසර් කර තිබු අතර දා ගැබ් පාදමට සම්බන්ධ යැයි සැක සහිත සක්කගල් විසිරිමක් දා ගැබෙහි බටහිර කොටසෙහි ඉතිරිව තිබුණි. දා ගැබෙහි ඉදිකිරිම් වලට සම්බන්ධ මධ්‍ය හා කුඩා ප්‍රමාණයේ සක්ක ගල් විශාල ප්‍රමාණයක් මීටර 12 ක් පමණ දුරකට බටහිර නැගෙනහිර හා දකුණු දිසාවන්ට තල්ලුකර දමා තිබුණි. ඒ අතර මැටි බදුන් කැබලි, තිරුවානා පතුරු, මෝල්ඩින් ගඩොල්, කුඩා ග‍ඩොල් සහ රතු දුඹුරු පස් ද විසිරි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්ථා කර තිබුණි.


    දා ගැබට ඊසාන දෙසින් මෑතක ඉදිකල හින්දු කෝවිලක්ද නැගෙනහිර දෙසින් කෝවිලට අයත් තවත් ගොඩනැගිල්ලක්ද පවති. මෙම කෝවිලට ඉදිරි කොටසේ මතුපිට උළු කැබලි බොහොමයක් විසිරි තිබුණි. පැරණි ගොඩනැගිලිවලට අයත් විවිධ ප්‍රමාණයේ පාදම් ගල් 10 ක් පමණ විසිරි ඇති අතර ඉන් කිහිපයක් බිදි පවති. මධ්‍යම ප්‍රමාණයේ සක්කගල් යොදා තැනු ගල් බැම්මක නටඹුන් නැගෙනහිර දෙසින් ඇති අතර එහි ඇතැම් ස්ථාන බිදි පහලට ගරා වැටි තිබේ. මෙතරම් පාදම් ගල් ප්‍රමාණයක් දක්නට ඇත්තේ දැවයෙන් කල ගොඩනැගිලි තිබු බැවින් යැයි සිතිය හැකිය.

    සාම්පුර් සුඩෙයිකුඩා දා ගැබෙහි කැණීම් කටයුතු 2018 ජනවාරි 27 වැනිදා සිට මාර්තු 25 වනදා දක්වා මාස දෙකක කාලයක් පුරා සිදු කර තිබුණි. එම ස්ථානයෙන් හමුවු වංචල හා නිශ්චල දත්තයන් වෙන වෙනම වාර්ථා කිරිමටත් ප්‍රධාන පියවරයන් තුනක් යටතේ දා ගැබ ආශ්‍රිතව කැණීම් සිදු කිරිමටත් පර්යේෂකයන් කටයුතු කර තිබුණි.


    ඒ අනුව දා ගැබේ පාදම හා මළුව අණාවරණය කර ගැනීමත් භූ අභ්‍යන්තරයේ පවතින අනෙකුත් පුරාවිද්‍යාත්මක අංග නිරික්ෂණය කිරිමත් ස්ථානයට යාබද භුමි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක අංග සමීක්ෂණය කිරිමත් මේ අනුව කරනු ලැබීය.

    ‍ඩෝසර් කර තිබු දා ගැබෙහි අවුල්ව පැවැති සියලු කොටස් ඉවත් කර කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබ තිබුණි ඒ අනුව කැණීම් කිරිමෙන් මතු කරගත් දා ගැබෙහි පාදම මීටර් 12 ක පමණ විෂ්කම්භයකින් යුත් කවාකාර සක්කගල් හා මැටි මිශ්‍ර පාදමක් බව තහවුරු කර‍ගෙන තිබේ.

    කදු මුදුනතෙහි ඊසාන දිග කෙලවරෙහි පිහිටි ග‍ඩොලින් ඉදිකල ව්‍යුහයක නටඹුන් අණාවරණය ව ඇති අතර එහි උළු කැට විශල වශයෙන් පැතිර තිබේ. ඒ අනුව මෙම ස්ථානය වහලයක් සහිත ගොඩනැගිල්ලක් තිබු බව සිතිය හැකි බව පුරාවිද්‍යා නිලධාරින් පවසයි. ඊට ඊසාන දිගින් පියගැට පෙලක සේයාවක් මෙන් ඉදිකර ඇති කොටස හුණු මිශ්‍ර බදාමයකින් ආවරණය කර ඇත. එහි බටහිර කෙලවරින් උතුරු දෙසට ගොඩනැගු බැම්මක අවශේෂද අණාවරනය වි තිබේ. මෙම ඉදි කිරිම් වල ඉතිරි කොටස් තවදුරටත් පැතිර ඇති බව එහි පවතින පැරණි ග‍ඩොල් කියා පායි.


