උඹ ඔහොම කිව්වට ඉතින් දැන් උදාහරනයක් විදිහට බැටින් ෆිගර්ස් අරන් බලපන් ලෝකෙ උඩම ඉන්න 3දෙනා උන්ගෙ ටෙන්ඩුල්කාර්,කෝලි,රෝහිත්. බෝලින් වලින් බැලුවම අනිත් අතට කොච්චර සුපිරි වැඩකාරයො සෙට් එකක් ඉන්නවද බුම්-රා,හර්ඩික් පාන්ඩ්යා,සිරාජ්,කුල්දීප්,ජඩේජා.
ඕව් උඹ කියන එක හරි උන් වියදම් කරන විදිහත් එක්ක උන්ගෙ තියෙන ක්‍රිකට් පිස්සුවත් එක්ක, උන් හොර කරන විදිහට උන් මීට වැඩිය උඩ ඉන්න ඕන කියලනන් පිලිගන්නව.
නෑ මම කියන්නෙ නෑ උන්ට මාර ටැලන්ට් ඒකක් තියෙනව කියල මම කියන්නෙ උන් ඔය අනිත් NZ,AUS,SA,ENG වගේ ටීම්ස්වල ලෙවෙල් එකටම ඉන්නව කියල තමයි. හැබැයි ඉතින් උඹ කිව්ව වගේ උන්වත් ඕන වෙලාවක පරාද කරන්න පුලුවන් ටීම් එකක්.
හැබැයි ඉතින් ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනව. අපි හිතමු කප් එක තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කියල උනුත් ඉතින් උන්ට වාසි වෙන විදිහටනෙ පිච් එක හදන්නෙ හා නැද්ද?
දැන් බලපන් එංගලන්තෙ තිබුන එක උන් දින්න. උනුත් ඕක කරේ නෑ කියල හිතනවද??