මොන ඉන්ෂුරන්ස් එකෙන් policy එකක් ගත්තත් හැම දෙයක් ගැනම අහගන්න. පුළුවන් නම් ඒවා රෙකෝර්ඩ් කරලම තියාගන්න. එක පස්සේ උවමනා වෙයි.
policy එක ඔයාලට විකුණන advisor sale එක කරගන්න විවිද කතා කියයි. එත් ඔය ඒවා ඔක්කොම hotline කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. එක තමා එකම option එක. මොකද hotline එකට බොරු කියන්න බැහැ ආයතනය සම්බන්දයෙන්.
තමන්ට ඉදිරිය ගැනත් හිතලා ගෙවාගෙන යන්න පුළුවන් ගානකට policy එක දාගන්න. මොකද hospital claim එක වැඩිපුර දාගන්න ගිහින් අනිත් covers අඩු වෙන්න පුළුවන්. තමන්ගේ මුලික පරමාර්ථය පදනම් කරගෙන වැඩේ කරගන්න. හුගක් අයට ඉන්සුරන්ස් එකේ අවුරුදු දෙක තුන යනකොට දානකොට කියපු දේවල් අමතකයි. පස්සේ කොම්පැනි එකට බනිනවා.
ලංකාවේ පුද්ගලික රෝහල් වල අය කිරීම් වෙනස් වන ආකාරය බලනකොට අඩුම තව අවුරුදු 10ක් වත් ඉස්සරහට හිතලා හොස්පිටල් කවර් එක දාගත්තට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මාසිකව ගෙවන්න පුළුවන් ගානට හොස්පිටල් කවර් එක දාගන්න. හැබැයි පසුව වැඩි කරනවනම් වැඩි කරන්නත් වෙන්නේ අලුත් policy එකක් දාලා තමා.
අලුත් කවර් ඇවිල්ලා තියෙනවා කියලා පරණ policy එක නවත්තලා අලුත් එකකට යන්න එපා. පරණ එකට ගෙවපු ටික අපරාදේ. ඒවා අලුත් එකට එකතු වෙන්නේ නැහැ. සමහර අය ඒ ගැන දැනුවත් නැහැ. පුළුවන් නම් පරණ එක මුලික රක්ෂිත වටිනාකම (Basic Sum assured) කියන එකට අඩු කරලා ගෙවාගෙන යන්න, එතකොට අන්තිමට maturity එකේදී ලැබෙන ගාන නොවෙනස්ව ලැබෙනවා. FD එකක් වගේ තියාගන්න පුළුවන්.
හැම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක්ම අවම අවුරුදු 3ක් ඒ කියන්නේ වාරික 36ක් ගෙවන්න ඕනේ අපිට අතට ගන්න පුළුවන් ගාන බලන්න. ඊට කලින් නැවත්තුවොත් සත පහක් ලැබෙන්නේ නැහැ. ඒක තමා ලංකාවේ නිතිය. ගෙවපු ගානම ලැබෙන්නේ නැහැ කලින් නවත්තනකොට.
quotation එක දුන්නම එකේ තියෙන දේවල් දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහගන්න. නැතනම් මට හරි මැසේජ් එකක් දාහන් දන්නා දෙයක් නම් කියලා දෙන්නම්.
මම දන්නා පරිදි ලංකාවේ හැම ආයතනයකම අවසන් තීරණය ආයතනය සතුයි. එක නිසා දැනුවත්ව සහ අවධානයෙන් කරන හැම දේම කරගන්න
අඩේ මම දාන්නේ 10400/= මාසේඅම අවුරුද්දට ෆැමිලි එකේ 04 දෙනාටම ලක්ශ 05 ගානේ ලක්ෂ 20 කවර් එකක් තියෙනවා.. softlogic

(Start 2019 Dec )
oya policy eka aawe 2018 anthima wage, hugak wikunanna gaththe 2019 mula idan . Premier Health benefit eka
------
Post added on Sep 24, 2023 at 8:34 AM