    වර්ථමාන කෝවිලේ ඝණ්ඨාර කුළුණ අසල කල කැණීමකින් ගඩොල් හා සක්ක ගල් මිශ්‍ර බැම්මක හෝ වෙනත් ඉදි කිරිමක සාධක අණාවරනය වි තිබේ. කෝවිල හා දා ගැබ අතර කැණීම් වලින් ගඩොලු ඇතුරුම් අනාවරණය වු නමුත් පැහැදිලිව නිශ්චය කර ගැනීමට නොහැකි බැවින් එම ප්‍රදේශය තවදුරටත් පුළුල් ලෙස කැණීම් කල යුතු බව පුරාවිද්‍යා නිළධාරින්ගේ අදහසයි.

    මෙම දා ගැබ ආශ්‍රිතව කල කැණීම් වලින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තිරුවානා පතුරු බොහෝමයක් හමුව ඇති අතර මැටි බදුන් කැබලි රැසක්ද හමුව තිබේ ඒවා අතර කාල රක්ත වර්ණ, මැටි බදුන්, රතු මැටි බදුන් හා රතුමය දුඹුරු මැටි බදුන් වේ. උළු කැබලි හා ගඩොල් කැබලිද සෙන්ටි මීටර් අටක් පමණ දිගැති පැරණි හතරැස් යකඩ ඇණයක්ද කොත් කැබලි කිහිපයක්ද පබළු දෙකක්ද එමෙන්ම ඩෝසර් කරන ලද සුන්බුන් අතර තිබි දා ගැබෙහි වැලි කොන්තට අයත්විය හැකි මෝල්ඩින් ග‍ඩොල්, මැටි කැටයම් පුවරුවල අවශේෂද සොයා ගනු ලැබු බව සිය කැණීම් වාර්ථාවන්හි සදහන් කිරිමට පුරාවිදයා නිලධාරින් කටයුතු කර තිබේ.

    සුඩෙයිකුඩා දා ගැබ පිහිටි පරිශ්‍රයට මීටර් 150 ක ඇතුලත පිහිටි භූමි ප්‍රදේශයේ දකුණු හා ගිණිකොන දෙසින් පුරාවිද්‍යාත්මක නටඹුන් හමුවේ. වැසි කාලයට පමණක් ජලයෙන් පිරියන කුඩා පොකුණු දෙකක් ගිණිකොන දිග බෑවුමේ දක්නට ලැබේ. දකුණු දෙස බෑවුමේ මධ්‍ය හා කුඩා ප්‍රමාණයේ සක්ක ගල් භාවිතා කරමින් නිර්මාණය කරන ලද බැමි දෙකක් දක්නට ඇත. සුඩෙයිකුඩා දා ගැබ ඩෝසර් කරනු ලැබුවද ඉතිරිව පවතින නෂ්ඨාවශේෂ ක්‍රි. පු. තුන්වන සියවස දක්වා කාලය තුල මෙම ප්‍රදේශයේ ප්‍රබෝධමත්ව පැවැති බෞද්ධාගම කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික ජනාවාසයක තොරතුරු නිහඩවම කියාපායි.


    විශේෂ ස්තුතිය – සුඩෙයිකුඩා දා ගැබ ඩෝසර් කල පසු එම ස්තානයේ පැවැති විරෝධතා අතරින් එකී ස්තානයට ආරක්ෂිතව මා රැගෙන ගිය නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ මාධ්‍ය ලේකම් හුසන් හලල්ඩීන් මහතාට.

    අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists

    අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists





    අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists

    අන්තවාදින් සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කිරීමෙන් පසු භූමිය

    අන්තවාදින් සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කිරීමෙන් පසු භූමිය - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists
    අන්තවාදින් සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කිරීමෙන් පසු භූමියේ ඉතිරිව තිබූ නටබුන් කොටස් - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists
    අන්තවාදින් සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කිරීමෙන් පසු භූමියේ ඉතිරිව තිබූ නටබුන් කොටස් - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists

    අන්තවාදින් සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ ඩෝසර් කිරීමෙන් පසු භූමියේ ඉතිරිව තිබූ නටබුන් කොටස් - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists


    කෝවිල නම් අවුරුදු 5000ක් වත් පැරණි එකක් නේ මචංලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo

    සාගම සෑය ළඟ සංඝ සංවේගය පළ කරති​


    None 2012 නොවැම්බර් මස 26 බැලුවෝ - {{hitsCtrl.values.hits}}


    අම්පාර තිරුක්කෝවිල්හි සාගම ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප‍්‍රදේශයේ බැකෝ යන්ත‍්‍රයකින් විනාශ කරන ලද චෛත්‍යය බැලීම සඳහා මහා සංඝරත්නය ඊයේ (26) එහි වැඩම කළහ. උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක මහාවාපී මහා විහාරාධිපති අරන්තලාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු හිමිවරු එහි වැඩම කළහ. මහා සංඝරත්නය කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කොට විනාඩි පහක කාලයක් නිහඬව සිටීමෙන් සත්‍ය ක‍්‍රියාවක්ද කළහ. ගල්මඩුකන්ද පුරාණ විහාරාධිපති හෑගොඩ විමලඥාන, දීඝවාපී පරිවාර චෛත්‍යාරාම අධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමිවරුද මෙම අවස්ථාවට වැඩම කළහ.





    මේවා බොරුද කොල්ලෝ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    Dozer කරලම අයින් වෙනවාට වඩා ඉතුරු වෙන ටිකක් හරි ඉතුරු වෙයි නෙ. අන්තිමට dozer වෙලාම අයින් උනාම පුරාවිද්‍යා එකට ගිහින් කරන්න පුළුවන් දේකුත් නෑනේ

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!​

    හෙලයාගේ පොස්ට් එකට තවත් උදාහරනයක්

    නැගෙනහිර පළාතේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබක්​

    ගල් කණු සහ සඳකඩ පහන කඩා දමලා​

    දාගැබ ළඟට එනකම් ඉඩම් අල්ලලා වගා කරලා…​

    අවට සැම තැනකම පුරා වස්තු විසිරිලා….​

    කුමන ජාතියකට අයත් වුවද පුරා විද්‍යා උරුමයන් යනු රටකට මහා සම්පතකි. වත්මන් පරපුරේ යුතුකම වෙන්නේ එවන් මාහැඟි අතීත උරුමයන් අනාගත පරපුරට උරුම කරදීමයි. නමුත් කනගාටුවට කරුණ නම් ඒවා රකින්නට සාදා තිබෙන පුරාවිද්‍යාවේ තොත්ත බබාලාගේ මන්ද බුද්ධික කෙරුවාව නිසා දිනෙන් දින අතීත බෞද්ධ උරුමයන් ඩෝසර් තල පහරට, කුළු ලෙඩි පහරට වැනසී ඒ මත පල්ලි සහ කෝවිල් ඉදිවීමයි. මහා ශිෂ්ටාචාරයක් යළි කිසිදා මතු නොවන සේ වළ පල්ලට දැමීමයි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා වස්තු සංහාරය

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

    එදා පෙර රජ දවස මඩකලපුව පුරවරයේ මහා වෙහෙර විහාර, ආරාම සංකීර්ණ ඇතුළු පුදබිම් ඉදිව කෙත්වතු ඉදිව මහා සරු සාර, සශ්‍රීක යුගයක් පැවතුණි. අතීතයේ දිගාමඩුල්ලේ මහා සංවර්ධනයක් සමගාමීව මඩකලපුව පුරාවටද දහස් ගණනක් පුදබිම් බිහිව තිබුණි. එම සමයේ මඩකලපුව පවා රුහුණට අයත්ව තිබූ බව ඉතිහාසයේ සාක්ෂි දරයි. ඒ පිළිබඳව සෙල්ලිපි පවා මඩකලපුව ඓතිහාසික කුසලානගල කන්ද පුරාවිද්‍යා භූමියේ දක්නට ලැබේ.

    මේ වන විටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන අති විශාල ප්‍රමාණයක් නැවත දකින්නට නොහැකි වන ආකාරයට විනාශ කර තිබේ.

