බැඳපු උන් දැක්කම සසර කල කිරෙනවා නේද? ගිහින් බලපන්කො නොබැඳ හිටපු උන් දිහා.... 45 පැන්න ගමන් මෝල් විසේ තිබ්බට කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ, ඒ කාලෙට හෙව්වට බඳින්න ගෑනියෙක් නෑ, ජීවිතේ ආයේ ගිය කාලය ආපහු ගන්න බෑ. උඹ වටේ උන්ට සලකනකල් උන් උඹව ආශ්‍රය කරයි. කරදරයක් උනොත් එක බල්ලෙක් නෑ. කොහෙහරි පිට මොකෙක්ගේ හරි ජිවිතෙකට බරක් වෙන්න ඕනේ පොඩි දෙයක් කරගන්න ගියත්. දැන් අවුලක් නෑ උඹට පවුලේ උන් ඉන්නවා, යාළුවො ගොඩක් බැඳලා නෑ, උන් උන්ගේ ජීවිත එක්ක බිසි උන දවසක බලපන්කො එකෙක් රෑට ෂොට් එක දාන්න හොයාගන්නත් තියෙන අමාරුව. උන් සෙට් උනත් සෙට් වෙන්නේ උඹ වගේ තනිකඩ එකෙක් එක්ක නෙවෙයි, උන්ගේ wife ලා, ළමයින්ට සෙට් වෙලා ආතල් එකක් ගන්න පුළුවන් එවුන් එක්ක. උන්ට එදාට උඹ නිකං අවලංගු කාසියක්. කොටින්ම උඹව ගෙන්නගන්නේ නෑ යාළුවො ගෑනිට හරි ලයින් දායි කියලා බයෙන්. වැඩ කරලා රෑ ඇවිත් ක්ෂණික නුඩ්ල්ස් එකක් තම්බගෙන කාලා බියර් එකක් ගහලා කොයිවෙලේ හරි heart attack එකක් ඇවිත් හබක් වෙනකල් ඉන්න තියෙන්නේ. ඊට වඩා මම දකින හැම පවුල් ජීවිත ගෙනියන එකාම ඔය බයිලා කියෙව්වට මාර free එකේ relax එකේ ඉන්නේ...