    ලැබුණු තොරතුරු මත මුළුමනින්ම වනසා දමන්නට ආසන්නයේ තිබෙන එවන් ඓතිහාසික මහා දාගැබක් සොයා අපි මඩකලපුව එරාවුර් ප්‍රදේශයට ගියෙමු. මඩකලපුව මංගලාරාමාධිපති, අම්පාර සහ මඩකලපුව දෙදිශාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන්, නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගම්පහ නාරද නාහිමි, පූජ්‍ය මහියංගනයේ විමලකිත්ති හිමියන් ඇතුළු හිමිවරුන් සමගින් දිවයිනේ අපිද ඒ ගමනට එක්ව සිටියහ.

    එරාවුර් මාවඩිවෙම්බු ප්‍රදේශයට ගිය අපිට ප්‍රධාන මාර්ගයෙන් හැරී මුහුද දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගමන් කරන්නට සිදුවූහ. එතැන් සිට වාහනයෙන් යෑමට නොහැකි විය. එනිසා පා ගමනින් තවත් කිලෝ මීටරයකට අධික දුරක් කැකෑරෙන ගිනියම් අව්වට රත්වුණ වැලි තලාව මතින් පා ඔසවන්නට සිදුවිය.

    මාවඩි වෙම්බු ප්‍රදේශයේ ජනතාව මෙම ප්‍රදේශය හඳුන්වන නම වන්නේ විහාර තෝට්ටම් සහ විහාර පුරම් යන නම් වලිනි. ඒ මෙම රජමහා විහාරය නිසාය. ජනතාව මෙම පුදබිමටද විහාරතෝට්ටම් පන්සල යැයි කියති. අතීතයේ රජ දවස මෙම පුදබිමට වෙනත් නමක් භාවිත කරන්නට ඇත.

    පරිවාර දාගැබ් සතරක්

    අප දුටු දෙයින් විස්මයට පත් වුණෙමු. සේරුවාවිල දාගැබටත් වඩා විශාල වසර සිය දහස් ගණනක් ඉපරණි අනුරාධපුර සමයට අයත් යැයි අනුමාන කළ හැකි මහා දාගැබක් අද ඛේදනීය ඉරණමකට මුහුණ පා තිබේ. එහි දැනට ඉතිරිව ඇත්තේ අඩි 07ක් පමණ උස ප්‍රමාණයට ඉතිරිව ඇති දාගැබේ ගර්භයේ පහළ කොටස ඇතුළු පුරා වස්තු කිහිපයක් පමණි. මුළුමනින්ම ඉදිකර ඇති බවට අනුමාන කළ හැකි මෙම පුදබිමේ දාගැබේ ඉහළ කොටස නොමැත.

    එදා මහ වනයට යටව තිබුණ මහා දීඝවාපි පුදබිම සොයා කොහුකුඹුරේ රේවත හිමියන් එම පුරවරයට වැඩම කරද්දි අන්‍ය ජාතිකයන් දීඝවාපිය මහා සෑයේ ගඩොල් රැගෙන යමින් තිබියදී හමුව ඇත. “කොහෙන්ද මේ ගඩොල් කියා අසද්දි” ඔවුන් අතන ගඩොල් කන්දක් තියෙනවා එතනින් ගෙන එනවා යැයි පවසා තිබුණි. එසේ නම් මෙම දාගැබේ ඉහළ කොටසේ ගඩොල් වලටත් ඒ දේම සිදුවූවාදැයි අනුමාන කළ හැක්කේ එම දාගැබේ ගරා වැටුණු කොටස් පහළ ඇත්තේ අඩු වශයෙනි.

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

    මෙහි සිව් දෙසින් පරිවාර දාගැබ් සතරක් තිබී ඇත. එක් පරිවාර දාගැබක් නටබුන් මහා දාගැබට යාර 20 කට පමණ දුරකින් පිහිටා තිබේ. මෙම පුදබිමේ අනෙක් තුන් පැත්තම දාගැබේ පාදමට යාර දහයක් පමණ දුරකින් කටුකම්බි වැටවල් ගසා වගා කර තිබෙන නිසා පරික්ෂා කිරීමට නොහැකි විය. ඒවා මේ වන විට යළිත් කිසිදා දකින්නට නොහැකි වන සේ විනාශ කර තිබෙන ආකාරයක් පෙණුනි.

    පුරාවස්තු මත ඉදිවන කෝවිල

    මෙම මහා දාගැබට මීටර් සියයකට ආසන්න දුරකින් මෑතකදී ඉදිකරමින් තිබෙන කෝවිලකි. එය පුරාවස්තු මත ඉදිවෙමින් තිබෙන බව හොඳින් පැහැදිලි වේ. කෝවිල් භූමිය කටුකම්බි වැටක් ගසා වෙන්කර තිබේ. එම ඉඩම තුළ වැට අයිනේ අලංකාර පාදම් ගල් කිහිපයක් සහ ගල්කණු රැසක් ගොඩ ගසා තිබේ. එම දේවාලයේ වැට ආසන්නයේ පිටතට වන්නට පස් ගොඩැල්ලක් ඇති අතර මෙම මහා විහාර භූමියේ ඉදිව තිබුණ ආරාම ඇතුළු ගොඩනැගිලි යැයි අනුමාන කිරීමට සාක්ෂි තවමත් ඉතිරිව තිබේ.

    මෙම මහා දාගැබ පාදමේ සිට මීටර් දහයකට ආසන්න දුරකින් ගසා ඇති වැට මුල පුරාවිද්‍යාවේ මායිම් ගල් දමා අනෙක් පුරාවස්තු විනාශ කරන්නට ඉඩ සලසා දීම ජාතියේම අවසනාවකි.

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

    නැඟෙනහිර සිංහල ගම්බිම් රකිමින් උරුමය සුරකින්නට නිරන්තරයෙන් කටයුතු කරන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

    මම වසර 30කට අධික කාලයක් භික්ෂුවක් ලෙස නඩු 130කට අධික ප්‍රමාණයකට මුහුණ දීලා මේ ශාසනික විනාශය ගැන ජාතික උරුමයන් විනාශ වීම ගැන අවධානය යොමු නොකරන නිලධාරීන් සමග ගැටෙමින් කටයුතු කරන්නේ මේවා මතු පරම්පරාවට රැකගන්න. අද උදාවෙලා තියෙන්නේ එදා වේල කන්න නැති අසීරු අවධියක්. එවන් අවස්ථාවක අන්‍ය ජාතික අන්තවාදීන් විහාර තෝට්ටම් වැනි මහා වෙහර විහාර විනාශ කරද්දි ඒ මත පුරාවස්තු විනාශ කරලා කෝවිල්, පල්ලි හදද්දි නැඟෙනහිර අලුත් ඉතිහාසයක් ගොඩනගද්දි ඒවා රැක ගන්න සිද්ධ වෙලා තියෙනවා.

    විහාර තෝට්ටම් පුදබිම විනාශ කළ අය අත්අඩංගුවට ගත යුතුයි. නිසි පරිදි මැනලා පුද බිමෙහි මුළු ඉඩමේම ඇති පුරාවස්තු ආරක්ෂා කර ගත යුතුයි. මේවා කැණීම් කරලා සංරක්ෂණය කරන්න ඕන. මේවා විනාශ වෙන්න ඇරලා බලන් ඉන්න පුරාවිද්‍යාවට පුළුවන් වුණාට අපිට බැහැ. පුරාවිද්‍යාවට මේවා රකින්න බැහැ කියලා නැගෙනහිරට, උතුරට එන ඕන අයෙකුට පේනවා. එම නිසා දැන්වත් අපිට මෙම ස්ථානයේ පන්සලක් හදන්න අවසර දෙන්න. වසර දහස් ගණනක් වටිනා උරුමයන් අපි රැකලා දෙන්නම් යනුවෙන් අම්පිටියේ සුමනරතන හිමියන් අදහස් දක්වමින් පවසා සිටියහ.

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

    කවදත් නැඟෙනහිර උරුමයන් රකින්නට නිරන්තරයෙන් හඬ නගන නැගෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමිපාණන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

    මේ වන විට නැඟෙනහිර පළාත පුරා පුරාවිද්‍යා උරුමයන් දිනෙන් දින විනාශ වෙමින් තිබෙනවා. ඒවා රැක ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. පුරාවිද්‍යා ඇමැතිගේ සිට පහළ දක්වා පුරාවිද්‍යා උරුමයන් රකින්නට නිසි පූර්වාදර්ශයක් දෙන්නේ නැහැ. අපේ පෞඪත්වය, අභිමානය, යශෝරාවය රකින්නට සැබෑ ලෙසම කටයුතු කරන්නේ නැහැ. වරදාන, වරප්‍රසාද, දොල පිදේනි හමුවේ මහා පරාක්‍රමබාහු රජු වුණත් වළ දාන්න නිලධාරීන් කැමැත්තෙන් ඉන්නේ. අද පුරා විද්‍යා ඇමැතිගේ සිට බොහෝ දෙනෙක් වැඩ බැරි ටාසන්ලා බවට පත්වෙලයි ඉන්නේ. පුරාවිද්‍යා ස්මාරකයක සිට යාර හාර සීයක දුරක් පුරා විද්‍යා ස්මාරකයන් වශයෙන් හඳුන්වනවා. කෝ මෙතන එහෙම එකක් තියෙනවාද? යාර 10ක් දුරින් එළවළු වගා කරනවා.

    මේ ආකාරයට මෙම ස්ථානයේ පමණක් නොව නැගෙනහිර පළාත තුළම ඇති තත්ත්වය වන්නේ පුරාවස්තු විනාශ කිරීමය. අක්කරපත්තුව මොට්ටයාගල මේ ආකාරයට ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර දමා තිබේ. වට අඩි හාර පන්සියයකින් යුත් තිරුක්කෝවිල් දාගැබ නිධන් ගැනිම සදහා ඩෝසරයකින් දෙපළු කර ඇත. සාගම දාගැබද මේ ආකාරයෙන් නිධන් හොරුන් විසින් විනාශ කර තිබේ. මේවා මේ ආකාරයෙන් මුළුමනින්ම විනාශ කර දැමුවද පුරා විද්‍යාවට වගේ වගක් නැත. හැබැයි ගැටලුවක්ව ඇත්තේ මේවා රකින්නට හඬ නගන අය පිළිබඳවය.

    මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

    නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සමයේ පුරා වස්තු සංහාරය සිදුවූවේ අඩු වශයෙනි. ඇය එවන් අවස්ථා වලදි ඉතා කඩිනමින් ක්‍රියාත්මක වී නිලධාරීන් දැනුවත් කර අදාළ උපදෙස් ලබා දෙමින් මෙම ඉපැරණි උරුමයන් ආරක්ෂා කරගන්නට මහත් වෙහසක් ගන්නා ලදි.

    නමුත් ඇය දැන් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ නැත. වත්මන් ආණ්ඩුකාරවරයාගේ ආගමනයත් සමග ටී. එන්. ඒ. සංවිධානය ඇතුළු අන්තවාදී සංවිධාන ඇතුළු පුද්ගලයන් සිය තක්කඩි වැඩ වෙනදාටත් වඩා ශක්තිමත්ව කරගෙන යනු ලබයි. ඒ අනුව නැඟෙනහිරින් පුරාවිද්‍යා උරුමයන් සංහාරය කිරීම වේගවත්ව ඇත.

    වත්මන් ආණ්ඩුකාරවරයාගේ යුතුකම වනුයේ කාගෙත් අත කොළුවක් නොවී සාධාරණ ලෙස සිය රාජකාරිය ඉටු කිරීමය. එසේ නොවුණහොත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

    දියුණු තාක්ෂණයක් තිබුණද අතීත රජවරුන් මෙන් මහා දාගැබ් ඉදි කිරීමට අද නොහැකිව ඇත. මහා උරුමයක් වූ ඓතිහාසික දිඝවාපී මහා සෑ රදුන්ද තවමත් වැඩ අවසන් කිරීමට නොහැකිව ඇත. අලුතින් හදනවා වෙනුවට එදා වැව් අමුණු ඉදි කරමින් ගොඩ නැගූ මහා බෞද්ධ ඉතිහාසයේ උරුමයන් ටිකවත් මතු පරම්පරවට දැක ගන්නට වන්දනා මාන කරන්නට රැකගන්න වත්මන් පාලකයන්ට මෙන්ම බලධාරීන් නොහැකිව කාලකන්නින් පිරිසක් බවට පත්ව ඇත.

    මතු පරපුර වෙනුවෙන් අමිල වටිනාකමකින් යුත් පුරාවිද්‍යා උරුමයන්වල පල්ලට යවන සහ ඒවා වළක්වන්නට කටයුතු නොකරන තක්කඩි නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන්ගේ හත්මුතු පරම්පරාවටම මතු පරපුරේ ශාපය වැදෙනු ඇත.

    සුසන්ත අමර බන්දු